Skip to main content

Posts

අමාරුවෙන් බස්සන පාරෝ ගුවන් තොටුපල – Paro International Airport

හිමාල කඳුවැටිය පාමුල තිබෙන භූතානය ස්වභාවික සෞන්දර්යයෙන් අනූන ඒ වගේම පරිසර දූෂණයෙන් අවම වූ මනස්කාන්ත දේශයක්. ස්වභාවයෙන්ම කඳු වලින් ගහන වූ මේ රටේ සියල්ලන්ම බෞද්ධයින්. ඒ වගේම ඉතාම සාමකාමී රටක්. ප්‍රවාහන ක්ෂේත්‍රය ගත හොත් ඉතාමත්ම පහල මට්ටමක සංවර්ධනයක් තිබෙන මෙහි කඳු සහිත භු විෂමතාව හේතුවෙන් මාර්ග පද්ධතියක් සකස් කිරීමට ඉතා අපහසු තත්වයක් තිබේ. ඒ සඳහා අධික වියදමක් දැරීමට සිදුවේ. ප්‍රධාන ප්‍රවාහන මාධ්‍යන් අතරින් ගුවන් හා මාර්ග ප්‍රවාහන ය තිබුණත් දුම්රිය ප්‍රවාහනයක් ඇත්තේ නැහැ. මම අද මේ භූතානය පිළිබඳ පිවිසුමක් ලබා ගත්තේ මේ දිනවල භූතානයේ අග්‍රාමාත්‍යවරයා ශ්‍රී ලංකාවේ සංචාරයක් කිරීමට සැළසුම් කර තිබෙන නිසා. එපමණක් නොව මේ දිනවල ලෝකයේ ගුවන් අනතුරු කිපයක්ම වාර්තා වුණා. එයත් එක් හේතුවක් අද ප්‍රධාන කාරණයට යොමු වීමට. භූථානයේ කඳු සහිත භූ විෂමතාවය හා නිරන්තර වෙනස් වන කාළගුණය නිසා ගුවන් යානා ගොඩ බැස්සවීම ඉතාමත් අනතුරුදායකයි. ඒ සඳහා විශේෂ පුහුණුවක් නියමුවන්ට අවශ්‍ය වනවා. භුතානය සතුවන්නේ එකම එක ජාත්‍යන්තර ගුවන් තොටුපළක් පමණයි. එයට ද යානා ගොඩ බැස්සවීම ඉතාමත් අභියෝගාත්මකයි.  අද අපි ...

පවුලිස් අප්පුහාමි

සරම ඇඳලා කොණ්ඩෙ බැඳලා ප්ලේන් පැදපු අත්තනගල්ලේ පදිංචිව සිටි පවුලිස් අප්පුහාමි නොහොත් උක්කු මහත්තයා එදා රත්මලාන ගුවන් තොටුපොළට ගියේ ගුවන් යානා ඉහළට නංවන හා පහත බස්සවන හැටි දැකබලාගැනීමට කැමැත්තෙන් සිටි ලොකු පුතා විජිත කුමාරට ඒවා පෙන්වීමටය. එහෙත් ගුවන්යානා සමීපව දුටු වනම ඒවා කෙරෙහි දැඩි ලෙස ආසක්ත වූ පවුලිස් අප්පුහාමිට ‍ෙදාළක් ඇතිවූයේ ගුවන් යානා පැදවීමටය. 1952 අගෝස්තු මාසයේ දිනක් වූ එදාම පවුලිස් අප්පුහාමි රත්මලාන ගුවන් පුහුණු ආයතනයේ පුහුණුකරුවකු වෙත කිට්ටු වූයේ තම ආශාව ඉටුකර ගැනීමට හැකිවේ දැයි විමසීමටය. 'මට ගුවන් යානයක් පදවන්න ආසයි. මටත් උගන්වන්න පුළුවන්ද?' පුහුණුකරු වෙත ඉතා බයාදු ලෙස ළං වූ පවුලිස් අප්පුහාමි විමසා සිටියේ ලැජ්ජාශීලීවය. ගුවන්යානා පැදවීම පුහුණුකරන ලෙස තමාගෙන් ඉල්ලා සිටින මෙම තැනැත්තා දෙස පුහුණුකරු හොඳින් බැලුවේය. පුහුණුකරු දුටුවේ කමිසයකින්, කෝට් එකකින් සහ සරමකින් සැරසුණු ගමේ මුදලාලි කෙනෙක් වන් පුද්ගලයකු තමා ඉදිරියේ සිටින බවයි. ඒ මදිවාට ඔහුගේ වැවුණ හිසකෙස් එකතුකොට හිස පිටුපස කොණ්ඩයක්ද බැඳ තිබිණි. මේ ගමරාලට අහස් යානා පැදවීම පුහුණු කරන්නේ කෙස...

“එබෝලා“ වෛරසය පැතිර යාම Ebola Outbreak

ගයනාව, ලයිබීරියාව සහ සියෙරාලියෝන් (Sierra Leone, Liberia and Guinea) යන රටවල “එබෝලා“ වෛරස් රෝගය (Ebola virus disease (EVD) ) පැතිරි යන බවට වාර්තා වී තිබේ. මෙම රෝගය ගුවන් සම්බන්ධතා වලින් පැතිර යාම සම්බන්ධයෙන් ජාත්‍යන්තර සිවිල් ගුවන් සේවා සංවිධානයත් (International Civil Aviation Organization (ICAO), ලෝක සෞඛ්‍ය සංවිධානය (World Health Organization (WHO)) සහ ජාත්‍යන්තර ගුවන් ප්‍රවාහන සංගමය (International Air Transport Association (IATA) ) ඒකාබද්ධ ව විමසිල්ලෙන් සිටින බව ඔවුන් සඳහන් කරයි. ලෝක සෞඛ්‍ය සංවිධානය විසින් දැනට සංචාරක තහනමක් හෝ මෙම රටවලට ඇතුළු වීමේ තහනමක් පැනවීමට තරම් අවදානමක් හඳුනා ගෙන නැත. ලෝක සෞඛ්‍ය සංවිධානයට අනුව මෙම පුදේශ වල සංචාරය කරන්නන් හට රෝගය ආසාදනය වීමට ඇති ඉඩකඩ ඉතා අඩු ය. රෝගය බෝවීම සඳහා රෝග කාරක විෂබීජ/වෛරස සහිත මිනිසුන්, සතුන් හෝ මළ සිරුරු රුධිරය හෝ වෙනත් ශාරීරික තරලයක් හා මුසුවීම සිදු විය යුතු බව එම ආයතනය සඳහන් කරයි. සංචාරකයින් ට මෙවන් සම්බන්ධ වීම සිදු නො කරන ලෙසට අවවාද කෙරේ. රෝගය වෙනත් කෙනෙකුට බෝවීම සිදු වන්නේ ඉතාමත් පැහැදිලි ව රෝගය වැලඳී ඇති බවට රෝග ලක්ෂණ පෙන...

Jet Lag “ජෙට් ලැග්“ යනු කුමක් ද? එය ඇති වන්නේ ඇයි? එයින් අත් මිදෙන්නේ කෙසේ ද?

“ජෙට් ලැග්“ යන්න “වේලා කලාප වෙනස් වීමේ සින්ඩ්‍රෝමය“ (Time Zone Change Syndrome) ලෙස ද “ඩිසින්ක්‍රොනොසිස් (Desynchronosis)“ ලෙස ද හඳුන්වයි. මෙම රෝගී තත්වය ඇති වන්නේ ඉතා වේගයෙන් වැඩි දුරක් නැගෙනහිර සිට බටහිරට හෝ බටහිර සිට නැගෙනහිරට ජෙට් ගුවන් යානයක ගමන් කිරීමේ දී ය. මෙම තත්වය ඇති වීමට හේතු වන්නේ අප ශරීරයේ දෛනික රිද්මයේ (Circadian Rhythms)වෙනසක් සිදු වීම හේතුවෙන් ඇති වන කායික විද්‍යාත්මක තත්වයේ අවුල් සහගත තත්වයක් ඇති වීම නිසා වෙනි. එනිසා ම එය දෛනික රිද්මයේ අක්‍රමිකතාවක් ලෙස හඳුන්වයි. මෙම රෝගී තත්වයේ බරපතළ බව වැඩිපුර දැකිය හැකි වන්නේ නැගෙනහිරට ගමන් කරනවාට වඩා බටහිරට ගමන් කිරීමේ දී ය. දෛනික ශාරීරික රිද්මය - පැය 24 ක දිනයක දී අප ශරීරයේ සිදු වන ජීව විද්‍යාත්මක, කායික විද්‍යාත්මක සහ හැසිරීම් ක්‍රියාවලියේ චක්‍රය මෙලෙස හඳුන්වයි. සරල ව සඳහන් කරන්නේ නම් එය අපගේ “ශරීර ඔර්ලෝසුවයි“. අපගේ දෛනික ශාරීරික රිද්මය මෙහෙයවනු ලබන්නේ අභ්‍යන්තර වේලා වන් තබා ගැනීමේ පද්ධතියක් මගිනි. ශරීර අභ්‍යන්තරයේ පවතින මෙම ක්‍රියාවලිය බාහිර පරිසරයේ සිදු වන ආලෝකය වෙනස් වීම ආදී කරුණු වලට අනුරූපී ව සිදු වේ. තවත් පැහැදිලි කරන...

බෝයිං සමාගමේ බෝයිං 747 වර්ගයේ 1500 වන යානය

බෝයිං 747 ජම්බෝ ජෙට් යානය සුවිශේෂි ගුවන් යානයකි. වසර ගණනාවක් යන තුරු මහල් දෙකකින් සමන්විත ගුවන් යානය බවට පත් වූයේ මෙම යානයයි. 1969 සිදු වූ එහි පළමු ගුවන් ගමනේ සිට එය වෙනස් වී ඇත්තේ සුළු වශයෙනි. අළුතින් එළි දක්වා ඇති 747-800 යානය 747-400 යානයට ම සමාන වුවත් එහි වැදගත් වෙනස්කම් දක්නට ලැබේ. 2014 ජූනි මස 28 වන දින බෝයිං සමාගම 1500 වන 747 යානය ලුෆ්තාන්සා සමාගමට ලබා දුන්නේය. Lufthansa සමාගම සතු 1500 වන 747-800 යානයේ ව්‍යාපාරික පන්තිය 747 වැඩසටහනේ සාමාන්‍යාධිකාරි සහ උප සභාපති එරික් ලින්ඩ්බෑඩ් අදහස් දක්වමින් සඳහන් කර සිටියේ මෙම නව 747-800 ගුවන් යානය 747-400 ගුවන් යානයෙන් වෙනස් වනවා පමණක් නොව මෙම 70 වන 747-800 යානය එහි මුල් යානයට වඩා ඉතාමත් කාර්යක්ෂම බවයි. 1970 වර්ෂයේ දී “පෑන්-ඇම්“ සමාගමට මුල්ම 747 ගුවන් යානය ලබා දුන් අතර 1981 දී “ස්කැන්ඩිනේවියන්“ ගුවන් සමාගමට 500 වන ලබා දුන්නේය. 1993 දී සිංගප්පූරු ගුවන් සමාගමට 1000 වන ගුවන් යානය ලබා දීමට බෝයිං සමාගමට හැකි විය. 2014 දී 1500 වන යානය ලුෆ්තාන්සා සමාගමට ලබා දුන් අතර සාමාන්‍යයෙන් මේ කාලසීමාවන් සළකා බැලීමේ දී වසර 10 ට වරක් පමණ යානා 500 ක...

වන් වර්ල්ඩ්

මෙන්න මෙහෙමයි ශ්‍රීලන්කන් ගුවන් යානය වන්වර්ල්ඩ් ලොගෝ එක ප්‍රින්ට් කලේෙ. මේ අපේ කොල්ලෝ කටුනායක ගුවන් තොටුපලේ දී........... වන් වර්ල්ඩ් ගැන මෙතනින් බලන්න මේ තියෙන්නෙ ඔය යානය මත්තල ගුවන් තොටුපලේ දී (09/06/2014)

මොකක්ද මේ “වන් වර්ල්ඩ්“ කියන්නෙ? What is OneWorld?

ගුවන් සේවා කර්මාන්තයත් අනෙකුත් කර්මාන්ත හා වෙළඳ ව්‍යාපාර මෙන් ම විවිධාංගීකරණයට නිරන්තරයෙන් ම ලක් වේ. අද පවතින තරගකාරී ස්වභාවයත් පාරිභෝගික දැනුවත් කමත් ආදී කරුණු හේතුවෙන් ලාභදායී ව්‍යාපාරයක් ලෙස ගුවන් කර්මාන්තය පවත්වා ගෙන යාමට නම් විවිධ අලෙවි උපායමාර්ග ක්‍රියාත්මක කළ යුතු ව ඇත. ගුවන් සමාගම් එක් ව සන්ධාන ගත වීම ද මෙවන් උපාය මාර්ගයක් ලෙස දැක්විය හැක. 2014 මැයි මස 1 වන දින සිට “ශ්‍රීලන්කන්“ ගුවන් සමාගම ද ලොව ප්‍රමුඛ පෙළේ ගුවන් සමාගම් වල සන්ධානයක් හා සන්ධානගත වී තිබෙන බව විවිධ මාධ්‍ය ඔස්සේ ඔබ දකින්න ඇති. ඒ වගේ ම මේ කුමක් ද යන්න සමහර විට ඔබට පැහැදිලි නොමැතිව බවට සැක නැහැ. මෙවන් සන්ධාන ගත වීමකින් ගුවන් සමාගමට ආර්ථික වාසි සැලසෙනවා මෙන් ම මගීන් ට ද විවිධ වාසි සැලසේ. අවාසි ද නැතිව ම නොවේ. ගුවන් සේවාවන් සන්ධාන ගත වීම අද ඊයෙ සිදු වූ දෙයක් නොව 1930 දශකය දක්වා ම දිව යන්නෙකි. මුලින් ම ගුවන් සේවා සන්ධානයක් ඇති කර ගනු ලබන්නේ Panair do Brasil සමාගම සහ එහි ම මව් සමාගම වන Pan American World Airways යන සමාගම් දෙක ලතින් ඇමරිකාවේ ගමනාන්ත බෙදා හදා ගැනීම වෙනුවෙන්. ඉන් පසුව ක්‍රමයෙන් මෙම සන්ධාන වර්ධනය ව...