ඔය උඩින් තියෙන පින්තූර තුනෙන් පළමු එක කටුනායක ගුවන් ධාවන පථයේ චන්ද්‍රිකා ඡායාරූපයක්. ඊළඟට තියෙන දෙක ධාවන පථයේ අන්ත දෙක. (මේක ගත්තෙ Google Earth වලින්)
දැන් අපි අද කියන්න යන දේ බලමු. සමහර විට ඔයගොල්ලන් දැකලත් ඇති (නැතිනම් Google Earth වලට ගිහින් බලන්න) ගුවන් ධාවන පථයේ දෙපස අංක දෙකක් යොදලා තියෙනවා. අපේ කටුනායක ධාවන පථයේ (Runway) මේක 04 හා 22ලෙස සටහන් වෙනවා. නිකමටවත් හිතුනෙ නැද්ද මේ මොනවද කියලා. අද අපි බලමු මේ මොනවද කියලා.
සාමාන්‍යයෙන් එක් භෞතික ගුවන් ධාවන පථයක අතථ්‍ය (Virtual) ධාවන පථ දෙකක් තිබෙනවා. ඒ කියන්නෙ එක් පැත්තකින් එකකුත් අනෙක් පසින් දෙවන එකත් ලෙස. මේ ධාවන පථ දෙක වෙන් වෙන් වශයෙන් හඳුනා ගැනීමට සහ සන්නිවේදනයේ පහසුව සඳහා මේවා අංකනය කර තිබෙනවා. ඒ ලෙස යෙදූ අංක තමයි ඔය ඉහළ දෙවන තුන්වන ඡායාරූප වල දැක්වෙන්නේ. මේ අංකනය සිදු කරන්නේ චුම්භක උතුරට (Magnetic North) සාපේක්ෂ දිශාව අනුව.
ඒ කියන්නේ ධාවන පථයේ කඩ ඉරකින් ඇඳ තිබෙන මධ්‍ය රේඛාව (Center Line) ඒ ඒ ධාවන පථයේ දී පිහිටන අංශක ගණන අනුව තමයි මේ අංක යොදන්නෙ. මේක අපි උදාහරණයකින් පැහැදිලි කර ගනිමු.
දැන් සිතන්න අපේ කටුනායක ගුවන් ධාවන පථයට කලපුව දෙසින් නැතිනම් මුහුද දෙසින් ගුවන් යානයක් පැමිණෙනවා කියලා. එතකොට එම යානය චුම්භක උතුරේ සිට අංශක 220ක් පමණ දිශාවකිනුයි පැමිණෙන්නෙ. මෙන්න මේ අංශක ගණන ධාවන පථයේ ප්‍රතිවිරුද්ධ පැත්තේ සටහන් කළ යුතුයි. ඉතින් මේ සටහන් කිරීමේ දී ඉලක්කම් 3 ක් ම යොදන්න වුනොත් සන්නිවේදනයේ දී ගැටළු ඇති වෙනවානෙ. ඒක නිසා තමයි දෙකක් දාන්නෙ. එතකොට ඒක 22 ලෙස සටහන් කර තිබෙනවා.
උතුරේ සිට දක්ෂිණාවර්තව (ඔර්ලෝසු කටු කැරකෙන දිශාවට)කැරකිලා ආපසු උතුරට එන විට අංශක 360 ක් යනවානෙ. මෙන්න මේක 10 න් බෙදලා තමයි මේ අංකය දෙන්නෙ. ඒ කියන්නෙ අංශක 250 යි නම් 25 කියලා තමයි දාන්නෙ. අංශක 40 ක් නම් 04 යි කියලා දානවා. මේක සන්නිවේදනයේ දි කියන්නෙ Zero Four (බින්දුවයි හතර) ලෙස. 22 නම් Two Two (දෙක දෙක) ලෙස තමයි කියන්නෙ. හැම වෙලාවෙම මේ අංක දෙකේ වෙනස වෙන්නේ 18 ක්. මොකද අංශක 180 ක රේඛාවක නේ මේක පිහිටන්නෙ.
ඔය පහළ තියෙන්නෙ මේක පෙන්නන්න ඇඳපු සටහනක්. A/C කියන්නෙ Aircraft කියන එක.
දැන් හිතමු සමාන්තර ධාවන පථ දෙකක් තියෙනවා කියලා එතකොට හඳුන්වන්නේ වම (Left –L) හා දකුණ (Right – R) ලෙස. උදාහරණයක් ලෙස 22L දක්වන්න පුළුවන්. තුනක් තියෙනවානම් මැද එක C (Center) ලෙස හඳුන්වනවා. ධාවන පථ 3 ට වැඩියෙන් තිබෙනවා නම් ඒවා පළමු 3 ඉහත පරිදි නම් කර ඊළඟ ඒවා තවත් 10 ක් ඉදිරියට ගෙන නම් කරනවා. ඒ කියන්නෙ 50R, 50C, 50L, 60R, 60L ආදී ලෙසයි. හරියටම චුම්භක උතුරට සමාන්තරව පිහිටි ධාවන පථ 36 හා 18 ලෙස හඳුන්වනවා.
ඉහළ තියෙන්නෙ ඇමරිකාවෙ Dallas-Fort Worth ගුවන් තොටුපළේ චන්ද්‍රිකා ඡායාරූප (Google Earth වලින්). මේකෙ දකින්න පුළුවන් ඔය කියපු කථා සේරම. මෙහි තියෙනවා සමාන්තර ධාවන පථ 5 ක්. මේ අංක වැදගත් වෙන්නේ ගුවන් යානා ගොඩබැස්ස වීමේ දී නිවැරදිව යානය ධාවන පථය හා ස්ථාන ගත කිරීමට. (ඒවගේම මේක හිතන්න ඕනෙ යානයේ තිබෙන මාලිමාව අනුව)
දෑනුම බෙදා ගන්නවට තුති.
ReplyDeleteඔහොම අංක තිබ්බද කියලාවත් මතක නෑ, කවුද දන්නේ ඒවායේ ඔච්චර දේවල් කියවෙනවා කියලා. ස්තුතියි, අදමයි දැනගත්තේ.
ReplyDeleteela ela
ReplyDeleteකවදාවත් හිතපු නැති දෙයක්.
ReplyDeleteමං නං ප්ලේන් එකක් ලගට දැකලවත් නෑ
ReplyDeletemepara yaddi balanda oona 22i 4i thiyanawada kiyala.........
ReplyDeleteවැදගත් ලිපියක්
ReplyDelete@nish
ReplyDeleteස්තුතියි
මේවයේ වැදගත් කම නං මෙහෙමයි කියන්න බෑ! මම ප්ලෙන් එලෙව්වෙ නැති උනාට මේ වගේ දේවල් දැනගන්න මාරම කැමතියි!
ReplyDeleteබුද්ධි දිගටම කියවනවා වගෙයි. ස්තුතියි කමෙන්ට් වලට. මට සතුටුයි මේ ගැන උනන්දු වෙනවට.
ReplyDeleteA Very good post. Thank you.
ReplyDelete