Skip to main content

Posts

Showing posts from May, 2016

නියමු රහිත ගුවන් යානා මෙහෙයුම් කිරීමට පෙර මේ ගැන සිතන්න. - Think before Operate a drone in Sri Lanka - Part 2

Part 1.... Click Here ශ්‍රී ලංකාවේ ද මෙම නියමු රහිත ගුවන් යානා මෙහෙයුම් සම්බන්ධයෙන් සිවිල් ගුවන් සේවා අධ්‍යක්ෂ ජනරාල් වරයා විසින් රීති පද්ධතියක් පනවා ඇත. මෙහිදී බර අනුව වර්ග කිරීම් සිදු කර ඇති අතර දළ බර කි. ග්‍රෑ. 1 අඩු ගුවන් යානා සඳහා විශේෂ අනුමැතියක් අවශ්‍ය නොවන අතර ඒවා යොදා ගත හැක්කේ වාණිජයමය නොවන විනෝදාත්මක කටයුතු හා අධ්‍යාපනික කටයුතු සඳහායි. ඒසේම ඒවා පෞද්ගලික ඉඩමක එම ඉඩම් හිමියාගේ අනුදැනුම ඇති සිදු කළ යුතුයි. යම් හෙයකින් පොදු ස්ථානයක සිදු කරන්නේ නම් ඒ ක්‍රියාකාරකම කලින් හදුනා ගත යුතුය. කිලෝ 25 ට වැඩි යානා සඳහා විශේෂ අවසරයක් හා අනුමැතියක් සිවිල් ගුවන් සේවා අධ්‍යක්ෂ ජනරාල් වරයාගෙන් ලබා ගත යුතු අතර මෙහෙයුම් සඳහා සහ මෙහෙයම් පුද්ගලයින් සඳහා දැනට පවතින නීති වලට අනුගත විය යුතුයි. බර කිලෝ 1 ත් 25 ත් අතර යානා සඳහා සිවිල් ගුවන් සේවා අධ්‍යක්ෂ ජනරාල්ගේ හෝ අනුමත ආයතනයකින් හෝ පුද්ගලයෙකුගෙන් අනුමැති ලබා ගත යුතුයි. ඒ වගේම කිලෝ 1 වැඩි බරක් සහිත ඕනෑම නියමු රහිත ගුවන් යානයක් මෙහෙයවීම සඳහා එම මෙහෙයුම සිදු කරනු ලබන ප්‍රදේශයේ පොලිසියෙන් අවසර ලබා ගත යුතුයි. ඒවගේම මෙහෙ...

නියමු රහිත ගුවන් යානා මෙහෙයුම් කිරීමට පෙර මේ ගැන සිතන්න. - Think before Operate drones in Sri Lanka - Part 1

අද ශ්‍රී ලංකාවේ බොහෝ උත්සව, රැස්වීම්, මංගල උත්සව ආදී මෙකී නොකී බොහෝ උත්සවයන්හි වීඩියෝ රූපගත කිරීම් වල දී බහුලවම “ක්වැඩ්කොප්ටර්“ යනුවෙන් හඳුන්වන දුරස්ථ පාලක සැහැල්ලු ගුවන් විමන් භාවිතා කරනු ඔබ දැක ඇති. වීඩියෝකරණයේ යෙදෙන ජාතික මට්ටමේ ආයතන වල සිට ආධුනික කැමරා ශිල්පීන් පවා කැමරාවක් සවිකරන ලද මෙම යානා තම වීඩියෝකරණයේ දී යොදා ගනී. එමගින් එම කාර්යයට පෙර නොවූ කෝණයකින් වීඩියෝ හා ඡායාරූප එකතු කිරීමේ හැකියාව ලැබෙන අතර එය එම අවස්ථාවේ මතකයන් සහ සජීවිකරණය වඩා තීව්‍ර කිරීමේ හැකියාවක් පවතී. ඒ නිසාම එහි වාණිජ වටිනාකමක් ද ඇති වී තිබේ. මේ තත්වය අද අපේ රටේ පමණක් නොව මුළු ලෝකය පුරාම සීග්‍රයෙන් පැතිරී යන තත්වයකි. මෙම යානා අද විවෘත වෙළඳපොලේ රුපියල් 3000 ක් වැනි අවම මුදලකට පවා ලබා ගත හැකි අතර ඉතා ඉහල මිළ ගණන් වලටත් තාක්ෂණිකව වඩා ඉහළ තත්වයේ යානා මිළ දී ගත හැක. විදේශීය වෙළඳපලෙන් ඩොලර් 275 ක පමණ මුදලකට ඉතා හොඳ තත්වයේ යානාවක් මිල දී ගත හැක. ඒ වගේම මෙතෙක් කාලයක් දුරස්ථ පාලක ගුවන් විමන් ලෙස ජනප්‍රිය වී තිබූ කුඩා හෙලිකොප්ටර් දැන් වෙළඳපලෙන් ඉවත් වී යන තරමට අලෙවිය පහත බැස ඇති අතර සෑම තැනම විකීණිමට ඇත්තේ මේ වන ගුව...