Skip to main content

අමාරුවෙන් බස්සන පාරෝ ගුවන් තොටුපල – Paro International Airport

හිමාල කඳුවැටිය පාමුල තිබෙන භූතානය ස්වභාවික සෞන්දර්යයෙන් අනූන ඒ වගේම පරිසර දූෂණයෙන් අවම වූ මනස්කාන්ත දේශයක්. ස්වභාවයෙන්ම කඳු වලින් ගහන වූ මේ රටේ සියල්ලන්ම බෞද්ධයින්. ඒ වගේම ඉතාම සාමකාමී රටක්. ප්‍රවාහන ක්ෂේත්‍රය ගත හොත් ඉතාමත්ම පහල මට්ටමක සංවර්ධනයක් තිබෙන මෙහි කඳු සහිත භු විෂමතාව හේතුවෙන් මාර්ග පද්ධතියක් සකස් කිරීමට ඉතා අපහසු තත්වයක් තිබේ. ඒ සඳහා අධික වියදමක් දැරීමට සිදුවේ. ප්‍රධාන ප්‍රවාහන මාධ්‍යන් අතරින් ගුවන් හා මාර්ග ප්‍රවාහන ය තිබුණත් දුම්රිය ප්‍රවාහනයක් ඇත්තේ නැහැ.

මම අද මේ භූතානය පිළිබඳ පිවිසුමක් ලබා ගත්තේ මේ දිනවල භූතානයේ අග්‍රාමාත්‍යවරයා ශ්‍රී ලංකාවේ සංචාරයක් කිරීමට සැළසුම් කර තිබෙන නිසා. එපමණක් නොව මේ දිනවල ලෝකයේ ගුවන් අනතුරු කිපයක්ම වාර්තා වුණා. එයත් එක් හේතුවක් අද ප්‍රධාන කාරණයට යොමු වීමට.
භූථානයේ කඳු සහිත භූ විෂමතාවය හා නිරන්තර වෙනස් වන කාළගුණය නිසා ගුවන් යානා ගොඩ බැස්සවීම ඉතාමත් අනතුරුදායකයි. ඒ සඳහා විශේෂ පුහුණුවක් නියමුවන්ට අවශ්‍ය වනවා. භුතානය සතුවන්නේ එකම එක ජාත්‍යන්තර ගුවන් තොටුපළක් පමණයි. එයට ද යානා ගොඩ බැස්සවීම ඉතාමත් අභියෝගාත්මකයි. 

අද අපි මේ භූතානයේ එකම එක ජාත්‍යන්තර ගුවන් තොටුපළ සම්බන්ධ විස්තර ටිකක් දැන ගනිමු. 

ගුවන් තොටුපළ පිහිටා තිබෙන්නේ භුතානයේ පාරෝ දිස්ත්‍රික්කයේ පාරෝ නිම්නයේ. මේ ගුවන් තොටුපල අසලින් “පාරෝ චූ“ ගංගාව ගලා බසින අතර වටපිටාව ඉතාමත් සුන්දරයි. ගුවන් තොටුපල මුහුදු මට්ටමේ සිට අඩි 7300 ක් පමණ ඉහළින් පිහිටා ඇති අතර ධාවන පථයේ දිග මීටර් 1985 ක් වේ. ඒ වගේම ගුවන් තොටුපලේ මෙහෙයුම් සිදු වන්නේ දිවා කාලයේ දී පමණයි.
ගුවන් තොටුපළ ආරම්භ වි තිබෙන්නේ 1968 දී පමණ වන අතර මුලින්ම එය භාවිතා කර ඇත්තේ ඉන්දියානු ගුවන් හමුදාව විසින්. පසු කාලීනව ගුවන් තොටුපළ සංවර්ධනය වූ අතර ධාවන පථයේ දිග අද තිබෙන ප්‍රමාණයට ගෙන ආවේ 1990 දී පමණය. 

ගුවන් තොටුපලේ මගී පර්යන්ත එකක් පමණක් ඇති අතර එය භුතානයේ පාරම්පරික කලාවන් පිලිඹිබු වන ආකාරයෙන් අලංකාරව සකසා තිබෙනවා. 

විශේෂයෙන් සඳුහන් කළ යුතුවන්නේ මෙම ගුවන් තොටුපළට ගුවන් යානා ගොඩ බැස්සවීම සඳහා සුදුසුකම් ලත් ගුවන් නියමුවන් සිටින්නේ ඉතාමත් අතලොස්සක් පමණයි. පසුගිය කාලයේ වාර්තා අනුව එසේ සුදුසුකම් ලත් නියමුවන් ගණන 8 ක් පමණ විය.

මෙම ගුවන් තොටුලේ ජාත්‍යන්තර මෙහෙයුම් සිදු කරනු ලබන්නේ භුතානයේ ජාතික ගුවන් සේවය වන “ඩෘක් එයාර්“ ගුවන් සමාගමයි. ඉන්දියාව, බංගලිදේශය, නේපාලය, තායිලන්තය හා සිංගප්පූරුව යන රටවලට මෙම ගුවන් තොටුපලේ සිට මෙහෙයුම් සිදු වේ. ඊට අමතරව දේශීය ගුවන් මෙහෙයුම් ද සිදුවේ.

මේ තියෙන්නෙ ගුවන් තොටුපලේ පර්යන්ත ගොඩනැගිල්ල

මේ තියෙන්නෙ ධාවන පථය

මෙතන ක්ලික් කරලා බලන්න මේ ගුවන් තොටුපලට ගුවන් යානයක් ගොඩ බැස්සවීමට දරණ උත්සාහය.

කුඩා ගුවන් යානා මෙහෙයුම් සිදු වන නිසාත් මෙහෙයුම් ප්‍රමාණය අඩු නිසාත් ගුවන් ටිකත් ලබා ආසන වෙන් කරවා ගැනීම කල් වේලා ඇතිව සිදු කළ යුතු වන අතර ඔබ භුතානයට යාමට සැළසුම් කරන්නේ නම් එයත් සිහිතබා ගත යුතුය.

Comments

  1. හම්මට උඩු, එතනට කඳු මැදින් යනකොටම බොක්ක කූල්වෙනවනෙ.

    අර ගඟ හැදිල තීන්නෙ පාරාවෝ චූ කුලද දන්නෙ නෑ..!

    ReplyDelete
    Replies
    1. අන්න ඒකනෙ ඉන්දික බස්සන්න අමාරුයි කියලා කිව්වෙ. දන්න අඳුනන දෙවියෙක් සිහි කරගෙන යන එකයි තියෙන්නෙ. ඔය අතරේ අර ජර්මන්වින්ග් එකේ වගේ පිස්සු පයිලට් කෙනෙක් හිටියොත් කොහොමද....?

      Delete
  2. හපොයි බං අන්තිමට වීඩියෝ දහයක් විතර බලල තමා ආවේ “මෙතන“ ක්ලික් කරල ඉවර වෙලා.. හැක්

    ReplyDelete
    Replies
    1. ඒකට තමා කුතුහලය කියන්නෙ. ඉතින් මේක කියවලා “මෙතන“ ක්ලික් කළාම කුතුහලය ඇති වෙනවා නම් ඉතින් ඔන්න මගේ වැඩේ හරි ගිහින්......

      Delete
  3. ඔයවගේ රනවේ එක මැද හරියෙ ලෑන්ඩ් කළොත් එහෙම පල්ලමකට වැටිල කෙලවරවෙන එයාපෝට් එකකුත් තියෙනව නේද ‍කොහේ හරි.

    ReplyDelete
    Replies
    1. ඔව් නේපාලයේ ලූක්ලා ගුවන් තොටුපල
      මෙන්න බලන්න
      https://www.youtube.com/watch?feature=player_detailpage&v=EfAw8ulhTiQ

      Delete
  4. හරිම ලස්සන පරිසරයක්.වීඩියෝ එක බලනකොට දැනෙන්නෙ අපිත් ඒකෙ ඉන්නව වගේ .මෙතන අනතුරු සිදුවෙලා නැද්ද?

    ReplyDelete
    Replies
    1. ඇත්තටම ගිම්හානි භූතානය කියන්නෙ ලස්සන රටක්. රටෙන් 75% ක් තියෙන්නෙ වනාන්තර.
      දැනට තියෙන තොරතුරු අනුව නම් කිසිම ගුවන් අනතුරක් වාර්තා වෙලා නැහැ. මේ ගුවන් තොටුපලෙන් පිටවුන හෝ මේ ගුවන් තොටුපලට ගොඩබෑම අරමුණු කර ගනිමින් ගුවන් ගත වූ යානයක් හෝ අනතුරට ලක් වෙලා නැහැ කියලා තමයි තොරතුරු තියෙන්නෙ. මේකට එක හේතු වශයෙන් කියන්න පුළුවන් අනතුරුදායක බව ඉහළ නිසා ඉතාම් පරිස්සමින් මෙහෙයුම් සිදු කිරීම සහ ගුවන් මෙහෙයුම් ගණන අඩු වීම.

      Delete
  5. අපේ අහසටත් වසන්තය ඇවිල්ලා. සිත් ගන්නා සුලු විස්තරයක්. වීඩියෝ ටික මහගෙදර ගිහිල්ලාම බලනවා. එහෙ wifi කලාපේනේ....

    මම දන්න හැටියට එහේ ජාතික රූපවාහිනී සේවයක් එහෙමත් නෑ. රජයේ පාසල් වලත් හෙන අවුල්.

    ඉෂාර මහත්මයට බොහොම ස්තූතියි.

    ReplyDelete
    Replies
    1. ඔව් බුද්ධි වසන්තය ආවා කියලා දැන ගන්න පුළුවන් එක දෙයක් තමයි අපිට ඉහළින් තියෙන අහස. පැහැදිලි නිල්වන් අහස.

      Delete
  6. අමාරුදත් අහනවා. යමක් අනතුරුදායක නිසාම වැඩි ප්‍රවේශමෙන් කරනකොට අනතුරක් වෙන්න ඇති අවස්තාව අඩු වෙනවා කියන එක තමයි හිතා ගන්න පුලුවන්. ඇයි අර ගොං නාම්බෝ දෙන්නෙක් ලැප්ටොප් දිහා බලාගෙන එයාපෝර්ට් එක පහු කරලා ගිහින් තිබ්බේ

    ඉශාර, මට පොඩි ප්‍රශ්ණයක් තියෙනවා ක‍ටුනායක බැගේජ් හැන්ඩ්ලිං ගැන. ඒක ඔයාට අදාල නැද්ද?

    ReplyDelete
    Replies
    1. ලොක්කෝ, පොඩි හරි ලොකු හරි අවුලක් නෑ. කියන්න. පුළුවන් දෙයක් නම් කරලා දෙන්නම්. නැත්තම් කර ගන්න විධිය හරි කියලා දෙන්නම්. මගේ ඊමේල් එක ඇති නෙ. විස්තරේ කියන්න.,

      Delete
    2. ඊ මේල් කරන්නත් පුළුවන්. මෙහෙම කියන්නත් පුළුවන්. මේකයි ඉෂාර. මේක මගේ පෞද්ගලික ප්‍රශ්ණයක් නෙවෙයි. නමුත් අපි ගෙදර එන ගානේ ක‍ටුනායකදි අපේ බෑග් වලට මොකක් හරි හානියක් වෙනවා. එක්කෝ ඉබ්බෝ කඩලා. නැතිනම් සිප් කඩලා ඇරලා බලලා. අපි එහෙම හොරකම් කරයි කියලා හිතෙන දේවල් ඔය ලොකු බෑග් වල දාන්නෙත් නෑ. ඒත් මේක හැම පාරම වෙනවා. මම මේ ගැන අහලා බැලුවාම මේක හුඟ දෙනෙකුට වෙනවා නමුත් කතාකරලා වැඩක් නැති හන්දා නිකං ඉන්නවලු.

      අනික බෑග් හැඬ්ල් කරන්නේ කුණු මාලු ගානට. උස්සලා අතෑරපු බව හොඳින් පේනවා.

      මේකට විසඳුමක් තමයි. ඔය අපිට නොපෙනෙන පැත්තේ බෑග් හැඬ්ල් කරන ඒවා කෙරෙන හැටි කැමරා පද්ධතියකින් නිරීක්ෂනය කිරීම. මේක මහ අමාරු වැඩක් නෙවෙයිනේ ජාත්‍යන්තර ගුවන් තො‍ටුපොළකට. මට මේ ඇර වෙන විසඳුමක් හොයාගන්න අමාරුයි. මේක ප්ලේන් එකේ කාගෝ බේ එකේ කෙරෙනවා වෙන්න බෑ. නමුත් හදිසියෙන් කරපු බව පේනවා

      Delete
    3. Dude, මේක ඔයා කිව්වා වගේ හැම ගුවන් සමාගමකම තියෙනවා. ගමන් මළු හැසිරවීම බොහෝ දුරට අපරික්ෂාකාරියි. ඒ වගේම සමහර ස්ථාන වල හොරකම් කිරීම් සිදු වීමත් දකින්න ලැබෙනවා. කොහොම වුණත් මේ හැම දෙයක්ම වැරදි වැඩ.
      මේකට එක විසඳුමක් තමයි බෑග් එක භාර දෙන විට වටිනා කියන දේවල් ගැන පුකාශයක් කරමින් භාර දීම. එවිට නැති වුනොත් ඒ වන්දි ලබා ගැනීමට හැකියි.
      මේ මොන තත්වයක් වුණත් ගුවන් සමාගමට පැමිණිලි කර වන්දි ලබා ගැනීමට හැකියාව තිබෙනවා. එහෙන් පැහැදිලි පිළිතුරක් නැති නම් අපිට පුළුවන් සිවිල් ගුවන් සේවා අධිකාරියට පැමිණිලි කරන්න.
      අපේ සිවිල් ගුවන් සේවා අධිකාරියත් පාරිභෝගික සේවා අධිකාරියත් එකතු වෙලා මේ පැමිණිලි විභාග කරලා විසඳුම් ලබා දෙනවා.
      වෙනත් රටවල් වලත් මේ විධියටම කරන්න පුළුවන්.
      තව විස්තර ඕනෙ නම් අපිට කථා කරන්න.

      Delete

Post a Comment

මොනවා හරි ලියලා ගියොත් හැදෙන්න පුළුවන්....

Popular posts from this blog

ගුවන් තොටුපළේ යන්නෙ මෙහෙමයි

අදට වසරයි කියන‍ පෝස්ට් එකට සංජු දාලා තිබ්බ කමෙන්ට් එකට ප්‍රතිචාරයක් විධියට මේ පෝස්ට් එක දාන්න හිතං හිටියත් දවසෙන් දවස ඒක කල් ගියා. අද ටිකක් වෙලාව අරන් කොහොම හරි මේක ලියන්න ඕනා. දැන් අපි හිතමු යම් පුද්ගලයෙක් විදේශ ගත වෙනවා කියලා. මුලින්ම මේ පුද්ගලයා කරන්න ඕනෙ ගුවන් ප්‍රවේශ පතක් ලබා ගැනීම සහ අදාළ රටට වීසා ලබා ගැනීම.  මේ ගුවන් ටිකට් පත් ලබා ගැනීම පිලිබඳව මම කලින් දාපු ගුවන් ටිකට්පතක් ලබා ගැනීමේ දී ඔබ දැන ගත යුතු කරුණු කියන පෝස්ට් එක බලන්න. ඒ වගේම යාමට නියමිත රටට වීසා ලබා ගැනීමත් සිදු කළ යුතුයි. මේ සඳහා සුදුසුම දේ ගුවන් ටිකටිපත් ලබා ගන්නා ස්ථානයෙන්ම ඒ විස්තර ලබා ගන්න එක. දැන් අපි හිතමු ගුවන් ටිකට් පත ලබා ගැනීමත් වීසා ලබා ගැනීමත් සිදු කර ුවසානයි කියලා. ඉන් පසුව තිබෙන්නේ ගුවන් ගමන පිටත් වීමට ගුවන් තොටුපළට යාමටයි. මෙහිදී ගුවන් ටිකට් පතේ සඳහන් වන පිටත් වන වේලාවට අවම වශයෙන් පැය 3ට වත් කලින් ගුවන් තොටුපළේ පිටත් වීමේ පර්යන්තයට පැමිණ සිටිය යුතුයි. ගුවන් තොටුපලට ඇතුල් වන විට පළමුවෙන්ම හමු වන්නේ පිටත්වීමේ පර්යන්තයයි. ගුවන් ගත වීමේදී ගෙන යන භාණ්ඩ ද සමග මේ පර්යන්තයට ඇතුළු විය යුතු අතර තමා සමග පැමිණි

සේපාල ඒකනායක - Sepala Ekanayake

ඔබ සමහර විට අහලා ඇති සේපාල ඒකනායක ගැන. හරියටම අදට අවුරුදු 28 ට පෙර එනම් 1982 ජූනි මාසේ 30 වෙනිදා සිවිල් ගුවන් යානයක් ගුවනේ දී පැහැර ගැනීම නිසා ඔහු ප්‍රසිද්ධ වුණා. මේ සිද්ධිය ලාංකීය ගුවන් ඉතිහාසයේ සිදු වුණේ පළමු වතාවට. ඒ වගේම අද වන තුරු ශ්‍රී ලාංකිකයෙක් අතින් එවන් දෙයක් සිදු වී නැහැ. අද දිනය මේ සම්බන්ධයෙන් විශේෂත්වයක් තිබෙන නිසා මා කැමතියි මේ ගැන ලියන්න. සේපාල ඒකනායක ඉපදුණේ 1949 ජූනි මාසේ 03 වෙනි දා දිනයක මාතර දිස්ත්‍රික්කයේ කරතොට කියන ගමේ. පාසැල් ගියේ හම්බන්තොට යෝධ කණ්ඩිය විද්‍යාලයට.  අවුරුදු 15 දි විතර නිවසින් වෙන් වන ඔහු කොළඹ ට පැමිණෙනවා. ඉන්පසු 1972 ඔහු ජර්මනියට පැමිණෙනවා. එහිදී ඔහුට ඇනා ඇල්ද්‍රොවන්දි නැමති ඉතාලි සුරූපිණිය හමු වෙනවා. පසුව ඔවුන් දෙදෙනා විවාහ වී ඉතාලියේ මොඩෙනා පෙදෙසේ පදිංචි වෙනවා. ඒ 1980 දී. එහිදී ඉපදෙන පුතාට ඔවුන් “ෆ්‍රී ඒකනායක“ නමින් නම් තබනවා. මෙහිදී සේපාලගේ වීසා එක නැති වෙන අතර ඉතාලියේ දී වීසා ඉල්ලු විට ශ්‍රී ලංකාවට පැමිණ වීසා ලබා ගන්නා ලෙස ඔවුන් පවසනවා. ඒ අනුව ඔහු ලංකාවට පැමිණ වීසා අයදුම් කරනු ලැබූ මුත් වසර හයක් ඒ සදහා බලා සිටින ලෙස ඔහුට දැනුම් දෙනවා. ඔහු ක

අදට වසරයි

මේ ලියන්න යන්නෙ නම් ගුවන් සේවාව ගැන නොවේ. අදට වසරකට පෙර තමයි ‘ අපේ අහස ‘ ට පළවෙනි පෝස්ට් එක දැම්මෙ. මේ වන විට ගුවන් සේවා සම්බන්ධ විවිධ මාතෘකා ඔස්සේ සටහන් 37 ක් පසුගිය වසර පුරාවටම එක් කීරීමට හැකියාව ලැබී තියෙනවා. ඒ සේරටම කමෙන්ට්ස් 173 ක් ලැබිලා තියෙනවා. හැබැයි මේ ගාණ ඇතුලේ තියෙනවා මම උත්තර දීපුවත්. “බ්ලොගර් ස්ටැට්“ වලින් කියන්නෙ නම් 3156 ක් මේ බ්ලොග් එකට ඇවිල්ලා තියෙනවා කියලා. මම පවත්වාගෙන ගිය කවුන්ටර්ස් වල හැටියට ආසන්න වශයෙන් 4000 ක විතර සංඛ්‍යාවක් ඇවිත් තියෙනවා. වැඩිම ගණනක් ඇවිත් කියෙන්නෙ තියෙන්නෙ ලංකාවේ පළමු ගුවන් ප්‍රදර්ශනය කියන පෝස්ට් එක බලන්න. මේ කාල සීමාව තුළ ලැබු ණ සියළු ප්‍රතිචාර මා ධෛර්යයට පත් කරවන ඒවා වීම ඉතාම සතුටට කාරණයක්. ඒ වගේම නිරන්තර සාමාජිකත්වයක් මේ සඳහා සිටින බව 30 ක් විතර වන සම්බන්ධකයින් ( Join with this site) ගණනිනුත් 11  ක් වන Followers   ලා ගණනිනුත් පැහැදිලි වෙනවා. ඒ වගේම දුරකථන මාර්ගයෙනුත් මට ලැබී තිබෙන ප්‍රතිචාර අනුව පෙනෙන්නෙ ‘අපේ අහස‘ ට  තවත් සාමාජිකයින් ඉන්නවා කියන එකයි. මම මේ ක්ෂේත්‍රයට එන විට දැනගෙන හිටියෙ අහසේ ගුවන් යානා යන බව විතරයි. කටුනායක ගුවන් තොටුප