Skip to main content

Posts

“සිල්ක් රූට්“ පිටවීමේ ගිමන් හල (Silk Route Lounge)

ගුවන් තොටුපල හා ගුවන් සේවා සමාගම (Airport and Aviation Services (Sri Lanka ) Ltd – AASL) වාණිජමය වශයෙන් වැදගත් වන මගීන් (Commercially Important Passengers – CIPs) වෙනුවෙන් අවශ්‍ය පහසුකම් සැපයීම සඳහා “සිල්ක් රූට්“ නමින් නව ගිමන් හලක් (Lounge) කටුනායක බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන් තොටුපලේ පිටවීමේ පර්යන්තයේ විවෘත කර ඇත. මින් පෙර 2009 වසරේ පැමිණිමේ පර්යන්තයේ මෙවන් වූ ගිමන් හලක් විවෘත කරනු ලැබූ අතර එය මගීන් අතර ඉතා ජනප්‍රිය විය.  මෙම ගිමන් හලේ දී ගුවන් තොටුපළ කාර්ය මණ්ඩලය මගීන් විසින් පිටවීමේ හා පැමිණීමේ පර්යන්තයේදී ඉටු කළ යුතු සාමාන්‍ය කාර්යයන් ඉටුකර දෙනු ලබන අතර ඒ කාලය තුල මගියාට මෙම ගිමන් හලේ විවේක ගැනීම කළ හැක. ගුවන් තොටුපළ කාර්ය මණ්ඩලය විසින් මගීන් ගේ ටිකට්පත් පරීක්ෂාව (Check-In), ආගමන විගමන කාර්යයන්, ගමන් මළු ලබා ගැනීම හා ඒවා පරීක්ෂාව ආදී සියළු දේ සිදු කරන දෙනු ලබන අතර මගියාට එය මහත් පහසුවක් ගෙන දෙනු ලබන බව ගුවන් තොටුපල නිලධාරීන් පවසයි. මෙම සේවා ලබා ගැනීම සඳහා www.airport.lk යන වෙබ් අඩවියේ ලියා පදිංචි විය යුතු අතර එක් මගියෙක් සඳහා පැය 4 ක කාලයකට ඇමරිකානු ඩ...

ගුවනේ දී ඉන්ධන ලබා දීම - Aerial Refueling

ගුවනේදී එක් ගුවන් යානයකින් තවත් ගුවන් යානයකට ඉන්ධන පිරවීම “ගගන ඉන්ධන පිරවීම“ ( Aerial refueling ) යනුවෙන් හඳුන්වයි. මෙහිදී ඉන්ධන ගෙන යන යානය Tanker යනුවෙන්ද අනෙක් යානය ඉන්ධන ලබන්නා වශයෙන්ද හඳුන්වයි. මෙම ක්‍රමය මගින් ඉන්ධන ලබන යානයට දිගු දුරක් ගමන් කිරීමට හෝ වැඩි වේලාවක් ගුවනේ සැරි සැරීමට පහසුකම ලැබේ. මේ ආකාරයේ ඉන්ධන පිරවීම් කීපයක් මගින් වැඩි වේලාවක් ගුවනේ රැඳී සිටීමට හැකියාව තිබුණද ගුවන් යානා එන්ජින් වල තත්වය වැනි ඉංජිනේරුමය තත්වයන් හා කාර්ය මණ්ඩලයේ විඩාව වැනි දේ අනුව එසේ රැඳී සිටීමේ කාලය සීමා වේ. ඕනෑම ගුවන් යානයක් ගුවන් ගත වීමේ දී තිබිය හැකි උපරිම බරක් තිබේ. මෙම උපරිම බර සීමාවට වඩා අඩුවෙන් ගුවන් යානය ගුවන් ගත වන අවස්ථාවේ තබා ගත යුතු අතර ගමන යාමට අවශ්‍ය ඉන්ධන සහ හදිසියේ වෙනත් ගුවන් තොටුපලකට යාමට අවශ්‍ය ඉන්ධන ප්‍රමාණය ලබා දී උපරිම මගී සංඛ්‍යාවක් හෝ භාණ්ඩ ප්‍රමාණයක් ගෙනයාම ​සාමාන්‍යයෙන් සිදු කරයි. යානයේ ඉන්ධන ප්‍රමාණයන් අඩු වැඩි කිරීම මගින් උපරිම එසවීමේ බරට වඩා අඩුවෙන් යානය පවත්වාගැනීමට හැකියාව ලැබේ. වැඩි මගීන් ප්‍රමාණයක් හෝ භාණ්ඩ ප්‍රමාණයක් ගෙන යාමට ඇති අවස්ථාවක අඩු ඉන්ධන ප්‍රමාණ...

කියෝස්ක්–Kiosks

  “කියෝස්ක්“ එකක් කියන්නෙ මොකක් ද කියලා අපේ අය බොහෝ වෙලාවට දන්නෙ නෑ. සමහර විට භාවිතා කරලත් ඇති. ලංකාවෙ නම් තාම ටිකක් අඩුයි. කොළඹ නම් තියෙනවා. එච්එස්බී සී බැංකුවට ගිය අයට දකින්න පුළුවන් යම් යම් ගෙවීම් හා වෙනත් සේවාවන් ලබා ගැනීම සඳහා පරිගණක තිරයක් සහිත පෙට්ටියක් වැනි යමක් ස්ථාන ගත කර තිබෙනවා. මේවා “කියොස්ක්“ යනුවෙන් හඳුන්වනවා. මේවායින් තොරතුරු, සේවාවන් හෝ භාණ්ඩ ලබා දෙනවා. බොහෝ ගුවන් තොටුපලවල් වල ගුවන් ප්‍රවේශපත් ලබා ගැනීමට, ගමන් මලු පරීක්ෂාවට සහ ගුවන් යානා පැමිණීම සහ පිටවීම පිළිබඳ තොරතුරු ලබා ගැනීම සඳහා “කියෝස්ක්“ පිහිටුවා තිබෙනවා. මෙම යන්ත්‍ර මගින් ගුවන් ටිකට්පත් පරීක්සා කරන කවුළු වල ඇති තදබදය අඩු කිරීමට හැකි වන අතර සමහර කියෝස්ක් මගින් පුවත්පත්, ආහාර වැනි දේත් මිළදී ගත හැකියි. පරිගණකගත කරන ලද ස්වයං සේවා කියෝස්ක් බොහෝ නවීන ගුවන් තොටුපළ වල ටිකට්පත් පරීක්ෂා කරන කවුන්ටර් අසල දැකිය හැකිය. මෙම කියෝස්ක් වලින් මිළ පරීක්ෂාව, ගුවන් යානා පැමිනෙන සහ පිටත්වන වේලාවල්, පැමිණීම තහවුරු කිරීම, මිළදී ගැනීම ආදි දේ සිදු කළ හැක. බොහෝ කියෝස්ක් boarding pass මුද්‍රණය කිරීම සහ ගමන් මළු පරීක්ෂාව සිදු කරයි...

ගුවන් යානයට ඇතුළු කිරීම ප්‍රතික්ෂේප කිරීම DENIED BOARDING

වැඩි මගීන් සංඛ්‍යාවක් සඳහා ආසන වෙන් කිරීම නිසා බොහෝ විට ගුවන් යානයේ තිබෙන ආසන ප්‍රමාණයට වඩා වැඩි මගීන් සංඛ්‍යාවක් සිටින තත්වයක් ඇතිවේ. මෙසේ වැඩි මගීන් සංඛ්‍යාවක් සඳහා ආසන වෙන් කිරීම යම් නීත්‍යානුකූල බවක් සහ සම්මතයක් වුවද මෙම මගීන්ට ආසන පැනවීමට ගුවන් සමාගමට නොහැකි වේ. මෙම තත්වය ගුවන් යානයට ඇතුළු කිරීම ප්‍රතික්ෂේප කිරීම යනුවෙන් හඳුන්වයි. කෙසේ වෙතත් ගුවන් සමාගම් මෙසේ කිරීම සම්බන්ධයෙන් තොරතුරු සැපයීම එතරම් පැහැදිලි නොවේ. මෙම තත්වය ඇති වෙන්නේ ඇයි? ගුවන් යානයේ ප්‍රවේශපත්‍ර මිලදී ගන්නා මගීන් කිහිප දෙනෙකු බොහෝ විට ගමන් කිරීම සඳහා නොපැමිනෙන බව ගුවන් සමාගම අත්දැකීමෙන් දනී. මෙය බොහෝ විට ඉහළ යන්නෙ ඉහළ පෙළේ ව්‍යාපාරිකයින් ගමන් කරනා අවස්ථා වලයි. සමහර අවස්ථාවලදී ව්‍යාපාරිකයින් ආසනයක් වෙන් කර ගත්තද අවසාන මොතේදී වෙනත් රැස්වීමක් හෝ වෙනත් මොනයම් කාරණයක් නිසා හෝ ගමන අවලංගු කරයි. යම් හෙයකින් ගුවන් සමාගම ආසන ගණනටම පමණක් මගින් වෙන්කර ගතහොත් ඉහත පරිදි නොපැමිනෙන මගීන් හේතුවෙන් හිස් ආසන ඉතිරි වේ. එයින් ආදායමක් නොලැබෙන නිසා ගුවන් සමාගමට පාඩු විඳීමට සිදු‍වේ. මෙ නිසා වැඩිපුර මගීන් සඳහා ආසන ව...

මේ අය ගැන දන්නවාද?– Ministers who were responsible for Civil Aviation subject since independence in Sri Lanka

මේ බ්ලොග් එකේ මම දේශපාලනය ගැන කථා කරන්නෙ නැහැ. ඒත් අද ලියන්න යන්නෙ විශේෂයෙන් අධ්‍යාපනය හදාරන සිසු සිසුවියන්ට වැදගත් වන තොරතුරක්. ඒ තමයි ශ්‍රී ලංකාවේ නිදහසෙන් පසුව සිවිල් ගුවන් සේවා විෂය සම්බන්ධයෙන් කටයුතු කල අමාත්‍යවරුන් කවුරුන්ද කියා සඳහන් කිරීම. මෙහිදී මා ඔවුන් පිළිබද විස්තරයක් ලබා දීමට අදහස් කරන්නෙ නැහැ. එය ඕනම අයෙකුට සොයා ගත හැකියි. අනික මේ පුද්ගලයින් බොහෝ විට ශ්‍රී ලාංකීය දේශපානයේ ප්‍රසිද්ධ චරිත. ඒ වගේම මොවුන් විසින් ක්ෂේත්‍රයට කරන ලද සේවය ගැන ඔබ සොයා බලා තීරණ ගන්න.   සර් ජෝන් කොතලාවල මැතිතුමා ප්‍රවාහන සහ වැඩ අමාත්‍ය 1947 සැප්තැම්බර් – 1956 මාර්තු මෛත්‍රීපාල සේනානායක මැතිතුමා ප්‍රවාහන සහ වැඩ අමාත්‍ය 1956 මාර්තු – 1960 මාර්තු මොන්ටේගු ජයවික්‍රම මැතිතුමා ජනසතු සේවා, නාවික සහ ප්‍රවාහන අමාත්‍ය 1960 මාර්තු – 1960 ජූලි   පී. බී. ජී. කළුගල්ල මැතිතුමා ප්‍රවාහන සහ වැඩ අමාත්‍ය 1960 ජූලි – 1964 ජූනි අනිල් මුණසිංහ මැතිතුමා සන්නිවේදන අමාත්‍ය 1964 ජූනි – 1965 ...

නග්ගන්න බස්සන්න තියෙන දිගම, කොටම සහ උසම ඒවා (The Highest, Longest and Shortest Runways in the World)

අපේ ගුවන් තොටුපලේ තියෙන ධාවන පථය මීටර 3300 ක් විතර දිගයි. මුහුදු මට්ටමේම තමයි පිහිටලා තියෙන්නෙ. දැන් මේකට ලෝකෙ තියෙන ලොකුම ගුවන් යානයටත් එන්න පුළුවන් කියලා දන්නවානෙ.  ලෝකයේ භුවිෂමතාවය සහ අවශ්‍යතාවය අනුව ගුවන් තොටුපළවල් විවිධ ස්ථාන වල පිහිටුවා තියෙනවා. ඉතින් අද මම කියන්නෙ ලෝකයේ දිගම, උසම සහ කෙටිම ගුවන් ධාවන පථ මොනවද කියලා. අපි මුලින්ම බලමු දිගම සහ උසම එක. මේ ස්ථාන දෙකම හිමිවන්නෙ එකම ගුවන් ධාවන පථයකට. ඒ තමයි චීනයේ ටිබෙට් දේශයේ තියෙන කැම්ඩෝ බැම්ඩා ( Qamdo Bamda Airport) නැති නම් චන්ග්දු බණ්ග්ඩා ( Changdu Bangda Airport ) ගුවන් තොටුපළේ ධාවන පථය. මේ තියෙන්නෙ එහි චන්ද්‍රිකා ඡායාරූපයක් ඔන්න ගුවන් යානයකුත් ඇවිල්ලා. පහසුකම් අඩුයි. බැහැලා පයින් තමයි යන්න වෙන්නෙ. මෙම ගුවන් තොටුපළ මුහුදු මට්ටමේ සිට මීටර 4334 ක් ඉහළින් පිහිටා තිබෙන අතර දැනට ලෝකයේ ඉහළින්ම පිහිටා තිබෙන සිවිල් ගුවන් ධාවන පථයයි. ජාත්‍යන්තර සිවිල් ගුවන් සේවා සංවිධානයෙන් මේ ගුවන් තොටුපළට ලබා දී ඇති කේතය ZUBD  වන අතර ජාත්‍යන්තර ගුවන් පුවාහන ආයතනයෙන් ලබා දී ඇති කේතය වන්නේ BPX ය. මෙය ලෝකයේ දිගම ගුවන් ධාවන පථයද වන අතර ද...

හුරේ……. අපි දිනුම්

අපි කියන්නෙ ශ්‍රී ලංකාව. දිනුවෙ ජාත්‍යන්තර තරඟයකින්. ඉස්සරලාම මේ වීඩියෝ එක බලන්නකෝ. ඊට පස්සේ තමයි විස්තර. ජාත්‍යන්තර සිවිල් ගුවන් සේවා සංවිධානය කියන්නෙ ගුවන් සේවා සම්බන්ධව තිබෙන එක්සත් ජාතීන්ගේ සංවිධානය. මේකට රටවල් 190 ක් පමණ සම්බන්ධ වෙලා තියෙනවා. ආරක්ෂාකාරී ගුවන් ගමනකකට අවශ්‍ය ජාත්‍යන්තර කරුණු සම්පාදනය කරන්නෙ මේ ආයතනය. පසුගිය දිනක මේ ආයතනය ලෝකයේ ජනතාව අතර තරගයක් පැවැත්වූවා අනාගත ගුවන් සේවාව කෙසේ විය යුතුද කියලා. ඒකට හදපු වීඩියෝ එක තමයි ඔය තියෙන්නෙ. මේ තියෙන්නෙ එම තරඟය පිළිබඳ විස්තර අඩංගු වෙබ් අඩවිය. මෙහි තරඟය පිළිබඳව විස්තර අඩංගු වෙනවා. මෙම තරඟයට ලෝකයේ රටවල් 50 කින් පමණ තරඟකරුවන් ඉදිරිපත් වෙලා තියෙනවා. අපේ රටෙනුත් තරඟකරුවන් ඉදිරිපත් වෙලා තියෙනවා. අපිත් එක්ක වැඩ කරන දේව් සමරජීව ත් මේ තරඟයට ඉදිරිපත් වෙලා පහළ වීඩියෝ එක සකස් කලා. මෙන්න මේක ලෝකෙන්ම ප්‍රථමස්ථානයට පත් වෙලා. දේව් ලබන 16 වෙනිදා ඇමරිකා එක්සත් ජනපදයේ ෆ්ලොරීඩා වලට යනවා මේකට හිමි ත්‍යාගය ලබා ගන්න. දේව් අපිත් එක්ක ලංකාවේ ගුවන් සේවාවන් ව්‍යාප්ත කරන්න බොහොම මහන්සි වෙන පොඩි කොල්ලෙක්. ඒ ත්‍යාගය එය...