1 කොටස 2 කොටස 3 කොටස මෙම්පිස් වලට ආසන්නයේ දී යානය පහතට එමින් තිබිණ. මේ අවස්ථාවේ දී කැලෝවේ යළිත් හදිසි ශක්තියක් ගෙන නැගී සිටියේය. ඔහු ව යට කරගෙන සිටි මිනිසුන් ඒ මේ අත විසි කරන්නට විය. ඔවුන් ද උත්සාහය අත හැරියේ නැත. කැලෝවේ විසින් ජිම් ටකර් ගේ ඇස එළියට ගැනීමට උත්සාය කරමින් සිටියේය. ඇන්ඩි පීටර්සන් ඒ අවස්ථාවේ දී යානයේ තට්ටුව මත වැටී ඇති මිටියක් ජිම් ටකර් ට ඇසෙන් පෙන් වන ලදී. “ඔයා මූට ගහන්න ඒකෙන්“ ටකර් කෑ ගසන විටම පීටර්සන් එම මිටිය ගෙන කැලෝවේට පහර දුන්නේය. අංක 705 දරණ ගුවන් යානය මෙම්පිස් ගුවන් තොටුපලේ අංක 36 දරණ ධාවන පථයට ඉතා තද ගොඩ බැස්සවීමක් සිදු කළේ එයින්ම පිටත් වී පැය භාගයකට පසුවය. ඉන්ධන වල අධික බරක් තිබුණ ද යානය ගුවන් ධාවන පථයේ නවතා ගැනීමට කපිතාන් සෑන්ඩර්ස් සමත් විය. ඒ සමගම ආධාරක කණ්ඩායම් යානය වටකර ගත්හ. ඒ සමගම ඔහු නියමු කුටියේ හදිසි දොරටුවෙන් පිටතට පැමිණියේය. මුලින් යානයේ හිණිමග දිගේ දොරටුව වෙත ළඟා වූයේ වෛද්‍ය සේවකයෙකු වූ ඩේවිඩ් ටීග් ( David Teague ) ය. බිම සිටි කිසිම කෙනෙක් සිදු වූ සිද්ධියක් දැන සිට...
රාවණා යුගයෙන් ඇරඹි අපේ ගුවන් ඉතිහාසය යළිත් ලියවන්නට...............