Skip to main content

Posts

Showing posts from 2015

Prison Break වල D B Cooper මතකද?-ඇමරිකානු ගුවන් ඉතිහාසයේ නොවිසඳුණ ගුවන් මංකොල්ලය......

Prison Break නම් වන ජනප්‍රිය රූපවාහිනී වැඩසටහන ඔබට මතක ඇතිවාට සැකයක් නැහැ. 2009 වසරේ දී ඇමරිකාවේ විකාශය වූ මෙම රූපවාහිනි නාට්‍යය ශ්‍රී ලංකාවේ ද විකාශය විය. මෙම නාට්‍ය මාලාවේ පළමු නාට්‍ය ගොනුවේ (Season 1) සිටි එක් චරිතයක් ඔබට මතක ඇති. චාර්ලස් වෙස්ට්මෝලන්ඩ් Charles Westmoreland යනුවෙන් හැඳින්වූ මෙම චරිතය වැඩිහිටි එකක් වූ අතර නිතරම තනිව සිටියේය. ඔහුගේ තනියට සුරතලයට ඇති කරන බළලෙකු සිටි අතර මෙම නාට්‍ය මාලාවේ ප්‍රධාන චරිතය වන මයිකල් ස්කොෆීල්ඩ් විසින් මෙම නිහඬ චරිතය හඳුනා ගන්නේ D.B. Cooper ලෙසිනි. (Charles Westmoreland චරිතය) ඔබ දන්නවාද මේ D.B. Cooper යනුවෙන් හඳුන්වන පුද්ගලයා ඇමරිකානු ගුවන් ඉතිහාසයේ දශක ගණනාවක් තිස්සේ කථා බහට ලක්වන ඒ වගේම කිසිම දිනක හඳුනා නොගත් සත්‍ය ගුවන් මංකොල්ලකරුවෙක් බව.  ඒ 1971 නොවැම්බර් මාසයේ 24 වන දින සවස් වරුව විය. Dan Cooper යනුවෙන් තමන්ව හඳුනා ගත් මනාව හැඳ පැළදි පුද්ගලයෙක් ඇමරිකාවේ ඔරිගොන් හි පිහිටි පෝට්ලන්ඩ් ගුවන් තොටුපලට පැමිණ වොෂින්ටන්හි සියැටල් වෙතට යාමට “නෝත් වෙස්ට් ඔරියන්ට්“ (North West Orient) ගුවන් සේවයේ අංක 305 දරණ ගුවන් යානයේ...

Ethiopian Airlines Flight 961ඉතියෝපියානු ගුවන් සේවයේ ලොමු දැහැගන්වන ගුවන් සැරිය - ෆ්ලයිට් 961

පහත වාර්තා කරන සිද්ධිය ඔබ සමහර විට වීඩියෝවකින් දැක ඇති . මෙම අනතුරු සිදු විට ඒ අසල සිටි කාන්තාවක් විසින් ගුවන් යානය අනතුරට ලක් වීම විඩියෝ කර ඇති අතර ඇය සිතා සිටියේ තමන් නැවතී සිටි හෝටලයෙන් ගුවන් යානා සන්දර්ශණයක් එහි සංචාරකයින් වෙනුවෙන් පවත් වන බවයි .     මෙම යානයේ ශ්‍රී ලාංකිකයින් 9 දෙනකු ගමන් කර ඇති අතර ඔවුන් 9 දෙනාම මිය ගොස් තිබෙන බවට වාර්තා වේ. ඔවුන් 9 දෙනා ඉන්දියාවෙන් ගුවන් යානයට ගොඩ වී ඇත. ඒ 1996 නොවැම්බර් මස 23 වන දිනයයි. ඉතියෝපියානු ගුවන් සේවයට අයත් බෝයිං 767 වර්ගයේ ගුවන් යානය ඉතියෝපියාවේ අඩිස් අබාබා නුවර සිට කෙන්යාවේ නයිරෝබි වෙත ගමන් කරමින් තිබිණ. මගීන් 163 ක් සහ කාර්ය මණ්ඩලයේ 12 දෙනෙක් ගුවන් යානයේ ගමන් කරමින් සිටියහ. මෙම සියළු දෙනා ගත් කල ජාතීන් 35 කට අයත් විය. ග්‍රිනිච් වේලාවෙන් උදෑසන 11පසු වී මිනිත්තු 20 ක් වන විට ගුවන් නියමුවෙකු අත් දකින අප්‍රසන්නම කරුණු වලින් එකක් යානය තුළ ආරම්භ විය. ඒ තරුණ ඉතියෝපියානු ජාතිකයින් තිදෙනෙක් විසින් යානය ගුවනේ පැහැර ගැනීමයි. ගුවන් ගමන ආරම්භ වී මිනිත්තු 20 ක් පමණ ගත වන විට මෙම තරුණ ඉ...

අපිත් ප්ලේන් එකක් සල්ලී දිලා ගමුද?

ගුවන් යානා ගැන විවිධ දේ කථා කරන අපිට ඒවායේ මිළ ගණන් ගැන කථා කරන්න අවස්ථාවක් ලැබුනෙ නැහැ. පසුගිය කාලයේ අපේ රටේ විවිධ කථ බහ ඇති වුණා ගුවන් යානා මිල දී ගැනීම් ආදී දේ පිලිබඳව සහ ඒවායේ මිළ ගණන් ආදිය පිළිබඳව. මේ ලිපියේ මම පහත දක්වන්නේ ලෝකයේ ප්‍රධාන ගුවන් යානා නිෂ්පාදන සමාගම් දෙක වන ප්‍රංශයේ Airbus ගුවන් සමාගමේ සහ ඇමරිකා එක්සත් ජනපදයේ Boeing ගුවන් යානා නිෂ්පාදන සමාගමේ ගුවන් යානා වල සාමාන්‍ය මිළ ගණන්. Airbus ගුවන් යානා වර්ගය ඇමරිකන් ඩොලර් මිලියන රුපියල් බිලියන A318 74.3 10.0 A319 88.6 12.0 A320 97 13.1 A321 113.7 15.3 A319neo 97.5 13.2 A320neo 106.2 14.3 A321neo 124.4 16.8 A330-200 229 30.9 A330-800neo 249.6 33.7 A330-200 Freighter 232.2 31.3 A330-300 253.7 34.2 A330-900neo 284.6 38.4 A350-800 269.5 36.4 A35...