ලෝකයේ විශාලතම ගුවන් යානය කටුනායක ගුවන් තොටුපළට ගොඩ බැස්සවිය හැකිද? Can the largest passenger aircraft land safely at Katunayake Airport?
මේ දවස්වල කණ පිරෙන්න තියෙන්නේ පොරොන්දු නෙ. අපි දන්නවා හැම පොරොන්දුවක්ම එක ලෙසට ඉටු කරන්නත් බැහැ. කරන්නෙත් නැහැ.මේ සමහර පොරොන්දු අතර තියෙනවා මත්තල නව ගුවන් තොටුපළක් සකස් කිරීම හා එයට එහි ධාවන පථය ලෝකයේ විශාලම ගුවන් යානා ගොඩබැස්සවීමට හැකි පරිදි සකස් කිරීමට. මම අද කථා කරන්න අදහස් කරන්නේ මත්තල නව ගුවන් තොටුපළවත් එහි ධාවන පථය ගැනවත් නොවේ.
දැනට අප රටට තිබෙන එකම ජාත්‍යන්තර ගුවන් තොටුපළට මෙවන් වූ විශාල මගී ගුවන් යනාවක් ගොඩ බැස්සවිය හැකි ද නොහැකිද යන්න සරලව පැහැදිලි කිරීමයි.
ඔබ සියළු දෙනාම දන්නා පරිදි ගුවන් යානයක් ගොඩ බැස්සවීමත් ගුවන් ගත වීමත් යන දෙකම සඳහා භාවිතා වන්නේ ගුවන් ධාවන පථයයි (Runway). මෙම ධාවන පථය සකස් කිරීමේ දී විශේෂ තාක්ෂණික ක්‍රම භාවිතා කරන අතර ඉතාම ඉහළ මට්ටමේ තාක්ෂණයක් සහ අමුද්‍රව්‍ය භාවිතා කිරීම සිදු වෙනවා. ඒ වගේම ඒවා ජාත්‍යන්තර ප්‍රමිතීන්ට අනුව සකස් කළ යුතු වෙනවා. මෙසේ භාවිතා කරන අමුද්‍රව්‍ය හා තාක්ෂණ ක්‍රම අනුව ඒ ඒ ධාවන පථ වල ගොඩ බැස්සවිය හැකි යානා වර්ග වෙනස් වෙනවා.
දැනට ඇපේ ගුවන් ධාවන පථය ඇස්පාල්ට් (Asphalt) භාවිතා කර සකස් කර ඇති අතර ජාත්‍යන්තර පිළිගත් ප්‍රමිතීන්ට එය අනුගත වෙනවා. ඒ වගේම බොහෝ ගුවන් යානා එහි ගොඩ බැස්ස වීම කළ හැකියි.
තවත් දෙයක් සඳහන් කළ යුතුයි. ගුවන් ධාවන පථයක දිග හා පළල ද ගුවන් යානා ගොඩ බැස්සවීමේදී බලපානවා. වැඩි දිගක් සහිත ධාවන පථ වල වැඩි බරක් සහිත ගුවන් යානා එසවීමට ඇති හැකියාව වැඩියි. (තවත් බොහෝ කරුණු බලපානවා) ඒ වගේම පලලත් ඒ සදහා බලපානවා. සාමාන්‍යයෙන් ගුවන් ධාවන පථයක මැද සිට යම් පළලක් දක්වා ඉතා ශක්තිමත්ව සකස් කරනු ලබන අතර එහි සිට තවත් දුරක් සඳහා සාපේක්ෂව අඩු ශක්තියක් සහිතව සකස් කරනු ලබනවා. (හරියට අධිවේගී මාර්ගයක් වගේ, වාහන ගමන් නොකරන ප්‍රදේශ සකස් කිරීම වැනි) මෙම කොටස් දෙක Runway Shoulders ලෙස හඳුන්වනු ලබන අතර මෙම කොටස් දෙක ද ගුවන් යානා ගොඩ බැස්සවීම කෙරෙහි බලපාන ප්‍රධාන සාධකයක්.
මේ සමග පහළින් දැක්වෙන්නේ කටුනායක ගුවන් පථයේ ඡායාරූපයක්. ඔබට එහි දෙපසින් දැක්වෙන අඛණ්ඩ සුදු රේඛා දෙකට දෙපසින් ලා පැහැයෙන් දැක්වෙන තීරු දෙක පෙනෙනවා ඇති.
මේ තීරු දෙක තමයි Runway Shoulders ලෙස හඳුන්වන්නේ.
අපේ මේ ධාවන පථය මීටර් 45 ක් පළලයි. ලෝකයේ බොහෝ රටවල මෙම පළලම සහිත ධාවන පථ තිබෙනවා. අර මම කිව්ව Runway Shoulders දෙක අපේ ධාවන පථයේ දී එකක් මීටර් 7.5 ක් බැගින් වෙනවා. ඒ කියන්නේ අපේ ධාවන පථයේ භාවිතා කළ හැකි මුළු පළල මීටර් 60 ක් පමණ වෙනවා. මීට අමතරව ධාවන පථයේ මැද තිබෙන සුදු පැහැති කඩ ඉරේ සිට දෙපසට මීටර් 150 බැගින් වන පළලක් Graded Area ලෙස හඳුන්වනවා. තවත් දෙයක් අපේ කටුනායක ධාවන පථය කි. මී. 3.35 ක් පමණ වෙනවා.
දැන් අපි බලමු ලෝකයේ විශාලම ගුවන් යානය වන එයාර් බස් 380 වර්ගයේ මගී ගුවන් යානයේ දිග පළල. (මෙම යානය තමයි දැනට භාවිතයේ පවතින විශාලම මගී ගුවන් යානය). පහත දැක්වෙන රූපය බලන්න.
මේකෙ කලු පැහැයෙන් දැක්වෙන්නේ A380 වර්ගයේ යානාවක විස්තර. තව පැහැදිලි කරනවානම් දිග මීටර් 73 කුත් එක් පියාපතක සිට අනෙක් පියාපතට පළල මීටර් 79.8 කුත් වෙනවා. ඊට අමතරව මෙම ගුවන් යානය එන්ජින් 4 කින් සමන්විත වන අතර පිටත එන්ජින් දෙක අතර පළල මීටර් 64 ක් පමණ වෙනවා.
දැන් මෙම එන්ජින් ගැන කිව්වොත් ඒක ක්‍රියාත්මක වීම ඉතා සංකීර්ණ ක්‍රියාවලියක් වන මුත් සරලව කියනවානම් එයට තුළ ට ඉදිරියෙන් වාතය උරා ගැනීමෙන් ඉන්ධන දහනයෙන් ශක්තිය නිපදවීම කරනවා.
දැන් අපි මෙවන් පළලක් සහිත ගුවන් යානයක් අර වගේ පළලක් සහිත අපේ ධාවන පථයට ගොඩ බැස්සවීම ගැන බලමු.
අපේ ධාවන පථයේ මුළු පළල මීටර් 60 යි (Asphalt සහිත) යානයේ පියාපත් අතර පළල මීටර් 79.8යි. ඔබට හිතෙන්න පුලූවන් යානයේ රෝද තිබෙන පෙදෙස ධාවන පථයේ තිබෙනවා නම් මේ අනෙක් කොටස් බිම ගෑවෙන්නේ නැති නම් මෙම ගොඩ බැස්සවීම කළ හැකියි කියා. නමුත් ගැටළුව වන්නේ පිටත එන්ජින් පිහිටන සීමාවයි. දැන් පැහැදිලියි මෙම ගුවන් යානය අපේ ධාවන පථයට පැමිණියහොත් එහි පිටත් එන්ජින් දෙක Runway Shoulders වලටත් පිටින් පිහිටන බව. ඒ කියන්නේ එන්ජින් ක්‍රියාත්මක වන විට ඇද ගන්නා වාතයත් සමග අවට තිබෙන අපද්‍රව්‍යත් එය තුළට ඇද ගැනීම සිදු වෙනවා. එතනින් පස්සේ වෙන දේ කියන්න ඕනෙ නැහැනෙ.
මේ ගුවන් යානය ගොඩ බැස්සවීමට නම් අපේ Runway Shoulders තවත් මීටර් 7.5 ක් වත් බැගින් පළල විය යුත් වෙනවා. ඒ කියන්නේ Runway Shoulders වල මුළු පළල එකක් මීටර් 15 ක් වත් විය යුතුයි. මැද තිබෙන මීටර් 45 ක ප්‍රමාණය එලෙසම තීබීම ප්‍රමාණවත්.
නමුත් මේ දිග පළල තිබුණත් මේ යානය ගොඩ බැස්සවීමට හා යළි ගුවන් ගත වීමට නොහැකියාවක් පවතිනවා. ඒ කට හේතුව තමයි මෙම ධාවන පථය එම ගුවන් යානය ගුවනට එසවීමේ දී තිබෙන උපරිම බරට (Maximum Take Off Weight - MTOW) ඔරොත්තු දෙන මට්ටමේ විය යුතු වෙනවා. ඒ වගේම ධාවන පථයේ ඝර්ෂණය ද මෙවන් වූ දැවැන්ත යානයක් හැසිරවීමට තරම් විය යුතු වෙනවා. තවත් දෙයක් යානයේ බර වැඩි වන විට ඉහළ නැංවීමට ගමන් කළ යුතු දුරද වැඩි වෙනවා. ඒ කියන්නේ ධාවන පථයේ දිග පිළිබඳව ද සැළකිලිමත් විය යුතුයි.
මේ කරුණු සියල්ල සැළකීමේදී දැනට තිබෙන තත්ව යටතේ දී, ලෝකයේ භාවිතා කරන විශාලම මගී ගුවන් යානය වන A380 වර්ගයේ යානාවක් කටුනායක ජාත්‍යන්තර ගුවන් තොටුපළට ගොඩබැස්සවීම කළ නොහැකි බව පැහැදිලි වෙනවා නේද?
නියමයි , ෙනාදන්න ෙගාඩක් දෙ ඉගෙන ගත්තා. ඒල ඒල
ReplyDeleteඑතකොට ඔය ඉලුෂන්, මැක්ඩොනල් ඩග්ලස් ග්ලෝබ්මාස්ටර්, වගේ දැවැන්ත කාගෝ ගුවන් යානා ගොඩබස්සවන්නත් ඔය වගේ විශේෂ තත්වයන් සහිත ධාවන පථ ඕනෑද? මං දැකලා තියෙනවා දූවීලි සහිත ධාවන පථ වලත් ඒ යානා ගොඩබස්සනවා...
ReplyDeleteස්තුතියි. ගොඩාක් දේවල් ඉගෙන ගත්තා. :)
ReplyDeleteමේ උත්තරය ප්‍රභාත් අහපු දෙයට.
ReplyDeleteඑන්ජින් වර්ග දෙකක් තියෙනවා. ටර්බෝ එන්ජින් සහ ප්‍රොපෙලර් කියලා. ටර්බෝ එන්ජින් වල වෙන්නේ එන්ජින් එක ඇතුළට වාතය ඇද ගෙන ඒක දහනයෙන් ශක්තිය උපදවන එක. නමුත් ප්‍රොපෙලර් එන්ජින් වල දී වන්නේ එන්ජින් එක ක්‍රියාත්මක වීම මගින් වාතය පිටතින් යවා (ෆෑන් එකක් ආධාරයෙන්) බලය ලබා ගැනීම. මෙහිදී මුලින් කිව්ව ටර්බෝ එන්ජින් වලට ඇතුලින් වාත දහරාව ගමන් කරන නිසා අර දේවල් ඇතුල් වෙලා විනාශ වෙන්න පුළුවන්. ඉලූෂන්, එම්ඩී වගේ යානා වල බොහෝ විට භාවිතා කරන්නේ ප්‍රොපෙලර් එන්ජින්.
තවත් දෙයක් ඔය රුසියානුවන්ගේ තාක්ෂණය පිළිබඳව නම් යම් යම් ගැටළු තියෙනවා. මමත් දැකලා තියෙනවා සමහර ටර්බෝ එන්ජින් සහිත රුසියානු ගුවන් යානා ධුවිලි සහිත තැන්වල ගොඩ බෑම් කරනවා.
Excellent! All I can say is that coz I don't know anything about aircrafts and stuff.
ReplyDeleteනියමයි ගොඩක් දෙවල් ඉගෙන ගත්තා :)
ReplyDeleteස්තුතියි, අපි නොදන්නම ක්‍ෂ්‍රේත්‍රයක් ගැන ලියන එකට ස්තුතියි!
ReplyDeleteහරකට වගේ තේරුනා. හොද පැහැදිලි කිරීමක්.
ReplyDeleteනියමයි. දිගටම ලියන්න. මගේ සුභ පැතුම්.
ReplyDeleteඔන්න අපි දිගටම කියවනවා.දිගටම ලියන්න.නොදන් දේවල් ගැන හොද පැහැදිලි කිරිමක්.
ReplyDeletewell we cant really expect the an225 to land in katunayaka anyway cuz there is only 1 of its kind as far as i know and made to transport a space shuttle
ReplyDeleteඑතකොට Antonov 225 කටුනායක බාන්න/උස්සන්න පුලුවන්ද?
ReplyDeleteදැනට තියෙන තත්ව යටතේ බැහැ.හේතුව AN225 එකේ MTOW එක A380 ටත් වඩා වැඩියි. පළල වගේම බරත් වැඩියි. (අනික තියෙන්නෙත් ලෝකෙටම එකයිනෙ.)
ReplyDeleteවැදගත් ලිපියක්. මමත් ගුවන් යානාවල නිතර නිතර ගියත්, මේවගේ දේවල් හිතන්න පෙලබිලා නැ. ඉදිරියටත් මෙවැනි ලිපි ලියන්න.
ReplyDeleteA good post. I suppose that the outer engine span of A380 is around 55m. BIA has recently given the green light for emirates A380 to use it as an alternate (emergency) RWY. Could you please enlighten us on any measures that BIA has taken to comply with this arrangment. Have they added extra shoulders to make the full width 75m or not? what about holding positions and other stuff?
ReplyDeleteගොඩක් නොදන්න දේවල් ඉගන ගත්තා. ස්තූතියි.
ReplyDeleteනියමයි ඉෂාර අයියා. මමත් ආසම field එකක් තමයි Aviation. මම මේක නිතරම කියවනවා. දිගටම ලියන්න. සුභ පැතුම්......
ReplyDeleteBIA Greenlights A380 for emergency landing
ReplyDeletehttp://www.airport.lk/20100111_1.php
අර හර්කියුලිස් යානාව ලොකෙ තියන ලොකුම යානාවලින් එකක් නෙමේද? ඒකනං සුනාමි ආධාර අරං කටුනායකට ආවා නේද?
ReplyDeleteබුද්ධි, ඔයා කියන එක ඇත්ත. ඒත් දැනට ලෝකයේ මගීන් ගෙන යාම සඳහා සකස් කර තිබෙන ඒ වගේම වැඩි දෙනෙක් කථා බහ කරන යානය තමයි A380 කියන්නෙ. ඇත්තටම ලෝකෙ ලොකුම යානය AN-225 කියන රුසියානු යානය මම දන්න විධියට. ඒත් එකයි ලෝකෙටම.(http://en.wikipedia.org/wiki/Antonov_An-225) තවත් යානයක් තිබෙනවා බෝයිං ඩ්‍රීම් ලයිනර් කියලා. මේක තාම පරීක්ෂණ මට්ටමේ තියෙන්නෙ. හර්කියුලිස් යානා මට මතක විධියට සුනාමි කාලෙ බඩු අරන් ආවා.
ReplyDeleteනොදන්න දේවල් ගොඩක් දැන ගත්තා....මගේ පුදුම කැමැත්තක් තියනවා ගුවන් යානා ගැන දැන ගන්න
ReplyDeleteකියෙව්වා. විස්තර වලට ස්තුතියි !
ReplyDeleteනමුත් ගුවන්යානය ගොඩ බැමෙන් පස්සේ වේගය අඩුකර ගැනීම සදහා යොදා ගන්නා trust rivasels මගින් ඔය දුහුවිලි ඉවත් වෙනවා නේද?
ReplyDelete