ලංකාවේ ප්‍රථම ගුවන් ප්‍රදර්ශණය First Air Show in Ceylon (Sri Lanka)

ඔය කට්ටිය අහලා ඇති ලෝකයේ විවිධ රටවල ගුවන් ප්‍රදර්ශණ (Air Shows) පවත්වනවා. මම කියන්නේ ගුවන් සංදර්ශණ නෙමෙයි. ගුවන් යානා ක්ෂේත්‍රයේ නව නිෂ්පාදන ආදිය පාරිභෝගිකයින්ට හඳුන්වාදීම තමයි මේවායේ අරමුණ වන්නේ. මේ ළඟඳි චීනයේත් මේ වගේ ප්‍රදර්ශණයක් තිබුණා. නමුත් ලංකාවේ අපිට නම් මේක එච්චර පළපුරුදු දෙයක් නොවේ. මොකද කොච්චර ප්‍රදර්ශණ තිබුණත් ගුවන් ප්‍රදර්ශණ වගේ දේවල් තියන්නෙ නැහැනෙ.

නමුත් 1911 වගේ ඈත අතීතයේ දී ලංකවේ ගුවන් ප්‍රදර්ශණයක් තිබුණා කියලා තොරතුරු හමු වෙනවා. ඇත්තටම මේක මහා විශාල දෙයක් නොවේ අද කාලේ හැටියට. නමුත් 1903 පළමු ගුවන් ගමන ගියායින් අවුරුදු 7 ට පසුව ලංකාව වගේ රටක මේ වගේ ප්‍රදර්ශනයක් පැවැත්වීම ඉතාම විශේෂිතයි.

ලංකාවට පළමු ගුවන් යානය ගෙනාවේ 1911 සැප්තැම්බර් මස 12 වන දින “රැබෙන් ෆැල්ස්“ (Rabenfels) කියන නැවෙන්. මේ යානය දෙදෙනෙකුට ගමන් කළ හැකි “බ්ලැරියට්“ මොනෝප්ලෙන් (Bleriot Monoplane) වර්ගයේ යානයක් තමයි ගෙනත් තියෙන්නෙ. මේ යානය ගෙනවිත් තිබෙන්නේ කොලින් බ්‍රවුන් (Collin Browne) කියන යුරෝපීය ජාතිකයෙක්. ඒ වගේම ඒ යානය මුලින්ම ගෙනවිත් තියෙන්නේ රු. 7490/- ට. වඩාත් සිත්ගන්නා සුළුදෙය වන්නේ මේ යානය මිළ දී අරන් තියෙන්නේ යම් ආයතනයකින් ලබා ගත් ණය මුදලකින්.
                                   (Ceylon Independence පුවත්පත වාර්තා කර තිබූ අන්දම)

මේ යානය අශ්ව බල 50 කින් යුතු එන්ජිමක් සහිත වූ අතර එන්ජිම සිලින්ඩර් 7 න් යුක්ත වී ඇත. යානයේ පළල අඩි 28 ක් පමණ ද දිග අඩි 32 ක් පමණ ද වී ඇති අතර එක් තටුවක දිග අඩි 13 ක් පමණ විය. යානයේ වේගය පැයට සැලතපුම් 100 ක් පමණ වී ඇත. 

                                          (මේ තියෙන්නේ බ්ලැරියට් වර්ගයේ යානයක්)

සැප්තැම්බර් මාසයේ ගෙන ආ මේ යානය නොවැම්බර් මස ජනාතා ප්‍රර්ශණයට තබා ඇති අතර එය පැවැත්වෙන බවට පුවත්පත් දැන්වීම් පවා පළ කර තිබේ. මෙහි තවත් රසවත් දෙයක් වනුයේ මේ ප්‍රදර්ශණය නැරඹිම සඳහා එක් අයෙකුගෙන් රු. 10/- ක් අයකරනු ලබන බව ඒ දැන්වීම් වල පළ කර තිබේ. ඒ මුදල ඒ කාලයේ හැටියට ඉතා විශාල මුදලක්. කෙසේ වෙතත් මේ ප්‍රදර්ශනය පැවැත් දින 6 ක පමණ කාලයේ දී දෙවන දිනයේ මෙම ගාස්කුව රු. 3/- දක්වා පහළ දමා තිබේ. 

                                  (Ceylon Independence පුවත්පතේ පළ කර තිබූ දැන්වීම)


ප්‍රදර්ශනය පවත්වා ඇත්තේ “රැකට් කෝට්“ (Racquet Court)නම් ස්ථානයක වන අතර එහි සකස් කරන ලද ටෙන්ට් (Tent) එකක් තුළ කුඩා වේදිකාවක් මත යානය ප්‍රදර්ශනය සඳහා තබා තිබේ. ඒ වේදිකාවේ සිව් කොණෙහිම මල් පැල තබා අලංකාර කර තිබේ. ප්‍රදර්ශණය කළ කාල සීමාව තුළදී යානය පියාසර කර පෙන්වා නැති අතර එන්ජිම පණ ගන්වා පමණක් පෙන්වා ඇත. එන්ජිම පණ ගැන්වූ පසු යානය ඉදිරියට යාම වැළැක්වීම සඳහා හැඩි දැඩි පුද්ගලයින් කීප දෙනෙක් යානය අල්වා ගෙන සිට ඇත.

කෙසේ වෙතත් යානය නරඹීම සඳහා සිතූ තරම් ජනකායක් නොපැමිණි අතර විශේෂයෙන් යුරෝපීය ජාතිකයින්ගේ නොපැමිණීම කැපී පෙණින. මේ සම්බන්ධයෙන් කණගාටුවට පත් බ්රීවුන් මහතා ඒ සම්බන්ධයෙන් 1911 නොවැම්බර් 13 වන දින Ceylon Observer පුවත් පතට ලිපියක් ලියමින් දැන්වත් එය නැරඹිම සඳහා පැමිණෙන ලෙස ඉල්ලා තිබේ. 

මේ ප්‍රදර්ශණය ලංකාවේ පළමු ගුවන් ප්‍රදර්ශණය ලෙස වාර්තා වූ අතර බ්‍රවුන් මහතා මුලින්ම ගුවන් යානයක් ලංකාවට ගෙන පුද්ගලයා ලෙස වාර්තා පොතට එක්විය. නමුත් ඔහුට යානය ඉහළ නංවා යළි ගොඩබා සම්පුර්ණ ගුවන් ගමනක් සිදු කිරීමට හැකියාව ලැබී නොමැත.

3 comments:

  1. හිහ්......හිහ්.......ඒ උන්නෑහෙට ඕන වෙලා තිබිලා තියෙන්නේ ගුවනින් යන්න නෙවෙයි ඒක පෙන්නලා ගානක් හොයා ගන්න වගේ වැඩක් මයේ හිතේ.....ඒක නෙවෙයි ඇයි දැන් එයාට සම්පුර්ණ ගුවන් ගමනක් යන්න බැරි වෙලා තියෙන්නේ? මහත්මයා මෙම බ්ලොග් අඩවිය බ්ලොග් කරන තරගාවලීයට ඇතුලත් කරන්න. හොඳම අධ්යාෙපනික බ්ලොග් අඩවිය යටතේ ඔබට තරග කල හැකියි. මෙම බ්ලොග් අඩවිය මගින් අපිට සෑහෙන දැණුමක් ලැබෙනවා.
    මෙන්න විස්තර
    http://www.sahithya.lk/sinhala-blogging-competition/

    ReplyDelete
  2. @ගීත්
    ස්තුතියි ප්‍රතිචාරයට. මම අයඳුම්පත යොමු කරා.
    සම්පුර්ණ ගුවන් ගමනක් යන්න බැරිවෙන්න ඇත්තෙ එයාට පැදවීමේ හැකියාව නැති නිසා වෙන්න ඇති.
    ගීත් ඔයාට මම මේල් එකක් දාලා ඇති.

    ReplyDelete
  3. කියෙව්වා. විස්තර වලට ස්තුතියි !

    ReplyDelete

මොනවා හරි ලියලා ගියොත් හැදෙන්න පුළුවන්....