ශ්‍රී ලංකාවේ ගුවන් සේවා ඉතිහාසය–Aviation History of Sri Lanka– I කොටස

ශ්‍රී ලංකාවේ ගුවන් සේවා ඉතිහාසයට වසර 100 ක් සැපිරු‍ණේ පසුගිය 7 වන දිනට. මේ වෙනුවෙන් විස්තරයක් “අපේ අහසේ“ පළ වුණා පසු ගිය දිනක. මේ තියෙන්නෙ ඒක. මේ විස්තරය ගැන ලියන විට අදහසක් ඇති වුණා අප රටේ ගුවන් ඉතිහාසය පිළිබඳ සම්පුර්ණ විස්තරයක් ලියන්න ඕනා කියලා. ලියා අවසන් වන විට පිටු 20 ක් විතර වුණ නිසා කොටස් වශයෙන් පළ කරන්න අදහස් කළා. අද සිට ඉදිරියට සතියට එක ගණනේ මෙම විස්තරය පල වේවි.

පසුබිම

ඓතිහාසික ලිඛිත සාක්ෂි නොමැති වුවද ලක් දෙරණෙහි ඉතිහාසයේ නොවෙනස් වන චරිතයක් වනුයේ සක්විති රාවණා රජුයි. රාමායනය සහ අප ජනවහරේ පවතින වෘත්තාන්ත අනුව රාවණා රජතුමා සතුව ගුවනින් ගමන් කළ හැකි දඬුමොණරය නම් වාහනයක් තිබූ බව කියවේ. ඓතිහාසික වෘතාන්ත බැහැර කළ නොහැකි වුවත් මේ වන තෙක් මෙම සිද්ධිය මනාව තහවුරු කළ හැකි සාක්ෂියක් හමු වී නොමැත.
image
 
image
කෙසේ වෙතත් ආදී මානවයාගේ සිටම මිනිසා ගුවනින් යාමට උත්සුක වූ බවට විවිධ සාක්ෂි ලොව බොහෝ පෙදෙස් වලින් හමු වේ. ඒ බොහෝ උත්සාහයන් අසාර්ථක වූ නමුත් සාර්ථක වූ අවස්ථාත් තිබේ. කෙසේ වෙතත් සාර්ථක ගුවන් ගමනක් ජනතාව ඉදිරියේ සාක්ෂි සහිතව ඉදිරිපත් කරමින් ගුවන් සේවා ඉතිහාසය ලියවන්නට මුල් වූයේ විල්බර් රයිට් සහ ඕවිල් රයිට් යන බයිසිකල් වින්කල්කරුවන් දෙදෙනායි. 1903 දෙසැම්බර් මස 17 වන දින ඇමරිකාවේ කිටිහෝක් වලදී මිනිසකු සහිතව ගුවන් යානයක් පදවමින් ඔවුන් මෙම ඓතිහාසික අවස්ථාව සනිටුහන් කරනු ලැබූ අතර ඉන්පසුව විවිධ අයුරින් ලොව පුරා ගුවන් සේවා ව සීඝ්‍රයෙන් පැතිරෙන්නට විය. විශේෂයෙන් ඇමරිකාව සහ යුරෝපය පුරා පැතිරුණ මෙම කර්මාන්තය ඒ රටවල් වල යටත් විජිතයන්ව පැවති ආසියාකරයේ රටවලටද පැතිරිණ.
image

1911

1911සැප්තැම්බර් මස ඉංග්‍රීසි ජාතිකයෙකු වන කොලින් බ්‍රවුන් (Collin Browne) නැමැත්තෙකු විසින් අප රටට ගුවන් යානයක් නැව් මගින් ගෙන ආ අතර මෙරට දී ගුවන් යානයක් දිස්වූ ප්‍රථම අවස්ථාව ලෙස එය සනිටුහන් වේ. කෙසේ වෙතත් මෙම ගුවන් යානය පියාසර කර පෙන්වීමක් සිදු නොවූ අතර මහජන ප්‍රදර්ශණය සඳහා ගාලුමුවදොර ක්‍රීඩාංගනයේත් වෙනත් ස්ථාන කීහිපයකත් ස්ථාන ගත කරන ලදී. මෙම ගුවන් යානය “බ්ලැරියට්“ වර්ගයේ එකක් වූ අතර එක් අයෙකුට ගමන් කළහැකි එකකි.
image
මේ අතරේදී ජර්මානු ජාතිකයෙකු වන “ෆ්‍රාන්ස් ඔස්ටර්“ (Franz Oster) තවත් ගුවන් යානයක් ගෙන්වන ලද අතර මින් පසුව බ්‍රව්න් මහතා සහ ඔස්ටර් මහතා අතර ලංකාවේ පළමු ගුවන් ගත වීම සඳහා තරඟයක් තිබිණි. කෙසේ වෙතත් මොවුන් දෙදෙනාටම සාර්ථක ගුවන්ගත වීමක් (Take off) සහ ගොඩබෑමක් (Landing)සිදු කිරීමට අපහසු විය. ඔස්ටර් විසින් රාජකීය විදුහලේ දී සාර්ථක ගුවන් ගත වීමක් සිදු කර වටයක් කැරකැවුණ නමුත් ඔහුට ගොඩබෑම සාර්ථක කර ගැනීමට නොහැකි විණි. මෙහිදී අනතුරකට පත් වුණු යානය පිළීසකර කරන ලද්දේ වඩුබාස් කෙනෙකු විසින් බව පුවත්පත් වල සඳහන් වේ. ජර්මානු ජාතිකයෙකු වන ඔස්ටර් ජර්මනියේ සිට ලංකාවට පැමිණෙන්නේ චීනයට යන ගමනේ දී වන අතර වාර්තා අනුව පැහැදිලි වන්නේ 1912 ජනවාරි මස ඔහු ලංකාවෙන් පටත් වූ බවයි.
image
ෆ්‍රාන්ස් ඔස්ටර්
image
ෆ්‍රාන්ස් ඔස්ටර් වෙනත් රටකදී ගන්නා ලද ඡායාරූපයක් . ඔහු යානයේ සිටී









16 comments:

  1. මම බොහොම කැමැත්තතෙන් ඇවිත් බලන අඩවියක්...තව ඉස්සරහට මේ ගැන ලිපි ඒවිනේ...

    ReplyDelete
    Replies
    1. ඔව් මේක සම්පූර්ණයෙන්ම ලියලා ඉවරයි. දැනට පෝස්ට් 4ක් අප්ලෝඩ් කරලත් ඉවරයි.

      Delete
  2. හොඳ වැඩක් පටන් අරගෙන තියෙන්නෙ ලිපි මාලාව ඉවර වෙලා වෙනම ලින්ක් ඒකක් දාලා තියන්න දිගටම කියවන්න....

    ReplyDelete
    Replies
    1. ඔව් හොඳ අදහසක්. අවසානයේ දී පොඩි පොත් විධියට ඩවුන්ලෝඩ් කර ගන්න දාන්න හිතාගෙනත් ඉන්නෙ.

      Delete
  3. නියමයි. දිගටම ලියමු.

    ReplyDelete
    Replies
    1. ස්තුතියි ප්‍රසා

      Delete
  4. ඉතිහාසය හා තොරතුරු තාක්ෂණය ඉගෙන ගන්න පිවිසෙන්න සිංහ පීඩියාවට
    http://sinhapedia.blogspot.com/

    ReplyDelete
  5. හොඳ වැඩකට ඉෂාර අත ගහලා තියෙන්නෙ... බොහොම ස්තූතියි.. මෙතනදි හරි, වෙනම ලිපියකින් හරි රයිට් සහෝදරවරුන්ගෙ කතාවත් කිව්වනම් වටිනවා..

    මම ඉතාම ආසකරන මාතෘකා කිහිපයෙන් එකක් තමා ගුවන් ගමන් හා එහි ඉතිහාසය.

    ReplyDelete
    Replies
    1. ඔව් සෙන්නා මට මතකයි මීට ඉස්සරලත් ඔයා ඔය ඉල්ලීම කලා. මේ සීරීස් එක යන්නෙ සෙනසුරාදාටනෙ. ඉතින් මැදදි තව වෙනස් ඒවා යනවා. අනිවාර්යයෙන් ඔයාගෙ ඉල්ලීමත් ඉටු කරනවා.

      Delete
  6. වටින දෙයක් සහෝ ජය!!

    ReplyDelete
  7. බොහොම හොඳයි. දිගටම ලියන්න. ඔබට පුලුවන්ද මා වැනි නාකින් ගැන අනුකම්පා කර, අකුරු තව පොඩ්ඩක් ලොකු කරන්න. 'මීළඟ කොටස බලන්න' කියන අකුරුවල ප්‍රමාණයට ගත්තොත් ඇති.

    අසමි දකිමි සොයමි ලියන විචාරක

    ReplyDelete
    Replies
    1. ඔන්න වැඩේ කළා. අපහසුතාවයට සමාවෙන්න

      Delete
    2. ඉෂාර, මටනම් පේන්නෙ තිබුනට වැඩිය පොඩි කරලද කොහෙද ?

      Delete
    3. පබ්ලිෂ් වෙන්න තිබුණ ඒවටයි කළේ...කමක් නෑ ඔන්න මේකෙත් සයිස් එක වැඩි කළා

      Delete
  8. ඉතුරුවත් ඉක්මනින් බලමු

    ReplyDelete
  9. අද තමයි ආවෙ කාලෙකට පස්සෙ. හොද ලිපි පෙලක්. සුබ පැතුම්....

    ReplyDelete

මොනවා හරි ලියලා ගියොත් හැදෙන්න පුළුවන්....