ප්‍රථම වරට ලෝකයේ විශාලම මගී ප්‍රවාහන ගුවන් යානය A380 කටුනායක ජාත්‍යන්තර ගුවන් තොටුපලට ගොඩබායි. (World’s Largest Passenger A380 Aircraft First Time in Sri Lanka)

ඔබ දන්නවානෙ දැනට ලෝකයේ තියෙන විශාලම මගී ප්‍රවාහන ගුවන් යානය වන්නේ එයාර් බස් සමාගමේ A380 වර්ගයේ ගුවන් යානයයි. පිරිමැසුම් පන්තියේ (Economy Class) ආසන 800 ක් පමණ මෙහි සවි කළ හැකියි. ව්‍යාපාරික පන්තියේ ආසනත් සමග මගීන් 550 ක් පමණ ගෙන යා හැකියි. දැනට ලෝකයේ විශාල ගුවන් සමාගම් වන එමිරේට්ස් (Emirates), සිංගප්පූර් එයාර්ලයින්ස් (Singapore Airlines), කොන්ටාස් (Qantas) වැනි ගුවන් සමාගම් මේ යානා භාවිතා කරනවා.

අපේ ගුවන් තොටුපල මේ ගුවන් යානය ගොඩබෑම සඳහා පසුගිය කාලයේ සූදානමක් කළ අතර යම් යම් තත්ව යටතේ මේ දැවැන්ත යානය ගොඩ බෑමට හැකියාව දැන් තිබෙනවා. ගුවන් පථයේ දිග හා පලල ආදිය විශේෂයෙන් මේ සඳහා බලපානවා. මේ සම්බන්ධයෙන් ලිපිය මෙතනින් බලන්න.

කෙසේ වෙතත් පසුගිය ජනවාරි 9 වන දින අළුයම හදිසියේ මේ දැවැන්ත යානය කටුනායක ගුවන් තොටුපළට ගොඩ බානු ලැබුවා.

මේ පහල තියෙන්නෙ ඒ සම්පුර්ණ වීඩියෝ ක්ලිප් එක.

ගුවන් ධාවන පථයේ දිග අඩු නිසා (යානයට ගැලපෙන පරිදි) සාමාන්‍ය තත්වයන්ට වඩා තිරිංග යෙදීමට සිදුවූ අතර ඉන්පසුව නැවැත්වීම සඳහා ගෙන ඒමේදී පිටත එන්ජින් ක්‍රියා විරහිත කිරීමට සිදු වී තිබෙනවා. ඒ වගේම වැඩිපුර තිරිංග යෙදීම නිසා රත්වු ටයර සිසිලනය කිරීමද සිදු කර තිබෙනවා. විශේෂයෙන් සඳහන් කළ යුතු දෙය වන්නෙ මේ සියළු ක්‍රියාකාරකම් සාමාන්‍ය දේවල් බවයි.

මේ යානය ඕස්ට්‍රේලියාවේ සිට ඩුබායි දක්වා ගමන් කරන අතරේ ඉන්ධන ලබා ගැනීම සඳහා තමයි මෙහි පැමිණ තිබෙන්නෙ. ඒ වගේම මේ ගොඩ බෑම සිදුවී තිබෙන්නෙ සිවිල් ගුවන් සේවා අධිකාරිය ඇතුළු මේ සම්බන්ධයෙන් කටයුතු කරන සහ සේවා සපයන ආයතන වල පූර්ණ අධීක්ෂණය යටතේ. .ඒ වගේ මේ ගොඩ බෑම සඳහා ශ්‍රී ලංකා සිවිල් ගුවන් සේවා අධිකාරියේ අනුමැතිය ලක් රජය වෙනුවෙන් කලින්ම ලබා දී තිබුණා.

මේ ගොඩ බෑම මගින් ඒ විශාල ගුවන් යානය අපේ ගුවන් තොටුපළට ද ආරක්ෂාකාරීව ගොඩ බෑම සිදු කළ හැකි බව තහවුරු වූ අතර ශ්‍රී ලංකාවේ අනාගත ගුවන් සේවා කර්මාන්තයේ සංවර්ධනයට එය මහත් පිටිවහලක් වනු ඇති බව නිසැකයි. 

20 comments:

  1. ඉස්සෙල්ල ලිපියෙ හැටියට මේක ගොඩබාන්න කටුනායක runway shoulders තව මීටර් 7.5 බැගින් පලල් කල යුතු බව කියනව. නැත්නම් එන්ජිමට රොඩු ඇදිල එන නිසා.

    එතකොට දැන් ඒ පලල් කිරීම කරලද තියෙන්නෙ?

    ReplyDelete
    Replies
    1. ඇත්තටම එසේ කිරීමක් සිදු කළේ නැහැ. ඒ අවශ්‍යතාව එන්නෙ උපරිම තත්ව පවත්වා ගැනීමට. නමුත් අවම තත්ව යටතේ එසේ කළ හැකියි. ඒ කියන්නෙ උදාහරණයක් විදියට වාහනයක ඉන්ධන ක්ෂමතාවය ලීටරයට කි.මී. 50 යි කිව්වට ප්‍රායෝගික ඒක ඊට අඩුයි. කොහොම වුණත් මේ ගොඩ බෑමේ ඉතා සුළු හෝ අවදානමක් නැතිව නොවේ. ඒ වගේම යානා වලත් සුළු සුළු වෙනස්කම් දැකිය හැකියි

      Delete
  2. පිරිමැසුම් පන්තියේ ආසන 800 කියන එක හරිද ?

    කියවන්ඩ වටින දේවල් ගොඩක් තියනවා මේ බ්ලොග් එකේ.. නිවාඩුව එන්නම්..

    ජය !!

    ReplyDelete
    Replies
    1. පිරිමැසුම් පන්තිය පමණක් දැම්මොත් තමයි ඒ වගේ ගණණක් එන්නෙ

      Delete
  3. කියවන්න කැමති දේවල් ගොඩක් හොයාගත්තා. ස්තූතියි.

    දිගු ගමනක් යන්නට ජය!

    ReplyDelete
    Replies
    1. ස්තුතියි. මම ඔබේ ලිපිත් කියවනවා.

      Delete
  4. සාමාන්‍ය තත්ත්ව යටතේ ටයර් සිසිල් කිරිම වගේ දේවල් කරන්නෙ නැතිව ඇතිනේ.
    එතකොට මේ වගේ ගොඩබෑමකදි අමතර වැඩ කොටසක් කරන්න වෙනවනෙ.

    ReplyDelete
    Replies
    1. ප්‍රසන්න, සාමාන්‍ය දෙයක් කියලා මම කිව්වෙ ටයර් රත් වුව හොත් සිසිල් කිරීම. ඒක මේ යානයට පමණක් විශේෂ දෙයක් නොවේ. ඒක එතරම් තදබල අමතර දෙයක් නෙමේ. මේ සඳහා පෙර සුදානමක් තිබෙනවා. ස්තුතියි ආවාට.

      Delete
  5. ස්තූතියි සහෝ මේ ගැන දැම්මට...

    ReplyDelete
  6. //මේ කරුණු සියල්ල සැළකීමේදී දැනට තිබෙන තත්ව යටතේ දී, ලෝකයේ භාවිතා කරන විශාලම මගී ගුවන් යානය වන A380 වර්ගයේ යානාවක් කටුනායක ජාත්‍යන්තර ගුවන් තොටුපළට ගොඩබැස්සවීම කළ නොහැකි බව පැහැදිලි වෙනවා නේද?//

    A380 එකක් ගොඩබෑමෙන් පෙනී යන්නේ අපේ ගුවන් තොටුපලත් විශාල ගුවන් යානා ගොඩ බෑම සඳහා සුදුසුයි කිය එකද?

    ReplyDelete
    Replies
    1. ඔව් ඇත්තටම දැන් පුළුවන් ඒ දේ කරන්න. මෙහි කරුණු කීපයක් තියෙනවා. එකක් ඒ ලිපිය මා ලියුවේ වසර කීපයකට පෙර. එවකට තිබු දත්ත අනුව. ඒ වගේම මේ ගොඩ බෑම සිදු කරන විට යම් යම් මුල් පියවරයන් අරන් තිබුණා යානයේ ක්‍රියාකාරීත්වය සම්බන්ධව. කෙසේ වෙතත් මේ ගොඩ බෑම තහවුරු කරනවා අපේ ගුවන් තොටුපළේ මේ විශාල යානය බැස්සවිය හැක කියා.

      Delete
  7. වෙලාවට හොඳවයින් ප්ලේන් එකක් ආවේ. නැත්තං මේ බ්ලොග් එකේ ඇඩ්මින් නින්දෙන් අවදිවෙන්නෙම නෑ......

    එතකොට අර විඩියෝ කලේ උඔමද.... ඒකනම් වටිනවා.

    විහිලුවට අහනවා නෙමේ මොකෝ ඒ ප්ලෙන් එකේ පොත්ත පුස්කාලා වගේ තියෙන්නෙ.... එකෙන් ගුවන් ගමනට බාධාවක් නැද්ද..... මං අහලා තියෙනවා ඇමරිකන් කාර‍යෝ ප්ලෙන් වල මීකීලා ඇඳලා හැඩ කරන්න ගියත් ඒ තීන්ත නිසා වැඩි බරක් ඔසවගෙන යන්ඩ වෙන හින්දා ඒ අදහස අත් ඇරියා කියලා........

    ReplyDelete
    Replies
    1. කොහෙද ඉතින් උඹලගෙ විගඩං සයිට් බල බලා ඉන්නවා ඇර මේකට ලියන්න වෙලාවක් නෑනෙ.
      වීඩියෝ කලේ මම කිව්වහම උඹගෙ අර කැලෑ පත්තරේ ෆොටෝ එක වදිනවානෙ.
      ඒක ඇත්ත. තීන්ත විශාල ප්‍රමාණයක් යනවා කියන්නෙ බර වැඩි වෙනවා තමයි. හැබැයි ඔය උඹ කියන කථාව ටිකක් හොයලා බලන්න ඕනා. හරියටම දන්නෙ නෑ

      Delete
  8. ඔන්න මාත් අවා බලල යන්න . හරි අගේ ඇති ලිපියක් . ජය පතනවා !

    ReplyDelete
  9. කියෙව්වා. විස්තර වලට ස්තුතියි !

    ReplyDelete
  10. මුලින්ම ලොකුවට පත්තර වල ලෝකේ ලොකුම බස් එක ලංකාවට ගොඩ බැවා කිව්වහම, උද පනින්න මේක ලොකු සීන් එකක්ද කියල හිතුන. රජතුමාගේ පින්වත්කමට මේ වගේ අවස්ථාවක් පහල වුනා කියල දිනමිණ පත්තරේ එහෙම යන්න ඇති කියලත් හිතුන.

    එත් ටිකක් විස්තර බලනකොට තමයි දැනගත්තේ, ඇත්තටම මේක ලොකු සීන් එකක්! රටකට මේ ගුවන් යන්තරේ පලවෙනි පාරට එනවා කියන්නේ ලොකුම ලොකු සීන් එකක්. මේ මම අහපු කතාවක්.

    ඇමෙරිකාවේ මුලින්ම මේ ගුවන් යන්තරේ ගොඩ බාන්න ලැහැස්තිවෙලා තියෙන්නේ නිව්යෝර්ක් නගරේ ජෝන් F කෙනඩි ගුවන් තොටුපොළට. එත් ඒක දැනගත්තහම රටේ තියන අනෙක් ප්‍රධානම ගුවන්තොටුපොළ උන ලොස් ඇන්ජලීස් ගුවන් තොටුපොළටත් ඕනේ උනා මුලින්ම මේක එහෙට ගෙන්න ගන්න. අන්තිමේ රණ්ඩුවෙලා, කතා කරලා, සමාදාන වෙලා, එය බස් සමාගම එකම වෙලාවට මේ ජාතියේ ගුවන් යන්තර දෙකක් එකම වෙලාවට ගුවන් තොටුපොළවල් දෙකටම ගොඩ බැස්සුවා.

    ReplyDelete
  11. Guwan yanayaka indana karayakshama thawaya gana dan ganna loku asawak thiynawa,,, e wagema guwan thotupalakata guwan yanayak goda bessa weemedi yam akarayaka geweemak sidukala yuthuda? nathinam guwan thoyupalakata adayam lebenne kohomda guwan yana godabessaveemedi,,?

    ReplyDelete

මොනවා හරි ලියලා ගියොත් හැදෙන්න පුළුවන්....