Airbus A350 XWB–( අවසන් කොටස)

 

පළමු ලිපිය බලන්න

දෙවන ලිපිය බලන්න

තෙවන ලිපිය බලන්න

විවිධ සංස්කරණ Variants

එයාර්බස් 350 ගුවන් යානය A350 -800, A350-900 සහ A350-1000 යනුවෙන් වර්ග තුනකින් හඳුන්වා දීමට නියමිත අතර A350 -800 වර්ගය මේ වර්ෂයේ මැද භාගයේ දී පමණ දියත් කිරීමට නියමිතය.

image

A350-800

A350-800 වර්ගයේ යානයේ පන්ති 3 නේ සැළසුම අනුව මගී ආසන 270 ක් සවි කළ හැකි අතර එක් පෙළකට ආසන 9 වන ආකරයට මෙම ආසන සකස් කළ හැක. එක් වරකදී මෙම යානයට කිලෝ මීටර් 15400 ක් ගමන් කළ හැක. යානය දිගින් මීටර් 60.5 ක් පමණ වන අතර ගුවන් ගත වීමට හැකි උපරිම බර ටොන් 248 ක් පමණ වේ. එන්ජින් දෙකකින් සමන්විත යානයකි.

A350-900

A350-900 වර්ගයේ යානයේ පන්ති 3 නේ සැළසුම අනුව මගී ආසන 314 ක් සවි කළ හැකි අතර එක් පෙළකට ආසන 9 වන ආකරයට මෙම ආසන සකස් කළ හැක. එක් වරකදී මෙම යානයට කිලෝ මීටර් 15000 ක් ගමන් කළ හැක. නමුත් මෙහි තවත් සංස්කරණ වලදී ගමන් කළ හැකි උපරිම දුර කිලෝමීටර් 17000 ක් පමණ ප්‍රමාණයකට වැඩි කිරීමට යෝජනා කර ඇත. යානය දිගින් මීටර් 66.8 ක් පමණ වේ. එන්ජින් දෙකකින් සමන්විත යානයකි.

 

A350-1000

A350-1000 වර්ගයේ යානයේ පන්ති 3 නේ සැළසුම අනුව මගී ආසන 350 ක් සවි කළ හැකි අතර එක් පෙළකට ආසන 9 වන ආකරයට මෙම ආසන සකස් කළ හැක. එක් වරකදී මෙම යානයට කිලෝ මීටර් 15600 ක් ගමන් කළ හැක. නමුත් මෙහි තවත් සංස්කරණ වලදී ගමන් කළ හැකි උපරිම දුර කිලෝමීටර් 17000 ක් පමණ ප්‍රමාණයකට වැඩි කිරීමට යෝජනා කර ඇත. යානය දිගින් මීටර් 73.8 ක් පමණ වේ. එන්ජින් දෙකකින් සමන්විත යානයක් වන අතර මෙම වර්ගයේ විශාලතම යානයයි. අනෙක් වර්ග දෙකට වඩා පියාපතේ වර්ගපලය වැඩි අතර එමගින් වැඩි එසවුම් ධාරිතාවක් ලබා ගත හැකිය.

 

මෙහි සඳහන් තොරතුරු මෙම යානය සැකිසීමට පෙර සහ පළමු යානය සැකසීමෙන් පසු එම නිෂ්පාදකයා විසින් දක්වන ලද තොරතුරු වේ. නමුත් මේ සියළු යානා සකසා අවසන් වීමෙන් පසු මෙහි සඳහන් තොරතුරු මීට වඩා වෙනස් වීමට ඉඩ ඇත.

නිමි

11 comments:

  1. එක පෙලකට ආසන නවයක් ? ඒක මහ විශාල ගානක්නෙ ? ප්ලේන එක එච්චර පලලද ? එතකොට සර්ව් කරන්න එහෙම අපහසුනෙ..

    මෙම ලිපි මාලාවට ස්තූතියි ඉෂාර..

    ReplyDelete
    Replies
    1. සෙන්නා, ආසන 9 එන්නෙ 3 සෙට් 3ක් විධියට. ඒ කියන්නෙ මැදින් අයිල් 2ක් තියෙනවා. පුලුල් බඳ ගුවන් යානා වල අයිල් 2ක් තියෙනවනෙ. ඉතින් අපහසුවක් නැහැ සේවා සපයන්න. දැනටත් ගුවන් යානා වල එහෙම තියෙනවා

      Delete
    2. හරි හරි දැන් තමා තේරුනේ.. එහෙම තියනවා නේන්නම්..

      Delete
  2. නිකම්ම නිකං මීටර් 60 කියනවට වඩා ඒ ගැන උපකල්පනය කරද්දි, ඒ කියන්නේ පිට්ටනියක මීටර් 100 ධාවන පථයේ හරි අඩකටත් වඩා දිගයි කියලා හිතද්දි ඇඟත් එක්ක හිරිවැටිලා යනවා.

    කොහොමවුනත් මේ තොරතුරු දැනගන්න අපි කොහොමත් කැමතියි.

    ReplyDelete
  3. බුද්ධි කියල තියෙනව වගේ මේ විස්තර දැනගන්න මාත් කැමතියි.
    මේ විස්තර කියල දෙනවට ස්තුතියි.

    ReplyDelete
  4. හරි ඒ එයාබස් A350 සීරීස් එකත් මෙතකින් නිමියේය. නමුත් ඉශාරට තව වැඩක් තියෙන්වා අර කෙහෙල් කොරොට්ටා සෙට් කරපු. මේ දවස්වල පු‍ටුවකට තියලා බැඳලා, කටේ රෙදිපාංකඩ ඔබලා ඩක්ට් ටේප් අලවලා ඉන්න නිසා අපි ඉවසගෙන ඉන්නවා.

    ReplyDelete
    Replies
    1. මරණ තර්ජනත් තියෙනවා......

      Delete
  5. කොටස් තුනම ආශාවෙන් කියවූවෙමි. ගොඩක් ස්තූතියි

    ReplyDelete
  6. කියවූවෙමි ඔබේ ලිපිය ස්තූතියි ඔබට

    ReplyDelete
  7. ලිපි තුනම කියලවලා එයා බස් ගැන සෑහෙන දැනීමක් එකතු කර ගත්තා . ගුවන් යානා පිලිබඳ විස්තර කියවන්න අසාවක් ඇති කලේ "අපේ අහස" බ්ලොග් එක නිසා කියල නිහතමානීව කියනවා ..

    ReplyDelete
  8. ඔන්න ඉෂාර උඹැහෙගෙ නම සඳහන් වෙච්ච තවත් කතාවක් පළවෙලා.

    http://dude-heydude.blogspot.com/2013/09/74-panic-attack.html

    http://bluejeansntshirts.blogspot.com/2013/09/94-panic-attack.html

    ReplyDelete

මොනවා හරි ලියලා ගියොත් හැදෙන්න පුළුවන්....