Skip to main content

Bird Strike



මේ මාතෘකාව දැකපු ගමන් මේ පැත්තට එන්න ඇති කුරුල්ලොත් “ස්ට්‍රයික්“ කරනවද කියලා. ඇත්තටම මම අද කියන්න යන්නේ කුරුල්ලන් ගුවන් යානා වල වැදීම නිසා සිදු වනදේ ගැන කථා කරන්න. මේක Bird Strike ලෙස හඳුන්වනවා.
කුරුල්ලන් ගුවන් යානා වල වැදීම නිසා බොහෝ ගුවන් අනතුරු සිදු වෙනවා. ඉතින් මේ නිසා මේක ඉතාම වැදගත් දෙයක්. අපේ ගුවන් තොටුපළවල ආශ්‍රිතව එතරම් කුරුල්ලන් නොහිටියාට වෙනත් රටවල විශේෂයෙන් ඇමරිකාව වගේ රටවල මේ දේ දකින්න පුළුවන්. මතක ඇතිනේ වල් පාත්තයින් රෑනක් නිසා ඇමරිකාවේ “හඩ්සන්“ ගඟට වැටුණ යානාව. ඒකෙදි නම් වෙලාවට වගේ කවුරුවත් මැරුණෙ නැහැ.
  සාමාන්‍යෙයන් ගුවන් තොටුපළක් ආශ්‍රිතව විශාල වශයෙන් කුරුල්ලන් දැකිය හැකියි. මේකට හේතු බෙහොමයක් තියෙනවා. නාගරීකරණය (Urbanization) නිසා කුරුල්ලන්ට කැළැවන් අහිමි වෙමින් තිබෙනවා. ඒ වගේම අහාර (Food) ලබා ගැනීමේ පහසුවත්, කුඩු සකසා ගැනීමේ පහසුව අදියත් (Roosting & Nesting), ලැග සිටීමේ පහසුවත් ඒ වගේම සෙවණ (Shelter) සහ ජලය ආදිය පහසුවෙන් ලබා ගත හැකි වීමත් මේකට හේතු වශයෙන් දක්වන්න පුළුවන්. ගුවන්යානා මෙහෙයුම් වැඩි වීමත් මේ කුරුළු ගැටුම් වලට හේතු වෙනවා.  තවත් දෙයක් තමා දැන් තිබෙන නවීන ගුවන් යානා එන්ජින් වල ශබ්ධය අඩු වීම (quieter Engines). මේ නිසා කුරුල්ලන්ට ගුවන් යානය ළගට එනකම්ම ඇහෙන්නෙ නැහැනෙ.
කුරුල්ලන් ගුවන් යානා වල වැදීම හේතුවෙන් යානයේ සිදුරු ඇති වීමට පුළුවන්. තවද එන්ජින් තුළට යාම නිසා ගිනි ගැනීම සිදු විය හැකියි. අවසානයේ විශාල අනතුරක් පවා සිදු විය හැකියි.
මේ තියෙන්නේ සිදුවුණ දේ ගැන පින්තූර ටිකක්.



මේනිසා බොහෝ ගුවන් තොටපළ ආශ්‍රිතව කුරළු ගහණය පාලනය කිරීමට විවිධ උපක්‍රම භාවිතා කරනවා. කුරුල්ලන් මරා දැමීම, ජලය ආහාර වගේ දේවල් කුරුල්ලන්ට පහසුවෙන් ලබා ගැනීමට ඇති ඉඩකඩ ඇහිරීම, විවිධ ශබ්ධ සහ ලේසර් ආලෝකය භාවිතා කරමින් කුරුල්ලන් එළවීම ආදය සිදු කරමින් ගහණය පාලනය කළ හැකියි.
මීට අමතරව බෙහෝ රටවල උකුස්සන් වැනි විලෝපීය කුරුල්ලන් පුහුණු කර අනෙක් කුරුල්ලන් දඩයම් කිරීමත් (Falconry) දඩ බල්ලන් (Border Collies) යොදා ගැනීමත් සිදු කරනවා.

 ඉතින් ඔය පහලින් තියෙන පින්තූරෙත් මේ වැඩේට ගැලපෙනවාද කියලාත් බලන්නකෝ.

Comments

  1. Or use a Radar System to detect bird movements.

    ReplyDelete
  2. මෙහෙම සීනුත් වෙනවද අප්පා....කවදා අහපුවද මේවා....කුරුල්ලෝත් ගේම ඉල්ලනවා එහෙනම් ආහ්

    ReplyDelete
    Replies
    1. ගීත් දැන් මොකද උඔට හිතෙන්නෙ...

      Delete
    2. ඇයි දැන් වැඩේ කේස් නිසාද?

      Delete
  3. @Grey
    රේඩාර් එකක වෙන්නෙ යම් පර්මාණයකට අපට වස්තූන් පෙන්නන එක. උදාහරණයක් විධියට වර්ග මීටරයක ප්‍රමාණයක් වර්ග අඟලකින් පෙන්නනවා. ඉතින් කුරුල්ලෙක් ඉතාම කුඩයි නෙ. එයාව පේන්නෙ නැහැනෙ රේඩාර් එකේ. අනික ගුවන් යානා මෙහෙයුම් සදහා භාවිතා කරන්නේ අඩි 2000 ට උසින් තිබෙන රේඩාර්. ගුවන් ධාවන පථයේ තිබෙන යම් යම් කුඩා දේවල් අදුනා ගන්න රේඩාර් භාවිතා කරනවා. නමුත් එයින් හෝ කුරුල්ලන් අඳුනාගත්තා කියලා ප්‍රයෝජනයක් නැහැ. මොකද අපිට ගුවන් යානයක් ක්ෂණිකව හැරවීමේ හැකියාව නැති නිසා. අනික කුරුල්ලෙකුගේ චලනයන් අපිට කලින් සිතන්න අමාරුයි නෙ.

    @ ගීත්
    ඇත්තටම මචං අපියි කුරුල්ලන්ගෙන් ගේම ඉල්ලන්නෙ උන්ට නිදහසේ යන්න තියෙන තැන් වලට ඇවිල්ලා. අනික උන්නෙ බං මුලින්ම ඉගිලෙන්න පටන් ගත්තෙ.

    ReplyDelete
    Replies
    1. //අනික උන්නෙ බං මුලින්ම ඉගිලෙන්න පටන් ගත්තෙ.//

      :D:D

      Delete
  4. post එකට සම්බන්ධ ප්‍රශ්නයක් නෙමෙයි...
    ගුවන්යානයක අනතුරට පත්වුනාම mayday mayday කියන්නේ ඇයි?

    ReplyDelete
  5. හරී
    Mayday කියන්නෙ අනතුරක් සන්නිවේදනය කිරීමේ දී ජාත්‍යන්තරව පිළිගත් කේතයක්. මේ වචනය m'aider කියන ප්‍රංශ වචනයෙන් බිඳී ආ වචනයක්. ඒ ප්‍රංශ වචනයේ තේරුම “ඇව්ත් උදව් කරන්න“ යන්නයි. මේ වචනය ගුවන් යානා අනතුරු වල විතරක් නෙමේ අනෙක් අනතුරු වලදී වන රේඩියෝ පණිවිඩ වලදී භාවිතා වෙනවා.

    ReplyDelete
  6. කියෙව්වා. විස්තර වලට ස්තුතියි !

    ReplyDelete
  7. i know all these things this magazine is very good magazine where are these magazines are have

    ReplyDelete
  8. machn api gedara inna welwkata udin plane ekak ynawane rata ehma godak podiyata wge apita ethktoa plane eka penne eth machn kohamda apita Plane eke navigation lights penne? samahra welwata light penwa lagin yanwa wage,plane ekak yaddi, e tharm uda paththu wena light ekak polawe kenekta penne kohamda? meka moda prashnayak wennath puluwn eth mn nikan ahuwe

    ReplyDelete
    Replies
    1. ඒවා ගොඩක් දුරට පෙනෙන්න තමයි හදලා තියෙන්නෙ. ඒ වගේම ඒවා බොහොම දීප්තිමත්.

      Delete

Post a Comment

මොනවා හරි ලියලා ගියොත් හැදෙන්න පුළුවන්....

Popular posts from this blog

ගුවන් තොටුපළේ යන්නෙ මෙහෙමයි

අදට වසරයි කියන‍ පෝස්ට් එකට සංජු දාලා තිබ්බ කමෙන්ට් එකට ප්‍රතිචාරයක් විධියට මේ පෝස්ට් එක දාන්න හිතං හිටියත් දවසෙන් දවස ඒක කල් ගියා. අද ටිකක් වෙලාව අරන් කොහොම හරි මේක ලියන්න ඕනා. දැන් අපි හිතමු යම් පුද්ගලයෙක් විදේශ ගත වෙනවා කියලා. මුලින්ම මේ පුද්ගලයා කරන්න ඕනෙ ගුවන් ප්‍රවේශ පතක් ලබා ගැනීම සහ අදාළ රටට වීසා ලබා ගැනීම.  මේ ගුවන් ටිකට් පත් ලබා ගැනීම පිලිබඳව මම කලින් දාපු ගුවන් ටිකට්පතක් ලබා ගැනීමේ දී ඔබ දැන ගත යුතු කරුණු කියන පෝස්ට් එක බලන්න. ඒ වගේම යාමට නියමිත රටට වීසා ලබා ගැනීමත් සිදු කළ යුතුයි. මේ සඳහා සුදුසුම දේ ගුවන් ටිකටිපත් ලබා ගන්නා ස්ථානයෙන්ම ඒ විස්තර ලබා ගන්න එක. දැන් අපි හිතමු ගුවන් ටිකට් පත ලබා ගැනීමත් වීසා ලබා ගැනීමත් සිදු කර ුවසානයි කියලා. ඉන් පසුව තිබෙන්නේ ගුවන් ගමන පිටත් වීමට ගුවන් තොටුපළට යාමටයි. මෙහිදී ගුවන් ටිකට් පතේ සඳහන් වන පිටත් වන වේලාවට අවම වශයෙන් පැය 3ට වත් කලින් ගුවන් තොටුපළේ පිටත් වීමේ පර්යන්තයට පැමිණ සිටිය යුතුයි. ගුවන් තොටුපලට ඇතුල් වන විට පළමුවෙන්ම හමු වන්නේ පිටත්වීමේ පර්යන්තයයි. ගුවන් ගත වීමේදී ගෙන යන භාණ්ඩ ද සමග මේ පර්යන්තයට ඇතුළු විය යුතු අතර තමා සමග පැමිණි

සේපාල ඒකනායක - Sepala Ekanayake

ඔබ සමහර විට අහලා ඇති සේපාල ඒකනායක ගැන. හරියටම අදට අවුරුදු 28 ට පෙර එනම් 1982 ජූනි මාසේ 30 වෙනිදා සිවිල් ගුවන් යානයක් ගුවනේ දී පැහැර ගැනීම නිසා ඔහු ප්‍රසිද්ධ වුණා. මේ සිද්ධිය ලාංකීය ගුවන් ඉතිහාසයේ සිදු වුණේ පළමු වතාවට. ඒ වගේම අද වන තුරු ශ්‍රී ලාංකිකයෙක් අතින් එවන් දෙයක් සිදු වී නැහැ. අද දිනය මේ සම්බන්ධයෙන් විශේෂත්වයක් තිබෙන නිසා මා කැමතියි මේ ගැන ලියන්න. සේපාල ඒකනායක ඉපදුණේ 1949 ජූනි මාසේ 03 වෙනි දා දිනයක මාතර දිස්ත්‍රික්කයේ කරතොට කියන ගමේ. පාසැල් ගියේ හම්බන්තොට යෝධ කණ්ඩිය විද්‍යාලයට.  අවුරුදු 15 දි විතර නිවසින් වෙන් වන ඔහු කොළඹ ට පැමිණෙනවා. ඉන්පසු 1972 ඔහු ජර්මනියට පැමිණෙනවා. එහිදී ඔහුට ඇනා ඇල්ද්‍රොවන්දි නැමති ඉතාලි සුරූපිණිය හමු වෙනවා. පසුව ඔවුන් දෙදෙනා විවාහ වී ඉතාලියේ මොඩෙනා පෙදෙසේ පදිංචි වෙනවා. ඒ 1980 දී. එහිදී ඉපදෙන පුතාට ඔවුන් “ෆ්‍රී ඒකනායක“ නමින් නම් තබනවා. මෙහිදී සේපාලගේ වීසා එක නැති වෙන අතර ඉතාලියේ දී වීසා ඉල්ලු විට ශ්‍රී ලංකාවට පැමිණ වීසා ලබා ගන්නා ලෙස ඔවුන් පවසනවා. ඒ අනුව ඔහු ලංකාවට පැමිණ වීසා අයදුම් කරනු ලැබූ මුත් වසර හයක් ඒ සදහා බලා සිටින ලෙස ඔහුට දැනුම් දෙනවා. ඔහු ක

අදට වසරයි

මේ ලියන්න යන්නෙ නම් ගුවන් සේවාව ගැන නොවේ. අදට වසරකට පෙර තමයි ‘ අපේ අහස ‘ ට පළවෙනි පෝස්ට් එක දැම්මෙ. මේ වන විට ගුවන් සේවා සම්බන්ධ විවිධ මාතෘකා ඔස්සේ සටහන් 37 ක් පසුගිය වසර පුරාවටම එක් කීරීමට හැකියාව ලැබී තියෙනවා. ඒ සේරටම කමෙන්ට්ස් 173 ක් ලැබිලා තියෙනවා. හැබැයි මේ ගාණ ඇතුලේ තියෙනවා මම උත්තර දීපුවත්. “බ්ලොගර් ස්ටැට්“ වලින් කියන්නෙ නම් 3156 ක් මේ බ්ලොග් එකට ඇවිල්ලා තියෙනවා කියලා. මම පවත්වාගෙන ගිය කවුන්ටර්ස් වල හැටියට ආසන්න වශයෙන් 4000 ක විතර සංඛ්‍යාවක් ඇවිත් තියෙනවා. වැඩිම ගණනක් ඇවිත් කියෙන්නෙ තියෙන්නෙ ලංකාවේ පළමු ගුවන් ප්‍රදර්ශනය කියන පෝස්ට් එක බලන්න. මේ කාල සීමාව තුළ ලැබු ණ සියළු ප්‍රතිචාර මා ධෛර්යයට පත් කරවන ඒවා වීම ඉතාම සතුටට කාරණයක්. ඒ වගේම නිරන්තර සාමාජිකත්වයක් මේ සඳහා සිටින බව 30 ක් විතර වන සම්බන්ධකයින් ( Join with this site) ගණනිනුත් 11  ක් වන Followers   ලා ගණනිනුත් පැහැදිලි වෙනවා. ඒ වගේම දුරකථන මාර්ගයෙනුත් මට ලැබී තිබෙන ප්‍රතිචාර අනුව පෙනෙන්නෙ ‘අපේ අහස‘ ට  තවත් සාමාජිකයින් ඉන්නවා කියන එකයි. මම මේ ක්ෂේත්‍රයට එන විට දැනගෙන හිටියෙ අහසේ ගුවන් යානා යන බව විතරයි. කටුනායක ගුවන් තොටුප