මෙම ලිපියේ දෙවන කොටස මින් පෙර පළ වී ඇත 1939 මේ අතර 1939 දී පුත්තලම “පාලවී“ ගුවන් ධාවන පථය අමතර හා හදිසි ගොඩබෑමේ ගුවන් පථයක් ලෙස නිර්මාණය කරන ලද අතර දෙවන ලෝක යුද්ධයේ දී මෙය භාවිතයට ගැණින. පුත්තලම පාලවී ගුවන් තොටුපලේ දී ගුවන් යානයත් අලියෙකු යොදාගෙන ඇදගෙන යන අයුරු. 1942 1942 වර්ෂයේ දී රත්මලාන ගුවන් තොටුපලේ පාලනය රාජකීය ගුවන් හමුදාව ලබා ගන්නා ලදී. 1943 1943 මාර්තු මස 30 වන දින කොග්ගල කලපුවට ජලයේ ගමන් කළ හැකි ගුවන් යානයක් ගොඩබස්සවන ලද අතර මෙම කාලයේ දෙවන ලෝක යුද්ධය පැවති හෙයින් ජපාන හමුදාවන්ගේ ඉදිරි ගමන නිසා ලංකාව හරහා මෙම ගුවන් ගමන් මහා බ්‍රිතාන්‍ය සහ ඕස්ට්‍රේලියාව අතර පවත්වා ගන්නා ලදී. මෙහිදී භාවිතා කරන ලද්දේ “කැටලිනා ෆ්ලයින් බෝට්“ නම් යානාවක් වන අතර පැයට කිලෝමීටර 200 ක වේගයකින් ගමන් කළ හැකි යානාවක් විය. කපිතාන් රසල් ටැප් (Captain Russell Tapp) මෙම යානය මෙහෙයවන ලදී. මෙම කාලයේදී ලොව දිගුම ගුවන් ගමන මෙය වූ අතර පැය 28 ක ගුවන් ගමනකි. මෙම ගමන FLIGHT OF THE DOUBLE SUNRISE යනුවෙන් හැඳින්වූ අතර මෙම ගමනේ දෙවරක් හිරු නැගීම දැකිය හැකි වීම එයට හේතුවයි. දැනට Qantas...
රාවණා යුගයෙන් ඇරඹි අපේ ගුවන් ඉතිහාසය යළිත් ලියවන්නට...............