Skip to main content

Posts

Showing posts from December, 2010

ගුවන්සර තෙවන නිකුතුව

මා මීට පෙරත් සඳහන් කළා අපේ රටේ ගුවන් සේවා දැනුම අතින් දුර්වලයි කියලා. ඉතින් මේ තත්වයට විසඳුමක් ලෙස “ගුවන්සර“ ලෙස සඟරාවක් සිංහලෙන් එළි දක්වන බව දන්නවනෙ. මේ සගරාවෙ තුන්වන කලාපය දැන් නිකුත් වී තිබෙනවා.   මේ  පහළ තිබෙන ඡායාරූපයේ තියෙන්නෙ මෙවර කලාපයේ ඇතුළත් වන දේ. මෙම සඟරාවේ මුල් කලාප දෙකම අපේ රටේ සියළුම ජාතික පාසැල් වලට දැනටමත් යවා අවසන්. තුන්වන කලාපය එසේ යැවීමට කටයුතු සම්පාදනය කරමින් පවතිනවා. නුදුරේ දීම එය ලැබේවි. පසුගිය කලාප කියවා දැනුම ලබා ගත් පාසැල් වලින් දැනටමත් අපට ස්තුති කර ලිපි එවමින් තිබෙනවා. ඔබටත් මේ කලාපය නොමිලේ ලබා ගැනීමට හැකියාව තිබෙනවා. ඒ සඳහා ඔබ පහත ලිපිනට ලිඛිත ඉල්ලීමක් කළ යුතු වෙනවා. සිවිල් ගුවන් සේවා අධ්‍යක්ෂ ජනරාල් ශ්‍රී ලංකා සිවිල් ගුවන් සේවා අධිකාරිය 64, ගාළු පාර  කොළඹ 03  මේක කණ්ඩායමක් විධියට නැති නම් යම් කිසි සංවිධානයක් ලෙසට හෝ තනි පුද්ගලයෙකු ලෙසට කළ හැකියි. අනික අමතක කරන්න එපා මේ සඟරාව කියවලා ඒක කරන අයට ගුණ දොස් දන්වන්න. වැඩි විස්තර 0112433213, 0112394798 යන අංක වලින් දේව් සමරජීව මහතා අමතා දැන ගත හැකියි.

අපේ නිල් අහස සුරක්ෂිතයි....... ජාත්‍යන්තර සිවිල් ගුවන් සේවා විගණනය - 2010

ජා ත්‍ය න්තර සිවිල් ගුවන් සේවා සංවිධානය විසින් ශ්‍රී ලංකාව තුළ සිවිල් ගුවන් සේවා ක්ෂේ ත්‍ර යෙහි ජාත්‍යන් තර ප්‍රමිතීන්  ක්‍රි යාත්මක කිරීමේ මට්ටම සහ සම්බන්ධයෙන් නිරුපද්‍රි තතා සුපිරික්සුම් සිදුකිරීමේ හැකියාව පිළිබඳ විගණනයක් පසුගිය ඔක්තෝබර් 25 සිට නොවැම්බර් 04 දක්වා සිදු කරන ලදී . මෙහිදී  ශ්‍රී ලංකාව ඉහත කර්ත ව්‍ය න් ඉටු කිරීමේ  ක්‍රි යාවලියෙහි  ප්‍ර මුඛස්ථානයක ඇති බව තහවුරු විය . ඉහත විගණන ක්‍රි යාවලිය හා එහි පසුබිම පිළිබඳව සටහනකි මේ . මෙම ලිපිය “ ගුවන්සර “ 3 වන කලාපයේද පළවිය . 1944 වසරෙහිදී චිකාගෝ නගරයේදී අත්සන් කරන ලද ජාත්‍යන්තර සිවිල් ගුවන් සේවා සම්මුතිය හෙවත් චිකාගෝ සම්මුතිය   ( Convention on International Civil Aviation/ Chicago Convention) මගින් ජාත්‍යන්තර සිවිල් ගුවන් සේවාව නිරුපද්‍රිතව සහ ක්‍රමානූකූලව පවත්වා ගෙන යාම සහ වැඩි දියුණු කිරීමත් , සියල්ලන්ටම සමාන අවස්ථා ලැඛෙන පදනම මත ජාත්‍යන්තර ගුවන් ප්‍රවාහන සේවා පිහිටුවමින් සකසුරුවම් අන්දමින් සහ ස්ථාවර භාවයෙන් යුක්තව එම සේවාවන් මෙහෙය වීමත්   ...