Skip to main content

Posts

සිවිල් ගුවන්යානා අනතුරු විමර්ශනය - Civil Aircraft Accident Investigation

අද මම කියන්න යන්නේ ගුවන් යානා අනතුරු විමර්ශණය ගැන කියලා මාතෘකාව දැක්කම පේනවානේ. හැබැයි මේ සටහන මම උපුටා ගත්තේ ගුවන් යානා අනතුරු විමර්ශණ නිලධාරී (Aircraft Accident Investigation Officer) විසින් සිවිල් ගුවන් සේවා අධිකාරිය සඳහා සකස් කරන ලද ලිපියකිනුයි. ඒ සඳහා ඇයට ස්තුතිවන්ත විය යුතුයි.  ශ්‍රී ලංකාව තුල සිවිල් ගුවන්සේවාවෙහි නිරූපද්‍රිතතාව හා සුරක්ෂිතතාව (Safety and Security) ප්‍රවර්ධනයට බැඳී සිටින ආයතනය ශ්‍රී ලංකා සිවිල් ගුවන්සේවා අධිකාරිය (Civil Aviation Authority of Sri Lanka) වේ. සිවිල් ගුවන්සේවා අධිකාරිය පිහිටුවීමේ පනතෙහි සහ ගුවන්සංතරණ රෙගුලාසීන් හි අඩංගු නීතිමය කරුණු අනුව, ශ්‍රී ලංකාව තුළ සිදුවන සියලු සිවිල් ගුවන් අනතුරු විමර්ශනය කිරීමේ (Accident Investigation) සහ පිරික්සුම් හා මුදවාගැනීමේ ( Search & Rescue) සංවීධානයක් ක්‍රියාත්මක කිරීමේ සම්පූර්ණ බලය පැවරී ඇත්තේ,  සිවිල් ගුවන් සේවා අධිකාරියටයි. ගුවන් අනතුරක් විමර්ශනය කිරීමෙහි මූලික අරමුණ වන්නේ, අනතුරට පාදක වූ හේතූන් සහ තත්වයන් හෙලිදරවු කර ගැනීම සහ එවැනි කරුණු මත අනාගතයේදී සිදුවිය හැකි අනතුරු මඟහැරවීමට නිසි පිළියම් ...

අපි ගුවනට නැගුණ හැටි - The Way we "Taken off"

රාවණාගේ යුගයේදී ලංකාවේ ගුවන ජයගත් බවට පුරාවෘත සහ යම් යම් සාක්ෂි තිබුණත් 1903 දී ඇමරිකාවේ දී ගුවන් යානය සොයා ගැනීමත් සමග ආරම්භ වන යුගයේ දී ලාංකික ගුවන් ක්ෂේත්‍රයේ පිබිදීම පිළිබද සාක්ෂි සහ වාර්තා තිබේ.  එනම් ගුවන් යානය සොයා ගැනීමෙන් දශකයකට පසුව ලාංකීය ගුවන පිබිදීම ආරම්භ විය. මුලින්ම 1911 කොලින් බ්‍රව්න් ( Colin Browne ) නැමැති ඉංග්‍රීසි ජාතිකයා විසින් බ්ලැරියට් ( Bleriot monoplane ) වර්ගයේ ගුවන් යානයක් මෙරටට ගෙන්වන ලදී. මෙය ඉතා දුර්වල සහ සැහැල්ලු ගුවන් යානයක් වූ අතර මෙම යානය නැවෙන් ගොඩබාන ලද්දේ 1911 සැප්තැම්බර් 12 වන දින දීය. මෙම යානය එම වර්ෂයේ නොවැම්බර් මස මහජනයා සඳහා ප්‍රදර්ශණය කරන ලද අතර  මෙහිදී ද ගුවන් ගත වීමක් සිදු නොකරන ලදී. එහිදී ගුවන් යානය පණ ගන්වා පෙන්වීම පමණක් සිදු කරන ලදී. මේ පිළිබඳව පළකරන ලද දැන්වීම පහත දැක් වේ.  බ්ලැරියට් වර්ගයේ යානයක් මේ අතරේදී ජර්මානු ජාතිකයෙකු වන හර් ඔස්ටර් ( Herr Oster) තවත් ගුවන් යානයක් ගෙන්වන ලද අතර මින් පසුව බ්‍රව්න් මහතා සහ ඔස්ටර් මහතා අතර ලංකාවේ පළමු ගුවන් ගත වීම සඳහා තරඟයක් තිබිණි. කෙසේ වෙතත් මොවුන් දෙදෙනාටම සාර්ථක ගුවන්ගත වීමක්...

සේපාල ඒකනායක - Sepala Ekanayake

ඔබ සමහර විට අහලා ඇති සේපාල ඒකනායක ගැන. හරියටම අදට අවුරුදු 28 ට පෙර එනම් 1982 ජූනි මාසේ 30 වෙනිදා සිවිල් ගුවන් යානයක් ගුවනේ දී පැහැර ගැනීම නිසා ඔහු ප්‍රසිද්ධ වුණා. මේ සිද්ධිය ලාංකීය ගුවන් ඉතිහාසයේ සිදු වුණේ පළමු වතාවට. ඒ වගේම අද වන තුරු ශ්‍රී ලාංකිකයෙක් අතින් එවන් දෙයක් සිදු වී නැහැ. අද දිනය මේ සම්බන්ධයෙන් විශේෂත්වයක් තිබෙන නිසා මා කැමතියි මේ ගැන ලියන්න. සේපාල ඒකනායක ඉපදුණේ 1949 ජූනි මාසේ 03 වෙනි දා දිනයක මාතර දිස්ත්‍රික්කයේ කරතොට කියන ගමේ. පාසැල් ගියේ හම්බන්තොට යෝධ කණ්ඩිය විද්‍යාලයට.  අවුරුදු 15 දි විතර නිවසින් වෙන් වන ඔහු කොළඹ ට පැමිණෙනවා. ඉන්පසු 1972 ඔහු ජර්මනියට පැමිණෙනවා. එහිදී ඔහුට ඇනා ඇල්ද්‍රොවන්දි නැමති ඉතාලි සුරූපිණිය හමු වෙනවා. පසුව ඔවුන් දෙදෙනා විවාහ වී ඉතාලියේ මොඩෙනා පෙදෙසේ පදිංචි වෙනවා. ඒ 1980 දී. එහිදී ඉපදෙන පුතාට ඔවුන් “ෆ්‍රී ඒකනායක“ නමින් නම් තබනවා. මෙහිදී සේපාලගේ වීසා එක නැති වෙන අතර ඉතාලියේ දී වීසා ඉල්ලු විට ශ්‍රී ලංකාවට පැමිණ වීසා ලබා ගන්නා ලෙස ඔවුන් පවසනවා. ඒ අනුව ඔහු ලංකාවට පැමිණ වීසා අයදුම් කරනු ලැබූ මුත් වසර හයක් ඒ සදහා බලා සිටින ලෙස ඔහුට දැනුම් දෙනවා. ඔ...

"ගුවන්සර" - දෙවන කළාපය - "Guwansara" - Second Issue

මීට පෙර මා සඳහන් කළා දැයේ දරුවන්ගේ ගුවන් සේවා දැනුම වර්ධනය කිරීම උදෙසා "ගුවන්සර" නමින් සිංහල භාෂාවෙන් සඟරාවක් ආරම්භ කළ බව. ඉතිං දැන් එහි දෙවන කළාපය නිකුත් වී තිබෙනවා. පහත දැක්වෙන්නෙ එහි මුල් පිටුව. ජාතික හා ජාත්‍යන්තර වශයෙන් ගුවන් සේවා පිළිබඳ තොරතුරු මෙහි අඩංගු වෙනවා. මේක සිංහල භාෂාවෙන් ගුවන් සේවා ක්ෂේත්‍රය සම්බන්ධව පළවන සඟරාව. මෙය ලබා ගන්න අවශ්‍ය අය සිටී නම් කොල්ලුපිටිය, ගාලු පාරේ අංක 64 දරණ ස්ථානයේ පිහිටි සිවිල් ගුවන්‍ සේවා අධිකාරියේ 5 වන මහලේ පිහිටි විශේෂ ව්‍යාපෘති අංශයෙන් ලබා ගත හැකියි. විස්තර විමසන්නේ නම් දුරකථන අංක 011 2394798 මගින් දේව් සමරජීව මහතා ඇමතීමෙන් ලබා ගත හැකියි.

මැදිරි සහායකයින්

මේ නම් මේ විධියට කිව්වට තේරෙන්නෙ නැහැනෙ. මේ අයට ඉංග්‍රීසියෙන් කියන්නෙ Flight Attendants එහෙමත් නැතිනම් Stewards ලා කියලා. තවත් විධියකට කියනවා නම් ඔය සරළවම අපි කියන්නේ Air Hostess ලා කියලා. අද මම කියන්න යන්නෙ මෙන්න මේ අය ගැන. මේක ගැන ලියන්න කියලා පසුගිය Post   එකට ප්‍රතිචාරයකුත් තිබුණානෙ. ඔය ගුවන් යානා වල යන අය, ගිය අය දැකලා ඇති ගුවන් යානයට ගොඩ වෙන අවස්ථාවෙදි අපිව සාදරයෙන් පිළි අරගෙන ගුවන් ගමන පුරාවටම අප ගැන සොයලා බලන නිලධාරීන් පිරිසක් ඉන්න බව. මේ අය පිරිමි හා ගැහැණු යන දෙපක්ෂයෙන්ම සිටින බවත් ඔබ දැකලා ඇති.  මේ මැදිරි සහායකයින් කියලා අපි සිංහලෙන් හඳුන්වන නිලධාරීන්ගේ ප්‍රධාන රාජකාරිය තමයි මගියාගේ ආරක්ෂාව ( Safety) සම්බන්ධව ක‍ටයුතු කිරීම. ඊට අමතරව ඔවුන් ට පැවරිලා තියෙනවා මගීන් ට සේවා සැපයීමත්. ඒ වගේම ගුවන් සාමාගම ප්‍රචාරනය (Promote) කිරීමත් ඔවුන්ගේ අමතර කාර්යයක්. ඒත් මම මුලින් සඳහන් කළා වගේ මොවුන්ගේ ප්‍රධාන ම කාර්ය ය වන්නේ මගීන්ගේ ආරක්ෂාව තහවුරු කිරීමයි. විශේෂයෙන් ම ගමන් කරන ගුවන් යානයක් වගේ සීමාසහිත ස්ථානයක සිරවී සිටින මගීන්ට සහාය වීම සහ ඔවුන්ගේ ආරක්ෂාව  තහවුර...

ගුවන් යානයේ මගීන් - Passengers of an Airplane

ගුවන් යානයක ගමන් ගන්නා මගීන් විවිධාකාරයි. සමහර විට ඔහු හෝ ඇය සාමාන්‍ය පුද්ගලයෙක් විය හැකියි. තවත් විටක ආබාධිතයෙක් විය හැකියි. නැතිනම් කුඩා දරුවෙක් විය හැකියි. එසේත් නැතිනම් විශේෂ අවධානයකට ලක්විය යුතු පුද්ගලයෙක් විය හැක. ඒවගේම සමහර මගීන් ප්‍රථම වතාවට ගුවනින් යන්නන් විය හැකියි. මේ කොයි ආකාරයේ මගියෙකු වුවද ඒ සැමට තමන්ගේ අවශ්‍යතාවය ඉටුවන ආකාරය අනුව සේවා සැපයීම ගුවන් සමාගමේ වගකීමක්. මේ ‍කුමන ආකාරයේ මගියෙකු වුවද ප්‍රවේශයපත්‍රය ලබා ගන්නා අවස්ථාවේදී එම ප්‍රවේශපත්‍රය නිකුත් කරනු ලබන ආයතනය විසින් ඒ මගියාගේ අවශ්‍යතාවය ගුවන් සමාගමට දැනුම් දිය යුතු වෙනවා. මේ සඳහා විවිධ කේත භාවිතා කරනවා. ඒ වගේ මගියාගේ ත් වගකීමක් තමන්ට විශේෂ තත්වයන් අවශ්‍ය නම් ඒබව කල් තියාම දැනුම් දීම. එවිට ගුවන් සමාගමට පහසුවක් වෙනවා ඒ අවශ්‍යතා ඉටු කිරීම. කෙසේ වෙතත් යම් ආකාරයක සංකීර්ණ ඉල්ලීම් තිබෙනවා නම් බොහෝ විට ප්‍රවේශපත්‍ර නිකුත් කරන්නා විසින් අදාළ ගුවන් සමාගම සමග දුරකථනයෙන් සම්බන්ධ වී ඒ තත්වයන්ට අවශ්‍ය ‍දේ සපයා දිය යුතුයි. කෙසේ වෙතත් විශේෂිත මගීන් වර්ග කිහිපයක් සිටිනවා. ඒවා තමයි, 1.       ළමා මගීන් ( C...

"අයිජැෆ්ජලා‍ජොකුල්" ගිනි කන්ඳේ අළු - Ash of the Eyjafjallajokull Volcano

දැනටම ඔබ දන්නවා ඇතිනෙ අයිස්ලන්තයේ ගිනි කන්දක් පුපුරලා ඒකෙ අළු යුරෝපය පුරාම විසිරිලා කියලා. මේ සිද්ධිය නිසා බොහෝ අකර්මන්‍ය තත්වයට පත් වුනේ ගුවන් සේවා ක්ෂේත්‍රය. දැනට දින 07 ක් පමණ කාලයක් යු‍රෝපයේ බොහෝ ගුවන් තොටුපළවල් වසා දමා ගුවන් යානා මෙහෙයුම් නවත්වා තිබෙනවා. මේකට හේතු වෙලා තියෙන්නෙ අර අළු වළාව.    දැනට ගුවන් ගමන් වාර 5000 ක‍ට වඩා අවලංගු කර තිබෙනවා. දැනට තිබෙන තිබෙන තොරතුරු වල හැටියට විශාල ප්‍රමාණයත් අතරමැදි ගුවන් තොටුපළවල් වල සිරවී සිටිනවා. ඩුබායි වල 80000 ක් පමණ සිර වී සිටින බවයි දැනගන්නට ලැබී තිබෙන්නෙ. අපේ ගුවන් තොටුපළින් යුරෝපය වෙත ගමන් කරන ගුවන් ගමන් ද නවතා තිබෙනවා. මෙම අළු පැතිරීම නතර වුවහොත් ඩුබායි වගේ ගුවන් තොටුපලක සිරවී සිටින මගින් පළමුව ගමනාන්ත වෙත යවා ඉන් පසුව පිළිවෙළින් අ‍පේ රටේ වගේ ගුවන් තොටුපළ වල සිටින මගීන් ගෙනයාම සිදුවේ. මෙතනින් ගිහින් බලන්න රටවල් ඉහළින් වලාව පැතිරී ඇති අයුරු.  මේ තියෙන්නෙ අළු වළාව නිසා ගුවන් යානා සිරවී ඇති අයුරු. මේ අළු පැතිරීම නිසා ගුවන් ගමන් මෙහෙයුමට බාධා ඇති වන්නේ ‍කොහොම ද කියලා බලමු.  ගුවන් යානයක් ඉහළ නගින ආකාරය ගැන මම මී...