Airbus A350 XWB–( 3 කොටස)

 

පළමු ලිපිය බලන්න

දෙවන ලිපිය බලන්න

සැළසුම

2007 සැප්තැම්බර් මාසයේ දී එයාර්බස් සමාගම සදහන් කලේ නව ගුවන් යානය A380 ගුවන් යානය සැකසීමේ දී භාවිතා කළ තාක්ෂණය ම භාවිතා කරමින් සකසන බවත් A380 ගුවන් යානයේ නියමු කුටියට සමාන නියමු කුටියක් මෙම නව යානයේත් සකස් කිරීමට අදහස් කරන බවයි. එලෙසම නියමුවෙකු අතින් සිදුකරන මෙහෙයුම වෙනුවට ඉලොක්ට්‍රොනික උපාංග මාර්ගයෙන් ගුවන් යානය පාලනය වන fly-by-wire ක්‍රමය මෙහිදීද භාවිතා වන බව ඔවුන් වැඩිදුරටත් පැවසීය. මීට අමතරව ඔවුන් සඳහන් කලේ ගුවන් යානයේ අමුද්‍රව්‍ය වලින් 53% ක් සංයුක්ත අමුද්‍රව්‍ය වලින් ද 19% ක් ඇලුමිනියම්-ලිතියම් මිශ්‍රණයකින් ද 14%ක් ටයිටේනියම් වලින්ද 20% ක් ඇළිමිනියම් වලින් ද 6% ක් වානේ වලින් සහ 8% ක් වෙනත් දුව්‍ය වලින් ද සමන්විත වන බවයි. Boeing 787 ගුවන් යානයේ අමුද්‍රව්‍ය සැළකීමේ දී එහි 50% ක් සංයුක්ත අමුද්‍රව්‍ය ද, 20% ක් ඇලුමිනියම් ද, 15 ක් ටයිටේනියම් ද, 10% ක් වානේ සහ 5%ක් වෙනත් දුව්‍ය වලින් ද නිර්මිත විය.

එලෙසම යානයේ ඉහළ ගමන් කරන විට ඇතුළත පීඩන පාලනය, වාතයේ සංසරණය සහ පිරිසිදු බව ආදී දේවල් සඳහා ද ඔවුන් නව සැළසුම් ඉදිරිපත් කරනු ලැබීය.

යානයේ බඳ කොටස Fuselage

නව XWB සැළසුමේ දී ගුවන් යානයේ පළමු දොරේ සිට 4වන දොර දක්වා බඳෙහි පළල ඒකාකාරී ලෙස පවත්වා ගනිමින් භාවිතා කළ හැකි ඉඩ ප්‍රමාණය උපරිම කර ඇත. A330/A340 ගුවන් යානා වල බඳෙහි භාහිර විශ්කම්භය මීටර් 5.64 වුවද නව ගුවන් යායේ එය මීටර් 5.97 තෙක් වැඩි කර ඇත. ඇතුලත විශ්කම්භය නව සැළසුමේ දී මීටර් 5.61 ක් වන අතර Boeing 787 ගුවන් යානා වල එය 5.49 කි. මෙම පලල් බව වැඩි වීම මගින් මගීන් ට වැඩි පහසුවක් සැළසෙන අතර ගමන් මලු ඇහිරීමේ රාක්ක වල ඉඩ ප්‍රමාණයද වැඩි වේ.

පියාපත් Wings

නව ගුවන් යානයට නවීන සුසංහිත පියාපත් සවිකරනු ලබන අතර එහි වර්ග ප්‍රමාණය වර්ග මීටර් 443කි. එය තනි මහලක් සහිත පළුල් බඳ ගුවන් යානයකට භාවිතා කරන විශාලම පියාපත වේ. එක් පියාපතක කොණක සිට අනෙක් පියාපතේ කොණ තෙක් පළල (wingspan) මීටර් 64.8 වන අතර මෙය එයාර් බස් 330 ගුවන් යානයට වඩා මීටර් 4.5 ක වැඩි වීමකි. පියාපත් අග කෙළවර අනෙක් එයාර් බස් ගුවන් යානා පියාපත් වලට වඩා වැඩියෙන් වක්‍රාකාරව ඉහළට නමා ඇත. මෙම පියාපත් නිපදවා ඇත්තේ ‘බ්‍රොග්ටන්‘ හි පිහිටි නව එයාර් බස් කර්මාන්ත ශාලාවේ දීය.

ගුවන් යානයේ මුහුණත Nose

clip_image003 

(පින්තූරය විකිපීඩියා වලිනි)

නව ගුවන් යානයේ මුහුණත එයාර්බස් 380 ගුවන්යානයේ ඉදිරි පස පෙනුමට බොහෝ සමානව සකසා ඇති අතර කොටස් 6කින් යුක්තව ඉදිරිපස වීදුරුව (සුළං මුවාව) සකසා ඇත. මුහුණතෙහි නව සැළැස්ම හේතුවෙන් ගුවන් යානයේ කාර්යක්ෂමතාව ඉහළ යන අතර කාර්ය මණ්ඩල විවේකස්ථාන යානයේ තවදුරටත් ඉදිරියට ගෙන ඒමට හැකියාව ලැබී ඇත. නව සුළං මුවාව මගින් නියමුවන්ට ඉදිරිපස පෙනෙන ප්‍රදේශය තවත් වැඩි කර ඇත.

නියමු කුටිය හා ගුවන් ඉලෙක්ට්‍රොනික පද්ධතිය Cockpit and avionics

ගුවන් යානයේ නියමු කුටිය ද නවතාවයකින් යුතුව සැළසුම් කර ඇති අතර එහි සෙන්ටි මීටර් 38 ක පළලකින් යුතු LCD තිර භාවිතා කරමින් ගුවන් සංතරණ පද්ධතිය වැඩි දියුණු කර ඇත එළෙසම විවිධ සංවේදක හා කුම උපයෝගී කර ගනිමින් විශාල තොරතුරු පුමාණයක් ගුවන් යානය මෙහෙය වීම සඳහා භාවිතා කරනු ලබයි.

ගුවන් යානවේ වැඩි දියුණු කළ ගුවන් ඉලෙක්ට්‍රොනික පද්ධතියක් භාවිතා කරන අතර 40 ක් පමණ වූ විවිධ ක්‍රියාකාරකම් මෙමගින් පාලනය වේ. එයාර් බස් 380 ගුවන් යානයේ මෙම සංඛ්‍යාව 23 ක් පමණ වේ. මෙම නව ක්‍රියාකාරකම් අතරට ඉන්ධන පාලනය, අභ්‍යන්තර වායු තත්වය, ඇතුළත මගී පරිසරය, ගිනි ආරක්ෂික පද්ධතිය ආදිය සඳහන් කළ හැක.

බල සැපයුම Power plant

අළුතින්ම සැළසුම් කරන ලද එන්ජින් දෙකකින් ගුවන් යානයට බලය සපයනු ලබන අතර මූලිකම ගුවන් යානය වන A350 – 800 ගුවන් යානයේ උපරිම එසවුම් බර ටොන් 248 ක් පමණට මෙම නව එන්ජින් වලින් බලය සපයයි. එලෙසම මෙම එන්ජින් විවිධ පරිසර තත්වයන් විශේෂයෙන් අධික උෂ්ණත්වය සහ මුහුදු මට්ටමේ සිට වැඩි උසකින් යුතු ප්‍රෙද්ශ සඳහා යෝග්‍ය වන පරිදි වෙනමම සැළසුම් කරනු ලබයි. එලෙසම ශබ්ධය ද අඩු කර ඇති අතර ඉන්ධන කාර්යක්ෂමතාය ද වැඩි කර ඇත. බෝයිං ගුවන් සමාගමේ “ඩ්‍රීම්ලයිනර්“ ගුවන් යානයේ බල සැපයුමේ ඇති වූ දෝෂද මෙම නව යානයේ මග හැරවීමට එයාර්බස් සමාගම කටයුතු කරමින් සිටී.

 

අවසාන කොටස බලාපොරොත්තු වන්න

 

8 comments:

  1. මේකේ හදිස්සියකට චූ පාරක් එහෙම දාන්ඩ Emergency Exit එකක් එහෙම නැද්ද?

    lol...........

    මම ටෙක්නික්ස් Blog එකේ විශ්වජිත්

    ReplyDelete
  2. ෂඃ අපූරුයි ඈ.. මේ විස්තර ටික හොයලා දුන්නට ඉෂාරට ස්තූතියි..

    ලඟදි Youtube එකේ බැලුවා 380 1st class එකේ වීඩියෝ වගයක්.. පිස්සු හැදෙනවා අප්පා.. බාත් රූම් හිටන් තියනවා ඒකෙ.. :)

    ඒත් ඇයි මේ 380 හදලා 350 හදන්නෙ.. ?

    ReplyDelete
    Replies
    1. සෙන්නා, මම හිතන්නෙ 380 යානය මුලින් ආවෙ ව්‍යාපාරික උපක්‍රමයක් විධියට. ඒ කියන්නෙ ලොව විශාලතම මගී ගුවන් යානය යන කරුණ රඳවා ගැනීමට.තවද ඒ සමාගමට අවශ්‍ය වුනා බෝයිං සමාගමේ 747 යානයට වඩා වැඩි මගී ප්‍රමාණයක් ගෙන යන යානයක් සකස් කිරීමට. ඒ වගේම එහි මුල්ම ගුවන් ගමන සිදු කල 2005 සිට සහ හඳුන්වා දීම කළ 2007 සිට මේ දක්වා විකිණිලා තිබෙන යානා ගණන 106 පමණ වෙන්නෙ. ඒකට හේතුව විශාල ගුවන් සමාගම් වලට තමයි ඒක අවශ්‍ය වෙන්නෙ. ඒ වගේම 350 කියන්නෙ මම මේ ලිපියේ මුලින්ම සදහන් කල පරිදි බෝයිං සමාගමේ නවතම යානය වන 787 යානයට තරඟයක් දෙන්න හදපු එකක්. ඒ වගේම තමයි ඒ330 කියන්නෙ මේ සමාගමේ අති සාර්ථක ගුවන් යානයක්. 350 කියන්නෙ එහි වැඩි දියුණු කරන ලද වගේම පාරිභෝගික ඉල්ලුම අනුව සකස් කළ යානයක්.

      Delete
    2. ස්තූතියි ඉෂාර.

      සැන්ෆ්‍රැන්සිස්කෝ වල ක්‍රෑශ් එකක් වෙලා තියනවා නේද අද ? මාධ්‍ය වාර්ථාවල තියන ඒවට වැඩි දෙයක් දැන ගන්න එහෙම ලැබුනද මොකක්ද වෙලා තියෙන්නෙ කියලා..

      Delete
    3. සෙන්නා තාම හරියටම රිපෝට් එකක් ඇවිත් නැහැ. මේ ලින්ක් එකේ ගිහින් බලන්න. විස්තර ගොඩක් තියෙනවා. මම හිතන්නෙ මේ තාක්ෂණික කරුණු සරල නිසා අවබෝධ වේවි ඔබටත්.
      http://aviation-safety.net/database/record.php?id=20130706-0
      මට හිතෙන විධියට මේක පයිලට්ගෙ වරදක් වගේ. මොකද පස්ස බිම වැදිලා තියෙනවා. ඒක කලින්ම කැඩිලා. තාම හරියට තීරණයක් දෙන්න අමාරුයි.

      මේ සයිට් එක තමයි ඇක්සිඩනට වුනාම බලන්න තියෙන හොඳ එක. විස්තර සේරම තියෙනවා. අනික පරණ ඒවත් තියෙනවා රිපෝට් එක්කම.
      ඔයා දන්න දේවලුයි මේකයිත් සසඳලා බලන්න
      http://aviation-safety.net/database/record.php?id=19741204-2

      Delete
  3. ඉශාර, මම නිතර කල්පනා කරන දෙයක් තමයි (සමහර කෝච්චි එන්ජින් වලයි), ගුවන් යානා වලයි වින්ඩ්ශීල්ඩ් එක ඔයිට වැඩිය දියුණු කරන්න බැරි ඇයි කියන එක. ඇත්තෙන්ම ඒකෙන් පේන ප්‍රමානයේ සීමා තියෙනවා නේද? වැඩිපුර පේන්නේ උඩ. ඉදිරිපස පහත පේන එක හරිම අඩුයි හරියට අර පරණ කාර් වල වගේ.

    අනික එයාපෝර්ට් එකේ ඉන්න ඉශාර දැකලා ඇති නේද ඔය ඩොලර් මිලියන බිලියන ගනන් වටින ගුවන් යානාවල වින්ඩ්ෂීල්ඩ් කොයි තරම් හානි වෙලාද කියලා. ඒක පෝලරයිස් කරපු සන්ග්ලාස් එකක් දාගෙන බැලුවාම හොඳට පේනවා. අර ලැමිනේෂන් ගැලවිලා, දේදුණු පාට ඇවිත් තියෙන්නේ.

    ReplyDelete
  4. එමිරේට්ස් 380 ක යන්න වාසනාවක් තිබුනා,,,බලමු මේ කිරි ටොයියගෙත් යන්න

    ReplyDelete
  5. සිංහල බ්ලොග් කියවන්න පුරුදු උන එකෙන් අපි නොදන්නා ගොඩක් දේවල් ගෙන සිංහලෙන්ම ඉගෙනගන්න ලැබුනා. ස්තුතියි ඉෂාර..

    ReplyDelete

මොනවා හරි ලියලා ගියොත් හැදෙන්න පුළුවන්....