Skip to main content

Posts

“ම්‍රියා” - බඩු අදින ලොකුම එක–AN225 Strategic Airlifter - “Mriya”

ඔව් ඉතින් මේකෙ කථා කරන්නෙ ප්ලේන් ගැන විතරනෙ. වෙනදේවල් ගැන නෙමේ. මම පසුගිය දවසක කිව්වනෙ ලෝකෙ තියෙන ලොකුම මගී පුවාහන ගුවන් යානය ලංකාවට ආවා කියලා. ඊට පස්සෙ කථා කළානෙ බඩු අදින “බෙලූගා“ ගුවන් යානා 5 ගැන. අද මම කියන්නෙ දැනට ලෝකයේ භාවිතා වන විශාලම භාණ්ඩ ප්‍රවාහන ගුවන් යානය ගැන. 1980 දශකය වන විට සෝවියට් රුසියාවෙ අභ්‍යවකාශ වැඩසටහනේ “බුරාන්“ ෂටලය ප්‍රවාහනය සඳහා විශාල ප්‍රවාහන යානයක අවශ්‍යතාවයක් පැන නැගුන අතර ඒ අනුව සෝවියට් රුසියාවට අයත්ව තිබූ යුක්රේනයේ ඇන්ටනොව් ගුවන් යානා සමාගම විසින් විශාල යානයක් නිෂ්පාදය ඇරඹුවා. ඒ වන විටත් ඔවුන් සතුව AN124 නමින් විශාල භාණ්ඩ ප්‍රවාහන යානයක් තිබුණා. එය එන්ජින් 4 කින් සමන්විත වුණා. මේ තියෙන්නෙ එහි ඡායාරූපයක්. එම AN124 යානයේ සංවර්ධිත අවස්ථාවක් ලෙස පළමු AN225 යානය 1988 දී නිෂ්පාදනය කළ අතර එය දැනට ලෝකයේ ඇති බරින් වැඩිම ගුවන් යානයත් වෙනවා. මෙය හදුන්වන “ම්‍රියා“ යන යුක්රේනියානු වචනයේ තේරුම “සිහිනය“ යන්නයි. 1988 දෙසැම්බර් මස 21 වන දින ප්‍රථම වරට පියාසර කුරනු ලැබීය. ඉන්පසුව දෙවන යානයත් නිපදවීම ඔවුන් විසින් ආරම්භ කළත් සෝවියට් දේශය කෑඩී බිඳී යාමත් සමග එම ව්‍යාපෘත...

ප්ලෙන් එක ආයෙත් පෙන්නනවා

“දැයට කිරුළ“ 2012 ප්‍රදර්ශණ භූමියෙ තිබුණ අංක එකේ ජනතා ආකර්ශණය දිනූ ප්‍රදර්ශන භාණ්ඩය වුණේ අපි ඉදිරිපත් කරපු AN24 ගුවන් යානය. මේ ගැන මම පළ කරපු සටහනට විශාල ප්‍රතිචරායක් තිබුණා . මේ සටහනට විතරක් නෙමේ ඒ අවස්ථාවෙ අපේ මේ ගුවන් යානය නරඹන්න දැනුම ලබා ගන්න විශාල ජනතාවක් එක් රැස් වුණා. ඒ වගේම මගේ කලින් සදහන් කළ සටහනට ප්‍රතිචාර දක්වපු අය කියා තිබුණා මෙය මුදල් නාස්තියක් කියලා. ඒ වගේම චූටි මහත්තයා කාටූන් එකකට මාව ඇතුලත් කළාමත් ඒ සඳහා විවිධ ප්‍රතිචාර දැක්වූවා. කොහොම වුණත් මම ඒ විචාරයන්ට දක්වපු ප්‍රතිචාර වලත් සඳහන් කළා මෙම යානය තවදුරටත් ප්‍රදර්ශණය කරන බව. මේ සඳහා පාසැල් ළමුන්ගේ අති විශාල උද්යෝගයක් තිබුණා. සාමාන්‍යයෙන් අපේ රටේ කුඩා දරුවන්ගෙන් විශේෂයෙන් ගම්බද දරුවන්ගෙන් ලොකු වුණාම වෙන්න කැමති කවුද කියලා අහපුවාම ජනප්‍රිය උත්තර කීහිපය ඇතුලෙ ගුවන් යානා නියමුවෙක් වෙන්න කැමති බව සඳහන් පිළිතුර තිබෙන්නෙ බොහොම කලාතුරකින්. ගුවන් ක්ෂේත්‍ර යේ වෙනත් තනතුරු ගැන නම් දන්නෙත් නැති තරම්. අපි පසුගිය වසර දෙකක කාලය තුල කරන ලද වැඩසටහන් වල පුතිපලයක් ලෙස අද මේ තත්වය ඉතා සැළකිය යුතු මට්ටමකින් වෙනස් වෙලා තියෙනවා. විශේෂය...

“බෙලූගා“ කියන ගුවන් නැව–Beluga–The Cargo Aircraft

“බෙලූගා“ යනුවෙන් හඳුන්වන්නෙ ආර්ක්ටික් ප්‍රදේශයේ වාසය කරන සදු තල්මසුන් විශේෂයක්. මේ පහළ තියෙන පින්තූරෙ බලන්න. ( ඡායාරූපය National Geographic ) දැන් මේ පහළ තියෙන අනික් ඡායාරූපයත් බලන්න (ඡායාරූපය www.kieboom.net ) මේ දෙකේ සමාන බවක් පේනවා නේද? දැන් ඉතින් මම කියන්න යන්නෙ මේ සතා ගැන නම් නෙමේ .මෙන්න මේ යානය ගැන තමයි දැන් කියන්න යන්නෙ. ලෝකයේ ප්‍රධාන වශයෙන්ම ගුවන් යානා නිපදවන සමාගමක් වන්නේ ප්‍රංශයේ ලියාපදිංචි වී සිටින එයාර්බස් සමාගම. ලෝකයේ දැනට භාවිතා වන විශාලම මගී ගුවන් යානය වන එයාර්බස් 380 නිපදවන්නේ මේ ආයතනයේ. නමුත් මෙම යානයේ කොටස් යුරෝපයේ රටවල් කීපයක නිපදවීම සිදු කරනවා. එයාර්බස් සමාගමේ අනෙකුත් කර්මාන්තශාලා පිහිටුවා තිබෙන්නේ බ්‍රිතාන්‍ය, ස්පාඥ්ඥය, ජර්මනිය යන රටවල් වල.  පියාපත් සහ රෝද නිපදවන්නේ එංගලන්තයේ. බඳ ජර්මනියේත් වලිගය සහ දොරවල් ස්පාඤ්ඤයේත් ඉදිරිපස කොටස  සහ මධ්‍යම කොටස ප්‍රංශයේත් නිපදවනු ලබන අතර ප්‍රංශයේ ජර්මනියේ හෝ සපාඤ්ඤයේ ඇති කර්මාන්ත ශාලා වල අවසන් එකලස් කිරීම කරනු ලබනවා. 1970 දී එයාර්බස් සමාගම තම ගුවන් යානා නිපදවීම ආරම්භ කළ පසු ඔවුන් එම නිෂ්පාදිත කොටස් ...

එන්ඩලා…… එන්ඩලා…. දැන් පෙන්වනවා

මම එදා කිව්වනෙ “දැයට කිරුළ“ ප්‍රදරශණයට අපි ප්ලේන් එකක් ගෙනියනවා කියලා. ඉතින් ඒක බලන්න මහ සෙනගක් ආවා. තවමත් එතනට තමා සෙනග වැඩියෙන් එන්නෙ. මේ තියෙන්නෙ විස්තරේ පින්තූර වලින්ම. බොරු නම් බලන්න. මෙතනම උණු වායු බැලුමකුත් අපි ප්‍රදර්ශණය කලා. මේ තියෙන්නෙ ඒක. මේ ඉන්නෙ කට්ටිය යන්න ලෑස්තු වෙලා ප්ලේන් එකේ. ඉස්කෝලෙ ළමයින්ටත් ඉවසිල්ලක් නෑ බලනකම්. ඉතින් තව ෆොටෝ නම් ඕන තරම්. ළග පාත ඉන්නවනම් බලලා යන්න එන්න. තව වැඩිපුර දවස් දෙකකුත් තියෙනවානෙ.

අනුරාධපුරේට ප්ලේන් එකක් බාලා

ඔව් ඉතින් එහෙ එයාර්පෝට් එකක් තියෙනවානෙ. ඕක කියන්නත් දෙයක්ද? මේ කියන්නෙ ඇත්ත. ඔන්න අපි එහෙ සවිකළා AN24 වර්ගයේ ගුවන් යානයක්. නගින්න බහින්න බලන්න නිදහසේ පුළුවන්. හරි හරි ඔන්න සරලවම කියනවා. අනුරාධපුරේ “දැයට කිරුළ“  ප්‍රදර්ශණ භූමියේ අපි ඇත්තම ගුවන් යානයක් සවි කරල තියෙනවා ඔයගොල්ලන්ට බලන්න. මතකනේ ගිය සැරේ බුත්තල තිබුණ දැයට කිරුළ ප්‍රදර්ශණයේ යානය. ඒක තවත් අංග සමග එහි ස්ථාන ගත කළා. මේ පහළ තියෙන්නෙ ඒ බුත්තල භූමියේ තිබුණ යානය. මේ තියෙන්නෙ යානයේ ඇතුළත දර්ශනයක් මේ බලන්න කොච්චර ආසාවෙන්ද ඒ අය ඉන්නෙ කියලා මේ බලන්න කොච්චර සෙනග ආවාද කියලා. මේ නිසාමයි අපි මේක මේ සැරෙත් පෙන්නන්න හිතුවෙ. මේ යානය ඇතුළට ගියාම ඇත්තටම තමන් ගුවන් ගමනක් ගියා වැනි හැඟීමක් ඇති වෙනවා. මේක මේ වගේ දුර පළාතක ඉන්න ගුවන් යානයක යන්න අවස්ථාවක් නැකි අයට ඉතා හොඳ අත්දැකීමක් බව අපට පසුගිය වාරයෙත් පැහැදිලි වුණා. මීට අමතරව එතන තියෙනවා ගුවන් යානයක් හසුරුවන්නෙ කොහොමද කියලා කියා දෙන සරල ආකෘතියක්. ඒක ඉතාම වැදගත් වේවි බලන්න එන අයට බොහෝ දේ ඉගෙන ගන්න. ඉතින් එන්න සේරම අපේ ගුවන්යානය බලන්න. ආ අනික මමත් ඉන්නවා එතන 8 වෙනිදා ව...

ප්‍රථම වරට ලෝකයේ විශාලම මගී ප්‍රවාහන ගුවන් යානය A380 කටුනායක ජාත්‍යන්තර ගුවන් තොටුපලට ගොඩබායි. (World’s Largest Passenger A380 Aircraft First Time in Sri Lanka)

ඔබ දන්නවානෙ දැනට ලෝකයේ තියෙන විශාලම මගී ප්‍රවාහන ගුවන් යානය වන්නේ එයාර් බස් සමාගමේ A380 වර්ගයේ ගුවන් යානයයි. පිරිමැසුම් පන්තියේ (Economy Class) ආසන 800 ක් පමණ මෙහි සවි කළ හැකියි. ව්‍යාපාරික පන්තියේ ආසනත් සමග මගීන් 550 ක් පමණ ගෙන යා හැකියි. දැනට ලෝකයේ විශාල ගුවන් සමාගම් වන එමිරේට්ස් (Emirates), සිංගප්පූර් එයාර්ලයින්ස් (Singapore Airlines), කොන්ටාස් (Qantas) වැනි ගුවන් සමාගම් මේ යානා භාවිතා කරනවා. අපේ ගුවන් තොටුපල මේ ගුවන් යානය ගොඩබෑම සඳහා පසුගිය කාලයේ සූදානමක් කළ අතර යම් යම් තත්ව යටතේ මේ දැවැන්ත යානය ගොඩ බෑමට හැකියාව දැන් තිබෙනවා. ගුවන් පථයේ දිග හා පලල ආදිය විශේෂයෙන් මේ සඳහා බලපානවා. මේ සම්බන්ධයෙන් ලිපිය මෙතනින් බලන්න. කෙසේ වෙතත් පසුගිය ජනවාරි 9 වන දින අළුයම හදිසියේ මේ දැවැන්ත යානය කටුනායක ගුවන් තොටුපළට ගොඩ බානු ලැබුවා. මේ පහල තියෙන්නෙ ඒ සම්පුර්ණ වීඩියෝ ක්ලිප් එක. ගුවන් ධාවන පථයේ දිග අඩු නිසා (යානයට ගැලපෙන පරිදි) සාමාන්‍ය තත්වයන්ට වඩා තිරිංග යෙදීමට සිදුවූ අතර ඉන්පසුව නැවැත්වීම සඳහා ගෙන ඒමේදී පිටත එන්ජින් ක්‍රියා විරහිත කිරීමට සිදු වී තිබෙනවා. ඒ වගේම වැඩිපුර තිරිංග යෙදීම නිසා රත්ව...

පුම්බා උඩ අරින්න ගියෙමි–උණුසුම් වායු බැලුන් මෙහෙයුම–දඹුල්ල වීර මොහාන් විදුහල් ක්‍රීඩාංගනය–Hot Air Ballooning at Dambulla Veera Mohan School

ගුවන් යානා වල මූලාරම්භය ගැන කථා කරන විට උණු වායු බැලුන් (Hot Air Balloon) වලට මූලික ස්ථානයක් හිමි වෙනවා. මේක විනෝදාංශයක් විධියට දැන් කරන අතර වානිජ මට්ටමේ කටයුතුත් සිදු වෙනවා. බැලූනයක් සමාන්‍ය සරල දෙයක් වගේ පෙණුනට එය මෙහෙය වීම ට යම් තරමකට ගුවන් යානා පැදවීමට අවශ්‍ය මූලික දැනුම අවශ්‍යයි. ඒ වගේම එහි සුරක්ෂාවත් අනෙක් භාහිර දේ වල ආරක්ෂාවත් බැලුම මෙහෙයවන්නාගේ (Pilot) වගකීමක්. තවත් සරලව කියනවා නම් බැලුන් නියමුවා ඒ සඳහා සුදුසු කම් සම්පූර්ණ කළ බලපත්‍ර ලාභියෙක් විය යුතු වෙනවා. මේ බලපත්‍රය නිකුත් කරනු ලබන්නේ ශ්‍රී ලංකා සිවිල් ගුවන් සේවා අධිකාරිය විසින් පවත් වනු ලබන පරීක්ෂණ කීපයකට පසුවයි. ඒ වගේම ඔවුන් ඒ ප්‍රවීණතාවයත් බැළුමේ පියාසර යෝග්‍යතාවයත් ගුවන් යානා ඉංජිනේරුවෙක් ඉදිරිපිට සනාථ කළ යුතුයි. පසුගිය 2 වෙනිදා (2011 දෙසැම්බර් 02) මේ වගේ යෝග්‍යතාවය පරීක්ෂා කරන අවස්ථාවක් එළඹුණා. ලංකාවෙ ලියාපදිංචි වී බලපත්‍ර ලබා ගත් බැලුන් වාණිජ මෙහෙයුම් කරුවන් 4 ක් සිටින අතර ඔවුන්ගෙන් එක් අයෙක් ර්‍ශී ලාංකිකයෙක්. ඒවගේම ලංකාවේ ගුවන් යානා ලියාපදිංචි ලේඛණයේ ලියාපදිංචි වී ඇති බැලුන් ගණන 9 ක්. මෙයින් 6ක් දැනට ක්‍රියාත්ම...