මම මීට පෙර ලිපියක සදහන් කළා මතක ඇති ගුවන් යානයක් ගමන් කරන්නේ කොහොමද කියලා. ඉතින් සමහර විට හිතන්න ඇති හෙලිකොප්ටරය ගමන් කරන්නේත් මේ වගේ වෙන්න ඇති කියලා. අපි අද බලමු හෙලිකොප්ටරය ගමන් කරන්නේ කොහොමද කියලා. බැලු බැල්මට දෙකම උඩ යන ඒවා නිසා හිතෙන්න පුළුවන් මේ දෙකේම ක්‍රියා කාරීත්වය එක වගේ කියලා. පසුබිමේ තිබෙන සිද්ධාන්තය එකම වුවත් එය යොදා ගැනීම මේ දෙකේ දි, ඒ කියන්නෙ ගුවන් යානයේදීයි හෙලිකොප්ටරයේ දි යි වෙනස්. මේකට ඉස්සරලා ගුවන් යානය ගමන් කරන ආකාරය කියවලා බලන්න. ගුවන් යානයක් සහ හෙලිකොප්ටරයක් ගත්තම ප්‍රධාන වෙනස්කම් දෙකක් හඳුනා ගන්න පුළුවන්. ගුවන් යානයක් ගත්තම ඒකෙ තියෙන පියාපත් එහි බදට සවි කර තිබෙනවා. ගමන් කරන විට ඒවා බඳට සාපේක්ෂව වෙනස් වෙන්නේ නැහැ. නමුත් හෙලිකොප්ටරයක පියාපත් ඇක්සලයකට සවි කර තිබෙන අතර ඒවා බඳට සාපේක්ෂව චලනය වෙනවා. පියාපත් කියන්නෙ අර ඉහලින් තිබෙන අවර පෙති වලට. අනෙක් වෙනස තමයි ගමන් කරන විලාශය. හෙලිකොප්ටරයකට සිරස් අක්ෂයක ගමන් කළ හැකි මුත් ගුවන් යානයකට එසේ ගමන් කිරීම අපහසුයි. දැන් බලමු හෙලිකොප්ටරයේ ඉතිහාසය ටිකක්. ලෝකයේ වෙනසකට භාජනය කිරීමට සමත් වූ බොහෝ දේවල් වල මූලාරම්භය වගේම මේ දේත් ආ...
රාවණා යුගයෙන් ඇරඹි අපේ ගුවන් ඉතිහාසය යළිත් ලියවන්නට...............