“ෆෙඩෙක්ස්“ හි ජීවිත සටන “ෆෙඩෙක්ස්“ 705 ගුවන් යානයේ බිහිසුණ සටන -- 2 කොටස



කැලෝවේ ගේ රාජකාරි හැඳුනුම්පත

මෙම සාකාච්ඡාවට සතියකට පෙර ඔබර්න් කැලෝවේ තම මූල්‍ය කටයුතු වල යම් වෙනස් කම් කිපයක් කලේය. ඔහුගේ සියළුම වත්කම එක් කල ඔහු ඩොලර් 54000 ක් පමණ වු එම වත්කම තම හිටපු බිරිඳට ලැබීමට සැළැස්වීය. නීතඥයෙකු හමු වී තම අන්තිම කැමැත්ත සහ ජීවිත රක්ෂණ හිමිකම් සම්බන්ධ තොරතුරු යාවත් කාලීන කලේය. ෆෙඩෙක්ස් හි රැකියාව කරන අතර තුර අනතුරකින් යම් සේවකයෙකු මිය ගියහොත් එහි ප්‍රතිපත්ති අනුව ඩොලර් මිලියන 2.5 ක මුදලක් ඔහුගේ හෝ ඇයගේ පවුල වෙත වන්දි වශයෙන් ගෙවනු ලැබේ. මේ කරුණු එකිනෙක සිතා බැලූ කැලෝවේ තම දරුවන් ගේ පියා එනම් තමා අනතුරකින් මිය ගිය හොත් රැකියාව අහිමිවී විනාශ වී යනවා ට වඩා තම දරුවන්ගේ අනාගතය සුරක්ෂිත කිරීමට හැකියාවක් ඇති බවට අදහස් කලේය. ඒ අනුව ඔහු විසින් සැළසුම් කළ අනතුරකින් ඔහු මිය යාමට කටයුතු සූදානම් කලේය.
ඒ අනුව ඔහු සැළසුම් කළ දිනට එනම් අප්‍රේල් 7 වන දිනට පෙර දින තම අන්තිම කැමැත්ත හා වෙනත් වැදගත් ලියකියවිලි හොඳින් අසුරා නිදන ඇඳෙහි තැන්පත් කලේය. ගිටාරයේ අසුරණයක් ගෙන එයට යම් යම් දේ ඇතුලත් කර සකස් කලේය.  ගුවන් සමාගමට කථා කර අංක 705 දරණ ගුවන් යානයේ තම ආසනය ස්ථිර දැයි දැන ගත්තේය. අවසාන වශයෙන් අනෙක් අය පැමිණිමට පෙර ගුවන් යානයට ඇතුළු වීම සඳහා පිටත් විය. ගුවන් යානයට ඇතුළු වූ පසු ඔහු විසින් යානයේ නියමු කුටියේ හඬ පටිගත කිරීමේ යන්ත්‍රය ක්‍රියාවරහිත කලේ ඇතුලත සිදුවන දේ පසුව දැන ගැනීමට ඇති අවස්ථාව ඇවිරීම සඳහාය. නමුත් පීටර්සන් පසුව පැමිණ එය යථා තත්තවය පත් කළේය. තවත් එක් වතාවක් කැලෝවේ විසින් එය ක්‍රියා විරහිත කරන ලද්දේ පීටර්සන් යම් කටයුත්තකට ඉවත් වූ පසුවය. නමුත් පීටර්සන් පසුව දෙවන වතාවටත් එය යථා තත්වයට පත් කලේය. මේ හඬ පටිගතකරණය අවසන් මිනිත්තු 30 හි තොරතුර ගබඩා කර ගන්නා අතර ක්‍රියා විරහිත කිරීම අසාර්ථක වීම නිසා යම් සිද්ධීන් වසන් කිරීම ට ඒ සිද්ධියෙන් පසුව අඩුම වශයෙන් මිනිත්තු 30 ක් වත් ගුවන් යානය ධාවනය කිරීමට කැලෝවේ ට සිදු වේ. ඒ මිනිත්තු 30 ක් ගිය පසු පෙර මිනිත්තු 30 තුල පටිගත වූ දේ මැකී වන විනාඩි 30 තොරතුරු ඇතුලත් වන බැවිනි.
මෙම්පිස් වලින් පිටත් වී මිනිත්තු කිහිපයකට පසුව ජිම් ටකර් විසින් ගුවන් යානය මෙහෙයවමින් සිටියේය. කපිතාන් සෑන්ඩර්ස් කවුලුවෙන් පිටත බලමින් පහත තිබෙන දේ පිළිබඳව විස්තර කරමින් සිටින අතරතුර කැලෝවේ නියමු කුටිය වෙත පියමැන්නේය. කැලෝවේ දකුණු පසින් ගුවන් ඉංජිනේරුවරයා කටයුතු කරමින් සිටියේය. කැලෝවේ ට ඉදිරියෙන් නියමුවන් දෙදෙනා යානය පදවමින් සිටියෝය. කැලෝවේ යානයට ඇතුළු වූ බව ඔවුන් නොදුටුව ද දැණින. ඔවුන් සිතුවේ නිකමට ඇතුළුවන්නට ඇත කියාය. මේ අවස්ථාවේ වූ සිද්ධිය නියමු කුටියේ හඬ පටයේ සටහන් වූයේ මෙසේය.

සෑන්ඩර්ස් :                 බලන්න මේ  ගස්?
ටකර් :                         ඔව්
සෑන්ඩර්ස් :                 ඒක ස්වභාවික බෙදුම් රේඛාවක්.
ටකර් :                         ඔහ්, මේ නිව් මැඩ්රිඩ්, උහ්..
සෑන්ඩර් :                    හොඳයි, ඔව් ඒක එහිම කොටසක්, ඔව්, ඒත් ඒකෙ බිමෙහි උස                                    
වැඩියි. ..ර්.. කාළගුණයත් වෙනස්. අර්කන්සාස් වල ඔබ පදවමින් සිටින්නෙ. ඔබ හරියටම එයට ඉහළින් පදන්නෙ.
ටකර් :                         හොඳයි, මම....
සෑන්ඩර්ස්:                  ඔක්කොම ගස් ටික එතන තියෙනවා. ඒක තමයි.
ටකර් :                         මම දන්නවා ඒක. ඒත් මටම පුදුමයි. හැම දේම එහෙ තියෙනවා.
                                    හරි පුදුමයි.
සෑන්ඩර්ස් :                 ඔව්
පීටර්සන් :                   ඇල්ටි මීටරය
ටකර් :                        නමයයි දෙකයි
පීටර්සන් :                   ගුවන් ගතවීම සම්පූර්ණයි
ටකර්:                          ඔබ ජීවත් වෙන්නෙ අර්කන්සාස් වල ?
සෑන්ඩර්ස් :                 නැහැ. ෆිෂර්විලී වල
ටකර්:                         ආහ්. ෆිෂර්විලි නියම තැනක්
(මිටි පහර නියමුවන්ට වදින හඬ ඇසේ)
පීටර්සන්:                    ඕහ්..
ටකර් :                         දෙවියනේ
ටකර් :                         ඔහ්, අහ්, මගුල!
සෑන්ඩර්ස්:                  සර්ව බලධාරි දෙවියනේ!
පීටර්සන් :                   ඕව්
ටකර්:                                      මොන මගුලක් උඹ කරන්නෙ?
සෑන්ඩර්ස් :                 දෙවියනේ! සර්වබලදාරි දෙවියනේ! දෙවියනේ! දෙවියනේ!
ටකර් :                         ඔහුව අල්ලාගන්න. ඔහුව අල්ලා ගන්න. ඔහුව අල්ලා ගන්න.
සෑන්ඩර්ස් :                 අපිව මරන්නයි යන්නෙ.
ටකර් :                         ඌව අල්ලා ගන්න
සෑන්ඩර්ස් :                 නැගිටින්න. ඔහුව අල්ලා ගන්න
පීටර්සන් :                   දෙවියනේ! මට බෑ

ඕබර්න් කැලෝවේ විසින් ඉතාමත් තදින් සහ වේගවත්ව මිටි පහරවල් කිහිපයක් ඇන්ඩි පීටර්සන්ගේ හිසට එල්ල කලේය. මේ සිදුවන්නේ කුමක් දැයි පසුපස හැරී බැලූ සහාය නියමු ජිම් ටකර් ගේ හිසෙහි වම් පසට ද කැලෝවේ එල්ල කරන ලද පහර නිසා හිසෙහි අස්ථි බිඳී මොළයට හානි සිදු විය. ගුවන් යානයේ කාර්ය මණ්ඩලයෙන් තුනෙන් දෙකක්ම අකර්මණ්‍ය කල කැලෝවේ ගුවන් නියමු සෑන්ඩර්ස් දෙසට හැරිණ. කෙසේ වෙතත සෑන්ඩර්ස් තමන් වෙත එල්ල කරන ලද ප්‍රහාරයන් වලක්වා ගන්නට සමත් වුවත් ඔහුට වැදුණ පහරවල් වලින් ඔහුගේ සිරුරෙන් රුධිරය වහනය වන්නට විය. ඒ පහර වලින් ඔහු අන්ද මන්ද විය. 
DC 10 යානයේ නියමු කුටිය

මිටි පහරවල් කෑ කාර්ය මණ්ඩලය තම අසුන් වලින් අපහසුවෙන් නැගිටීමට උත්සාහ කරනු දුටු කැලෝවේ නියමු කුටියෙන් ඉවත්ව පසුපසට යන්නට විය. සියලුම උපකරණ කාර්ය මණ්ඩලයේ හිසෙහි වූ තුවාල වලින් ගලන ලෙයින් නැහැවී තිබිණ. සහාය නියමු ජිම් ටකර් ට තම ආසනයෙන් නැගිට ගැනීමට අපහසු විය. එහෙත් ඔහු “ඒකාව අල්ලා ගන්න“ යනුවෙන් කෙඳිරිගාන්නට විය. 

3 ොටස

4 comments:

  1. තුන්දෙනෙක්ම ඉඳලත් මිනිහව අල්ලගන්න බැරි උනාද?
    බලමු ඊගාව ටික.

    ReplyDelete
    Replies
    1. ඒකනෙ.... ඔව් බලමු ඊගාවට මොකද වෙන්නෙ කියලා......

      Delete
  2. ගුවන් ගමන් ගැන බියක් ඇති වෙනවා ඉෂාර මේ විස්තරය බැලුවාම මේ වගේ පුද්ගලයන් අතේද අපේ ජීවිත රැඳිල තියෙන්නෙ කියලා හිතනකොට.

    ReplyDelete
    Replies
    1. නෑ නෑ හොඳ අය වැඩියි. මේ වගේ අය අඩුයි. බය වෙන්න එපා

      Delete

මොනවා හරි ලියලා ගියොත් හැදෙන්න පුළුවන්....