ගුවන් යානයක ආරක්ෂිතම ආසනය කුමක්ද?Which is the safest seat on an aircraft?

බොහෝ දෙනෙකු සිතන්නේ ගුවන් යානයේ පියාපත් සවිකර තිබෙන ස්ථානයන් ඉතාමත් ශක්තිමත් බැවින් එම ස්ථායන්හි පවතින ආසන ගුවන් අනතුරකදී සාපේක්ෂව ආරක්ෂාකාරී බවයි. තවත් සමහරු සිතන්නෙ ගුවන් යානයේ පසුපස තිබෙන ආසන වඩා ආරක්ෂාකාරී බවයි. මෙහිද යම් තාර්කික බවක් තිබෙන්නේ ගුවන් යානයක් අනතුරකට ලක්වන බොහෝ අවස්ථාවල එහි ඉදිරිපස කොටස පළමුව පොළවේ ගැටීම සිදු වන නිසාය.
මේ සම්බන්ධයෙන් බෝයිං සමාගම විසින් මෙක්සිකෝවේ “සොනෝරාන්“ කාන්තාරයේ දී කැමරා සහ සංවේදක සවිකරන ලද බෝයිං 727 වර්ගයේ යානයක් සහ මිනිස් ආදර්ශ යොදා ගනිමින් හිතාමතා සිදු කරන ලද ගුවන් අනතුරක් ආධාරයෙන් පරීක්ෂණයක් සිදු කරන ලදී.
මෙම පරීක්ෂණයේ දී ගුවන් යානය බිම වැදුණ පසුව ව්‍යාපාරික පන්තිය, පළමු පංතිය සහ සුපිරි පිරිමැසුම්දායි පංතිය පිහිටා තිබෙන යානයේ ඉදිරිපස ආසන පේළි 11 ක් පමණ විනාශ විය. ගුවන් යානයේ මෙම කලාපයේ 12 ගුණයක ගුරුත්වාකර්ශ බලයක් වාර්තා වී තිබිණ. පසුපසට වන විට එය 6 ගුණයක් දක්වා පහළ බැස තිබිණ. මේ අනුව ප්‍රවීනයින් විසින් තීරණය කරනු ලැබුවේ ගුවන් යානයේ පළමු පංතියේ ගමන් ගන්නා මගීන් කිසිවෙකුත් අනතුරින් දිවි ගලවා ගනු නොමැති බවත් 78% ක පමණ මගීන් සංඛ්‍යාවක් දිවි ගලවා ගැනීමට හැකියාවක් පවතින බවත්ය. කෙසේ වෙතත් යානයේ පසු පසට වන විට අනතුරින් දිවි ගලවා ගැනීමට ඇති හැකියාව ඉහළ යන බවත් ඔවුන් සඳහන් කළෝය.
1971 සිට සිදු වූ අනතුරු විශ්ලේෂණය කළ තවත් පරීක්ෂණයකින් කියවුනේ යානයේ පියාපත් වලින් පසුපස සිටින මගීන් ගේ දිවි ගලවා ගැනීමේ හැකියාව 69%ක් බවත් පියාපත් සවිකර තිබෙන ස්ථානයේ සිටින මගීන්ගේ දිවි ගළවා ගැනීමේ සම්භාවිතාවය 56% ක් පමණ බවත් සහ යානයේ ඉදිරිපස සිටින අයගේ මෙම සම්භාවිතාය 49% ක් පමණ වන බවත්ය.
ප්‍රමුඛ පෙලේ ගුවන් යානා නිෂ්පාදන සමාගම් මෙම තර්ක එතරම් සැළකිල්ලට නොගන්නා අතර බෝයිං සමාගම පවසන්නේ මේ සම්බන්ධයේන් පැහැදිලි නිගමනයකට ඒම අපහසු බවයි. කෙසේ වෙතත් මෙක්සිකෝවේ කරන ලද පරීක්ෂණයේ දී පැහැදිලි වූයේ ආසන පටි පැළඳ සිටින්නන්ගේ ආරක්ෂාව වඩා ඉහළින් තහවුරු වූ බවයි. බොහෝ ගුවන් අනතුරු වලදී හා වායු කැළඹීම් තත්වයන් වලදී යානයේ ඔබ මොබ ඇවිදින මගීන් අනතුරට ලක් වීම වැඩිය. තවත් තත්වයක් වන්නේ කෑම ආදිය සපයන අවස්ථාවේ ගෙන යන කුඩා ට්‍රොලි ආදිය මගීන්ගේ වැදීමෙන් අනතුරු සිදු වීමට ඉඩ බැවින් ජනෙල් ආසන්නයේ ආසන මෙහිදී ආරක්ෂිත බවයි.
එයාර්බස් සමාගම පවසනුයේ වඩාත් ආරක්ෂිතම ගුවන් යානය වන්නේ නිවැරදිව නඩත්තු කරන සහ අනතුරකට ලක් නොවන ගුවන් යානය බවයි. එම සමාගමට අනුව ඔවුන්ගේ විශාලම මගී ගුවන් යානයේ ත් දොරවල් අඩක් වඩා තිබියදීත් මගීන් 850ක් ඝණ අන්ධකාරයේ වුවත් තප්පර 90 ක් තුළදී යානයෙන් ඉවත් කළ හැකි බවයි.
එක්සත් ජනපද රජයේ විශ්ලේෂකයෙක් එරට 1993 සිට 2000 දක්වා වූ අනතුරු 568 ක් විශ්ලේෂණය කල අතර මගීන් 53487 කින් 51207 ක් දිවි ගලවාගෙන තිබිණ. එය 90%ට වඩා ප්‍රතිශතයකි. මෙයින් අනතුරු 26 ක් බරපතල වූ අතර එයින් න් අඩකඩත් වඩා මගීන් යානයේන් ඉවත් වී තිබිණ.
තවත් පරීක්ෂණයක දී සඳහන් වුයේ යානයෙන් ඉවත් වීමට ඇති දොරවල් වලට ආසන පේලි 6කින් පමණ දුරකින් සිටින මගීන්ගේ දිවි ගලවා ගැනීම සාපේක්ෂව අඩු වූ බවයි. එලෙසම යානයේ ජනෙල් අසල සිටි මගීන්ගේ මෙම තත්වය දෙපැත්තටම සමව තිබිණ.
කෙසේ වෙතත් ගුවන් ප්‍රවාහනය ලෝකයේ ආරක්ෂිතම ප්‍රවාහන මාධ්‍යයයි. ගුවන් අනතුරක් වීමට ඇති සම්බාවිතාවය ගුවන් ගමන් වාර මිලියන 4.7 කට එකක් පමණය.
නමුත් ගුවන් යානයක පිරිමැසුම් පන්තියේ ආසනපටි පැළඳ පිටවීමේ දොරටුවට ආසන්න ආසන පේලීයක ජනේල අසල අසුන් ගැනීම සාපේක්ෂව ආරක්ෂාකාරී බවයි.
එහෙත් මේ සිදු වීම් වලින් අපගේ දෛවය වෙනස් කර ගැනීමට ඇති ඉඩ පිළිබඳව සිතා බැලිය යුතුය.












10 comments:

  1. මිලියන 4.7ට එකක් කියන්නෙ හොඳ සම්භාවිතාවක්නෙ.. ගෙදරදි අනතුරක් වෙන්න තියන සම්භාවිතාවත් ඊට වැඩියි මට හිතෙන්නෙ..

    ReplyDelete
    Replies
    1. ඔව් සෙන්නා...ඒකනේ ගුවන් ප්‍රවාහනය ආරක්ෂිතම ප්‍රවාහන ක්‍රමය කියන්නෙ

      Delete
  2. ඔය කොහොම කිව්වත් මට නං හිතෙන්නෙම අහසේ පාවෙන යකඩ බටයක් අස්සේ නේද අපි ඉන්නේ කියලා...... මුහුද උඩින් යද්දි නං මයිල් ‍ඔක්කොම කෙලින් වෙලා යනවා......! තොරතුරු සැපයුවාට ස්තුතියි.... බලමු ඊ ලග පාරවත් මුල්ලේ සීට් එකක් හොයාගන්න.... (A/C බස් එකේ වගේ :D)

    ReplyDelete
  3. Black box එක යානයේ සවිකරන්නෙත් ටේල් එකේ නේද? ඒකට හේතුවත් මම අහලා තියෙන විදියට අනතුරකදී බොහෝවිට ටේල් සෙක්ෂන් එක සාපේක්ෂව අඩුවෙන් හානි වීම.

    ඔන්න අපි ලඟදිම එනවා ඉෂාර.

    ReplyDelete
    Replies
    1. HB ඒක ඇත්ත. පිටිපස්සෙ සවිකරලා තියෙන්නෙ හානිය අවම කරන්න. FDR (Flight Data Recorder) සහ CVR (Cockpit Voice Recorder) කියන කළු පෙට්ටි දෙකම තියෙන්නෙ යානයේ පසුපසට වෙන්නට

      Delete
  4. හොද ලිපියක් ... හැබයි ෆිල්ම් වල පෙන්නන්නේ ගුවන් යානයේ පිටුපස ගැලවිලා මගින් එලියට විසි වෙන එව්වා මයි ......

    ReplyDelete
  5. මමනම් කැමතිම ජනේලය අසල සීට් එකට . ආරක්ෂාවක් ගැන හිතල නෙමේ අවට සිරි නරඹන්න ආස නිසා .ගුවන් ගමන් වලට වඩා බයක් දැනෙන්නෙ ගොඩ බිම ගමන් වලට .

    ReplyDelete
  6. බොහොම වැදගත් තොරතුරක්. මීට පස්සේ VIP එක පස්සේ සෙට් කරයිද දන්නෑ

    ReplyDelete
  7. හුග කාෙලකින් මම අාෙව්.......ම්....ඉතාම වැදගත් මටත් පුෙයා්ජනවත්....ඊළග ගුවන් ගත වීෙමදී ෙම් ගැනත් සැලකිලිමත් ෙවන්න ෙවනවා දැන්.....ෙපර නම් සැලකිලි මත් උෙන් ජැනලයක් අයින. වලාකුලු බල බල යන්න.... :D

    ReplyDelete

මොනවා හරි ලියලා ගියොත් හැදෙන්න පුළුවන්....