Boeing 787 Dreamliner “බෝයිං 787 සිහින යානය“ 1 කොටස

පසුගිය 07 වන (2013 නොවැම්බර් 07) දින පෝලන්තයට අයත් ලොටි පොලිස් (LOT POLIS) ගුවන් සමාගමට අයත් නවතම බෝයිං 787 වර්ගයේ යානයකින් සංචාරකයින් පිරිසක් දිවයිනට පැමිණියේය. මෙම යානයේ විශේෂත්වය වන්නේ එය බෝයිං සමාගම විසින් ඉදිරිපත් කරන ලද නවතම යානය වීම නිසා සහ එම යානය ශ්‍රී ලංකාවට පැමිණි පළමු අවස්ථාව මෙය වීමත්ය. අද දින සිට ආරම්භ වන මේ ලිපි මාලාවෙන් බෝයිං 787 යානය පිළිබඳ විස්තර ඔබ හා බෙදා ගැනීමට අදහස් කරමි.
20131107_094128_resized
--කටුනායකට පැමිණි යානය---
බෝයිං 787 ඩ්‍රීම්ලයිනර් යානය දිගු දුර ධාවනය කළ හැකි මධ්‍යම ප්‍රමාණයේ විශාලත්වයකින් යුතු එන්ජින් දෙකකින් සමන්විත පුළුල් බඳ සහිත යානයකි. එය ඇමරිකාවේ බෝයිං වාණිජ ගුවන් යානා නිෂ්පාදන සමාගමේ නිෂ්පාදනයකි. මගීන් 210 ත් 330 අතර ප්‍රමාණයක් ගෙන යා හැකි අයුරින් සකස් කළ හැකි මෙම යානය එම නිෂ්පාදන සමාගමේ වැඩිම ඉන්ධන කාර්යක්ෂමතාවයෙන් යුතු යානය බව එම සමාගම පවසයි. බෝයිං සමාගමේ ම නිෂ්පාදනයක් වන 767 යානයට වඩා 20% ක පමණ ඉන්ධන කාර්යක්ෂමතාවයකින් මෙය නිපදවීමට බෝයිං සමාගම උත්සාහ කර තිබිණ. විද්‍යුත් ගුවන් පද්ධතියක් සහිත මෙම නව යානයේ ඉදිරිපස වීදුරුව කොටස් 4කින් යුක්තය. එලෙසම ශබ්ධය පිටවීම ද අවම කිරීමට තාක්ෂණික ක්‍රම යොදා ඇත. මෙම යානයේ තවත් සුවිශේෂිත්වයක් වන්නෙ බෝයිං 777 යානය පැදවිමට හැකියාවක් තිබෙන ගුවන් යානා නියමුවන්ට මෙම යානයද පැදවීමේ හැකියාවක් තිබේ. එය හේතුව මෙම යානයේ සැළසුම බෝයිං 777 යානයේ ලක්ෂණ වලට සමාන වීමයි.
2005 වර්ෂයේදී 787 ලෙස නම් කිරීමට ප්‍රථම ගුවන් යානයේ මුල් අවධියේදී එය හඳුන්වනු ලැබුවේ 7E7 යනුවෙනි. 2007 ජූලි මාසයේ 8 වන දින පළමු 787 ගුවන් යානය එළි දක්වන විට නව යානා 677 කට ඇණවුම් ලැබී තිබූ අතර එය මින් පෙර පුළුල් බඳ සහිත යානා වලට ලැබුන ඉල්ලුම ඉක්මවා යන්නක් විය. 2013 මැයි මාසය වන විට යානා 890 ක් සඳහා ඇණවුම් ලැබී තිබූ අතර පාර්භෝගිකයින් 58 කි සිටියහ. මෙයින් වැඩිම ඉල්ලුම සිදු කර තිබුනේ ගුවන් යානා බඳු පදනම මත ලබා දෙන ආයතනයක් වන “ ඉන්ටර්නැෂනල් ලීස් ෆයිනෑන්ස් සමාගම“ යි.
නව යානය නිපදවීම උදෙසා ලොව නන් දෙසින් සැපයුම්කරුවන් විශාල ප්‍රමාණයකගේ සහභාගීත්වය ලැබෙන අතර ගුවන් යානයේ අවසාන එකලස් කිරීම සිදු වනුයේ ඇමරිකා එක්සත් ජනපදයේ වොෂින්ටන්හි පිහිටුවා ඇති “බෝයිං එමරෙට් කර්මාන්තශාලාවේ“ දීය. උතුරු චාල්ස්ටන් වල අළුතින් පිහිටුවන ලද නව කාර්මාන්තශාලාවේදී ද එකලස් කිරීම සිදුවන අතර ඇණවුම් සම්පූර්ණ කිරීම කර්මාන්තශාලා දෙකෙන්ම සිදු වේ. මුලදී යානය නිපදවා අවසන් කිරීමට සැළසුම් කර තිබුනේ 2008 වර්ෂයේ මැයි මාසයේ වුවද විවිධ හේතු නිසා මෙය දිනෙන් දින ප්‍රමාද වු අතර මංගල ගුවන් සැරිය සිදු කරන ලද්දේ 2009 දෙසැම්බර් 15 ව දිනයේ දී යි. 2011 මැද භාගය වන විට පරීක්ෂණ ගුවන් ගමන් අවසන් වූ අතර පෙඩරල් ගුවන් සේවා පරිපාලනයේ සහ යුරෝපිය ගුවන් සේවා සුරක්ෂිතතා ඒජන්සියේ අනුමතිය 2011 අගෝස්තු මාසයේ දී ලැබිණ. පලමු වාණිජ ඇණවුම සම්පූර්ණ කිරීමට හැකියාව ලැබුනේ 2011 සැප්තැම්බර් මාසයේ දී වූ අතර පලමු වාණිජ ගුවන් ගමන සිදු වූයේ 2011 ඔක්තතෝබර් 26 න දිනයේ දීයි.
මෙම නව ගුවන් යානා වර්ගය සේවයේ යෙදීමේ දී පසුගිය කාලසීමාවේ දී විවිධ දෝෂ වලට ලක් වූ අතර විශේෂයෙන් “ලිතියම් අයන්“ කෝෂ හා සම්බන්ධව ඇති වූ ගින්න දැක්විය හැක. මේ හේතුව නිසා ඇමරිකාව, ජපානය, චිලී, ඉන්දියාව වැනි මෙම යානයේ පාරිභෝගික රටවල ගුවන් සේවා නියාමන ආයතන විසින් තම රටට අයත් සියළු මෙම වර්ගයේ ගුවන් යානා පියාසර කිරීම තාවකාලිකව අත් හිටුවීමට උපදෙස් නිකුත් කරන ලදී. කෙසේ වුවද බෝයිං සමාගම බැටරි වල සැලසුමේ වෙනසක් කිරීමෙන් පසුව යලිත් ගුවන් යානා පියාසර කිරීමට අනුමැතිය 2013 අප්‍රේල් මස ලබා දෙන ලදී.
 
තව කොටසක් බලාපොරොත්තු වන්න









3 comments:

  1. මටනම් බෝයින් යානා ගැන එච්චර විශ්වාසයක් නෑ.. සාපේක්ෂව බෝයින් යානා අනතුරුවලට මුහුණදෙනවා වැඩියි කියලා මට හිතෙනවා. මේ ලඟකදි සැන්ෆ්‍රැන්සිස්කෝ වලදි ගිනි ගත්තෙත් මේකක් නේද ?

    ReplyDelete
  2. ඒකනේ. මම ඔය ප්‍රවෘතිය දැක්කාම කල්පනා කලා මේකේ විශේෂය මොකක්ද කියලා. ඒ මොකද 787 එක ලොකුම ගුවන් යානයක් නොවන නිසා.

    ඒක නෙවෙයි ලොක්කා. අර චාල්ස් කුමාරයා ආපු ෆ්ලයිට් එකේ (බ්‍රිටිං එයාවේස් වෙන්නැති) මම දැක්කා වින්ඩ්ෂීල්ඩ් එක ලඟ කොඩි දෙකක් ගහලා තියෙනවා. ඒක ගහන්නේ කවුද? කොහොමද?

    ReplyDelete
    Replies
    1. ඔව් මේක ලංකාවෙ නිවුස් වලට කිව්වෙ බෝයිං සමාගමේ ලොකුම යානය කියලා. ඒත් එහෙම නෑ. මේ සාමාන්‍ය ප්‍රමාණයේ යානයක්.

      අර කොඩි ප්‍රශ්ණෙදි වෙන්නෙ යානය ගොඩ බැස්සුවායින් පසුව යානයේ ඇතුලත පීඩනය සාමාන්‍ය තත්වයට පත් කළායින් පසුව නියමුවා විසින් ඉදිරි පස වීදුරුව විවර කර එම ස්ථානයේ මේ කොඩි ස්ථානගත කරනවා. මේ ස්ථානයේ සාමාන්‍යයෙන් කොඩිය ගැසීමට විශේෂ ආධාරකයක් නම් නැහැ. එම ස්ථායේ තාවකාලිකව ගැට ගැසීමක් තමයි සිදු කරන්නෙ.

      Delete

මොනවා හරි ලියලා ගියොත් හැදෙන්න පුළුවන්....