අද මම කියන්න යන්නේ ගුවන් යානා අනතුරු විමර්ශණය ගැන කියලා මාතෘකාව දැක්කම පේනවානේ. හැබැයි මේ සටහන මම උපුටා ගත්තේ ගුවන් යානා අනතුරු විමර්ශණ නිලධාරී (Aircraft Accident Investigation Officer) විසින් සිවිල් ගුවන් සේවා අධිකාරිය සඳහා සකස් කරන ලද ලිපියකිනුයි. ඒ සඳහා ඇයට ස්තුතිවන්ත විය යුතුයි. ශ්‍රී ලංකාව තුල සිවිල් ගුවන්සේවාවෙහි නිරූපද්‍රිතතාව හා සුරක්ෂිතතාව (Safety and Security) ප්‍රවර්ධනයට බැඳී සිටින ආයතනය ශ්‍රී ලංකා සිවිල් ගුවන්සේවා අධිකාරිය (Civil Aviation Authority of Sri Lanka) වේ. සිවිල් ගුවන්සේවා අධිකාරිය පිහිටුවීමේ පනතෙහි සහ ගුවන්සංතරණ රෙගුලාසීන් හි අඩංගු නීතිමය කරුණු අනුව, ශ්‍රී ලංකාව තුළ සිදුවන සියලු සිවිල් ගුවන් අනතුරු විමර්ශනය කිරීමේ (Accident Investigation) සහ පිරික්සුම් හා මුදවාගැනීමේ ( Search & Rescue) සංවීධානයක් ක්‍රියාත්මක කිරීමේ සම්පූර්ණ බලය පැවරී ඇත්තේ, සිවිල් ගුවන් සේවා අධිකාරියටයි. ගුවන් අනතුරක් විමර්ශනය කිරීමෙහි මූලික අරමුණ වන්නේ, අනතුරට පාදක වූ හේතූන් සහ තත්වයන් හෙලිදරවු කර ගැනීම සහ එවැනි කරුණු මත අනාගතයේදී සිදුවිය හැකි අනතුරු මඟහැරවීමට නිසි පිළියම් ...
රාවණා යුගයෙන් ඇරඹි අපේ ගුවන් ඉතිහාසය යළිත් ලියවන්නට...............