අපි සාමාන්‍ය ව්‍යවහාරයේදී “කළු පෙට්ටිය” යනුවෙන් හඳුන්වන උපකරණයක් ගුවන් යානයක තිබෙනවා. මේ ගැන බොහෝ වෙලාවට කථා කරන්නේ ගුවන් අනතුරක් සිදු වුනාම. මෙම උපකරණයේ තාක්ෂණික නම තමයි Flight Recorder. සැබවින්ම මෙවන් උපකරණ 2ක් ගුවන් යානයක දැකිය හැකියි. එකක් Flight Data Recorder (FDR) ලෙස හඳුන්වන අතර අනෙක Cockpit Voice Recorder යනුවෙන් හඳුන්වනවා. මෙයින් FDR යන උපකරණයෙන් සිදු වන්නේ ගුවන් යානයේ ක්‍රියාකාරීත්වය පිළිබඳව වන තොරතුරු තැන්පත් කර ගැනීම. අනික් උපකරණය වන CVR එකෙන් වෙන්නේ ගුවන් නියමු කුටියේ හඬ තැන්පත් කර ගැනීම කියලා නමින්ම තේරෙනවනේ. CVR එකේ තැන්පත් වෙන්නේ ගුවන් නියමුවන් එකිනෙකා කථා කරන දේවල් ඒ වගේම ගුවන් නියමුවන් සහ ගුවන් ගමන් පාලකවරුන් කථා කරන දේවල් සහ ඊට අමතරව අවට හඬද ආදියයි. කෙසේ වෙතත් සමහර ගුවන් යානා වල මෙම උපකරණ දෙක ම එක් කොට එක් උපකරණයක් ලෙසත් දකින්න පුළුවන්.
ඡායාරූපය: FDR සහ CVR (විකිපීඩියා)
කළු පෙට්ටිය ලෙස හඳුන්වනු ලබන මෙම උපකරණයේ මූලිකම කාර්යය වන්නේ ගුවන් අනතුරක දී එම අනතුරට හේතුව සොයා ගැනීමට ඉවහල් වන දත්ත ලබා ගැනීම. ඊට අමතරව යානයේ එන්ජින් වල සහ වෙනත් උපකරණ වල ක්‍රියාකාරීත්වය පිළිබඳව අධ්‍යයනය කිරීම, ගුවන් යානා සුරක්ෂාව සඳහා වන යම් යම් පරාමිතීන් පරීක්ෂා කිරීමටත් මෙම උපකරණය යොදා ගන්නවා. මම අහල තියෙනවා සමහර ගුවන් නියමුවන් සම්මත වේගයට වඩා වැඩි වේගයකින් පැමිණ තම සේවා මුරය ඉක්මනින් අවසන් කිරීමට උත්සහ කරන බව. මේක නීති විරෝධී ක්‍රියාවක්. මේ වගේ දේවලුත් මේකෙන් බලා ගන්න පුළුවන්.
මෙම උපකරණය සකස් කර තිබෙන්නේ ඉතා ඉහළ විනාශකාරී තත්වයන්ට පවා ඔරොත්තු දෙන ආකාරයටයි. ඒ කියන්නේ අධික උෂ්ණත්වයට, පීඩනයට, ශීතලට, ගින්නට ආදී තත්වයන්ට. ඒ වගේම මෙම උපකරණය කළු පෙටිටිය කියා හැඳින්වුවා ට මේ කොහොමටවත් කළු නම් නැහැ. ඒකෙ තියෙන්නේ ගින්නට පවා ඔරොත්තු දෙන දොඩම් ගෙඩියේ පාටට හුරු තැඹිලි පාටක්. මොකද මේ පාට ඕනෙම තැනක සොයා ගැනීමට හැකියාවත් තියෙනවානේ.
ඒ වගේම කළු පෙට්ටිය සවි කරලා තියෙන්නේ ගුවන් යානයේ පිටිපස කොටසට (වලිගෙ ට) හේතුව ගුවන් අනතුරකදී හානිය අවම වන්නේ මෙම ප්‍රදේශයට නිසා.
කළු පෙට්ටියේ ඉතිහාසය ගැන කථා කරනවා නම් මුලින්ම කළු පෙට්ටිය ගැන තොරතුරු සඳහන් වන්නේ 1939 වගේ ඈත අතීතයේ ප්‍රංශයෙන්. මෙම නිෂ්පාදනය ඡායාරූප ක්‍රමය පදනම් වූ පටිගත කිරීමක් ලෙසයි විකිපීඩියා වල සදහන් වන්නේ. ක්‍රමයෙන් මේක දියුණු වෙලා තියෙන්නේ විශාල පුද්ගලයින් සංඛ්‍යාවකගේ සහභාගීත්වයෙන්. මේ ගැන විස්තර හොයාගන්න පුළුවන් විකීපීඩියා වල මෙන්න මෙතනින්.
මා මුලිනුත් සඳහන් කළා මේ කළු පෙට්ටි විශාල බලයන්ට ඔරොත්තු දෙන බව. මෙම උපකරණ සකස් කර තිබෙන්නේ මළ නොකන වානේ වලින් හෝ “ටයටේනියම්” කියන ලෝහයෙන්. ඒ වගේම තමයි මෙම උපකරණය අනතුරක දී සොයා ගැනීමට හැකි වන පරිදි සංඥාවක් නිකුත් වන ආකාරයෙන් සකස් කර තිබෙනවා. මෙම සංඥාව දින 30 ක් පමණ කාලයක් නිකුත් වන ආකාරයට සකස් කර තිබෙන අතර මීටර් 6000 ක පමණ ගැඹුරකට ගිලුනා වුවද එය ක්‍රියාත්මකයි.
තවත් දෙයක් කියන්න අමතක වුනා දැන් එන අළුත් උපකරණ වල දත්ත ගබඩා කිරීමේ කාලය පැය 24 ක් පමණ වෙනවා. ඒ කියන්නේ සෑම අවස්ථාවකදී අළුත් පැය24 දත්ත මෙහි ගබඩා වෙනවා. පරණ ඒවා මැකෙනවා.
මුල් කාල වලදී දත්ත ගබඩා වුනේ “චුම්බක පටි” වල උනත් අළුත් ඒවායේ නම් “මයික්‍රෝ චිප්ස්” තමයි භාවිතා කරන්නේ.
තවත් දෙයක් තමයි මෙම උපකරණ අනතුරකදී සොයා ගත්තත් අපේ රටේදී නම් ඒවා කියවීමේ හැකියාවක් නැහැ. ඒවා කියවන්න නම් ඉන්දියාවට හරි නිෂ්පාදකයා ගාවට හරි ගෙනියන්න වෙනවා. නිෂ්පාදකයා ගාවට ගෙන ගියොත් සිදු වුන වැරැද්ද ඒ අයගේ අතේ නම් ලැබෙන වාර්තාව ටිකක් සැක සහිතයි නේද? මොනාවා වුනත් ඒ වැරැද්ද ඊට පස්සේ හදාගන්න නම් පුළුවන්.
කලු පෙට්ටිය ඔච්චර හයියයි නම් ප්ලේන් එකත් ඒකෙන්ම හදන් නැත්තේ ඇයි...?
ReplyDeleteඔය අහල තියෙන්නෙ ෂෝක් ප්‍රශ්නයක් ! පුළුවන්නම් දීපංකො උත්තර !! :)
ReplyDeleteකොහොම වුනත් ඔබේ අඩවියෙන්, නොදන්නා බොහෝ දේ දැනගත්තා. දිගටම ලියන්න. ස්තුතියි.
එල....
ReplyDeleteමුලු ගුවන්යානයක්ම ඔය ලෝහවලින් හදන්න ගියොත් හොඳ වියදමක් යාවි!
ReplyDeleteඅනික ගුවන්යානා නිෂ්පාදන සමාගමකට තමන් හදන සියළු ගුවන්යානා අනතුරවල්වලින් බේරාගැනීමට පූර්වෝපයයන් යොදනවාට වඩා, එක් ගුවන් අනතුරක් වුනාට පස්සේ ඕකෙ තියන දත්ත භාවිතා කරලා ඉන්පසු නිෂ්පාදනය කරන යානාවල අත්‍යවශ්‍යම වෙනස් කිරීම් පමණක් කිරීම ලාභදායකයි නේද?
සේරම කට්ටියට උත්තර.
ReplyDeleteටයිටේනියම් කියන්නේ මිළ අධික ලෝහයක්. ඒ වගේම බරත් ඉතාම වැඩියි. ගුවන් යානය ටයිටේනියම් වගේ ලෝහයකින් හැදුවොත් තාපයට ඔරොත්තු දීමේ හැකියාව වැඩි වෙනවා. ඒත් බර වැඩි නිසා ඉන්ධන පරිභෝජනය ඉතා ඉහළයි. දැන් හදන ගුවන් යානා වල බර පුළුවන් තරම් අඩු කරලා ගෙනයන්න පුළුවන් බර වැඩි කරන්නයි උත්සහ කරන්නෙ.
බුධාජීව කියනවා වගේ අනතුරක් වුනහම කරන්නේ අඩුපාඩු සොයාගෙන දැනට භාවිතා කරන යානා වල සහ අළුත් නිෂ්පාදන වල එම අඩුපාඩු අවම කරන එකයි.
ඉස්සරලා කිව්වා වගේ යානයක් ටයිටේනියම් වලින්ම හැදුවොත් දැනට ඩොලර් මිලියන 110-120 (A340) ක් විතර වෙන යානයක් කොච්චර ගණන් වෙයි ද?
මරු මරු, දෙයක් ඉගනගත්තා. ඉස්තූතීයි.
ReplyDeleteමේක කලු පෙට්ටිය වෙන්නෙ අනතුරකින් පස්සෙ නේද ? ගින්න අහුවෙලාද ?
ReplyDeleteකළු පෙට්ටිය කියන්නේ කළු හින්ද හරි කළු වෙන හින්ද හරි නෙවෙයි. සාමාන්‍යයෙන් මේ උපකරණය කාටවත් වෙනස් කරන්න අමාරුයි, යම් ගුප්ත බවක් තියෙනවා. ඉතිං ඔය මාධ්‍ය මහත්වරු එහෙම තමයි මේකට මේ නම දාලා තියෙන්නෙ. හරියට අර "කළු සල්ලි" වගේ තමයි.
ReplyDeleteමට දැනුම ලැබුණා ඔයාට ස්තුති
ReplyDeleteමමත් හොයාගත්තා කලු පෙට්ටිය ගැන තොරතුරු ටිකක්
ReplyDeleteමේකේ දැඩි බව ගැන ඔබ කියපු එකට උදාහරණයක් මේ විදිහට දක්වන්න පුලුවන්
01. මෙම උපකරණය කාලතුවක්කුවට සවිකර කොන්ක්‍රීට් බිත්තියකට වෙඩි තිබ්බත් මුකුත් වෙන්නේ නෑ!
02. සෙ.අ 1000 උණුසුමින් පැය භාගයක් විනාශ නොවී පවතිනවා.
03. අඩි 20000 ගැඹුරු මුහුදේ මාස ගණනක් තිබුනත් හානියක් වෙන්නේනෑ.
මීට අමතර සෑම කලු පෙට්ටියකම මුද්‍රිත වගන්තියක් තියෙනවා ඒකේ සඳහන් වෙන්නේ ''ගුවන් ගමන් තොරතුරු. විවෘත නොකරන්න (Flight Recorder; Do not Open)'' කියලා.
මේ කලු පෙට්ටියේ නිර්මාතෟ වෙන්නේ ඕස්ට්‍රෙලියානු විද්‍යාඥ ඩේවිඩ් වොරන්. එතුමා වසර 85 ක් ආයු වලඳා පසුගිය(2010)ජුලි 29 දා මිය ගියා.
එතුමාට ගෞරවයක් වශයෙන් එතුමා මිහිදන් කළ මංජුසාවේ එක වගන්තියක් ලියා තිබුනා ඒ ''Flight Recorder inventor; Do not Open'' කියලා.
මේ ඉන්නේ එතුමා
http://www.google.lk/images?hl=en&safe=active&gbv=2&tbs=isch:1&&sa=X&ei=tlCjTLDOM4KSuwOH88icBg&ved=0CCEQBSgA&q=black+box+maker+david+warren&spell=1&biw=1024&bih=538
තොරතුරු හොයාගත්තේ විජය පරිගණක සඟරාව 2010 සැප්තැම්බර් කලාපයෙන්
ස්තුතියි බුද්ධි. ඒවා හරි. මගේ අතින් මේකෙ නිර්මාතෘ ගැන ලියවුනේ නැහැ.ඔයාගෙ කමෙන්ට් එකත් එක්ක දැන් ඒක සම්පූර්ණයි.
ReplyDeleteපරිගණක සඟරාව ත් හොඳ දෙයක්.
good post...
ReplyDeleteI receive this as e-mail.. and then I tend to read the blog thanks......
කියෙව්වා. විස්තර වලට ස්තුතියි !
ReplyDelete