Skip to main content

Posts

Showing posts from December, 2009

"කේළමා" හෙවත් නියමු රහිත ගුවන් යානා - Unmanned Aerial Vehicles (UAV)

ටික දවසකින් මොනවත් ලියන්නත් බැරි උනා. ඒක නිසා ටිකක් වෙනස් එකක් ලියන්න කියලයි හිතුවේ. ඒ කියන්නේ මේක සිවිල් ගුවන් සේවාවට සම්බන්ධ එකක් නම් නෙවෙයි. පසුගිය දවස් වල පැවති උතුරේ යුද්ධය ඔබ සියළු දෙනාටම තවම අමතක නැතිව ඇතිනෙ. මේකෙදී ශ්‍රී ලංකා ගුවන් හමුදාව ට ඔවුන්ගේ යුධ උපක්‍රම සාර්ථක කර ගැනීමට ඉවහල් වුන බො‍හෝ කාරණා අතරේ දී ගුවන් හමුදාව විසින් භාවිතා කරන ලද නියමු රහිත ගුවන් යානා ඔබට මතක ඇති. මේවායින් මහත් වූ සේවාවක් සිදු වූවා. නියමු රහිත ගුවන් යානා වලට අද විවිධ නම් භාවිතා කරනවා. ඒ පහත ආකාරයට. UAV - Unmanned Aerial Vehicle RPV - Remotely Piloted Vehicle Drones කුමන ආකාරයෙන් හැඳින්වූවත් මේවා අධි තාක්ෂණික උපකරණ. විශේෂයෙන්ම මේවා යුධ කටයුතු සඳහා යොදා ගනු ලැබූවත් සිවිල් කටයුතු සදහාද මේවා භාවිතා කරනවා. දැනටමත් වාණිජමය ගුවන් ප්‍රවාහන කටයුතු සඳහා මෙවන් වූ යානා භාවිතා කිරීමට ඇති හැකියාව සොයා බලමින් සිටී. දැනට භාවිතා කරන යානා වල දිග දළ වශයෙන් අඩි 20-30 අතර ද පළල ද එම ප්‍රමාණයම වේ. අඩි 100 ක පමණ යානා සඳහා දැනට පර්යේෂණ කරමින් පවතී. මෙම නියමු රහිත ගුවන් යානා පිළිබඳ අතීතය සොයා බැලීමේදී ඒ සඳහා දීර්ඝඉ ...

අද දෙසැම්බර් 26

අද විශේෂ දවසක් නිසා මම හිතුව ගුවන ගැන ලියන්නෙ නැතිව ටිකක් වෙනස් විධියට ලියන්න. මීට වසර 5 කට පෙර ඇති වුණ ඒ ව්‍යසනය නිසා මනුෂ්‍ය ජීවිත විශාල ගණනක් නැති වුණ බව නැවත නැවතත් කියන්න ඕනෙ නැහැනෙ. මේ විපතට පත් වූවන් වෙනුවෙන් සහන සලසන්න අපේම සහෝදර ජනතාව ඉදිරිපත් වුනේ ඉතාමත් ඉක්මනින්. උදේ 0900 ට විතර සුනාමිය සිදු වුණායින් පසු සවස 2 පමණ වන විට කෑම පාර්සල් අරගෙන අවතැන් වූවන් වෙත යන්න තරම් අපේ රටේ අපේම මිනිසුන් කාරුණික වුනා. එදා මේක එච්චර ලොකු දෙයක් නොවුණත් ඇමරිකාවේ සිදුවුණ "කැත්‍රිනා" සුළි සුළ‍ඟෙන් අනාථ වූවන් වෙත දින ගණන් යනතුරුත් ආධාර නොලැබුණ විට අපේ මිනිසුන් කොතරම් හොඳද කියලා කියන්න වෙනත් දේ අවශ්‍ය නැහැ. මේ වෙලාවේ ඒ කියන්නෙ සුනාමියෙන් පස්සේ අපේ රටට විශාල වශයෙන් විදේශාධාර ලැබුණා. මේවා බොහොමයක්, නැතිනම් වැඩිම හරියක් ආවෙ ගුවන් මගින්. ඒ වෙලාවෙදි අපේ ගුවන් තොටුපළ ඉතාම කාර්ය බහුල වුණා. ‍කොච්චර හදිසි අවස්ථාවක් වුණත් වෙනත් රටකට බැහැනෙ අපේ රටේ ගුවන් සීමාව තුළට අනවසරයෙන් පිවිසෙන්න. ඒ වගේම ඇතුළු වන සහ පිටවන යානා පාලනය කිරීමත් මෙහෙයුම් කළමණාකරණය කිරීමත් කළ යුතු වෙනවා. මෙන්න මෙතනදි අපිටත් විශාල කා...

ගුවනේ ස්වාධීනත්වයන් Freedoms of the Air

ගුවන් යානයක් එක් රටක සිට වෙනත් රටකට මෙහෙයවීමේදී ජාත්‍යන්තරව පිළීගත් නීති සමුදායක් සහ  සම්මුතීන් තිබේ. තවත් සරලව කියනවානම් එක් එක් අය සිතු සිතූ පරිදි එක් රටක සිට තවත් රටකට වාණිජ ගුවන් ‍සේවාවන් පැවැත්විය නොහැක. 1944 දී චිකාගෝ නුවරදී රැස්වූ ලෝක නායකයින් විසින් අත්සන් කරන ලද චිකාගෝ සම්මුතිය ගුවන් සේවාවන්හි මුල් පොත ලෙස හඳුන්වනු ලබයි. මෙම සම්මුතිය මගින් සෑම රාජ්‍යයකටම එහි භූමියට ඉහලින් සහ රාජ්‍යයට අයත් මුහුදු සීමාවට ඉහලින් ඇති ගුවන් සීමාව සඳහා ස්වෛරීයත්වයක් ඇති බව පිළිගෙන තිබේ. මෙම සම්මුතියට අනුව වෙනත් රටක ගුවන් සමාගමකට තවත් රටක ගුවන් සීමාව තුළට අනවසරයෙන් ඇතුල්විය නොහැක. චිකාගෝ සම්මුතියට සමගාමීව තවත් ගිවිසුම් දෙකක් ඇත. 1.       ජාත්‍යන්තර ගුවන් සේවා සංක්‍රමණ ගිවිසුම ( International Air Services Transit Agreement IASTA) 2.       ජාත්‍යන්තර ගුවන් ප්‍රවාහන ගිවිසුම ( International Air Transport Agreement IATA) මෙම ගිවිසුම් වලට අනුව එක් රටක ගුවන් සමාගමක් තවත් රටකට පිවිසෙන්නේ නම් ඒ සඳහා පිළිගත් “ගුවනේ ස්වාධීනත්වයන්” ( FREEDOMS OF THE AIR)...

ගුවන් යානා ලියාපදිංචි කිරීම - Aircraft Registration

ඕනෑම රටක එම රටට අයත් ගුවන් යානා ලියාපදිංචි කළ යුතු අතර සාමාන්‍යයෙන් එසේ ලියාපදිංචි කිරීම කරනු ලබන්නේ එම රටෙහි සිවිල් ගුවන් සේවා අධිකාරිය හෝ දෙපාර්තමේන්තුවයි. කෙසේ හෝ මෙම ආයතනය එම රටේ සිවිල් ගුවන් සේවාව සමිබන්ධ රාජ්‍ය ආයතනයක් වෙනවා. ඒ වගේම රටින් රටට මේ සම්බන්ධයෙන් පවතින නීති රීති ද වෙනස් වෙනවා. ශ්‍රී ලංකාවට අයත් ගුවන් යානා ලියාපදිංචිය කරනු ලබන්නේ ශ්‍රී ලංකා සිවිල් ගුවන් සේවා අධිකාරියයි. අපේ රටේ පවතින නීතිය අනුව යම් ආයතනයක් බදු පදනම මත හෝ පූර්ණ වශයෙන් මිළ දී ගැනීමකදී හෝ මෙම ලියාපදිංචිය සිදු කළ යුතු වෙනවා. නමුත් එසේ මිලදී ගන්නා හෝ බදු පදනම මත ගන්නා වූ ගුවන් යානය නිෂ්පාදිත දිනයේ සිට වසර 15 කට වඩා පැරණි නොවිය යුතුයි. එසේම එය මිළදී ගැනීමට හෝ බදු පදනම මත ගැනීමට පෙර සිවිල් ගුවන් සේවා අධිකාරියේ ගුවන් යානා ඉංජිනේරුවරයෙකු විසින් එහි යෝග්‍යතාවය පරීක්ෂා කර සහතික කළ යුතුයි. ඒ කියන්නේ ඔහු හෝ ඇය එම ගුවන් යානය දැන් පවතින රටට ගොස් එය පරීක්ෂා කළ යුතුයි. ඒ වගේම යම් යානයක කොටස් අපේ රටට ගෙනවිත් ගුවන් යානයක් එකලස් කරන්නේ නම් එම එකලස් කරන අවස්ථාවේ සිවිල් ගුවන් සේවා අධිකාරියේ ඉංජිනේරුවරයෙකු එම ස්ථානයේ සිටිය ...

ගුවන් යානා නිෂ්පාදනයේ දැවැන්තයින් - Giants in Aviation Industry

ලෝකයේ ගුවන් සමාගම් විවිධ වර්ගයේ ගුවන් යානා භාවිතා කරයි. ගුවන් යානා පිළිබඳව නොදන්නා බොහෝ දෙනෙක් සිතනුයේ එහි ප්‍රමාණය, වේගය අදිය අතින් පමණක් වෙනස් වන බවයි. නමුත් මේ ගුවන් යානා නිෂ්පාදනය හා සම්බන්ධ ඉතා විශාල දැනුම් සම්භාරයක් පවතී. දැනට ලෝකයේ ගුවන් යානා නිෂ්පාදන ආයතන බොහෝ ගණනක් දැකිය හැකි අතර ඒවායින් නිපදවන ගුවන යානා ද විවිධ ජනප්‍රිය මට්ටම් වල පවතී. එයාර් බස් (Airbus), ‍බෝයිං (Boeing), මැක්ඩොනල්ඩ් ඩග්ලස් (McDonnell Douglas), ලොක්හීඩ් (Lockheed) ආදී සමාගම් මේවායින් ප්‍රමුඛතාවය ගන්නා සමාගම් කීපයකි. මේවායිනුත් එයාර්බස් සහ බෝයිං යන වර්ග දෙක අප සෑම දෙනෙක්ම පාහේ අසා ඇති.  බෝයිං සමාගම ඇමරිකාව සතු සමාගමක් වන අතර එයාර්බස් සමාගම යුරෝපය සතු සමාගමකි. සැබවින්ම එයාර්බස් යනු සමාගම් කීපයකි එකතුවකි. ඒ වගේම එය අවසානයේදී වෙනත් ආයතනයක අනු සමාගමකි. බෝයිං සමාගම විසින් වාණිජමය ගුවන් සමාගම් සඳහා ජෙට් යානා නිෂ්පාදනය කරනු ලබන අතර එහි ප්‍රධාන කාර්යාලය පිහිටා තිබෙන්නේ ඇමරිකාවේ ඉලිනොයිස් (Illinois) ප්‍රාන්තයේ චිකාගෝ (Chicago) නුවරයි. මෙම සමාගම විලියම් ඊ. බෝයිං (William E. Boeing) නැමැත්තා විසින් ඇමරිකාවේ සියැටල...