Skip to main content

Posts

Showing posts from January, 2010

අපි නුවර!

දැයට කිරුළ කියන්නෙ ජාතික ප්‍රදර්ශණයක්. මේ ප්‍රදර්ශණය මම දකින්නේ අධ්‍යාපනික වටිනාකම පැත්තෙන් වටින දෙයක් විධියට. මොකද නිකම්ම සංගීතයක් බලනවට වඩා එළියට එනකොට අඩු තරමින් නොදන්න එක දෙයක් හරි ඉගෙන ගන්න පුළුවන්නෙ.  දැයට කිරුළ මේ සැ‍රේ තියෙන්නෙ නුවර  පල්ලෙකැලේ. මේකෙදි මම වැඩ කරන තැන වන සිවිල් ගුවන් සේවා අධිකාරියත් ප්‍රදර්ශණ කුටියක් පවත්වාගෙන යනවා. වරාය හා ගුවන් සේවා අමාත්‍යාංශය යටතේ තමයි තියෙන්නෙ. හරියටම කියනවා නම් F1 කොටසේ. මමත් එතන කාර්යාවලියට සක්‍රියව දායක වෙනවා. තවත් සරලව කියනවානම් පළවෙනිදා ඉඳන් දිගටම මමත් මේ ප්‍රදර්ශණ කුටියේ ඉන්නවා. (ප්‍රදර්ශණ භාණ්ඩයක් නම් නෙමේ) නුවර අයටත් ළගපාත ඉන්න අයටත් මම මේ ප්‍රදර්ශණ කුටියටත් එන්න කියලා කියනවා. පුංචිම දෙයක් හරි ඉගෙන ගෙන යන්න පුළුවන්නෙ.

ලෝකයේ විශාලතම ගුවන් යානය කටුනායක ගුවන් තොටුපළට ගොඩ බැස්සවිය හැකිද? Can the largest passenger aircraft land safely at Katunayake Airport?

මේ දවස්වල කණ පිරෙන්න තියෙන්නේ පොරොන්දු නෙ. අපි දන්නවා හැම පොරොන්දුවක්ම එක ලෙසට ඉටු කරන්නත් බැහැ. කරන්නෙත් නැහැ.මේ සමහර පොරොන්දු අතර තියෙනවා මත්තල නව ගුවන් තොටුපළක් සකස් කිරීම හා එයට ‍එහි ධාවන පථය ලෝකයේ විශාලම ගුවන් යානා ගොඩබැස්සවීමට හැකි පරිදි සකස් කිරීමට. මම අද කථා කරන්න අදහස් කරන්නේ මත්තල නව ගුවන් තොටුපළවත් එහි ධාවන පථය ගැනවත් නොවේ. දැනට අප රටට තිබෙන එකම ජාත්‍යන්තර ගුවන් තොටුපළට මෙවන් වූ විශාල මගී ගුවන් යනාවක් ගොඩ බැස්සවිය හැකි ද නොහැකිද යන්න සරලව පැහැදිලි කිරීමයි. ඔබ සියළු දෙනාම දන්නා පරිදි ගුවන් යානයක් ගොඩ බැස්සවීමත් ගුවන් ගත වීමත් යන දෙකම සඳහා භාවිතා වන්නේ ගුවන් ධාවන පථයයි (Runway). මෙම ධාවන පථය සකස් කිරීමේ දී විශේෂ තාක්ෂණික ක්‍රම භාවිතා කරන අතර ඉතාම ඉහළ මට්ටමේ තා‍ක්ෂණයක් සහ අමුද්‍රව්‍ය භාවිතා කිරීම සිදු වෙනවා. ඒ වගේම ඒවා ජාත්‍යන්තර ප්‍රමිතීන්ට අනුව සකස් කළ යුතු වෙනවා. මෙසේ භාවිතා කරන අමුද්‍රව්‍ය හා තාක්ෂණ ක්‍රම අනුව ඒ ඒ ධාවන පථ වල ගොඩ බැස්සවිය හැකි යානා වර්ග වෙනස් වෙනවා. දැනට ඇපේ ගුවන් ධාවන පථය ඇස්පාල්ට් (Asphalt) භාවිතා කර සකස් කර ඇති අතර ජාත්‍යන්තර පිළිගත් ප්‍රමිතීන්ට එය ...

සෙස්නා ගුවන් යානය - Cessna Aircraft

සාමාන්‍යයෙන් ගුවන් යානා පැදවීමට පුහුණු වන්නන් හෝ ගුවන් යානා ඉංජිනේරුවරුන් ලෙස පුහුණු වන්නන් විසින් බහුල ලෙස භාවිතා වන සැහැල්ලු ගුවන් යානයකි සෙස්නා (Cessna) වර්ගයේ ගුවන් යානා. පහත ඡායාරූපයේ දැක්වෙන්නේ ‍Cessna 152 වර්ගයේ ගුවන් යානයක්. ලෝකයේ ඉතා බහුලව යොදා ගන්නා පුහුණු ගුවන් යානය වන්නේ ද මෙම සෙස්නා 152 වර්ගයේ ගුවන් යානාවයි.  සෙස්නා යානය මුලින්ම නිෂ්පාදනය කරන ලද්දේ 1911 දී පමණ "ක්ලයිඩ් සෙස්නා" ( Clyde Cessna) විසිනි. මුලින්ම ඔහු විසින් කිලෝ වොට් 45 පමණ බලයක් සහිත යානයක් දැව, වානේ සහ රෙදි වර්ග යොදා සකස් කරන ලදී.                   Clyde Cessna ඔහු කීප දෙනෙකු සමගම වරින් වර එක්ව ගුවන් යානා නිෂ්පාදන සමාගම් ආරම්භ කලද ඔහුගේ හවුල් කරුවන් ඔහුව හැර ගිය අතර 1927 දී ඔහු Cessna Aircraft Company  නමින් නිෂ්පාදන සමාගමක් පිහිටුවන ලදී.  සෙස්නා ගුවන් යානයේ එක් වරකට ගමන් කළ හැක්කේ නියමුවාත් සමග ‍දෙ‍දෙනකුටයි. සාමාන්‍යයෙන් පැයට කි.මි. 200 ක පමණ වේගයෙන් ගමන් කළ හැකි අතර ගුවන‍ට එසවීමේදී සාමාන්‍යයෙන් කි.ග්‍රෑ....