Boeing 787 Dreamliner “බෝයිං 787 සිහින යානය“ 2 කොටස

 

1 කොටස

සංවර්ධනය

පසුබිම

90 දශකෙය් අග භාගය වන විට බෝයිං සමාගමේ 747 හා 767 ගුවන් යානා සඳහා වන ඉල්ලුම ක්‍රමයෙන් පහල යන්නට විය. මෙම නිසා ඔවුන් නව නිපැයුමක් එළි දැක්වීමට අදහස් කල අතර ඔවුන් යෝජනා කලේ 747 යානය වෙනුවට ඊට වඩා සැහැල්ලු 747X යනුවෙන් හඳුන්වන වඩා කාර්යක්ෂමතාවයෙන් ඉහල යානයක් හඳුන්වා දීම සහ 767 යානය වෙනුවට “සොනික් කෘෂර්“ යනුවෙන් යානයක් හඳුන්වා දීමටයි. මෙයින් 747x යානයට ඉහළ ප්‍රතිචාරයක් නොලැබුණ අතර සොනික් කෘෂර් යානයට වඩා හොඳ අනාගතයක් ඇති බව පෙනින. කෙසේ වෙතත් ප්‍රමුඛ පෙළේ ගුවන් සමාගම් සොනික් කෘෂර් පිළිබඳ උනන්දු වුවද මෙහෙයුම් වියදම් ගැන ද අවධානය යොමු වී තිබිණ.

2001 සැප්තැම්බර් 11 වන දින ඇමරිකාවට එල්ලවූ ත්‍රස්ත ප්‍රහාරය සහ ඉහළ යමින් තිබූ ඉන්ධන මිල හේතුවෙන් ගුවන් සමාගම් වැඩි කාර්යක්ෂමතාවයකින් යුතු යානා ලබා ගැනීමට උනන්දු විය. කෙසේ වෙතත් බෝයිං සමාගම විසින් “සොනික් කෘෂර්“ යානා ව්‍යාපෘතිය අවලංගු කර ඒ වෙනුවට වඩා කාර්යක්ෂම 7E7 යනුවෙන් හඳුන්වන දිවිත්ව එන්ජින් වලින් යුතු සහ බෝයිං 747 යානයට වඩා විශාල යානයක් නිපදවන බව සඳහන් කලේය.

සොනික් කෘෂර් යානා ව්‍යාපෘතිය යටපත් කර "7E7" යනුවෙන් ව්‍යාපෘතියක් බෝයිං සමාගම විසින් හඳුන්වා දුන් අතර සොනික් කෘෂර් සහ 7E7 යන ව්‍යාපෘති වල භාවිතා වන තාක්ෂණය මින් ඉදිරියට නිපදවන සියළු බෝයිං යානා වලට ඇතුලත් කිරීමට සමාගම තීරණය කෙරින. මෙම නව 7E7 නාමයේ E අක්ෂරයට විවිධ අර්ථකථන දුන්න ද අවසානයේ බෝයිං සමාගම සඳහන් කලේ Eight යන්න මෙයින් නිරූපණය කළ බවයි. 2003 වර්ෂයේ දී මෙම නව යානයට නමක් තේරීමට මාර්ග ගත චන්දයක් පැවැත් වූ අතර ලක්ෂ 5 ට වැඩා වැඩි ඡන්ද ගණනකින් Dreamliner යන නම තේරිණ. eLiner, Global Cruiser සහ Stratoclimber වැනි නම් ද මේ සඳහා යෝජනා කර තිබිණ.

image

2008 වර්ෂයේ අවසානයේ දී ලබා දීමට නියමිතව ජපානයේ “ඕල් නිපොන් ගුවන් සමාගම“ විසින් ගුවන් යානා 50 ක් ලබා ගැනීමට ස්ථිර ඇණවුමක් 2004 වර්ෂයේ දී ලබා දුන් අතර එමගින් ඔවුන් මුල් දියත් කිරීමේ පාරිභෝගිකයින් බවට පත් විණ. මෙම නව යානා ඇණවුමත් සමග එම ගුවන් සාමාගම අදහස් කරනු ලැබූවේ නව ගමනාන්ත කරා යොමු වීමටයි.

20131107_095349_resized

සැළසුම් අවධිය

මේ අවධිය වන විට ගුවන් යානා බඳ සැකසීම සඳහා ඇළුමිනියම් සිලින්ඩර කිහිපයක් 50 000 කට අධික ඇමුණුම් මගින් සම්බන්ධ කරමින් යොදා ගත් අතර මෙම නව යානය තනි සිලින්ඩරයකින් සැකසීමට සැළසුම් කෙරිණ. රොල්ස් රොයිස් සහ ජෙනරල් ඉලෙක්ට්‍රික් සමාගම් වල එන්ජින් පිළිබඳවද සමාගම සළකා බලන ලදී. බෝයිං සමාගම පැවසුයේ ඔවුන්ගේ 767 යානයට වඩා මෙම නව යානය 20%ක ඉන්ධන කාර්යක්ෂමතාවයකින් යුතු බවත් එම කාර්යක්ෂමතාවය එන්ජින් වලින් සහ වැඩි දියුණු කරන ලද වායුගති විද්‍යා ලක්ෂණ වලින්ද ලබා ගත් බවයි.

මෙහි සැළසුම් අවධියේ දී විවිධ ආකාරයෙන් සුළං වලට මුහුණ දීම උදෙසා වන පරීක්ෂන රාශියක් ලොව විවිධ ප්‍ර දේශ වල පිහිටි පර්යේෂණාගාර වල සිදු කරන ලද අතර ඒ අනුව යානයේ හැඩය හා උපකරණ වල ස්වභාවය තීරණය කරන ලදී. ඒ අනුව මුල් යෝජනාවට වඩා නව යානයේ බොහෝ වෙනස් කම් සිදු කර තිබිණ. 2004 වර්ෂයේ දී මෙම යානය සඳහා ලැබී තිබූ ඇණවුම් ගණන 237 ක් දක්වා වර්ධනය වී තිබූ අතර එක් යානයක් සඳහා මිල ඩොලර් මිලියන 120 ක් පමණ විය හැකි බව සඳහන් විය. කෙසේ වෙතත් මෙම ගණන පසුකාලීනව ඩොලර් මිලියන 200 වඩා වැඩි වී තිබිණ.

තව කොටසක් බලාපොරොත්තු වන්න

3 comments:

  1. මුළු ලිපියම එක වර පල කළා නං තමා වඩා හොද ... මේ වගේ තාක්ෂණික ලිපි වලදී ඔක්කොම විස්තර මතක තියාගන්ඩ එපයි

    ReplyDelete
  2. මේකද දැනට තියන ලොකුම එක ?

    ReplyDelete
    Replies
    1. නැහැ. බෝයිං සමාගමේ ලොකුම යානය 747-8 යානයයි. එහි මගීන් 606 පමණ උපරිම ගෙන යා හැකියි. ලොව දිගම මගී යානයත් එයයි. මීටර් 76.4 ක් දිගයි. ලොව විශාලම මගී යානය එයාර්බස් 380 යානයයි. මගීන් උපරිම 853 ක් ගෙන යා හැකියි. ලොව විශාලම භාණ්ඩ ප්‍රවාහන යානය AN 225 යානයයි. එහි දිග මීටර් 84 ක් පමණ වෙනවා.

      Delete

මොනවා හරි ලියලා ගියොත් හැදෙන්න පුළුවන්....