Skip to main content

Posts

ධාවන පථ නම් කිරීම - Runway Designation

ඔය උඩින් තියෙන පින්තූර තුනෙන් පළමු එක කටුනායක ගුවන් ධාවන පථයේ චන්ද්‍රිකා ඡායාරූපයක්. ඊළඟට තියෙන දෙක ධාවන පථයේ අන්ත දෙක. (මේක ගත්තෙ Google Earth වලින්) දැන් අපි අද කියන්න යන දේ බලමු. සමහර විට ඔයගොල්ලන් දැකලත් ඇති (නැතිනම්   Google Earth වලට ගිහින් බලන්න) ගුවන් ධාවන පථයේ දෙපස අංක දෙකක් යොදලා තියෙනවා.  අපේ කටුනායක ධාවන පථයේ (Runway) මේක 04 හා 22 ලෙස සටහන් වෙනවා.  නිකමටවත් හිතුනෙ නැද්ද මේ මොනවද කියලා. අද අපි බලමු මේ මොනවද කියලා. සාමාන්‍යයෙන් එක් භෞතික ගුවන් ධාවන පථයක අතථ්‍ය ( Virtual) ධාවන පථ දෙකක් තිබෙනවා. ඒ කියන්නෙ එක් පැත්තකින් එකකුත් අනෙක් පසින් දෙවන එකත් ලෙස. මේ ධාවන පථ දෙක වෙන් වෙන් වශයෙන් හඳුනා ගැනීමට සහ සන්නිවේදනයේ පහසුව සඳහා මේවා අංකනය කර තිබෙනවා. ඒ ලෙස යෙදූ අංක තමයි ඔය ඉහළ දෙවන තුන්වන ඡායාරූප වල දැක්වෙන්නේ. මේ අංකනය සිදු කරන්නේ චුම්භක උතුරට (Magnetic North) සාපේක්ෂ දිශාව අනුව. ඒ කියන්නේ ධාවන පථයේ කඩ ඉරකින් ඇඳ තිබෙන මධ්‍ය රේඛාව (Center Line) ඒ ඒ ධාවන පථයේ දී පිහිටන අංශක ගණන අනුව තමයි මේ අංක යොදන්නෙ. මේක අපි උදාහරණයකින් පැහැදිලි කර ගනිමු. දැන් සිතන්න අපේ කටුන...

Bird Strike

මේ මාතෘකාව දැකපු ගමන් මේ පැත්තට එන්න ඇති කුරුල්ලොත් “ස්ට්‍රයික්“ කරනවද කියලා. ඇත්තටම මම අද කියන්න යන්නේ කුරුල්ලන් ගුවන් යානා වල වැදීම නිසා සිදු වනදේ ගැන කථා කරන්න. මේක Bird Strike ලෙස හඳුන්වනවා. කුරුල්ලන් ගුවන් යානා වල වැදීම නිසා බොහෝ ගුවන් අනතුරු සිදු වෙනවා. ඉතින් මේ නිසා මේක ඉතාම වැදගත් දෙයක්. අපේ ගුවන් තොටුපළවල ආශ්‍රිතව එතරම් කුරුල්ලන් නොහිටියාට වෙනත් රටවල විශේෂයෙන් ඇමරිකාව වගේ රටවල මේ දේ දකින්න පුළුවන්. මතක ඇතිනේ වල් පාත්තයින් රෑනක් නිසා ඇමරිකාවේ “හඩ්සන්“ ගඟට වැටුණ යානාව. ඒකෙදි නම් වෙලාවට වගේ කවුරුවත් මැරුණෙ නැහැ.  මේ පහළ තියෙන වීඩියෝ එක බලන්නකෝ.  මෙතනින් Download කරන්නත් පුළුවන් Rapid Share එකෙන් මෙතනින් ගන්න   සාමාන්‍යෙයන් ගුවන් තොටුපළක් ආශ්‍රිතව විශාල වශයෙන් කුරුල්ලන් දැකිය හැකියි. මේකට හේතු බෙහොමයක් තියෙනවා. නාගරීකරණය (Urbanization) නිසා කුරුල්ලන්ට කැළැවන් අහිමි වෙමින් තිබෙනවා. ඒ වගේම අහාර (Food) ලබා ගැනීමේ පහසුවත්, කුඩු සකසා ගැනීමේ පහසුව අදියත් (Roosting & Nesting) , ලැග සිටීමේ පහසුවත් ඒ වගේම සෙවණ (Shelter) සහ ජලය ආදිය පහසුවෙන් ලබා ගත හැකි වීමත් ...

ඉන්ධන හෙළීම Fuel Dumping

ගුවන් යානයක් ඉහළ නැගීමට (Takeoff) වගේම ගොඩබැස්සවීමටත් (Landing) යම් අනුමත බරක් තිබෙනවා. ගුවන් ගත වීමට අදාළ බර හඳුන්වන්නේ Maximum Takeoff weight ( MTOW) කියලා. ඒවගේම ගොඩබැස්ස වීමට අදළ බර හඳුන්වන්නේ Maximum Landing Weight ( MLW) කියලා. මේ දෙකෙන් ගුවන් ගත වීමේ බර ගොඩබැස්ස වීමේ බරට වඩා වැඩියි. එහෙමත් නැති නම් ගොඩබැස්සවීමේ දී අඩු බරක් තිබිය යුතුයි. ගුවන් යානයක ඉන්ධන ලබා දීමේදී එහි ඉහත සඳහන් බරත් සැළකිල්ලට ගන්නවා. ඒ වගේම ගමන් කළ යුතු දුරත් වෙනත් ආදේශක ගුවන් තොටුපළකට (Alternative airport) ගමන් කිරීමට අවශ්‍ය වුවහොත් ඒ සඳහා අවශ්‍ය ඉන්ධනත් ගුවන් යානයේ අඩංගු වෙනවා. ගුවන් යානයේ ඉන්ධන අඩංගුවන්නේ යානයේ තටුවල. යම් කිසි හදිසි අවස්ථාවක දී ගුවන් යානය ගොඩබැස්සවීමට (Emergency Landing) අවශ්‍ය වුවහොත් ගොඩබැස්ස වීමට අවශ්‍ය බර එහි තිබිය යුතුයි. මේ සඳහා යානයේ භාණ්ඩ හෝ මගීන් ඉවත් කිරීමේ හැකියාවක් නැහැනෙ. (ගුවනේදී) ඉතින් පහසුවෙන් ම කළ හැකිවන්නේ  ඉන්ධන ඉවත් කීරීමයි. යානය අධික බරකින් යුක්තව ගොඩ බැස්සවීමට නොහැකි හේතුව යානයේ බර රෝද හා ඒ ආශ්‍රිත උපකරණ වලට (Landing Gears) දරා ගැනීමට නොහැකි වීම. අධික බර හේතුව...

සිවිල් ගුවන්යානා අනතුරු විමර්ශනය - Civil Aircraft Accident Investigation

අද මම කියන්න යන්නේ ගුවන් යානා අනතුරු විමර්ශණය ගැන කියලා මාතෘකාව දැක්කම පේනවානේ. හැබැයි මේ සටහන මම උපුටා ගත්තේ ගුවන් යානා අනතුරු විමර්ශණ නිලධාරී (Aircraft Accident Investigation Officer) විසින් සිවිල් ගුවන් සේවා අධිකාරිය සඳහා සකස් කරන ලද ලිපියකිනුයි. ඒ සඳහා ඇයට ස්තුතිවන්ත විය යුතුයි.  ශ්‍රී ලංකාව තුල සිවිල් ගුවන්සේවාවෙහි නිරූපද්‍රිතතාව හා සුරක්ෂිතතාව (Safety and Security) ප්‍රවර්ධනයට බැඳී සිටින ආයතනය ශ්‍රී ලංකා සිවිල් ගුවන්සේවා අධිකාරිය (Civil Aviation Authority of Sri Lanka) වේ. සිවිල් ගුවන්සේවා අධිකාරිය පිහිටුවීමේ පනතෙහි සහ ගුවන්සංතරණ රෙගුලාසීන් හි අඩංගු නීතිමය කරුණු අනුව, ශ්‍රී ලංකාව තුළ සිදුවන සියලු සිවිල් ගුවන් අනතුරු විමර්ශනය කිරීමේ (Accident Investigation) සහ පිරික්සුම් හා මුදවාගැනීමේ ( Search & Rescue) සංවීධානයක් ක්‍රියාත්මක කිරීමේ සම්පූර්ණ බලය පැවරී ඇත්තේ,  සිවිල් ගුවන් සේවා අධිකාරියටයි. ගුවන් අනතුරක් විමර්ශනය කිරීමෙහි මූලික අරමුණ වන්නේ, අනතුරට පාදක වූ හේතූන් සහ තත්වයන් හෙලිදරවු කර ගැනීම සහ එවැනි කරුණු මත අනාගතයේදී සිදුවිය හැකි අනතුරු මඟහැරවීමට නිසි පිළියම් ...

අපි ගුවනට නැගුණ හැටි - The Way we "Taken off"

රාවණාගේ යුගයේදී ලංකාවේ ගුවන ජයගත් බවට පුරාවෘත සහ යම් යම් සාක්ෂි තිබුණත් 1903 දී ඇමරිකාවේ දී ගුවන් යානය සොයා ගැනීමත් සමග ආරම්භ වන යුගයේ දී ලාංකික ගුවන් ක්ෂේත්‍රයේ පිබිදීම පිළිබද සාක්ෂි සහ වාර්තා තිබේ.  එනම් ගුවන් යානය සොයා ගැනීමෙන් දශකයකට පසුව ලාංකීය ගුවන පිබිදීම ආරම්භ විය. මුලින්ම 1911 කොලින් බ්‍රව්න් ( Colin Browne ) නැමැති ඉංග්‍රීසි ජාතිකයා විසින් බ්ලැරියට් ( Bleriot monoplane ) වර්ගයේ ගුවන් යානයක් මෙරටට ගෙන්වන ලදී. මෙය ඉතා දුර්වල සහ සැහැල්ලු ගුවන් යානයක් වූ අතර මෙම යානය නැවෙන් ගොඩබාන ලද්දේ 1911 සැප්තැම්බර් 12 වන දින දීය. මෙම යානය එම වර්ෂයේ නොවැම්බර් මස මහජනයා සඳහා ප්‍රදර්ශණය කරන ලද අතර  මෙහිදී ද ගුවන් ගත වීමක් සිදු නොකරන ලදී. එහිදී ගුවන් යානය පණ ගන්වා පෙන්වීම පමණක් සිදු කරන ලදී. මේ පිළිබඳව පළකරන ලද දැන්වීම පහත දැක් වේ.  බ්ලැරියට් වර්ගයේ යානයක් මේ අතරේදී ජර්මානු ජාතිකයෙකු වන හර් ඔස්ටර් ( Herr Oster) තවත් ගුවන් යානයක් ගෙන්වන ලද අතර මින් පසුව බ්‍රව්න් මහතා සහ ඔස්ටර් මහතා අතර ලංකාවේ පළමු ගුවන් ගත වීම සඳහා තරඟයක් තිබිණි. කෙසේ වෙතත් මොවුන් දෙදෙනාටම සාර්ථක ගුවන්ගත වීමක්...

සේපාල ඒකනායක - Sepala Ekanayake

ඔබ සමහර විට අහලා ඇති සේපාල ඒකනායක ගැන. හරියටම අදට අවුරුදු 28 ට පෙර එනම් 1982 ජූනි මාසේ 30 වෙනිදා සිවිල් ගුවන් යානයක් ගුවනේ දී පැහැර ගැනීම නිසා ඔහු ප්‍රසිද්ධ වුණා. මේ සිද්ධිය ලාංකීය ගුවන් ඉතිහාසයේ සිදු වුණේ පළමු වතාවට. ඒ වගේම අද වන තුරු ශ්‍රී ලාංකිකයෙක් අතින් එවන් දෙයක් සිදු වී නැහැ. අද දිනය මේ සම්බන්ධයෙන් විශේෂත්වයක් තිබෙන නිසා මා කැමතියි මේ ගැන ලියන්න. සේපාල ඒකනායක ඉපදුණේ 1949 ජූනි මාසේ 03 වෙනි දා දිනයක මාතර දිස්ත්‍රික්කයේ කරතොට කියන ගමේ. පාසැල් ගියේ හම්බන්තොට යෝධ කණ්ඩිය විද්‍යාලයට.  අවුරුදු 15 දි විතර නිවසින් වෙන් වන ඔහු කොළඹ ට පැමිණෙනවා. ඉන්පසු 1972 ඔහු ජර්මනියට පැමිණෙනවා. එහිදී ඔහුට ඇනා ඇල්ද්‍රොවන්දි නැමති ඉතාලි සුරූපිණිය හමු වෙනවා. පසුව ඔවුන් දෙදෙනා විවාහ වී ඉතාලියේ මොඩෙනා පෙදෙසේ පදිංචි වෙනවා. ඒ 1980 දී. එහිදී ඉපදෙන පුතාට ඔවුන් “ෆ්‍රී ඒකනායක“ නමින් නම් තබනවා. මෙහිදී සේපාලගේ වීසා එක නැති වෙන අතර ඉතාලියේ දී වීසා ඉල්ලු විට ශ්‍රී ලංකාවට පැමිණ වීසා ලබා ගන්නා ලෙස ඔවුන් පවසනවා. ඒ අනුව ඔහු ලංකාවට පැමිණ වීසා අයදුම් කරනු ලැබූ මුත් වසර හයක් ඒ සදහා බලා සිටින ලෙස ඔහුට දැනුම් දෙනවා. ඔ...

"ගුවන්සර" - දෙවන කළාපය - "Guwansara" - Second Issue

මීට පෙර මා සඳහන් කළා දැයේ දරුවන්ගේ ගුවන් සේවා දැනුම වර්ධනය කිරීම උදෙසා "ගුවන්සර" නමින් සිංහල භාෂාවෙන් සඟරාවක් ආරම්භ කළ බව. ඉතිං දැන් එහි දෙවන කළාපය නිකුත් වී තිබෙනවා. පහත දැක්වෙන්නෙ එහි මුල් පිටුව. ජාතික හා ජාත්‍යන්තර වශයෙන් ගුවන් සේවා පිළිබඳ තොරතුරු මෙහි අඩංගු වෙනවා. මේක සිංහල භාෂාවෙන් ගුවන් සේවා ක්ෂේත්‍රය සම්බන්ධව පළවන සඟරාව. මෙය ලබා ගන්න අවශ්‍ය අය සිටී නම් කොල්ලුපිටිය, ගාලු පාරේ අංක 64 දරණ ස්ථානයේ පිහිටි සිවිල් ගුවන්‍ සේවා අධිකාරියේ 5 වන මහලේ පිහිටි විශේෂ ව්‍යාපෘති අංශයෙන් ලබා ගත හැකියි. විස්තර විමසන්නේ නම් දුරකථන අංක 011 2394798 මගින් දේව් සමරජීව මහතා ඇමතීමෙන් ලබා ගත හැකියි.