ගුවන් තොටුපල හා ගුවන් සේවා සමාගම (Airport and Aviation Services (Sri Lanka ) Ltd – AASL) වාණිජමය වශයෙන් වැදගත් වන මගීන් (Commercially Important Passengers – CIPs) වෙනුවෙන් අවශ්‍ය පහසුකම් සැපයීම සඳහා “සිල්ක් රූට්“ නමින් නව ගිමන් හලක් (Lounge) කටුනායක බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන් තොටුපලේ පිටවීමේ පර්යන්තයේ විවෘත කර ඇත. මින් පෙර 2009 වසරේ පැමිණිමේ පර්යන්තයේ මෙවන් වූ ගිමන් හලක් විවෘත කරනු ලැබූ අතර එය මගීන් අතර ඉතා ජනප්‍රිය විය. මෙම ගිමන් හලේ දී ගුවන් තොටුපළ කාර්ය මණ්ඩලය මගීන් විසින් පිටවීමේ හා පැමිණීමේ පර්යන්තයේදී ඉටු කළ යුතු සාමාන්‍ය කාර්යයන් ඉටුකර දෙනු ලබන අතර ඒ කාලය තුල මගියාට මෙම ගිමන් හලේ විවේක ගැනීම කළ හැක. ගුවන් තොටුපළ කාර්ය මණ්ඩලය විසින් මගීන් ගේ ටිකට්පත් පරීක්ෂාව (Check-In), ආගමන විගමන කාර්යයන්, ගමන් මළු ලබා ගැනීම හා ඒවා පරීක්ෂාව ආදී සියළු දේ සිදු කරන දෙනු ලබන අතර මගියාට එය මහත් පහසුවක් ගෙන දෙනු ලබන බව ගුවන් තොටුපල නිලධාරීන් පවසයි. මෙම සේවා ලබා ගැනීම සඳහා www.airport.lk යන වෙබ් අඩවියේ ලියා පදිංචි විය යුතු අතර එක් මගියෙක් සඳහා පැය 4 ක කාලයකට ඇමරිකානු ඩ...
රාවණා යුගයෙන් ඇරඹි අපේ ගුවන් ඉතිහාසය යළිත් ලියවන්නට...............