දැනටම ඔබ දන්නවා ඇතිනෙ අයිස්ලන්තයේ ගිනි කන්දක් පුපුරලා ඒකෙ අළු යුරෝපය පුරාම විසිරිලා කියලා. මේ සිද්ධිය නිසා බොහෝ අකර්මන්‍ය තත්වයට පත් වුනේ ගුවන් සේවා ක්ෂේත්‍රය. දැනට දින 07 ක් පමණ කාලයක් යුරෝපයේ බොහෝ ගුවන් තොටුපළවල් වසා දමා ගුවන් යානා මෙහෙයුම් නවත්වා තිබෙනවා. මේකට හේතු වෙලා තියෙන්නෙ අර අළු වළාව. දැනට ගුවන් ගමන් වාර 5000 කට වඩා අවලංගු කර තිබෙනවා. දැනට තිබෙන තිබෙන තොරතුරු වල හැටියට විශාල ප්‍රමාණයත් අතරමැදි ගුවන් තොටුපළවල් වල සිරවී සිටිනවා. ඩුබායි වල 80000 ක් පමණ සිර වී සිටින බවයි දැනගන්නට ලැබී තිබෙන්නෙ. අපේ ගුවන් තොටුපළින් යුරෝපය වෙත ගමන් කරන ගුවන් ගමන් ද නවතා තිබෙනවා. මෙම අළු පැතිරීම නතර වුවහොත් ඩුබායි වගේ ගුවන් තොටුපලක සිරවී සිටින මගින් පළමුව ගමනාන්ත වෙත යවා ඉන් පසුව පිළිවෙළින් අපේ රටේ වගේ ගුවන් තොටුපළ වල සිටින මගීන් ගෙනයාම සිදුවේ. මෙතනින් ගිහින් බලන්න රටවල් ඉහළින් වලාව පැතිරී ඇති අයුරු. මේ තියෙන්නෙ අළු වළාව නිසා ගුවන් යානා සිරවී ඇති අයුරු. මේ අළු පැතිරීම නිසා ගුවන් ගමන් මෙහෙයුමට බාධා ඇති වන්නේ කොහොම ද කියලා බලමු. ගුවන් යානයක් ඉහළ නගින ආකාරය ගැන මම මී...
රාවණා යුගයෙන් ඇරඹි අපේ ගුවන් ඉතිහාසය යළිත් ලියවන්නට...............