කියෝස්ක්–Kiosks

 

“කියෝස්ක්“ එකක් කියන්නෙ මොකක් ද කියලා අපේ අය බොහෝ වෙලාවට දන්නෙ නෑ. සමහර විට භාවිතා කරලත් ඇති. ලංකාවෙ නම් තාම ටිකක් අඩුයි. කොළඹ නම් තියෙනවා. එච්එස්බී සී බැංකුවට ගිය අයට දකින්න පුළුවන් යම් යම් ගෙවීම් හා වෙනත් සේවාවන් ලබා ගැනීම සඳහා පරිගණක තිරයක් සහිත පෙට්ටියක් වැනි යමක් ස්ථාන ගත කර තිබෙනවා. මේවා “කියොස්ක්“ යනුවෙන් හඳුන්වනවා. මේවායින් තොරතුරු, සේවාවන් හෝ භාණ්ඩ ලබා දෙනවා.

බොහෝ ගුවන් තොටුපලවල් වල ගුවන් ප්‍රවේශපත් ලබා ගැනීමට, ගමන් මලු පරීක්ෂාවට සහ ගුවන් යානා පැමිණීම සහ පිටවීම පිළිබඳ තොරතුරු ලබා ගැනීම සඳහා “කියෝස්ක්“ පිහිටුවා තිබෙනවා. මෙම යන්ත්‍ර මගින් ගුවන් ටිකට්පත් පරීක්සා කරන කවුළු වල ඇති තදබදය අඩු කිරීමට හැකි වන අතර සමහර කියෝස්ක් මගින් පුවත්පත්, ආහාර වැනි දේත් මිළදී ගත හැකියි.

පරිගණකගත කරන ලද ස්වයං සේවා කියෝස්ක් බොහෝ නවීන ගුවන් තොටුපළ වල ටිකට්පත් පරීක්ෂා කරන කවුන්ටර් අසල දැකිය හැකිය. මෙම කියෝස්ක් වලින් මිළ පරීක්ෂාව, ගුවන් යානා පැමිනෙන සහ පිටත්වන වේලාවල්, පැමිණීම තහවුරු කිරීම, මිළදී ගැනීම ආදි දේ සිදු කළ හැක. බොහෝ කියෝස්ක් boarding pass මුද්‍රණය කිරීම සහ ගමන් මළු පරීක්ෂාව සිදු කරයි. මේ කියෝස්ක් මවුසයක්, පරිගණක තිරයක් සහ යතුරුපුවරුවක් සහිත සාමාන්‍ය පරිගණකයක අංග වලින් සමන්විතය. නවීන කියෝස්ක් වල ‘ටච් ස්ක්‍රීන්‘ පහසුකම අඩංගුය. සමහර විට විවිධ භාෂා තෝරා ගැනීමේ හැකියාවද මෙහි තිබේ.

ස්වයං සේවා කියෝස්ක් වලදී එය භාවිතා කරන්නාගේ අනන්‍යතාවය පරික්ෂා කිරීම සඳහා කලින් ලබා දුන් රහස් අංකයක් හෝ ටිකට්පත මිළදී ගැනීමට භාවිතා කල ණය කාඩ්පත ඇතුලත් කිරීම සිදුකරයි. කියෝස්ක් ගුවන් සමාගමේ ප්‍රධාන පරිගණක පද්ධතියේ දත්ත පාදය හා සම්බන්ධ වන අතර එමගින් ක්ෂණිකව තොරතුරු පරීක්ෂා කිරීම හා තහවුරු කිරීම සිදු කරයි. යම් හෙයකින් කියෝස්ක් වලට අනන්‍යතාවය හෝ තොරතුරු පරීක්ෂා කිරීමට නොහැකි වුවහොත් මගීන් කවුන්ටර් වෙත යොමු කරනු ලැබේ.

මගීන් දිගු පෝලිම් වල රැඳවීම, අනවශ්‍ය තදබදයක් ඇති වීම සහ අනවශ්‍ය ලෙස කවුන්ටර් වල නිලධාරීන්ට කරදර වීම ආදිය මෙමගින් අඩු වේ. මෙම ඉතිරි වන කාලයෙන් මගීන්ට පහසුවක් දැනෙ අතර සේවකයින්ට අපහසුතා ඇති මගීන්ට පිහිට වීමට ඉඩ කඩ ලැබේ.

ශ්‍රී ලංකාවේ ගුවන් තොටුපළෙහිත් මෙවන් කියෝස්ක් සවි කිරීමට සැළසුම් කර ඇති අතර මුල් කාලයේ මේ කියෝස්වලට සහයකයින්ද පත් කරනු ඇති. එය ඉතාමත් පහසුවක් වන අතර කටුනායක ගුවන් තොටුපලේ උපරිම මගී හැසුරුම් ධාරිතාවට ආසන්න වී සිටින අවස්ථාවක එය ඉතා වැදගත් ක්‍රියා මාර්ගයකි.

15 comments:

  1. ලුප්තන්සා ගුවන් සේවයේ මේ ක්‍රමයෙන් තමා බෝඩින්ග් පාස් ගන්න තියෙන්නේ,,ඇත්තටම මම දැනගෙන උන්නේ නෑ මේකට කියන නමවත්, මම මේකෙන් බෝඩින්ග් පාස් ගැනීම කරලා තියනවා ගොඩක් පහසුයි,, ආසනය පවා අපිටමයි තෝර ගන්න දෙන්නේ... ස්තූතී අද ලිපියට

    ReplyDelete
  2. අදයි ඉස්සරලම ආවේ අනාගතයට වැඩදායක වෙන බ්ලොගක් අවතාර්ට
    ජය වේවා!

    ReplyDelete
  3. හැමදාමත් කියනවා වගෙ හොද ලිපියක්. බොහොම ස්තුතියි ඔබේ දැනුම බෙදා දෙනවාට .

    ReplyDelete
  4. හැමදාම හොඳයි හොඳයි කියලා යන එකේ මම අලුත් යොජනාවක් කරන්න යි යන්නෙ... ඔය කටුනායක හයිකරන මැසින් ලඟ සහයට ගැල්ලමයි ටිකක් දාන්න කියන්නකෝ පුලුවන් නං.....!

    ReplyDelete
    Replies
    1. බුද්ධියෝ මම ගිය කියෝස්ක් එක ලග නම් උන්නා කොට සායක් ඇද ගත්තු සුට්ටක් පපුව ඉස්සරහට දාගෙන උන්නු සුයිට් ගෑල්ලමයෙක්,,මම හිතන්නේ ලංකාවෙත් එහෙම ගෑල්ලමයි දාන එක හොදයි,හැබැයි ප්‍රියමනාප අය වෙන්න ඕනා බන්,දැන් ඔය කවුන්ටර් වල ඉන්න අපේ ගෑල්ලමයින්ට හිනාවල් ගෑවිලාවත් නෑ

      Delete
    2. කොහොමත් ඉතින් ඕක ගාව දාන්නෙ කෙල්ලෝ තමයි. මොකද වැරැද්දක් වුණත් කට්ටිය මුකුත් කියන්නෙ නෑනෙ. අනික උඹලා උනත් උදේ හවස රට යයි

      Delete
  5. කියෝස්ක් එක ගැන මම දැනගත්තේ 1998 දී. ඒ වගේම වවුනියාව ප්‍රදේශයට කියෝස්ක් කීපයක් ලබාගන්නට මුල්වන්නට මට හැකියාව ලැබුනා. ඒ කාලයේ මම හමුදා බල ඇණියක අණදෙන නිලධාරි වශයෙන් සේවය කළා. වවුනියාවේ සිට මන්නාරම දක්වා දිවෙන මාර්ගයේ කිලෝමීටර් 10 ක පමණ ප්‍රදේශයක ආරක්ෂාව මගේ බලඇණිය යටතේ තිබුනේ. මේ මාර්ගයේ ගමන ගන්න සාමාන්‍ය ජනතාව දැඩි පීඩා වින්දා. ඒ නිසා අපි තීරණය කළා ඉතා සාධාරණ (බොහෝවිට වවුනියාව නගරයේ වෙළඳසල්වල මිලට වඩා අඩුවෙන්) මහජනතාවට සිසිල් බීම වැනි දේ ලබාදෙන්නට. අපිව පුදුමයට පත් කරමින් ටික දිනක් යනවිට, එක් සතියකට සිසිල බීම ලොරි ගණන් විකිණී ගියා. එම සිසිල්බීම නිපදවන සමාගමට මම කතාකර කිව්වා, අපට පාර අයිනේ සවි කරන්නට ලොකු උද්‍යාන කුඩ කීපයක් ලබාදෙන ලෙස. ඒ සමාගම පැමිණ අපේ විකිණීම් වාර්තා දැක පුදුමවී, කියෝස්ක් 5 ක් ගෙනත් පාර දිගේ තැන් පහක සවි කළා. ඔවුන් කිව්වා කොළඹින් පිට පළමුවැනි වතාවටයි එහෙම කලේ කියලා.

    අසමි දකිමි සොයමි ලියන විචාරක

    ReplyDelete
    Replies
    1. මමත් දැකලා තිබ්බා ඒවා. ඔබතුමාගෙ වැඩක්ද ඒක. බොහොම හොඳයි.
      ස්තුතියි මේ පැත්තෙ ආවට

      Delete
    2. මේ කියන්නෙ ස්වයංක්‍රීය භාණඩ අලෙවි කරන යන්ත්‍ර හෙවත් Vending machine නේද ?. Interactive kiosk වල කාර්ය්ය ඊට වඩා ටිකක් වෙනස්නෙ

      Delete
  6. වැදගත් විස්තරයක්.

    ReplyDelete
  7. honda lipiyak...tnx

    ReplyDelete
  8. හැබෑටම උපරීමේට ලංවෙලාද ? හම්බන්තොට හදපුවම තවකාලිකව වහන කතාවක් කියනවා ඒක ඇත්තද ?

    කියෝක්ස් වලින් Check-IN වෙන්ඩත් පුලුවන්ද ? අර උඩින්ම ගහලා තියෙන්නෙ Check-IN කියලා..

    ReplyDelete
    Replies
    1. ඔව් උපරිමයට ලංවෙලා තියෙන්නෙ මගී ධාරිතාව.
      කටුනායක ගුවන් තොටුපලේ දෙවන අදියර ලඟදි පටන් ගන්නවා. එතකොට ටිකක් හම්බන්තොට යවයි. ඒත් විශාල දෙයක් වෙන්නෙ නැති වෙයි. හම්බන්තොටත් හොඳවෙයි දැනට යන විදියට.
      කියොස්ක් වලින් චෙකින් වෙන එක තමා කරන්නෙ. තව පහසුකමුත් තියෙනවා. ගෙඩක් බටහිර රටවල මේක භාවිතා කරනවා
      ස්තුතියි ආවාට මේ පැත්තෙ

      Delete
  9. මත්තල හදන ගුවන් තොටුපලේ ද මේවා ඉදිකිරීමට නියමිතයි......

    ReplyDelete
  10. ලේසියි පහසුයි ආරක්සාකරියි .හොදම දෙය තම එක එකට වදින්න ඕනේ නෑ අවශ්‍ය දේවල් ගන්න

    ReplyDelete

මොනවා හරි ලියලා ගියොත් හැදෙන්න පුළුවන්....