නග්ගන්න බස්සන්න තියෙන දිගම, කොටම සහ උසම ඒවා (The Highest, Longest and Shortest Runways in the World)

අපේ ගුවන් තොටුපලේ තියෙන ධාවන පථය මීටර 3300 ක් විතර දිගයි. මුහුදු මට්ටමේම තමයි පිහිටලා තියෙන්නෙ. දැන් මේකට ලෝකෙ තියෙන ලොකුම ගුවන් යානයටත් එන්න පුළුවන් කියලා දන්නවානෙ. 

ලෝකයේ භුවිෂමතාවය සහ අවශ්‍යතාවය අනුව ගුවන් තොටුපළවල් විවිධ ස්ථාන වල පිහිටුවා තියෙනවා. ඉතින් අද මම කියන්නෙ ලෝකයේ දිගම, උසම සහ කෙටිම ගුවන් ධාවන පථ මොනවද කියලා.

අපි මුලින්ම බලමු දිගම සහ උසම එක. මේ ස්ථාන දෙකම හිමිවන්නෙ එකම ගුවන් ධාවන පථයකට. ඒ තමයි චීනයේ ටිබෙට් දේශයේ තියෙන කැම්ඩෝ බැම්ඩා (Qamdo Bamda Airport) නැති නම් චන්ග්දු බණ්ග්ඩා (Changdu Bangda Airport) ගුවන් තොටුපළේ ධාවන පථය.

මේ තියෙන්නෙ එහි චන්ද්‍රිකා ඡායාරූපයක්

ඔන්න ගුවන් යානයකුත් ඇවිල්ලා. පහසුකම් අඩුයි. බැහැලා පයින් තමයි යන්න වෙන්නෙ.

image

මෙම ගුවන් තොටුපළ මුහුදු මට්ටමේ සිට මීටර 4334 ක් ඉහළින් පිහිටා තිබෙන අතර දැනට ලෝකයේ ඉහළින්ම පිහිටා තිබෙන සිවිල් ගුවන් ධාවන පථයයි.ජාත්‍යන්තර සිවිල් ගුවන් සේවා සංවිධානයෙන් මේ ගුවන් තොටුපළට ලබා දී ඇති කේතය ZUBD  වන අතර ජාත්‍යන්තර ගුවන් පුවාහන ආයතනයෙන් ලබා දී ඇති කේතය වන්නේ BPX ය.

මෙය ලෝකයේ දිගම ගුවන් ධාවන පථයද වන අතර දිගින් මීටර 5500 ක් පමණ වේ. වාතයේ ඝනත්වය අඩු නිසා ගුවන් ගත වීමට අවශ්‍ය බලය ලබා ගැනීමට ගුවන් යානා වැඩි දුරක් ධාවනය කළ යුතු වීම මෙම දිගින් වැඩිවීමට හේතුවයි. සාමාන්‍යෙයන් ධාවන පථය මුහුදු මට්ටමේ සිට ඉහලට යන විට දිගින් ද වැඩි වෙනවා.

ප්‍රධාන වශයෙන්ම එයාර් චයිනා ගුවන් සමාගම මේ ගුවන් තොටුපළට මෙහෙයුම් කරනවා.

මේ තියෙන්නෙ පර්යන්ත ගොඩනැගිල්ල

image

දැන් බලමු කෙටිම ගුවන් ධාවන පථය කුමක්ද කියලා.

කැරිබියන් දූපත් සමූහයේ තිබෙන සබා (Saba) දූපතේ පිහිටා තිබෙන Juancho E. Yrausquin Airport ගුවන් තොටුපළේ ධාවන පථය ලෝකයේ වාණිජ වශයෙන් භාවිතා වන කෙටිම ගුවන් ධාවන පථයයි. මෙහි දිග මීටර 396 ක් වෙනවා. මුහුදු මට්ටමේ සිට මීටර 18 ක් පමණ ඉහළින් මෙය පිහිටා තිබෙනවා.

මේ තියෙන්නෙ ගුවනට පෙනෙන ආකාරය. 

මෙහි ගොඩබෑම් කළ හැක්කෙ කුඩා ගුවන් යානා වලට පමණයි. වැඩිපුරම භාවිතා වන්නේ Twin Otter සහ BN-2 Islander වර්ගයේ ගුවන් යානා කියලා තමයි විකිපීඩියා කියන්නෙ. ජෙට් ගුවන් යානා භාවිතා කළ නොහැකියි. හෙලිකොප්ටරුත් ගොඩබෑමට හැකියි.

මේ තියෙන්නෙ පර්යන්ත ගොඩනැගිල්ල.

ලෝකයේ දිගම ගුවන් ධාවන පථය හමුදාමය සහ අභ්‍යවකාශ කටුයුතු වලට භාවිතා වන එකක්. ඇමරිකාවෙ තමයි පිහිටලා තියෙන්නෙ. Edwards Air Force Base නමින් තමයි හඳුන්වන්නෙ.

20 comments:

  1. your try for scarch information is appriciatable

    ReplyDelete
  2. elaz article eka! Keep it up!!!

    ReplyDelete
  3. Honda wadak... Edward airforce base eka Magema eys walin dakinna man nam pin karala thibuna.Eken thama loke watema aduma kaalayakin nonstop giya plane ekat patan aran tiyanne.katunayake runway ekata wenda one lokaye lokuma plane baanda puluwan kiyala thiyanne?(nama nethi nisa sure ne)eth kawadda AN224 ekak awe katunayake? dawalda?. A380 ekak nam hadissiyen awa,eka loke lokuma plane eka neme man danna widiyata.anika eka awata ape runway ekata A380 eke Full Ramp weight eka approoved ne.eka fuel nathuwa hiswa thibunu nisa awe.anika reka nisa.neththan katunayaka tower eke unma chu gihin indi .plane 2k awot busy, arawa mewa.kohoma unat honda wadak.castle airforce base ekatat man gihin tiyanawa. CA wal 2wani lokuma airport eka man hithanne.eka eha paththe musium eka black bird ekak thuyanawa aththama eka.asawe ba..nokan ara x man eke wage ekak.maru

    ReplyDelete
    Replies
    1. ස්තුතියි කමෙන්ට් එකට. A380 තමයි ලෝකයේ දැනට වාණිජ වශයෙන් භාවිතා වන විශාලම මගී ගුවන් යානය. ඒ වගේම මේ යානය දෙවරක් ශ්‍රී ලංකාවේ කටුනායක ගුවන් තොටුපලට ගොඩ බෑවා රාත්‍රියේ. ඉන්ධන ලබා ගැනීම සඳහා තමයි පැමිණිලා තියෙන්නෙ. AN224 එකක් ආවා කියලා කියනවා සුනාමි දවස් වල බඩු අරන්. ඒ ගැන මට තාම නිවැරදි ස්ථිර තොරතුරු ලැබුණේ නෑ.

      Delete
  4. hamadamath wage hoda lipiyak. sthuti nodanna deval kiya denewata Isharata .

    ReplyDelete
  5. ඉෂාර අර කොටම ධාවන පථය පිහිටා තිබෙන පින්තූරෙට හිත ඇදිලා ගියා. එතන මාර ලස්සනයිනෙ. හැබැයි ඉතින් වැඩ වැරදුනොත් බඩුම තමා නේද? :)

    ඔන්න ඔය වගේ ස්ථාන කිහිපයක විස්තර හොයලා දාමුකෝ :)

    ReplyDelete
    Replies
    1. ස්තුතියි. හිත ඇදිලා ගියාට කමක් නෑ. ලෑන්ඩ් කරනකොට ඇදිලා ගියොත් ඔයා කිවිවා වගේ බඩුම තමා

      Delete
    2. ආ තව එකක්. මෙහි තාම මරණීය අනතුරු සිදු වෙලා නෑ කියලා තමයි වාර්තා වෙන්නෙ

      Delete
  6. එල......එල........මාලදිවයිනෙත් ධාවන පථය විශේෂයි නේද? ලංකාවේ දිගම එක ලගදිම ඉවර කරනවා 3.5km තමයි දුර....මත්තල ජාත්‍යයන්තර ගුවන් තොටුපල.....ධාවන පථයනම් දැනටමත් වැඩ අහවරයි....පර්යන්ත ගොඩනැගිල්ලේ අවසන් අදියරේ කටයුතු තමයි දුනට කෙරීගෙන යන්නේ....

    ReplyDelete
    Replies
    1. ඔව් ගීත් මාලේ ගුවන් තොටුපළ ඒ දූපත පුරාවටම තියෙනවා. ආ.... ගීත් ඔන්න ඔයාලගේ වැඩ බලන්න මමත් එනවා ළඟදීම. ලබන සතියෙ වෙන්නත් පුළුවන්....හමු වෙමු එතකොට

      Delete
  7. මත්තල හදන එකේ ඕන ප්ලේන් එකක් ලෑන්ඩ් කරන්න පුලුවන් නේද ඉෂාර අයියෙ.....වැදගත් ලිපියක්....

    ReplyDelete
    Replies
    1. ඔව් දැනට ලෝකයේ තිබෙන විශාලම ගුවන් යානා ගොඩබෑසීමට හැකි ආකාරයට තමයි හදන්නෙ. ඔය ගීත් ටිකක් විස්තර දාලා තියෙන්නෙ. දැනටමත් ගුවන් සමාගම් කැමැත්ත පළ කරලා තියෙනවා එහාට එන්න.

      Delete
  8. මුලින්ම උඔට අවවාදයක් //ඒ තමයි චීනයේ ටිබෙට් දේශයේ තියෙන කැම්ඩෝ බැම්ඩා // ඇයි මෙහෙම ලිව්වෙ. ටි‍බෙට් අයිති චීනෙටයි කියලා කියනවා ලාමාලාට ඇහුනොත් උඔව දායි බිග්ෆුට්ට කන්ඩ.

    ..............

    අනිත් විස්තර නං වෙනදා වගේම මරු! කෙටිම ගුවන් පතය දකිද්දි මතක් උනේ ජෙන්ටින් හයිලන්ඩ් පාරදීසය... හැබැයි මේකෙ ප්ලෙන් එක්ක ලැන්ඩ් කරන්ඩ නං සෑහෙන මෙව්වා එකක් ඕනේ ඇති. අපේ ත්‍රී විලර් මාමා කනෙක් වගේ නං ලේසියෙන් ඔතන ලෑන්ඩ් කරයි

    ReplyDelete
    Replies
    1. උන්ට සිංහල තේරෙන්නෙ නෑනෙ බං...
      ......................
      ඇයි බං ප්‍රයිවට් බස් මහත්තුරු කොතනින් බ්‍රේක් ගහන්න පටන් ගත්තත් ෆයිනල් ඩොට් එක ගාව නවත්වයි ඩොටටම. නැද්ද....

      Delete
  9. මොනවද මේ කතා! කොළඹ - වව්නියා බස් මාමා ඉස්සර අපේ ගේට්ටුවේ ඉබ්බා කෙලින් දොර හිටින්න නවත්තනවා වේගෙන් ආවත්.... කොළඹ දි ඔය හපංකම දැකබලාගන්නවනං ඉතිං 138 බස් මාමාලාගෙන් තමා....

    ReplyDelete
  10. *කොච්චර වේගෙන් ආවත් - කොච්චර කෑල්ල වැදිලා නෑ

    ReplyDelete
  11. වෙනද වගේම ඉතා වැදගත් ලිපියක් .....

    ReplyDelete
  12. ස්තූතියි ඉෂාර - මේ බ්ලොගය ආසාවෙන් කියවමි!

    ReplyDelete
  13. ගොඩාක් හොඳ විස්තර තියෙන බ්ලොග් එකක් නේ.මේ තොරතුරු කලින් මම දැනගෙන හිටියේ නැහැ.

    ජයෙන් ජය.

    ReplyDelete

මොනවා හරි ලියලා ගියොත් හැදෙන්න පුළුවන්....