සාමාන්‍යයෙන් ගුවන් යානා පැදවීමට පුහුණු වන්නන් හෝ ගුවන් යානා ඉංජිනේරුවරුන් ලෙස පුහුණු වන්නන් විසින් බහුල ලෙස භාවිතා වන සැහැල්ලු ගුවන් යානයකි සෙස්නා (Cessna) වර්ගයේ ගුවන් යානා. පහත ඡායාරූපයේ දැක්වෙන්නේ Cessna 152 වර්ගයේ ගුවන් යානයක්.
ලෝකයේ ඉතා බහුලව යොදා ගන්නා පුහුණු ගුවන් යානය වන්නේ ද මෙම සෙස්නා 152 වර්ගයේ ගුවන් යානාවයි.
සෙස්නා යානය මුලින්ම නිෂ්පාදනය කරන ලද්දේ 1911 දී පමණ "ක්ලයිඩ් සෙස්නා" ( Clyde Cessna) විසිනි. මුලින්ම ඔහු විසින් කිලෝ වොට් 45 පමණ බලයක් සහිත යානයක් දැව, වානේ සහ රෙදි වර්ග යොදා සකස් කරන ලදී.
Clyde Cessna
ඔහු කීප දෙනෙකු සමගම වරින් වර එක්ව ගුවන් යානා නිෂ්පාදන සමාගම් ආරම්භ කලද ඔහුගේ හවුල් කරුවන් ඔහුව හැර ගිය අතර 1927 දී ඔහු Cessna Aircraft Company නමින් නිෂ්පාදන සමාගමක් පිහිටුවන ලදී.
සෙස්නා ගුවන් යානයේ එක් වරකට ගමන් කළ හැක්කේ නියමුවාත් සමග දෙදෙනකුටයි. සාමාන්‍යයෙන් පැයට කි.මි. 200 ක පමණ වේගයෙන් ගමන් කළ හැකි අතර ගුවනට එසවීමේදී සාමාන්‍යයෙන් කි.ග්‍රෑ. 750 ක පමණ (මාදිලියෙන් මාදිලියට වෙනස් වේ) උපරිම බරක් සහිතව වුවද සිදු කළ හැක.
මෙම සැහැල්ලු ගුවන් යානා වලට අමතරව සෙස්නා සමාගම විසින් ජෙට් යානා ද නිපදවා ඇත. දැනට පිස්ටන් එන්ජින් සහිත සැහැල්ලු සෙස්නා යානා 100000 ට වඩා නිපදවා ඇති අතර ජෙට් යානා 2000 පමණ නිපදවා ඇත.
වඩා සිත්ගන්නා සුළු දෙය නම් මෙම යානා නිෂ්පානයේ පුරෝගාමියා වන ක්ලයිඩ් සෙස්නා පස්වන ශ්‍රේණිය දක්වා පමණක් ඉගෙන ගත් පුද්ගලයෙකු වීම සහ ඔහුට ගුවන් යානා පැදවීමේ මූලික බලපත්‍රය පවා සම්පුර්ණ කරගැනීමට නොහැකි වීමයි.
තවත් දෙයක් පසුගිය දිනවල කොටි ත්‍රස්තවාදීන් විසින් භාවිතා කරන ලද්දේ ද වෙනස් කරන ලද සෙස්නා වර්ගයේ සැහැල්ලු ගුවන් යානායි.
Please correct that the LTTE used Check made Zling aircrafts.
ReplyDeleteඇත්තටම එය නිවැරදියි. ත්‍රස්තවාදීන් භාවිතා කළේ ස්ලින්ග් වර්ගයේ ගුවන් යානායි. මට කියන්න ඕනෙ වුනේ මේ වගේ සැහැල්ලු ගුවන් යානා ඔවුන් භාවිතා කළා කියලා. කොහොම උනත් සමාවෙන්න මා අතින් වු වරදට. ස්තුතියි
ReplyDeleteසාමාන්‍ය ගුවන් යානකයි ප්‍රහාරක ගුවන් යානයකයි වෙනස් කම් සමාන කම් ගැන උගන්නපු පාඩමට තමා ඒකාලේ මම නැමතිම උනේ... අනිත් අයටත් දැනගන්න ඒකත් කියා දෙන්න පුලුවන්ද!
ReplyDeleteබුද්ධි, වෙලාවක් ලැබුණ පළමු අවස්ථාවේදීම කියනවා. ඒකට නිවැරදි තොරතුරු අවශ්‍ය නිසා ටිකක් ප්‍රමාද වෙයි.
ReplyDelete