Skip to main content

Posts

Airbus A350 XWB–( අවසන් කොටස)

  පළමු ලිපිය බලන්න දෙවන ලිපිය බලන්න තෙවන ලිපිය බලන්න විවිධ සංස්කරණ Variants එයාර්බස් 350 ගුවන් යානය A350 -800, A350-900 සහ A350-1000 යනුවෙන් වර්ග තුනකින් හඳුන්වා දීමට නියමිත අතර A350 -800 වර්ගය මේ වර්ෂයේ මැද භාගයේ දී පමණ දියත් කිරීමට නියමිතය. A350-800 A350-800 වර්ගයේ යානයේ පන්ති 3 නේ සැළසුම අනුව මගී ආසන 270 ක් සවි කළ හැකි අතර එක් පෙළකට ආසන 9 වන ආකරයට මෙම ආසන සකස් කළ හැක. එක් වරකදී මෙම යානයට කිලෝ මීටර් 15400 ක් ගමන් කළ හැක. යානය දිගින් මීටර් 60.5 ක් පමණ වන අතර ගුවන් ගත වීමට හැකි උපරිම බර ටොන් 248 ක් පමණ වේ. එන්ජින් දෙකකින් සමන්විත යානයකි. A350-900 A350-900 වර්ගයේ යානයේ පන්ති 3 නේ සැළසුම අනුව මගී ආසන 314 ක් සවි කළ හැකි අතර එක් පෙළකට ආසන 9 වන ආකරයට මෙම ආසන සකස් කළ හැක. එක් වරකදී මෙම යානයට කිලෝ මීටර් 15000 ක් ගමන් කළ හැක. නමුත් මෙහි තවත් සංස්කරණ වලදී ගමන් කළ හැකි උපරිම දුර කිලෝමීටර් 17000 ක් පමණ ප්‍රමාණයකට වැඩි කිරීමට යෝජනා කර ඇත. යානය දිගින් මීටර් 66.8 ක් පමණ වේ. එන්ජින් දෙකකින් සමන්විත යානයකි.   A350-1000 A350-1000 වර්ගයේ යානයේ පන්ති 3 නේ සැළසුම අනුව මගී ආසන 350 ක් ...

Airbus A350 XWB–( 3 කොටස)

  පළමු ලිපිය බලන්න දෙවන ලිපිය බලන්න සැළසුම 2007 සැප්තැම්බර් මාසයේ දී එයාර්බස් සමාගම සදහන් කලේ නව ගුවන් යානය A380 ගුවන් යානය සැකසීමේ දී භාවිතා කළ තාක්ෂණය ම භාවිතා කරමින් සකසන බවත් A380 ගුවන් යානයේ නියමු කුටියට සමාන නියමු කුටියක් මෙම නව යානයේත් සකස් කිරීමට අදහස් කරන බවයි. එලෙසම නියමුවෙකු අතින් සිදුකරන මෙහෙයුම වෙනුවට ඉලොක්ට්‍රොනික උපාංග මාර්ගයෙන් ගුවන් යානය පාලනය වන fly-by-wire ක්‍රමය මෙහිදීද භාවිතා වන බව ඔවුන් වැඩිදුරටත් පැවසීය. මීට අමතරව ඔවුන් සඳහන් කලේ ගුවන් යානයේ අමුද්‍රව්‍ය වලින් 53% ක් සංයුක්ත අමුද්‍රව්‍ය වලින් ද 19% ක් ඇලුමිනියම්-ලිතියම් මිශ්‍රණයකින් ද 14%ක් ටයිටේනියම් වලින්ද 20% ක් ඇළිමිනියම් වලින් ද 6% ක් වානේ වලින් සහ 8% ක් වෙනත් දුව්‍ය වලින් ද සමන්විත වන බවයි. Boeing 787 ගුවන් යානයේ අමුද්‍රව්‍ය සැළකීමේ දී එහි 50% ක් සංයුක්ත අමුද්‍රව්‍ය ද, 20% ක් ඇලුමිනියම් ද, 15 ක් ටයිටේනියම් ද, 10% ක් වානේ සහ 5%ක් වෙනත් දුව්‍ය වලින් ද නිර්මිත විය. එලෙසම යානයේ ඉහළ ගමන් කරන විට ඇතුළත පීඩන පාලනය, වාතයේ සංසරණය සහ පිරිසිදු බව ආදී දේවල් සඳහා ද ඔවුන් නව සැළසුම් ඉදිරිපත් කරනු ලැබීය. යානයේ බඳ ...

Airbus A350 XWB–( 2 කොටස)

  මෙම ලිපියේ පළමු කොටස මෙතනින් බලන්න ප්‍රති නිර්මාණය සහ දියත් කිරීම. 2006 වර්ෂයේ “ෆාන්බරෝ“ ගුවන් ප්‍රදර්ශණයේ දී ප්‍රතිනිර්මාණය කරන ලද ගුවන් යානය A350 XWB බවට එයාර් බස් සමාගම නිවේදනය කරනු ලැබූ අතර සමහර උපකල්පන වූයේ මෙම නව යානය A370 හෝ A280 ලෙස නම් කරනු ලැබිය හැකි බවයි. කෙසේ හෝ එම ප්‍රදර්ශණයේ දී මෙම ගුවන් යානා 20 ක් මිලදී ගැනීමට සිංගප්පූරු ගුවන් සමාගම තිරණය කරන ලද අතර තවත් 20ක් ඉදිරියේ දී මිලදී ගන්නා බව සදහන් විය. මෙම අවස්ථාවේ දී අදහස් දැක්වූ සිංගප්පූරු ගුවන් සමාගම පවසා සිටියේ එයාර්බස් සමාගම පාරිභෝගික අදහස් සැළකිල්ලට ගෙන නව යානය සැළසුම් කිරීම තම මිලදී ගැනීමට හේතු වූ බවයි. මෙම නව සැළසුමේ දී ගුවන් යානයේ ආසන සැළසුම එක් පෙළකට ආසන 10 ක් වන ලෙස සකස් කරනු ලැබූ අතර A330 යානයේ එය 8 ක් ලෙසද B787 යානයේ එය 8-9 ලෙසද සැකසී තිබිණ. මෙම නව සැළසුම අනුව නව A350 ගුවන් යානයේ මෙහෙයුම් දුර කිලෝමීටර් 15000 ක් විය. 2006 වර්ෂය වන විට එයාර්බස් සමාගමේ අධ්‍යක්ෂ මණ්ඩලය විසින් A350-800, A350 -900 සහ A350-1000 සැළසුම් අනුමත කරනු ලැබූ මුත් එය පුමාද විමට හේතු වූයේ ඒයාර් බස් 380 යානයේ දියත් කිරීමේ සැළසුම් හේතුවෙන...

Airbus A350 XWB–( 1 කොටස)

Airbus A350 XWB යානය පසුගිය 14 වන දින (14 ජූනි 2013) සිය මංගල ගමන සිදු කලේය. මේ සම්බන්ධයෙන් මින් පෙර ලිපියක් පළ විය. එහි සඳහන් කළ පරිදි මේ ලිපි පෙළින් එම යානය පිළිබඳව සවිස්තරාත්මක විස්තරයක් ඔබ වෙත ගෙන එමි. ලිපිය දිගු නිසා කොටස් කීහිපයකට මෙහි පළ කරමි.     දිනෙන් දින දියුණු වන ගුවන් සේවා ක්ෂේත්‍රයේ නව ගුවන් තොටුපල, තාක්ෂණය සහ නව ගුවන් යානා ආදිය ඉදිරිපත් වීම නිරන්තරයෙන් සිදුවේ. විශේෂයෙන් ලෝකයේ ප්‍රධාන ගුවන් යානා නිෂ්පාදන තරඟාකාරීත්වයේ දී යුරෝපයේ (ප්‍රංශයේ) “එයාර්බස්“ ගුවන් යානා නිෂ්පාදන ආයතනයත් ඇමරිකා එක්සත් ජනපදයේ “බෝයිං“ ගුවන් යානා නිෂ්පාද සමාගමත් අතර වඩා දියුණු ගුවන් යානා නිෂ්පාදනය සඳහා තරඟයක් ඇති වී තිබේ. “බෝයිං“ සමාගම එහි වඩා කාර්යක්ෂම ගුවන් යනා නිෂ්පාදනය වශයෙන් “බෝයිං 787“ ගුවන් යානය පසුගිය දිනක එළි දැක් වූ අතර එයට තරඟකාරීව “එයාර්බස්“ සමාගම විසින් නව ගුවන් යානයක් එළි දක්වන බව පසුගියා දා නිවේදනය කෙරිණ. එය නමින් “එයාර් බස් 350 එක්ස් ඩබිලිව් බී“ (Airbus A350 XWB ) වේ. මෙම ලිපියෙන් එම ගුවන් යානය ආශ්‍රිත විවිධ තොරතුරු විමසා බලමු. මෙම ගුවන් යානය පිළිබඳ ව අප විමසා බැලීමට තවත...

ශ්‍රීලන්කන් ගුවන් සමාගම නව එයාර්බස් 350 ගුවන් යානා 4 ක් සහ එයාර්බස් 330 යානා 6 ක් තෝරා ගනී. SriLankan Airlines opts for six A330’s and four A350 XWB’s

කාර්යක්ෂම දිගුදුර ගුවන් යානා ඇණිය සඳහා ජයග්‍රාහී සුසංයෝගය Winning combination for efficient long haul fleet ශ්‍රී ලංකාවේ ජාතික ගුවන් සේවය වන ශ්‍රී ලන්කන් ගුවන් සමාගම A350-900 යානා 4 ක් සහ A330-300 යානා 6 ක් මිල දී ගැනීම සඳහා එයාර්බස් සමාගම සමග අවබෝධතා ගිවිසුමක් අත්සන් කරනු ලැබීය. එයාර්බස් ගුවන් යානා භාවිතා කරන ගුවන් සමාගමක් වශයෙන් ශ්‍රීලන්කන් ගුවන් සමාගම එහි දිගු දුර ගුවන් ගමන් සඳහා ඉහළ ශක්‍යතාවයක් ඇති එයාර් 330 යානා සහ නවතම හඳුන්වා දීම වන එයාර්බස් 350 යානා යොදා ගනිමින් එහි යානා ඇණිය යාවත්කාලීන කිරීමට අදහස් කරයි. “දැනටමත් අපගේ එයාර්බස් 330 යානා දිගුදුර මෙහෙයුම් ඉතා සාර්ථකව, කාර්යක්ෂමව සහ මගීන්ගේ සුවමහසුව වෙනුවෙන් සේවය කරමින් සිටිනවා. අළුතින් එයාර්බස් 330 යානා සහ නවතම කාර්යක්ෂම ගුවන් යානා හඳුන්වා දීමක් වන එයාර්බස් 250 ගුවන් යානා අපගේ ආර්ථික තත්වයන් තවදුරටත් ඉහළ නංවනු ඇත.“ යනුවෙන් ශ්‍රීලන්කන් ගුවන් සමාගමේ ප්‍රධාන විධායක නිලධාරී කපිල චන්ද්‍රසේන මහතා පැවසීය. “ අප ඉතාමත් සතුටුවෙනවා ශ්‍රීලන්කන් ගුවන් සමාගම අප කෙරෙහි තබා තිබෙන විශ්වාශය අළුත් කරවා ගැනීම සම්බන්ධයෙන්. ජයග්‍රාහී සුසංයෝග...

එයාර්බස් A350 XWB යානයේ කුළුඳුල් ගුවන් ගමන (Airbus A350 XWB maiden flight )

පසුගිය 14 වන සිකුරාදා (2013 ජූනි 14) දිනයේ දී නිරිතදිග ප්‍රංශයේ ‘ටුලූස්‘ (Toulouse ) හි පිහිටි ‘බ්ලැග්නැක්‘ (Blagnac ) ගුවන් තොටුපලෙන් පිටත් වී පැය 4 යි මිනිත්තු පහකට පසුව විශ්ෂ්ඨ ගොඩබෑමක් සනිටුහන් කරමින් එයාර් බස් සමාගමේ නවතම හඳුන්වා දීම වන A350 XWB ගුවන් යානයේ MSN1 යනුවෙන් හඳුන්වනු ලැබූ පරීක්ෂණ ගුවන් යානය කුළුඳුල් ගුවන් ගමන සම්පූර්ණ කළේය. ගුවන් ගමන අතරතුර ප්‍රධාන පරීක්ෂණ නියමු Peter Chandler නියමු කුටියේ සිට ප්‍රකාශ කරනු ලැබූවේ “සියළු දේ ඉතාමත් හොඳින්“ සිදුවන බවයි. එයාර් බස් සමාගමේ සභාපති සහ ප්‍රධාන විධායක නිලධාරී Fabrice Brégier අදහස් දක්වමින් “ මෙම පළමු ගුවන් ගමන වාර්තාගත කාලයක් තුළ සම්පූර්ණ කිරීමට සහයෝගය දැක් වූ මෙම ව්‍යාපෘතියේ සියල්ලන්ටම මා ස්තූතිවන්ත වනවා. ඒ වගේම අද දින මෙම ගුවන් ගමනේ යෙදුන කාර්ය මණ්ඩලය යානය ගුවනේ යායුතු දිශාවට මෙහෙයවමින් සිදු කරනු ලැබූ කර්තව්‍ය ද අගය කරනවා.“ යනුවෙන් පැවසීය. නවීන තාක්ෂණය කැටි කරමින් සකස් කළ නව A350 XWB ගුවන් එහා සංවර්ධනයේ අවසන් අදියරට එළඹ ඇති බවත් සඳහන් කළේය. “ එය දැන් සූදානම්. සහතික කිරීම් අවසන් වීමෙන් පසුව 2014 වර්ෂයේ දෙවන භාගයේ දී පමණ සේව...

Bag2Go - තනියෙන් යන නවීන ගමන් මලු

  ගුවන් ගමනක් ගොස් ඇති පුද්ගලයෙකුට තම ගමන් මලු පිළිබඳ සමහර අවස්ථාවල ගැටළු පැන නැගී අතිවාට කිසි සැකයක් නැහැ. සමහර විට තමන් ගමන් මල්ල අස්ථාන ගත වීම, සම්පුර්ණයෙන් නැති වීම, අලාභ හානි වීම, භාණ්ඩ සොරකම් කිරීම, නිවැරදි වේලාවට ගමනාන්තයට ළග නොවීම ආදී දහසකුත් එකක් ගැටළු මේ අතර තිබෙන්න ට හැක. දැනට ගුවන් මගීන් සිදු කරනුයේ තම ගමන් මල්ල ටිකට්පත් පරීක්ෂා කරනු ලබන ස්ථානයේ දී ගුවන් සමාගමට භාර දීමයි. එහිදී ගුවන් සමාගම එහි කේත අංක සහිත “ටැගයක්“ සවිකරනු ලබයි. එහි බාර් කේතයෙහි ගමන් මල්ල යායුතු ස්ථානය ආදිය සඳහන් වේ. ගමන් මල්ල අදාල ස්ථානයට ගිය පසු මගියා විසින් එය ලබා ගත යුතුය. මෙහිදී ද මගියාට ගමන් මලු ලබා දීමට සහ ලබා ගැනීමට දිගු පෝලිමක සිටීමටද සිදු වේ. මෙම කටයුතු බොහෝ විට මගියාට අපහසුකම් ඇති කරන තත්වයන් වන අතර තම නිවසින්ම හෝ හෝටලයෙන් බෑගය ගෙන එය තම ගමනාන්තයේ නිවසට හෝ හෝටලයට ලබා ගැනීමට ක්‍රමයක් තිබේ නම් එය මගියාට මහත් වූ පහසුවකි. එමගින් ගුවන් තොටුපල වල දිගු පෝලිම් ද අඩු වේ. කාලය සහ මුදල් ඉතිරි වේ. මෙය මගීන්ගේ සිහිනයක් ලෙස හැඳින්විය හැකි අතර එය සැබෑ වන දිනය වැඩි ඈතක නොවන බව පසුගිය දා ප්‍රංශයේ දී පැවති...