Skip to main content

Posts

Showing posts from February, 2011

“ගුවන්සර“ වෙබ් අඩවිය අද දියත් කෙරේ!

මෙතෙක් කාලයක් ගුවන් සේවා ක්ෂේත්‍රය පිළිබඳව සිංහල භාෂාවෙන් තොරතුරු සොයා බැලීමට මාධ්‍යක් නොතීබු අතර ඒ අඩුව පුරවාලමින් “ගුවන්සර“ සඟරාව එළි දැක්වීමට හැකියාව ලැබුණා. එයට ඉමහත් ප්‍රතිචාර ලැබුණ අතර එය පාසැල් දරුවන් අතර ඉතා ජනප්‍රිය විය. මීට සමගාමීව පාසැල් වල ගුවන් සේවා සමාජ පිහිටු වීමටද කටයුතු කළ අතර එය ද වඩාත් ජනප්‍රිය විය. මේ සේවය දැන් වඩාත් ඉහළ අඩියකට ගෙන එමින් තොරතුරු තාක්ෂණය ද එයට එකතු කිරීමට අප උත්සහ ගෙන තිබෙනවා. එනම් “ගුවන්සර“ නමින් වෙබ් අඩවියක් දියත් කිරීමට සියළු කටයුතු සූදානම් කර තිබෙනවා. එම වෙබ් අඩවිය අද (2011 පෙබරවාරි 23 දින) උදෑසන 11.00 ට කොළඹ ග්‍රෑන්ඩ් ඔරියන්ට් හෝටලයේ පැවැත්වෙන උත්සවයකදී ගුවන් සේවා ගරු අමාත්‍ය ප්‍රියන්කර ජයරත්න මැතිතුමා විසින් දියත් කරනු ඇත. මේ වෙබ් අඩවියෙන් ගුවන් සේවා පිළිබඳ සියළු තොරතුරු, ඉතිහාසය, නව සොයා ගැනීම් ආදී සියලු දේ ද ලබා ගත හැකියි. ඒ වගේම ඉදිරියේදී මේ අඩවියට නව අංග එකතු කිරීමටත් නියමිතයි. වෙබ් අඩවියට පහත ලිපිනයෙන් පිවිසිය හැකියි. මේ අඩවිය තවමත් ළදරු අවිධියේ පවතින්නෙ. ඔබගේ අදහසුත් රැගෙන මෙය වඩා හරවත් සහ ක්‍රමවත් ආකාරයෙන් සංවර්ධනය කිරීමටයි අපේ අදහස....

ටිකට් නැතිව වීසා නැතිව ප්ලේන් එකේ යන්න එන්න

මෙහෙම කිව්වම හිතනව ඇති පිස්සු තද වෙලා ඇති කියලා. නෑ ඇත්තටම මේක පොඩි ආරාධනාවක්. ඔය කට්ටිය දන්නවානේ මේ සැරේ දැයට කිරුළ ප්‍රදර්ශණය තියෙන්නෙ බුත්තල. ඒකෙ තියෙනවා අපේ ප්‍රදර්ශන කුටියක්. ඒ කියන්නෙ සිවිල් ගුවන් සේවා අධිකාරියේ ප්‍රදර්ශණ කුටිය. මේ සැරේ අපි කල්පනා කළා ඔබට නවමු අත්දැකීමක් දෙන්න. මේ වෙනුවෙන් අපි විශේෂ ප්‍රදර්ශණ කුටියක් සකස් කළා. ඇත්තටම මේක ගුවන් යානයක්. සාමාන්‍ය ගුවන් යානයක දකින්න පුළුවන් හැම දෙයක්ම මේකෙ තියෙනවා. මේ ගුවන් යානය සිවිල් ගුවන් සේවා අධිකාරියට ත්‍යාගයක් විධියට ලැබුණු දෙයක් පෞද්ගලික  ආයතනයකින්. එය අපි යොදා ගන්නෙ ගුවන් සේවා ගැන සාමාන්‍ය ජනතාවට අවබෝධයක් දෙන්න. එය කලක් ගුවන් ගත වූ යානයක් දැනට නම් ප්‍රෙයා්ඩානයක් ගන්න බැහැ. ඒ කියන්නෙ පියාසර කරන්න බැහැ. ඉතින් අපි ඒක දැන් සකස් කරලා තියෙනවා අධ්‍යාපන කටයුතු සදහා.   මේ ගුවන් යානය රත්මලාන ගුවන් තොටුපළේ සිට බුත්තල දක්වා ගුවන් හමුදාවෙ ප්‍රයිම් මුවර් රථ මගින් කැබලි වශයෙන් ප්‍රවාහනය කරනු ලැබ යළි එහි ප්‍රතිනිර්මාණය කරනු ලැබුවා. එය සම්පූර්ණයෙන් තීන්ත ආලේප කර ස්ටිකර් අලවා ආසන සවි කර ඇතුළත අනෙකුත් උපකරණ සවි කරනු ලැබ ඇත. ගුවන් ය...