සරුංගලය කියන්නේ අපි කුඩා කාලයේ භාවිතා කළ සමහර විට අදත් භාවිතා කරන විනෝදාත්මක උපකරණයක්. මේ සරුංගලය අපි හිතනවා ට වඩා ඉතිහාසයක් තිබෙන දෙයක්. මීට වසර 3000 ට විතර ඉස්සර චීනයේ විවිධ කටයුතු විශේෂයෙන් යුධ කටයුතු සඳහා සරුංගල් භාවිතා කර තිබෙනවා. සමහර විට කාළගුණ කටයුතු සඳහාත් එදා මෙන්ම අදත් භාවිතා වෙනවා. සරුංගලය සරල නිර්මාණයක් වුණාට එය පිටුපස තිබෙන්නෙ ගුවන් යානයක් ඉහළ යන භෞතික විද්‍යාත්මක සිද්ධාන්තයමයි. එනම් පීඩන වෙනස තමයි ඉහළ යාමට භාවිතා කරන්නෙ. සිවිල් ගුවන් සේවා අධිකාරියේ සිවිල් ගුවන් සේවා සංවර්ධන සහ අධ්‍යාපන කමිටුව ගුවන් සේවා දැනුම පාසැල් දරුවන් අතර ව්‍යාප්ත කිරීමේ වැඩසටහනේ එක් අදියරක් ලෙස හඳුනා ගනු ලැබුවා සරුංගලය වැනි සරළ උපකරණයක් මගින් පාසැල් දරුවන්ට ගුවන් සේවා දැනුම ලබා දීමට. මේ අනුව පසුගිය දිනක එම කමිටුව විසින් පුත්තලම අධ්‍යාපන කලාපයේ උසස් පෙළ පාසල් වල පිහිටුවන ලද ගුවන් සේවා සමාජ අතර සරුංගල් තරඟයක් පැවැත්වීමට කටයුතු යෙදුවා. මෙම තරඟයේ අරමුණ වුණේ ගුවන් සේවා දැනුම සරළ ආකාරයෙන් විනෝදාත්මකව පාසැල් ළමනු අතර ව්‍යාප්ත කිරීම. ඒ අනුව මූලිකවම ගුවන් සරුංගලය පිළිබඳවත් එහි තාක්ෂණික පසුබිම හා ඉති...
රාවණා යුගයෙන් ඇරඹි අපේ ගුවන් ඉතිහාසය යළිත් ලියවන්නට...............