චාල්ස් ආවෙ මොකේද?

එංගලන්තයේ රජ පවුල ලෝකයේ ඉතාම ඉහළින් ගෞරවයට පාත්‍රවන රාජකීයයන්. පසුගියදා අවසන් වුන පොදු රාජ්‍ය මණ්ඩල සමුළුවේ ආරම්භය සනිටුහන් කිරීම සඳහා ශ්‍රී ලංකාවට එංගලන්තයේ මහ රැජිණ නියෝජනය කරමින් පැමිණ සිටියේ ඇයගේ පුත් චාල්ස් කුමාරයායි. අප දුටුවා ඔහු සහ පිරිවර පැමිණ සිටියේ අප මින් පෙර දැක නොමැති ගුවන් යානයකින්. සමහර විට ඔබ සිතන්න ඇති ඒ රජ පවුලටම අයත් ගුවන් යානයක් කියා.
නමුත් දැනට එංගලන්තයේ රාජකීයයන්ට අයත් ගුවන් යානයක් නැහැ. ඔවුන් භාවිතා කරන්නේ ද එක්සත් රාජධානියේ ජාතික ගුවන් සේවය වන “බ්‍රිටිෂ් එයාර් වේස්“ හෝ රාජකීය ගුවන් හමුදාවේ යානා. සමහර අවස්ථාවල පෞද්ගලික ගුවන් යානා (ව්‍යාපාරික ජෙට්) සමාගම් වලිනුත් ඔවුන් යානා කුලියට ගැනීම සිදු වෙනවා.
මෙවර ශ්‍රී ලංකාවේ පැවති පොදු රාජ්‍ය මණ්ඩල සමුළුවට එක්සත් රාජධානියේ ඔටුන්න හිමි චාල්ස් කුමරු පැමිණියේ ලුටන් ගුවන් තොටුපල කේන්ද්‍ර කර ගනිමින් ව්‍යාපාරික කටයුතු සිදු කරන “ට්වින්ජෙට් ඒවියේෂන්“ පුද්ගලික ගුවන් සමාගමට අයත් සුවිශේෂී එයාර් බස් 319 වර්ගයේ ගුවන් යානයකින්. මෙම යානා වර්ගය එයාර් බස් ගුවන් සමාගමේ Airbus Corporate Jet (ACJ) නැමති අංශයේ නිෂ්පාදනයක්. එයාර්බස් සමාගම විශේෂයෙන් ව්‍යාපාරික ගුවන් යානා සඳහා පාරිභෝගික අවශ්‍යතා අනුව ගුවන් යානා නිෂ්පාදනය සිදු කරනවා.

TWINJET AVIATION

1982 දී පමණ ආරම්භ කර ඇති මෙම ගුවන් සමාගම එක්සත් රාජධානියේ සිවිල් ගුවන් සේවා අධිකාරියේ “ඒ“ ශ්‍රේණියේ සහතිකයක් හිමිකර ගෙන තිබෙනවා. ‘බ්‍රිටිෂ් එයාර් වේස්‘ සමාගමට මෙන්ම ඔවුන්ටත් මෙහෙයුම් කිරිමට මෙමගින් හැකියාව ලැබී තිබෙනවා. එක්සත් රාජධානියේ විශාලම පුද්ගලික ගුවන් යානා වර්ගය ඔවුන් සතු වෙනවා. එය ACJ319 වර්ගයට අයත්.

චාර්ල්ස් කුමාරයා මෙවර භාවිතා කළ ගුවන් යානය

ඉහතින් සඳහන් කළ පරිදිම චාර්ල්ස් කුමාරයා මෙවර භාවිතා කලේ “ටිවින්ජෙට් ඒයියේෂන්“ සමාගමට අයත් ACJ319 වර්ගයේ යානයයි. එහි මගීන් 34 කට පළමු පන්තියේ ආසන පැනවීම සිදු කළ හැකියි. ඒ වගේම එහි සෙටි සහිත කාමර දෙකක් වෙන් වශයෙන් පිහිටා තිබෙනවා.
පහත දැක්වෙන්නේ එහි ඇතුලත සැළසුමයි.
image
මෙහි තිබෙන මෙම සෙටි දිගු ගුවන් ගමනක දී ඇඳන් ලෙස සකස් කළ හැකියි. මෙම යානය පැය 10 නොනවත්වා ධාවනය කළ හැකියි
පහත දැක්වෙන්නෙ එම යානයේ පිටත දර්ශණයක්.
image
මේ ඇතුලත එක් කාමරයක දර්ශණයක්
image
image
මේ දැක්වෙන්නේ පළමු පන්තියේ සාමාන්‍ය මගී ආසන
image
මේ තියෙන්නෙ එක් කාමරයක් සෙටියක් ඇඳක් ලෙස පරිවර්තනය කිරීමෙන් පසු දරිශනයක්.
image
මෙම ගුවන් යානයේ තාක්ෂණික ලක්ෂණ කීපයක් පහත පරිදි දක්වන්න පුළුවන්.

දිග 33.84 m
බඳෙහි දිග 3.95 m
පියාපත් පරාසය 35.80 m
උස 11.76 m
මෙහෙයුම් පරාසය 11,100 km
ගුවන් ගතවීමට ධාවනය විය යතු දුර 1,850 m
ගොඩබෑමකදී ධාවනය වන දුර 1,360 m
උපරිම වේගය නාවික සැතපුම් 546
මෙහෙයුම් කළ හැකි උස 12,500 m
කෙසේ වෙතත් රාජකීයයන් තමන් ගුවන් ගමන් සඳහා ඉතා ඉහළ මුදලක් වැය කරන බව නම් විවාදයට ලක් වෙමින් නිතර කථාබහට ලක්වන කාරණයක්.













7 comments:

  1. ම්...ෙමානා උනත් ෙලාක්කෙග් නිහතමානි කමක් නම් තිෙයනවා කියලා හිෙතනවා...එංගලන්තය එයාලාට වියදම් කලත් කමක් නැහැ ෙන්ද. ෙමාකද එංගලන්තට තිෙයන කීර්තිය ෙත්ජස එයාලට ලබා දීලා තිෙයන්ෙන් චාල්ස් කුමාරයාෙග් පරම්පරාෙව් අය ෙන්. ඔය පරම්පරාව ඉවර උෙනාත් මට හිෙතන හැටියට ඔය දැනට එංගලන්තයට තිෙයන පිලිගැණීම ෙගෟරව බහුමාණය ටිකක් අඩුෙවයි...ෙමාකද කියන්ෙන් ?

    ReplyDelete
  2. ස්තුතියි විස්තරයට

    ReplyDelete
  3. කරුණු කාරණා වලට ස්තූතියි. කොහොම උනත් රජ පවුලට මෙච්චර වත් වියදම් කරන එකට බොහෝ බ්‍රිතාන්‍ය අය කැමති නෑ. නිකන් බොරුවට රජ පවුලක් නඩත්තු කරන එකේ තේරුමක් තියෙනවද ?

    ReplyDelete
  4. කාලෙට ගැලපෙන ලිපියක්....... දෙන්නෙක් තුන්දෙනෙක්ට එන්න සැප පහසු පොඩි ප්ලෙන් නැද්ද? යානාව පොඩි වෙන්න පොඩි වෙන්න ඒකේ තියෙන ආරක්ෂා කාරි ගතිය අඩුවෙලා යනවද?

    ReplyDelete
    Replies
    1. අපෝ පුළුවන්
      පුංචි පවුල් වලට යන්නත් පොඩි ගුවන් යානා තියෙනවා.
      නිවැරදිව නඩත්තු කරනවානම් සහ නිවැරදි තත්ව යටතේ පියාසර කරනවානම් ලොකු කුඩා කියලා නෑ ආරක්ෂාවක් තියෙනවා.

      Delete
    2. @බුද්ධි,
      අඩේ උඹත් එකක් ගන්නට යන්නෙ. :D

      Delete
  5. නියම තොරතුරු ටිකක්. මේව දැකල ලංකාවටත් එකක් ඕන වෙයිද දන්නෑ.

    ReplyDelete

මොනවා හරි ලියලා ගියොත් හැදෙන්න පුළුවන්....