මා මින් පෙරත් සඳහන් කළා ලංකාවේ අභ්‍යන්තර ගුවන් ගමන් යාපනය හා තවත් නගර කීපයකට සිදු වෙන බව. විශේෂයෙන්ම යාපනයේ කන්කසන්තුරෙයි ගුවන් තොටුපලට සිදු වන ගුවන් ගමන් සඳහන් කළ හැකියි. මෙම ගුවන් ගමන් පසුගිය කාලයේ ඉතාමත් ජනප්‍රිය වී තිබිණ. ඒ වගේම මුල් කාලයේ ගුවන් සමාගම් කීපයක් මේ ගුවන් ගමන් වාර පවත්වාගෙන ගියා. ලයන් එයාර්, එයරෝ ලංකා, එක්ස්ෆෝ ඒවියේෂන්, ඩෙකෑන් ඒවියේෂන් ඒ වගේ ගුවන් සාමාගම්.
පසු කාලීනව ඉතිරි වුනේ ඩෙකෑන් ගුවන් සමාගම සහ එක්ස්ෆෝ ඒවයේෂන් සමාගමයි. එක්ස්ෆෝ සමාගම දෛනිකව ගුවන් ගමන් වාර 10 ක් පමණ යාපනයට පවත්වාගෙන ගියා. ඒත් ලබන 12 වෙනිදා සිට ඒ ගුවන් ගමන් වාරත් නැවැත්වීමට තීරණය කරලා. හේතුව මම කියන්න ඕනෙ නැහැනෙ. මොකද දන්නවානේ A9 පාර ඇරලා තියෙන නිසා සේරම කට්ටිය බිමින් යන්න පටන් අරන්. අපේ කට්ටියට කාලය ට වඩා මුදල් වටිනවානේ.බිමින් යන්න පැය 8 කට වඩා ගන්නවා. මුදල් ප්‍රමාණය නම් අඩුයි. ගුවනින් යනවා නම් රු. 20000/- ක් විතර යනවා. හැබැයි යන වෙලාව පැයක් විතර.
කොහොම උනත් මේ ගුවන් ගමන් වාර නැවැත්වු එකනම් මම දකින්නෙ දේශීය ගුවන් ගමන් කර්මාන්තයට හොඳ දෙයක් විධියට නොවේ. මොකද යාපනය තමා කොළඹ ඉඳන් දුරම ගුවන් ගමනාන්තය. ඒ කියන්නෙ වැඩි මගීන් සංඛ්‍යාවක් සිටිය හැකි යයි උපකල්පනය කළ හැක්කේ එම මාර්ගයේ. පසුගිය වර්ෂයේ යාපනය වෙත ගුවනින් 55000 ක් පමණ මගීන් ගමන් කර තිබෙනවා. පසුගිය යුධ සමයේ මේ සංඛ්‍යාව මීටත් වැඩියි. ඉතින් එවන් සාර්ථක ගමනාන්තයක් නැති වෙන කොට අනික් ඒවා ගැන මොන කථාද? ඒ වගේම යාපනයට දුම්රිය ගමන් ආරම්භ කළ පසු මේ තත්වය තවදුරටත් බරපතල වෙනවා. මේ ගුවන් ගමන් ගමන් කර්මාන්තය හරහා ඉතා විශාල සංඛ්‍යාවක් යැපෙනවා. විශාල රැකී රක්ෂා ප්‍රමාණයක් බිහි වෙලා තියෙනවා. ඒ සේරම මේ කඩා වැටීමත් සමග නැති වෙනවා. එතකොට අර්බුදය තවත් උත්සන්න වෙනවා.
තවමත් ඩෙකෑන් සමාගමේ හෙලිකොප්ටරය නම් ක්‍රියාත්මකයි. ඒ වගේම එක්ස්ෆෝ සමාගමේ ජාත්‍යන්තර භාණ්ඩ ප්‍රවාහන මෙහෙයුම් තවදුරටත් පවත්වාගෙන යනවා.
මේ තත්වය මග හැරීමට අපට ක්‍රියා මාර්ග කීපයක් ගත හැකි වෙනවා. එකක් තමයි මේ පෞද්ගලික සමාගම් වලට ජාත්‍යන්තර ගුවන් මෙහෙයුම් ක්‍රියාත්මක කිරීමට අවසර ලබා දීම. ඒ වගේම යාපනය ගුවන් තොටුපළ හරහා ඉන්දියාවේ යම් යම් ගමනාන්ත වෙත ගුවන් ගමන් පවත්වාගෙන යාමට අවසර ලබා දීම තවත් එක් විසඳුමක් ලෙස දැකිය හැකියි. ඒ වගේම වෙනත් ගුවන් මෙහෙයුම් වර්ග, ඒ කියන්නෙ විනෝදාත්මක කටයුතු සදහා පවත්වා ගැනීමට අවසර දීමත් හොඳ දෙයක්.
දැන් අහන්න පුළුවන් ඇයි මේ අයට ජාත්‍යන්තර ගුවන් මෙහෙයුම් වලට අවසර දෙන්න බැරිද කියලා. දැනට කීප දෙනෙක් මේ සම්බන්ධයෙන් උනන්දුවක් දක්වනවා. නමුත් ජාත්‍යන්තර ගුවන් මෙහෙයුම් පවත්වාගෙන යාම ඉතා බැරෑරැම් දෙයක්. විවිධ නීතී. ආරක්ෂණ ක්‍රම, රට රටවල ආගමන විගමන නීතී, ගුවන් මෙහෙයුම් සම්බන්ධ නීති ආදියත් ඉල්ලුම් කරන සමාගමේ ධාරිතාවය ආදී දේත් සැලකිල්ලට ගනිමිනුයි මේ අවසර ලබා දීම කළ හැක්කේ.
ඉතින් මේ තියෙන්නේ අපේ රටේ අභ්‍යන්තර ගුවන් ගමන් වල තත්වය. මේක දියුණු කරන්න එහෙම නැත්තන් මේ පැන නඟිමින් පවතින අර්බුධය විසඳීමට ඔයාලටත් අදහස් තිනෙවා නම් Comment එකක් දාන්න කෝ.
හරි ලේසියි. ඔය ගුවන් යාන ඔක්කොම මිහින් එයාර් වලට පවරා ගන්න
ReplyDeleteගුවන් ගමන් සම්පූර්ණෙයන්ම නවත්තනවාද?
ReplyDelete