හිමාල කඳුවැටිය පාමුල තිබෙන භූතානය ස්වභාවික සෞන්දර්යයෙන් අනූන ඒ වගේම පරිසර දූෂණයෙන් අවම වූ මනස්කාන්ත දේශයක්. ස්වභාවයෙන්ම කඳු වලින් ගහන වූ මේ රටේ සියල්ලන්ම බෞද්ධයින්. ඒ වගේම ඉතාම සාමකාමී රටක්. ප්‍රවාහන ක්ෂේත්‍රය ගත හොත් ඉතාමත්ම පහල මට්ටමක සංවර්ධනයක් තිබෙන මෙහි කඳු සහිත භු විෂමතාව හේතුවෙන් මාර්ග පද්ධතියක් සකස් කිරීමට ඉතා අපහසු තත්වයක් තිබේ. ඒ සඳහා අධික වියදමක් දැරීමට සිදුවේ. ප්‍රධාන ප්‍රවාහන මාධ්‍යන් අතරින් ගුවන් හා මාර්ග ප්‍රවාහන ය තිබුණත් දුම්රිය ප්‍රවාහනයක් ඇත්තේ නැහැ. මම අද මේ භූතානය පිළිබඳ පිවිසුමක් ලබා ගත්තේ මේ දිනවල භූතානයේ අග්‍රාමාත්‍යවරයා ශ්‍රී ලංකාවේ සංචාරයක් කිරීමට සැළසුම් කර තිබෙන නිසා. එපමණක් නොව මේ දිනවල ලෝකයේ ගුවන් අනතුරු කිපයක්ම වාර්තා වුණා. එයත් එක් හේතුවක් අද ප්‍රධාන කාරණයට යොමු වීමට. භූථානයේ කඳු සහිත භූ විෂමතාවය හා නිරන්තර වෙනස් වන කාළගුණය නිසා ගුවන් යානා ගොඩ බැස්සවීම ඉතාමත් අනතුරුදායකයි. ඒ සඳහා විශේෂ පුහුණුවක් නියමුවන්ට අවශ්‍ය වනවා. භුතානය සතුවන්නේ එකම එක ජාත්‍යන්තර ගුවන් තොටුපළක් පමණයි. එයට ද යානා ගොඩ බැස්සවීම ඉතාමත් අභියෝගාත්මකයි. අද අපි ...
රාවණා යුගයෙන් ඇරඹි අපේ ගුවන් ඉතිහාසය යළිත් ලියවන්නට...............