ඔව් ඉතින් මේකෙ කථා කරන්නෙ ප්ලේන් ගැන විතරනෙ. වෙනදේවල් ගැන නෙමේ. මම පසුගිය දවසක කිව්වනෙ ලෝකෙ තියෙන ලොකුම මගී පුවාහන ගුවන් යානය ලංකාවට ආවා කියලා. ඊට පස්සෙ කථා කළානෙ බඩු අදින “බෙලූගා“ ගුවන් යානා 5 ගැන. අද මම කියන්නෙ දැනට ලෝකයේ භාවිතා වන විශාලම භාණ්ඩ ප්‍රවාහන ගුවන් යානය ගැන.
1980 දශකය වන විට සෝවියට් රුසියාවෙ අභ්‍යවකාශ වැඩසටහනේ “බුරාන්“ ෂටලය ප්‍රවාහනය සඳහා විශාල ප්‍රවාහන යානයක අවශ්‍යතාවයක් පැන නැගුන අතර ඒ අනුව සෝවියට් රුසියාවට අයත්ව තිබූ යුක්රේනයේ ඇන්ටනොව් ගුවන් යානා සමාගම විසින් විශාල යානයක් නිෂ්පාදය ඇරඹුවා. ඒ වන විටත් ඔවුන් සතුව AN124 නමින් විශාල භාණ්ඩ ප්‍රවාහන යානයක් තිබුණා. එය එන්ජින් 4 කින් සමන්විත වුණා. මේ තියෙන්නෙ එහි ඡායාරූපයක්.

එම AN124 යානයේ සංවර්ධිත අවස්ථාවක් ලෙස පළමු AN225 යානය 1988 දී නිෂ්පාදනය කළ අතර එය දැනට ලෝකයේ ඇති බරින් වැඩිම ගුවන් යානයත් වෙනවා. මෙය හදුන්වන “ම්‍රියා“ යන යුක්රේනියානු වචනයේ තේරුම “සිහිනය“ යන්නයි. 1988 දෙසැම්බර් මස 21 වන දින ප්‍රථම වරට පියාසර කුරනු ලැබීය. ඉන්පසුව දෙවන යානයත් නිපදවීම ඔවුන් විසින් ආරම්භ කළත් සෝවියට් දේශය කෑඩී බිඳී යාමත් සමග එම ව්‍යාපෘතිය අතරමග නතර වුණා.
මෙම යානයේ ඇතුලත ටොන් 250 ක් පමණ ගෙන යා හැකි අතර මතුපිට නම් එය 200 ක් පමණ වෙනවා. මොකක්ද මතුපිට කියන්නෙ? කියලා අහන නිසා ඔය පහළ තියෙන පින්තූරෙ බලන්න.
දැන් අපි බලමු මේකෙ තාක්ෂණික විස්තර ටිකක්.
කාර්ය මණ්ඩලය 6 ගෙන් සමන්විත වන අතර ගෙන යා හැකි භාණ්ඩ වල උපරිම බර ටොන් 250 ක් පමණ වේ. දිගින් මීටර් 84 ක් පමණ වන අතර පියාපත් සමග පළල මීයර් 88.4ක් වේ. උසින් මීටර් 18.1 වන අතර යානයේ බර ටොන් 285 ක් පමණ වේ. උපරිම ඉහළ නැංවීමේ බර ටොන් 640 ක් පමණ වන අතර කි.මී. 3.5 ක් පමණ ධාවන පථයේ ගමන් කිරීමෙන් ඉහළ නැංවිය හැකියි. මෙම යානයේ එන්ජින් 6 ක් දැකිය හැකියි. උපරිම වේග පැයට කිලෝ මීටර් 850 ක් පමණ වෙනවා. ඉන්ධන උපරිම පිරවීමෙන් පසු කිලෝමීටර් 15400 ක් පමණ එක් වරකට ගමන් කළ හැකියි. රෝද 32 ක් මෙහි ගොඩබෑමේ උපාංගය ලෙස භාවිතා වෙනවා.
පහත දැක්වෙන්නෙ නියමු කුටිය.
ඔය පහළ පින්තූරෙ තියෙන ලීවර වලින් තමයි එන්ජින් වල බලය පාලනය කරන්නෙ. එන්ජින් 6 ට ලීවර 6ක් තියෙනවා.

මේ තියෙන්නෙ භාණ්ඩ ගබඩා කරන ඇතුළත දර්ශණයක්.

මේ තියෙන්නෙ පසුපස රෝද.

මෙන්න එන්ජින් එක පැත්තක.

මේ තියෙන්නෙ දැනට භාවිතා කරන අනෙක් ගුවන් යානා සමග සන්සන්දනය.

Hughes H-4 Hercules (1947)
An-225 (first flight 1988)
Airbus A380-800 (first flight 2005)
Boeing 747-8 (first flight 2010)
කොළ පාටින් තියෙන්නෙ මේ ගුවන්යානය.
දැන් ඉතින් සම්පූර්ණ යානයේ ඡායාරූපයක් මෙන්න.


පින්තූර වැඩියෙන් දැම්මෙ තේරුම් ගන්න ලේසි වෙන්න.

දැන් අහමු බලන්න ප්‍රශ්ණ තියෙනවනම්.
ඒ කාලෙ හදපු ප්ලෙන් වලට අලුතින් කෑලි එකතු කරන්නෙ නැද්ද? අර ලීවර තියෙන කෑල්ලෙ තියෙන මොනිටරේ හද්ද පරණයි නෙ.... ඒ වගේ කෑලි අලුතින් දාලා ප්ලෙන් නවීකරණය කරන්නෙ නැද්ද?
ReplyDeleteනෑ බුද්ධි මේයානය දැනට භාවිතා වෙන්නෙ අඩුවෙන්. අනික යානය නවීකරණය කරනවා කියන්නෙ විශාල වියදමක්. ඔතනට මොනිටරයක් තියෙන එක විතරක් නෙමේ ඒ හා බැඳුන විශාල කාර්යයක් තියෙනවා. අනික තියෙන එකෙන් වැඩේ වෙනවා නම් ප්‍රශ්ණයක් නෑනෙ. තවත් දෙයක් මතක තියා ගන්න ඕනා. මේක රුසියානුවන්ගේ නිෂ්පාදනයක්. මම හැමදාම කියනවා වගේ ඔවුන් බොහෝ වෙනස් ක්‍රම තමයි අනුගමනය කරන්නෙ
Deleteමේක රුසියානුවන්ගේ නිෂ්පාදනයක්. මම හැමදාම කියනවා වගේ ඔවුන් බොහෝ වෙනස් ක්‍රම තමයි අනුගමනය කරන්නෙ// මතකද අර රුසියන් සබ්මෑරීන් එක මුදුහු පතුලෙ පිපුරුනු වෙලාවෙත් ඒ කෙ දොරවල් අරින්න බැරිඋනානෙ ඇමරිකන් කාරයින්ට...
Deleteමෙච්චර බඩු අරන් ඉගිල්ලෙනවා කියලා හිතාගන්න බෑ..
ReplyDeleteවිස්තරෙ කියවන්න කලින් පින්තූර බැලුවෙ අර ලොරියක් වගේ හුඩ් එකේ බඩු පටවන් යන එක දැක්කම මඤ්ඤං වුනා..ඊටපස්සෙ හිතුනෙ උඩ එක යට එක එල්ලන් යනවා කියලා..ඊටත් පස්සෙ හිතුනෙ ඈත තියෙන දෙකක් එකට පේනවා කියලා..විස්තරේ කියවපුවාමයි වැඩේ වැටහුනේ.. :)
මේ වගේ නොදන්න දේවල් ගැන දැනුවත් කරනවට ස්තුතියි!
--
හරී
http://dreamsofharee.blogspot.com/
--
ස්තුතියි
Deleteහැබැයි පුතෝ, යුද්ද කාලේ අපි රත්මලානෙන් ඇන්ටනොව් එකට (මේක නෙවෙයි මෙහෙ තිබුන ඒවාට) නගින්නේ දෙයියන් බුදුන් සිහි කරගෙන. හරිම 'අවිස්වාසබල්' ප්ලේන් එකක් ඒක. පලාලි වලට ගිහින් බහිනකල් මූනේ ලේ පොදක් නෑ කාගේවත්. හාපෝ මතක් වෙනකොටත් ඇඟ හිරි වැටෙනවා.
ReplyDeleteහ්ම්... මේ කියන දේ පිළිගන්න වෙනවා. හැබැයි මේවා අපේ හමුදාවට හොඳ සේවයක් කළා
Deleteමේකට නේද Antonov කියන්නෙත්?
ReplyDeleteඇන්ටනොව් කියන්නෙ මේ ගුවන් යානා හදපු සමාගම. දැන් එයාර්බස්, බෝයිං කියනවා වගේ. මේ යානයේ නම “ඇන්ටනොව් 225“.
Deleteඇයි මේව හැම එකකම ඉස්සරහයින් ලෝඩ් කරන්නෙ. පිටිපස්සෙන් ඇරල බඩු පටවන්න හදන්න බැරිද.
ReplyDeleteනියම විස්තරයක්.
ප්‍රසන්න මේකට හේතු විධියට සඳහන් වෙන්නෙ භාන්ඩ පහසුවෙන් පැටවීමත් බෑමත් කරන්න පුලුවන්ලු මේ වීධියට ඉදිරිපස ඇරියම. ඒ වගේම මේ යානයේ ඉදිරිපස පමණක් දොර තියෙන නිසා අහසේ සිට යම් යම් දේවල් බිමට අතහැරීමට නොහැකි කම මෙහි අඩුපාඩුවක් වීධියට දක්වනවා. සමහර යානා වල දෙපසම දෙරවල් තියෙනවා. මේකෙ පිටිපස්සෙ දොර අයින් කරලා තියෙන්නෙ යානයේ බර අඩු කරන්න.
DeleteIsn't this plane came to Sri Lanka once during the war time, carrying fighter jets for air force.
ReplyDeleteමේ ගැන කියන්න හරියටම දන්නෙ නෑ. හොයලා බලලා කියන්නම්.
Deleteනියමු කුටියත් සැප පහසුකම් අඩුයි වගේ නේ,,භාන්ඩ ප්‍රවාහනයට නිසා වෙන්න ඇති නේද
ReplyDeleteඔව් ඒක ඇත්ත. මෙහි පහසුකම් අඩුයි. හැබැයි බොහෝ මගී ගුවන් යානා වලත් තත්වය ඕකයි. මගීන්ට තරම් පහසුකම් නැහැ. සාමාන්‍ය වාහනයකත් එහෙමනෙ.අනික ඉතින් මේක පැරණි සහ රුසියානු නිෂ්පාදනයක් කියලත් මතක තියා ගන්න ඕනා
Deleteවිස්තර වලට ස්තුතියි! අනෙත් ගුවන් යානාත් එක්ක සංසන්දනය කරන්න දාල තියන පින්තුර දෙකේ, එන්ජින් අටක් තියන කහපාටින් දාල තියන ගුවන්යානය මොකක්ද?
ReplyDeleteඒක හර්කියුල්ස් වර්ගයේ ඇමරිකානු ගුවන් යානයක්. ඔයා නිසා ඔන්න මම ඒ පින්තූරෙ ගාව විස්තරයක් දැම්මා. ස්තුතියි.
Deleteමතකද සුනාමි කාලේ හර්කියුලිස් එකක් ලංකාවට ආවා.අප්පා මොන වදයක් දුන්නා කියලද අපිට....!
Deleteape whasa digukal wejabe........wa....
ReplyDeleteස්තුතියි
Delete224 යුද්ධ කාලෙ ලංකාවට ආපු බව කියනවා රුසියානු ආයුධ තොග අරගෙන . මේක ඇවිත් නෑ දැනට දන්න විදිහට 224 භාණ්ඩ ප්‍රවාහන්යේ යොදවල තියන්වා ඇන්ටනෝව් සමාගම මගින් , මෙයාත් භාණ්ඩ ප්‍රරවාහනයේ යෙදෙනවද තාම ?
ReplyDeleteමේ යානය සෝවියට් දේශය වැටුනට පස්සෙ මුදල් ප්‍රතිපාදන නොමැති නිසා අත හැර දමා පසුව නැවත් ඇන්ටනෝව් බියුරෝව පිලිසකර කර තිබෙනවා......
මම හිතන්නෙ ඔයා කියන්නෙ AN124 යානය ගැන. සමහර විට එය එන්න ඇති. ඒවා කීපයක් තියෙනවා. මේ AN225 කියන මේ යානය දැනට භාවිතයේ තියෙනවද කියලා හරියටම කියන්න තොරතුරු නැහැ. ඒ අයගේ සයිට් එකයි වෙනත් තොරතුරුයි බැලුවම 2010 දී මේ ෆ්ලයි කරලා තියෙනවා. ඒ වගේම මුදල් අඟහිඟකම් ගැන කථාව ඇත්ත. මුල් කාලයේ මේ යනයේ එන් දෙකක් ගලවා වෙනත් යානා වලට සවි කරලා දුවලත් තියෙනවා. මේ යානාව ගලවා තැන්පත් කර තිබී යළිත් සවිකර භාවිතයට ගෙන තිබෙනවා. ඒ වගේම දෙව යානය නිෂ්පාදනය අතර මග නැවතිලා තියෙන්නෙත් මේ මුදල් ප්‍රශ්ණ නිසා.
Deleteඔය දුවන්නෙ දැන් :D
ReplyDelete