Skip to main content

Posts

Showing posts from December, 2011

පුම්බා උඩ අරින්න ගියෙමි–උණුසුම් වායු බැලුන් මෙහෙයුම–දඹුල්ල වීර මොහාන් විදුහල් ක්‍රීඩාංගනය–Hot Air Ballooning at Dambulla Veera Mohan School

ගුවන් යානා වල මූලාරම්භය ගැන කථා කරන විට උණු වායු බැලුන් (Hot Air Balloon) වලට මූලික ස්ථානයක් හිමි වෙනවා. මේක විනෝදාංශයක් විධියට දැන් කරන අතර වානිජ මට්ටමේ කටයුතුත් සිදු වෙනවා. බැලූනයක් සමාන්‍ය සරල දෙයක් වගේ පෙණුනට එය මෙහෙය වීම ට යම් තරමකට ගුවන් යානා පැදවීමට අවශ්‍ය මූලික දැනුම අවශ්‍යයි. ඒ වගේම එහි සුරක්ෂාවත් අනෙක් භාහිර දේ වල ආරක්ෂාවත් බැලුම මෙහෙයවන්නාගේ (Pilot) වගකීමක්. තවත් සරලව කියනවා නම් බැලුන් නියමුවා ඒ සඳහා සුදුසු කම් සම්පූර්ණ කළ බලපත්‍ර ලාභියෙක් විය යුතු වෙනවා. මේ බලපත්‍රය නිකුත් කරනු ලබන්නේ ශ්‍රී ලංකා සිවිල් ගුවන් සේවා අධිකාරිය විසින් පවත් වනු ලබන පරීක්ෂණ කීපයකට පසුවයි. ඒ වගේම ඔවුන් ඒ ප්‍රවීණතාවයත් බැළුමේ පියාසර යෝග්‍යතාවයත් ගුවන් යානා ඉංජිනේරුවෙක් ඉදිරිපිට සනාථ කළ යුතුයි. පසුගිය 2 වෙනිදා (2011 දෙසැම්බර් 02) මේ වගේ යෝග්‍යතාවය පරීක්ෂා කරන අවස්ථාවක් එළඹුණා. ලංකාවෙ ලියාපදිංචි වී බලපත්‍ර ලබා ගත් බැලුන් වාණිජ මෙහෙයුම් කරුවන් 4 ක් සිටින අතර ඔවුන්ගෙන් එක් අයෙක් ර්‍ශී ලාංකිකයෙක්. ඒවගේම ලංකාවේ ගුවන් යානා ලියාපදිංචි ලේඛණයේ ලියාපදිංචි වී ඇති බැලුන් ගණන 9 ක්. මෙයින් 6ක් දැනට ක්‍රියාත්ම...

ඒ බිහිසුණු රාත්‍රිය එළඹ අදට වසර 37 යි (2011 දෙසැම්බර් 04 ට)–Martinair DC8 Accident at “Anjimalay”, Maskeliya 04-December 1974

ඉන්දුනීසියාවේ සුරබායා ගුවන් තොටුපළ ක්‍රියාත්මකව පැවතියේ සාමාන්‍ය දිනයක පරිද්දෙනි. පසෙක නවතා තිබූ DC-8 වර්ගයේ ගුවන් යානය තවත් එක් මෙහෙවරක් ඉටුකිරීමට පිටත්ව යාමට සූදානමින් අවශ්‍ය කටයුතු සිදු කරමින් සිටියේය. මගීන් 182 දෙනෙකු සහ කාර්ය මණ්ඩලයේ 9 දෙනෙකුත් ඒ සමග පිටත් වීමට සූදානමක් තිබු අතර මගීන් සියළු දෙනාම යානය කුලී පදනම මත ගනු ලැබූයේ මක්කම වන්දනාවට සහභාගී වීමටයි. කුඩා ළමුන් වැඩිහිටියන් සහ තරුණ තරුණියන් ඒ ගමනට එක්ව සිටියා. යානයේ නියමුවා වූයේ නෙදර්ලන්ත ජාතිකයෙකු වන හෙන්ද්‍රික් ලැමී (Hendrik Lamme). ඔහු ගුවන් පැය 26770 ක් පමණ සම්පූර්ණ කර සිටි පළපුරුදු නියමුවෙක්. ඒ වගේම ඩී.සී. 8 (DC8) වර්ගයේ ගුවන් යානා වල පැය 4000 ක් පමණ පළපුරුද්දක් ඔහුට තිබේ. ඒ කියන්නෙ මේ යානය ඔහුට යම් තරමකට පළපුරුදු යානයක්. ඇසේ සුළු පෙනීමේ දුර්වලතාවයක් හැර ගුවන් යානයක් පැදවීමේ බලපත්‍රයක් නිකුත් නොකිරීමට තරමේ වෙනත් සෞඛ්‍යම ගැටළුවක් ඔහුට නැති බව 1974 නොවැම්බර් 13 වන දින පෙනී සිටි වෛද්‍ය පරීක්ෂණයෙනුත් පැහැදිලි වුණා. ඒ වගේම 1974 ඔක්තෝබර් 31 වන දින පැවැත්වූ DC8 යානා සඳහා වන ප්‍රවීණතා පරීක්ෂණයෙනුත් ඔහු සමත් වී ත...