Skip to main content

Posts

මේ අය ගැන දන්නවාද?– Ministers who were responsible for Civil Aviation subject since independence in Sri Lanka

මේ බ්ලොග් එකේ මම දේශපාලනය ගැන කථා කරන්නෙ නැහැ. ඒත් අද ලියන්න යන්නෙ විශේෂයෙන් අධ්‍යාපනය හදාරන සිසු සිසුවියන්ට වැදගත් වන තොරතුරක්. ඒ තමයි ශ්‍රී ලංකාවේ නිදහසෙන් පසුව සිවිල් ගුවන් සේවා විෂය සම්බන්ධයෙන් කටයුතු කල අමාත්‍යවරුන් කවුරුන්ද කියා සඳහන් කිරීම. මෙහිදී මා ඔවුන් පිළිබද විස්තරයක් ලබා දීමට අදහස් කරන්නෙ නැහැ. එය ඕනම අයෙකුට සොයා ගත හැකියි. අනික මේ පුද්ගලයින් බොහෝ විට ශ්‍රී ලාංකීය දේශපානයේ ප්‍රසිද්ධ චරිත. ඒ වගේම මොවුන් විසින් ක්ෂේත්‍රයට කරන ලද සේවය ගැන ඔබ සොයා බලා තීරණ ගන්න.   සර් ජෝන් කොතලාවල මැතිතුමා ප්‍රවාහන සහ වැඩ අමාත්‍ය 1947 සැප්තැම්බර් – 1956 මාර්තු මෛත්‍රීපාල සේනානායක මැතිතුමා ප්‍රවාහන සහ වැඩ අමාත්‍ය 1956 මාර්තු – 1960 මාර්තු මොන්ටේගු ජයවික්‍රම මැතිතුමා ජනසතු සේවා, නාවික සහ ප්‍රවාහන අමාත්‍ය 1960 මාර්තු – 1960 ජූලි   පී. බී. ජී. කළුගල්ල මැතිතුමා ප්‍රවාහන සහ වැඩ අමාත්‍ය 1960 ජූලි – 1964 ජූනි අනිල් මුණසිංහ මැතිතුමා සන්නිවේදන අමාත්‍ය 1964 ජූනි – 1965 ...

නග්ගන්න බස්සන්න තියෙන දිගම, කොටම සහ උසම ඒවා (The Highest, Longest and Shortest Runways in the World)

අපේ ගුවන් තොටුපලේ තියෙන ධාවන පථය මීටර 3300 ක් විතර දිගයි. මුහුදු මට්ටමේම තමයි පිහිටලා තියෙන්නෙ. දැන් මේකට ලෝකෙ තියෙන ලොකුම ගුවන් යානයටත් එන්න පුළුවන් කියලා දන්නවානෙ.  ලෝකයේ භුවිෂමතාවය සහ අවශ්‍යතාවය අනුව ගුවන් තොටුපළවල් විවිධ ස්ථාන වල පිහිටුවා තියෙනවා. ඉතින් අද මම කියන්නෙ ලෝකයේ දිගම, උසම සහ කෙටිම ගුවන් ධාවන පථ මොනවද කියලා. අපි මුලින්ම බලමු දිගම සහ උසම එක. මේ ස්ථාන දෙකම හිමිවන්නෙ එකම ගුවන් ධාවන පථයකට. ඒ තමයි චීනයේ ටිබෙට් දේශයේ තියෙන කැම්ඩෝ බැම්ඩා ( Qamdo Bamda Airport) නැති නම් චන්ග්දු බණ්ග්ඩා ( Changdu Bangda Airport ) ගුවන් තොටුපළේ ධාවන පථය. මේ තියෙන්නෙ එහි චන්ද්‍රිකා ඡායාරූපයක් ඔන්න ගුවන් යානයකුත් ඇවිල්ලා. පහසුකම් අඩුයි. බැහැලා පයින් තමයි යන්න වෙන්නෙ. මෙම ගුවන් තොටුපළ මුහුදු මට්ටමේ සිට මීටර 4334 ක් ඉහළින් පිහිටා තිබෙන අතර දැනට ලෝකයේ ඉහළින්ම පිහිටා තිබෙන සිවිල් ගුවන් ධාවන පථයයි. ජාත්‍යන්තර සිවිල් ගුවන් සේවා සංවිධානයෙන් මේ ගුවන් තොටුපළට ලබා දී ඇති කේතය ZUBD  වන අතර ජාත්‍යන්තර ගුවන් පුවාහන ආයතනයෙන් ලබා දී ඇති කේතය වන්නේ BPX ය. මෙය ලෝකයේ දිගම ගුවන් ධාවන පථයද වන අතර ද...

හුරේ……. අපි දිනුම්

අපි කියන්නෙ ශ්‍රී ලංකාව. දිනුවෙ ජාත්‍යන්තර තරඟයකින්. ඉස්සරලාම මේ වීඩියෝ එක බලන්නකෝ. ඊට පස්සේ තමයි විස්තර. ජාත්‍යන්තර සිවිල් ගුවන් සේවා සංවිධානය කියන්නෙ ගුවන් සේවා සම්බන්ධව තිබෙන එක්සත් ජාතීන්ගේ සංවිධානය. මේකට රටවල් 190 ක් පමණ සම්බන්ධ වෙලා තියෙනවා. ආරක්ෂාකාරී ගුවන් ගමනකකට අවශ්‍ය ජාත්‍යන්තර කරුණු සම්පාදනය කරන්නෙ මේ ආයතනය. පසුගිය දිනක මේ ආයතනය ලෝකයේ ජනතාව අතර තරගයක් පැවැත්වූවා අනාගත ගුවන් සේවාව කෙසේ විය යුතුද කියලා. ඒකට හදපු වීඩියෝ එක තමයි ඔය තියෙන්නෙ. මේ තියෙන්නෙ එම තරඟය පිළිබඳ විස්තර අඩංගු වෙබ් අඩවිය. මෙහි තරඟය පිළිබඳව විස්තර අඩංගු වෙනවා. මෙම තරඟයට ලෝකයේ රටවල් 50 කින් පමණ තරඟකරුවන් ඉදිරිපත් වෙලා තියෙනවා. අපේ රටෙනුත් තරඟකරුවන් ඉදිරිපත් වෙලා තියෙනවා. අපිත් එක්ක වැඩ කරන දේව් සමරජීව ත් මේ තරඟයට ඉදිරිපත් වෙලා පහළ වීඩියෝ එක සකස් කලා. මෙන්න මේක ලෝකෙන්ම ප්‍රථමස්ථානයට පත් වෙලා. දේව් ලබන 16 වෙනිදා ඇමරිකා එක්සත් ජනපදයේ ෆ්ලොරීඩා වලට යනවා මේකට හිමි ත්‍යාගය ලබා ගන්න. දේව් අපිත් එක්ක ලංකාවේ ගුවන් සේවාවන් ව්‍යාප්ත කරන්න බොහොම මහන්සි වෙන පොඩි කොල්ලෙක්. ඒ ත්‍යාගය එය...

“ම්‍රියා” - බඩු අදින ලොකුම එක–AN225 Strategic Airlifter - “Mriya”

ඔව් ඉතින් මේකෙ කථා කරන්නෙ ප්ලේන් ගැන විතරනෙ. වෙනදේවල් ගැන නෙමේ. මම පසුගිය දවසක කිව්වනෙ ලෝකෙ තියෙන ලොකුම මගී පුවාහන ගුවන් යානය ලංකාවට ආවා කියලා. ඊට පස්සෙ කථා කළානෙ බඩු අදින “බෙලූගා“ ගුවන් යානා 5 ගැන. අද මම කියන්නෙ දැනට ලෝකයේ භාවිතා වන විශාලම භාණ්ඩ ප්‍රවාහන ගුවන් යානය ගැන. 1980 දශකය වන විට සෝවියට් රුසියාවෙ අභ්‍යවකාශ වැඩසටහනේ “බුරාන්“ ෂටලය ප්‍රවාහනය සඳහා විශාල ප්‍රවාහන යානයක අවශ්‍යතාවයක් පැන නැගුන අතර ඒ අනුව සෝවියට් රුසියාවට අයත්ව තිබූ යුක්රේනයේ ඇන්ටනොව් ගුවන් යානා සමාගම විසින් විශාල යානයක් නිෂ්පාදය ඇරඹුවා. ඒ වන විටත් ඔවුන් සතුව AN124 නමින් විශාල භාණ්ඩ ප්‍රවාහන යානයක් තිබුණා. එය එන්ජින් 4 කින් සමන්විත වුණා. මේ තියෙන්නෙ එහි ඡායාරූපයක්. එම AN124 යානයේ සංවර්ධිත අවස්ථාවක් ලෙස පළමු AN225 යානය 1988 දී නිෂ්පාදනය කළ අතර එය දැනට ලෝකයේ ඇති බරින් වැඩිම ගුවන් යානයත් වෙනවා. මෙය හදුන්වන “ම්‍රියා“ යන යුක්රේනියානු වචනයේ තේරුම “සිහිනය“ යන්නයි. 1988 දෙසැම්බර් මස 21 වන දින ප්‍රථම වරට පියාසර කුරනු ලැබීය. ඉන්පසුව දෙවන යානයත් නිපදවීම ඔවුන් විසින් ආරම්භ කළත් සෝවියට් දේශය කෑඩී බිඳී යාමත් සමග එම ව්‍යාපෘත...

ප්ලෙන් එක ආයෙත් පෙන්නනවා

“දැයට කිරුළ“ 2012 ප්‍රදර්ශණ භූමියෙ තිබුණ අංක එකේ ජනතා ආකර්ශණය දිනූ ප්‍රදර්ශන භාණ්ඩය වුණේ අපි ඉදිරිපත් කරපු AN24 ගුවන් යානය. මේ ගැන මම පළ කරපු සටහනට විශාල ප්‍රතිචරායක් තිබුණා . මේ සටහනට විතරක් නෙමේ ඒ අවස්ථාවෙ අපේ මේ ගුවන් යානය නරඹන්න දැනුම ලබා ගන්න විශාල ජනතාවක් එක් රැස් වුණා. ඒ වගේම මගේ කලින් සදහන් කළ සටහනට ප්‍රතිචාර දක්වපු අය කියා තිබුණා මෙය මුදල් නාස්තියක් කියලා. ඒ වගේම චූටි මහත්තයා කාටූන් එකකට මාව ඇතුලත් කළාමත් ඒ සඳහා විවිධ ප්‍රතිචාර දැක්වූවා. කොහොම වුණත් මම ඒ විචාරයන්ට දක්වපු ප්‍රතිචාර වලත් සඳහන් කළා මෙම යානය තවදුරටත් ප්‍රදර්ශණය කරන බව. මේ සඳහා පාසැල් ළමුන්ගේ අති විශාල උද්යෝගයක් තිබුණා. සාමාන්‍යයෙන් අපේ රටේ කුඩා දරුවන්ගෙන් විශේෂයෙන් ගම්බද දරුවන්ගෙන් ලොකු වුණාම වෙන්න කැමති කවුද කියලා අහපුවාම ජනප්‍රිය උත්තර කීහිපය ඇතුලෙ ගුවන් යානා නියමුවෙක් වෙන්න කැමති බව සඳහන් පිළිතුර තිබෙන්නෙ බොහොම කලාතුරකින්. ගුවන් ක්ෂේත්‍ර යේ වෙනත් තනතුරු ගැන නම් දන්නෙත් නැති තරම්. අපි පසුගිය වසර දෙකක කාලය තුල කරන ලද වැඩසටහන් වල පුතිපලයක් ලෙස අද මේ තත්වය ඉතා සැළකිය යුතු මට්ටමකින් වෙනස් වෙලා තියෙනවා. විශේෂය...

“බෙලූගා“ කියන ගුවන් නැව–Beluga–The Cargo Aircraft

“බෙලූගා“ යනුවෙන් හඳුන්වන්නෙ ආර්ක්ටික් ප්‍රදේශයේ වාසය කරන සදු තල්මසුන් විශේෂයක්. මේ පහළ තියෙන පින්තූරෙ බලන්න. ( ඡායාරූපය National Geographic ) දැන් මේ පහළ තියෙන අනික් ඡායාරූපයත් බලන්න (ඡායාරූපය www.kieboom.net ) මේ දෙකේ සමාන බවක් පේනවා නේද? දැන් ඉතින් මම කියන්න යන්නෙ මේ සතා ගැන නම් නෙමේ .මෙන්න මේ යානය ගැන තමයි දැන් කියන්න යන්නෙ. ලෝකයේ ප්‍රධාන වශයෙන්ම ගුවන් යානා නිපදවන සමාගමක් වන්නේ ප්‍රංශයේ ලියාපදිංචි වී සිටින එයාර්බස් සමාගම. ලෝකයේ දැනට භාවිතා වන විශාලම මගී ගුවන් යානය වන එයාර්බස් 380 නිපදවන්නේ මේ ආයතනයේ. නමුත් මෙම යානයේ කොටස් යුරෝපයේ රටවල් කීපයක නිපදවීම සිදු කරනවා. එයාර්බස් සමාගමේ අනෙකුත් කර්මාන්තශාලා පිහිටුවා තිබෙන්නේ බ්‍රිතාන්‍ය, ස්පාඥ්ඥය, ජර්මනිය යන රටවල් වල.  පියාපත් සහ රෝද නිපදවන්නේ එංගලන්තයේ. බඳ ජර්මනියේත් වලිගය සහ දොරවල් ස්පාඤ්ඤයේත් ඉදිරිපස කොටස  සහ මධ්‍යම කොටස ප්‍රංශයේත් නිපදවනු ලබන අතර ප්‍රංශයේ ජර්මනියේ හෝ සපාඤ්ඤයේ ඇති කර්මාන්ත ශාලා වල අවසන් එකලස් කිරීම කරනු ලබනවා. 1970 දී එයාර්බස් සමාගම තම ගුවන් යානා නිපදවීම ආරම්භ කළ පසු ඔවුන් එම නිෂ්පාදිත කොටස් ...