එයාර්බස් A350 XWB යානයේ කුළුඳුල් ගුවන් ගමන (Airbus A350 XWB maiden flight )

Airbus-A350XWB_01-Desktop_HD

පසුගිය 14 වන සිකුරාදා (2013 ජූනි 14) දිනයේ දී නිරිතදිග ප්‍රංශයේ ‘ටුලූස්‘ (Toulouse ) හි පිහිටි ‘බ්ලැග්නැක්‘ (Blagnac ) ගුවන් තොටුපලෙන් පිටත් වී පැය 4 යි මිනිත්තු පහකට පසුව විශ්ෂ්ඨ ගොඩබෑමක් සනිටුහන් කරමින් එයාර් බස් සමාගමේ නවතම හඳුන්වා දීම වන A350 XWB ගුවන් යානයේ MSN1 යනුවෙන් හඳුන්වනු ලැබූ පරීක්ෂණ ගුවන් යානය කුළුඳුල් ගුවන් ගමන සම්පූර්ණ කළේය.

image

ගුවන් ගමන අතරතුර ප්‍රධාන පරීක්ෂණ නියමු Peter Chandler නියමු කුටියේ සිට ප්‍රකාශ කරනු ලැබූවේ “සියළු දේ ඉතාමත් හොඳින්“ සිදුවන බවයි.

එයාර් බස් සමාගමේ සභාපති සහ ප්‍රධාන විධායක නිලධාරී Fabrice Brégier අදහස් දක්වමින් “ මෙම පළමු ගුවන් ගමන වාර්තාගත කාලයක් තුළ සම්පූර්ණ කිරීමට සහයෝගය දැක් වූ මෙම ව්‍යාපෘතියේ සියල්ලන්ටම මා ස්තූතිවන්ත වනවා. ඒ වගේම අද දින මෙම ගුවන් ගමනේ යෙදුන කාර්ය මණ්ඩලය යානය ගුවනේ යායුතු දිශාවට මෙහෙයවමින් සිදු කරනු ලැබූ කර්තව්‍ය ද අගය කරනවා.“ යනුවෙන් පැවසීය. නවීන තාක්ෂණය කැටි කරමින් සකස් කළ නව A350 XWB ගුවන් එහා සංවර්ධනයේ අවසන් අදියරට එළඹ ඇති බවත් සඳහන් කළේය. “ එය දැන් සූදානම්. සහතික කිරීම් අවසන් වීමෙන් පසුව 2014 වර්ෂයේ දෙවන භාගයේ දී පමණ සේවයට එක් වීමට සූදානම්“ යනුවෙන් ද ඔහු වැඩි දුරටත් පැවසීය.

A350 XWB ගුවන් යානය ගුවන් ගතවන අවස්ථාවේ බර ටොන් 221 ක් පමණ විය. නැගෙනහිර ප්‍රංශයේ ගුවනේ ගමන් කරමින් තිබූ අවස්ථාවේ එහි කාර්ය මණ්ඩලය ගුවන් යානයේ ක්‍රියාකාරීත්වය මැන බලන “ගුවන් ලිපි කවරය“ (flight envelope ) පරීක්ෂාවට ද ලක් කෙරිණ.

(Flight Envelope - ගුවන් යානයේ සැළසුම් හැකියාවන් එහි ගුවනේ වේගය සහ උස හෝ බර ඉහළට එසවීමේ අනුපාතයට සාපේක්ෂව විමසා බලන විශේෂ ක්‍රමයකි)

මෙම පරීක්ෂණ ගුවන් ගමන ඡායාරූප ගත කිරීම සහ නිරීක්ෂණය කිරීම සඳහා ද ගුවන යානයක් ගුවන් ගත කර තිබිණ.

A350 ගුවන් යානයේ මෙම පරීක්ෂණ ගුවන් ගමනත් සමග ම ගුවන් යානා 5 ක් පමණ යොදාගෙන ගුවන් පැය 2500 ක් පමණ පියාසර කරන පරීක්ෂණ ගුවන් ගමන් ව්‍යාපෘතිය ඇරඹිණ. මින්පසු අවශ්‍ය සහතික කිරීම් ආදිය සිදු කිරීමෙන් පසු මෙම ගුවන් යානයේ “දියත් කිරීමේ“ ගුවන් සමාගම වන “කටාර්“ ගුවන් සමාගම සමග 2014 වර්ෂයේ දෙවන භාගයේ දී පමණ සේවය ට එක් වීමට නියමිතය.

” A350 ගුවන් යානය නව එයාර් බස් සමාගම නිරූපණය කරනවා. මම දන්නවා මම මේ ව්‍යාපෘතියට වැඩි පීඩනයක් යෙදවූවා. නමුත් අපට අවශ්‍ය වුනේ මෙම යානය නිපදවන්න“ Brégier පවසා සිටියා. “මේ ව්‍යාපෘතිය වේගයෙන් ඉදිරියට යනවා. එහෙත් හදිසියක් නැහැ. අපි ලබන වසරේ දෙවන භාගයේ දී මෙම යානය වෙළඳපලට යොමු කරනවා. එය අපේ මීළඟ අභියෝගය. අප එයට උත්සාහයක් දරනවා. අපි ඉදිරි වසර 20 තුළදී දිගු දුර ගුවන් යානා 6000 ක් පමණ වෙළඳපලට ගෙන ඒමට අදහස් කරන අතර 50%ක පමණ වෙළඳපල කොටසක් තබා ගැනීමටත් බලාපොරොත්තු වෙනවා“ ඔහු වැඩි දුරටත් පැවසීය..

A350 XWB ගුවන් යානය මධ්‍යම ප්‍රමාණයේ සහ දිගු දුර මෙහෙයුම් සිදු කළ හැකි ගුවන් යානයකි. එය සංස්කරණ 3කින් එළි දක්වන අතර ආසන පන්ති 3 ක සැලසුමේදී මගීන් 270 ත් 350 ත් අතර ප්‍රමාණයකට පහසුකම් සලසයි. සාපේක්ෂව25% ක පමණ ඉන්ධන ඉතිරියක් ද එවැනිම වූ කාබන්ඩයොක්සයිඩ් නිකුතුවේ අඩුවීමක් ද තිබීම මෙම යානාවේ විශේෂත්වයකි.

මේ වන විට ලොව වටා පාරිභෝගිකයින් 33 කින් ගුවන් යානා 613 ක ඇණවුම් ලැබී තිබෙන බව එයාර් බස් සමාගම පවසයි.

 

මෙම ප්‍රථම ගුවන් ගමන මෙතනින් නරඹන්න.

 

මෙම නව ගුවන් යානය ශ්‍රීලන්කන් ගුවන් සමාගමට ලබා ගැනීමේ අදහසක් ද තිබුණ අතර ඉදිරියේ දී ලිපියකින් මේ යානයේ සම්පූර්ණ විස්තරයක් ගෙන ඒමට අදහස් කරමි.

6 comments:

  1. හොඳයි හොඳයි. ලංකාවට ගෙනාවොත් අපිටත් බලාගන්න බැරියැයි.

    ReplyDelete
  2. යානයේ සම්පූර්ණ විස්තරය දැන ගන්න ආසවෙන් ඉන්නවා :)

    ReplyDelete
  3. SriLankan එකෙනුත් මේකක් ගන්නද යන්නෙ ?

    ReplyDelete
    Replies
    1. ඔව් සෙන්නා එහෙම යෝජනාවක් තිබුණා. මූල්‍ය ප්‍රශ්ණත් නැතිව නෙමේ. කොහොම වුනත් තවම ස්ථීර තීරණයක් නැහැ.

      Delete
  4. සාමාන්යෙන් ලංකාවට ගන්නේ පාවිච්චි කරපු plane නේද?

    ReplyDelete
    Replies
    1. ඔව් විශ්වජිත් ලංකාවට විතරක් නෙමේ බොහෝ රටවල එහෙමයි. ඒත් විශාල ගුවන් සමාගම අළුත් යානා මිලදී ගන්නවා.

      Delete

මොනවා හරි ලියලා ගියොත් හැදෙන්න පුළුවන්....