ශ්‍රීලන්කන් ගුවන් සමාගම නව එයාර්බස් 350 ගුවන් යානා 4 ක් සහ එයාර්බස් 330 යානා 6 ක් තෝරා ගනී. SriLankan Airlines opts for six A330’s and four A350 XWB’s

කාර්යක්ෂම දිගුදුර ගුවන් යානා ඇණිය සඳහා ජයග්‍රාහී සුසංයෝගය

Winning combination for efficient long haul fleet

A350-900_Srilankan

ශ්‍රී ලංකාවේ ජාතික ගුවන් සේවය වන ශ්‍රී ලන්කන් ගුවන් සමාගම A350-900 යානා 4 ක් සහ A330-300 යානා 6 ක් මිල දී ගැනීම සඳහා එයාර්බස් සමාගම සමග අවබෝධතා ගිවිසුමක් අත්සන් කරනු ලැබීය. එයාර්බස් ගුවන් යානා භාවිතා කරන ගුවන් සමාගමක් වශයෙන් ශ්‍රීලන්කන් ගුවන් සමාගම එහි දිගු දුර ගුවන් ගමන් සඳහා ඉහළ ශක්‍යතාවයක් ඇති එයාර් 330 යානා සහ නවතම හඳුන්වා දීම වන එයාර්බස් 350 යානා යොදා ගනිමින් එහි යානා ඇණිය යාවත්කාලීන කිරීමට අදහස් කරයි.

800x600_1371634164_Srilankan_announcement_3

“දැනටමත් අපගේ එයාර්බස් 330 යානා දිගුදුර මෙහෙයුම් ඉතා සාර්ථකව, කාර්යක්ෂමව සහ මගීන්ගේ සුවමහසුව වෙනුවෙන් සේවය කරමින් සිටිනවා. අළුතින් එයාර්බස් 330 යානා සහ නවතම කාර්යක්ෂම ගුවන් යානා හඳුන්වා දීමක් වන එයාර්බස් 250 ගුවන් යානා අපගේ ආර්ථික තත්වයන් තවදුරටත් ඉහළ නංවනු ඇත.“ යනුවෙන් ශ්‍රීලන්කන් ගුවන් සමාගමේ ප්‍රධාන විධායක නිලධාරී කපිල චන්ද්‍රසේන මහතා පැවසීය.

“ අප ඉතාමත් සතුටුවෙනවා ශ්‍රීලන්කන් ගුවන් සමාගම අප කෙරෙහි තබා තිබෙන විශ්වාශය අළුත් කරවා ගැනීම සම්බන්ධයෙන්. ජයග්‍රාහී සුසංයෝගයක් වන එයාර්බස් 330 හා එයාර්බස් 350 යානා ශ්‍රීලන්කන් ගුවන් සමාගමට මගීන් වෙත ඉතා ඉහළ සුවදායී සේවයක් සැළසීමටත් සුපිරි කාර්යක්ෂමතාවයක් සෑම අවස්ථාවකම ළඟා කර ගැනීමටත් හැකියාව ලබාදෙනු ඇති.“ යනුවෙන් එයාර්බස් සමාගමේ ප්‍රධාන මෙහෙයුම් නිලධාරී ජෝන් ලීහි (John Leahy) පැවසීය.

එයාර්බස් ගුවන් යානා අසහාය නියමු කුටියක් සහ පොදු මෙහෙයුම් තත්වයන් ලබා දෙමින් ගුවන් සමාගම් වල එකම කාර්ය මණ්ඩලය, නඩත්තු ඉංජිනේරුවන් යොදා ගැනීමත් සහ මෙහෙයුම් නම්‍යතාවයත් නිසා ගුවන් සමාගමට ආර්ථික වශයෙන් වාසී දායී තත්වයක් ඇති කිරීමට සමත් වේ.

අද වන විට එයාර් බස් ගුවන් යානා අතර A330 යානා වැඩියෙන්ම භාවිතා වන පුළුල් බඳ සහිත ගුවන් යානා වර්ගයයි. එයාර්බස් සමාගමේ ගුවන් යානා ලොව වටා ගුවන් සමාගම් 100 ට වැඩි ප්‍රමාණයක් විසින් 1000 ට වැඩි යානා ගණනක් භාවිතා කරයි. එලෙසම 1200 ක් පමණ ඇණවුම් ද ලැබී තිබේ. නව නිෂ්පාදන වැඩිදියුණු කිරීම් සමග එයාර්බස් 330 යානය එම වර්ගයේ අනෙකුත් යානා අතර වඩා පිරිමැසුම්දායක සහ විශ්වාසනීයත්වයෙන් ඉහළ යානය බවට පත්වෙමින් තිබේ. මගීන් 270ත් 350ත් අතර ප්‍රමාණයක් ප්‍රවාහනය කිරීම සඳහා සැළසුම් කරනු ලබන නවතම ගුවන් යානය වන A350 XWB යානය මධ්‍යම ප්‍රමාණයේ දිගුදුර මෙහෙයුම් සිදු කළහැකි යානයකි. ලොව වටා පාරිභෝගිකයින් දැනටමත් යානා 600 ට වඩා වැඩි ඉල්ලුමක් ඇති මෙම A350 XWB යානා වල ඉතා ඉහළ ඉන්ධන කාර්යක්ෂමතාවයක් සහ අඩු කාබන් ඩයි ඔක්සයිඩ් පිටකිරීමක් සහිතයි.

 

එයාර්බස් සමාගම විසින් නිකුත් කරන ලද ප්‍රවෘත්ති නිවේදනය මෙතනින් බලන්න. ඉහත පළවනුයේ එහි සිංහල පරිවර්තනයයි.

10 comments:

  1. 350 වලට දැනටමත් ශ්‍රී-ලංකන් ලාංඡන එහෙම පාට කරලා ඉවරද නැත්නම් මේ ෆොටෝ ශොප් වැඩක්ද ?

    කවද්ද මේවා ගන්න යන්නෙ ? මේ ඇවිල්ලා ශ්‍රී-ලංකන් විසින්, නවතම යානා එයාර් බස් වෙතින් කෙලින්ම මිළදී ගන්නා පළමු අවස්ථාවද ? ( කලින් ඔක්කොම සෙකන්ඩ් හැන්ඩ් නේද පාවිච්චි කළේ? )

    ශ්‍රී-ලංකන් සතුව යාමා කීයක් තියනවද මේ වෙනකොට?

    ඇයි දන්නෑ තාමත් මේ ශ්‍රී ලංකන් ලාංඡනය වෙනස් නොකරන්නෙ ? හරිම කැතයි මේ ගැරඬියා මාර්ක් එක..

    ReplyDelete
    Replies
    1. මේක ෆොටෝෂොප් වැඩක්
      මේවා ගන්න දවසක් නෑහැ තාම. මොකද තාම මේ යානා හදමින් තියෙන්නෙ. මේක තමා පළමු වතාව මේ වගේ මිලදී ගන්න. හැබැයි මේකෙත් තියෙන්නෙ සාමාන්‍යෙයන් ගුවන් යානා මිලදී ගන්න ක්‍රමයම තමයි. මොකද අපේ වගේ රටවල් වලට කෙලින්ම මිලදී ගන්න හැකියාවක් නැහැ. මුදල් ප්‍රශ්න නිසා. බදු පදනම මත තමයි ගන්නෙ. බොහෝ දුරටත් මේවත් එහෙමයි. ඒක සාමාන්‍ය දෙයක්. දැන් තියෙන ඒවා කලින් පාවිච්චි කළ ඒවා.

      ශ්‍රීලන්කන් සතුව යානා 22 ක් තියෙනවා
      http://www.srilankan.com/en_uk/coporate/fleet

      මේ ලාංඡනය වෙනස් කරන්නකථා කලා
      නමුත් තාම නම් නැහැ.

      Delete
  2. දැන් මේ ටික ගත්තම ගුවන් සමාගම පට්ට විදිහට ලාබ පෙන්නයිද ............. ?

    ReplyDelete
    Replies
    1. සමීර මේ විධියට ගුවන් යානා සේවයෙන් ඉවත් කර නව යානා ගැනීම සාමාන්‍යෙයන් සිදුවන දෙයක්. ගුවන්යානා වැඩි වශයෙන්ම අවුරුදු 15 ක් විතර තමා භාවිතා කරන්නෙ. ඉන්පසුව සේවයෙන් ඉවත් කරනවා. සමහර විට ඒවා භාණ්ඩ ප්‍රවාහන යානා බවට පත් කරනවා.
      මෙහි සඳහන් නව යානා ගැනීමත් ඒ වගේ සිද්ධියක්. අපේ දැනට තිබෙන යානා සියල්ලම වගේ අවුරුදු 15ට වැඩියි.
      පැරණි යානා භාවිතා කරන විට වියදම් වැඩියි. උපයන්න පුළුවන් ලාභ අඩුයි. අලුත් ඒවාගෙ නඩුත්තු අඩු නිසා මෙහෙයුම් වැඩි කර ලාභ ඉපයිය හැකියි.
      කෙසේ වෙතත් මේවායින් ලාභ පෙන්විය හැකියි.
      ස්තුතියි සමීර අදහස් දැක්වුවට

      Delete
  3. This comment has been removed by a blog administrator.

    ReplyDelete
    Replies
    1. ඇනෝ, ඔයාටත් ඉහල සමීරට කියලා තියෙන එකම බලන්න පුළුවන්.
      තව කාරුණික ඉල්ලීමක්. මේ බ්ලොග් අඩවිය අධ්‍යාපන වටිනාකමක් තියෙන විධියටයි පවත්වගෙන යන්නෙ. විශේෂයෙන්ම පාසැල් දරුවන් මේක බලනවා. මම මේකෙන් දේශපාලනය කථාකරන්නවත් කාටවත් දොස් නගන්නවත් යන්නෙ නැහැ.
      ඉතින් ඔබතුමාගෙන් කාරුණිකව ඉල්ලා සිටිනවා වචන භාවිතයේ දී සුදුසු පරිදි කරන්න කියලා

      Delete
  4. ඉශාර, මම ලියපු මේ පෝස්ට් එකට සෙන්නා දාපු කමෙන්ට් එකක් නිසා තමයි මම මේ පැත්තේ ගොඩ වැදුනේ.

    Aviation සම්බන්ධයෙන් ලියැවුනු කොටස් තුනකින් යුත් මේ ලිපිය මගේ ඉංග්‍රීසි HeyDude බ්ලොග් එකේ මේ වනවිට කොටස් දෙකකුත්, යාලුවන්ගේ ඉල්ලීම මත ඒකම පරිවර්තනය කරලා මගේ ඩෙනිම බ්ලොග් අඩවියේ එක කොටසකුත් පළ කරලා තියෙනවා.

    ඉශාර මේ පිළිබඳව ලොකූ උනන්දුවක් තියෙන කෙනෙක් බව පෙනෙන නිසයි ලින්ක් එක දැම්මේ.

    ReplyDelete
    Replies
    1. මම ඔබගේ ලිපියේ 3 වන කොටස කියවීමට පෙරයි මේ පිළිතුර දෙන්නෙ. සෙන්නා කිව්වා වගේ මට පුළුවන් වෙයි ඔයාට යම් උදව්වක් කරන්න එයාර්සයිඩ් ගිහින් ෆොටෝ ටිකක් ගන්න. පුළුවන්නම් මගේ මේ සයිට් එකේ උඩින්ම තියෙන ඊමේල් ලින්ක් එකෙන් ඔයාගේ කන්ටෑක්ට්ස් දාලා මේල් එකක් දාන්න. බලමු පුළුවන් උපරිමය කරන්න.

      Delete
    2. බොහොම ස්තුතියි ඉෂාර. අහන්නත් සතු‍ටුයි. මම ඊ මේල් එකක් එවන්නම්. මම ලංකාවට එන්නේ නොවැම්බර්.ඕනෙ තරම් කල් තියෙනවා. එතකොට අපිට කෝච්චි ගැන, බස් ගැන වගේම ගුවන් යානා ගැනත් අසීමිත උනන්දුවක් දක්වන බ්ලොගර්ස්ලා ඉන්නවා නේද?

      Delete
  5. This comment has been removed by a blog administrator.

    ReplyDelete

මොනවා හරි ලියලා ගියොත් හැදෙන්න පුළුවන්....