අපේ රට්ටුන්ගේ ගුවන් සේවා දැනුම - Aviation Knowledge of Sri Lankans

පුංචිම කාලෙ අපි හැමෝටම සිහිනයක් තියෙනවා ලොකු උනාම කවුද වෙන් කියන එක ගැන. දොස්තර කෙනෙක් වෙන එක තමයි ජනප්‍රියම සිහිනය. මේ සෑබෑ කරගන්නේ කීයෙන් කී දෙනාද? කොහොම හරි අද ලංකාවේ වෛද්‍ය විද්‍යාල කීපයක් තියෙන නිසා වසරකට 500-100 ත් අතර ගණනක් ඒ සඳහා තේරෙනවා. සල්ලි වැඩිපුර තියෙන කෙනෙක් නම් විදේශ අධ්‍යාපනයට යොමු වෙනවා.

තවත් සිහිනයක් තමයි "පයිලට්" කෙනෙක් වෙන එක. මේක සාර්ථක කර ගන්නේ කීයෙන් කී දෙනාද? ගුවන් නියමුවෙක් නො‍වෙයි ගුවන් සේවා ක්ෂේත්‍රයට පිවිසෙන්නේ කීයෙන් කී දෙනාද? අද ගුවන් සේවා ක්ෂේත්‍රය දේශීයවත් විදේශියවත් ඉතා විශාල වශයෙන් ශ්‍රම ඌනතාවයකින් පෙළෙනවා. ලංකාවෙ ගුවන් ක්ෂේත්‍රයේ ඉන්න පුද්ගලයින් දිහා බැලුවම පේන්නේ ඉතාමත් වැඩි ප්‍රමාණය මීගමුවේ සිට පානදුර දක්වා වන ප්‍රදේශ වල ජීවත් වන්නන් බවයි. මේකට හේතුව ඒ ආශ්‍රිත ප්‍රදේශය යම් දැනුවත් වීමක් සිදු වී තිබෙනවා. නමුත් ලංකාවේ අනෙකුත් ප්‍රදේශ වල අය මේක ගැන දැනුවත් බව අඩුයි. සමහරවිට නැති තරම්.

මේකට හේතුව ඔවුන්ට දැනුවත් වෙන්න ක්‍රමයක් නැතිකම. මේ විධියේ ක්‍රමයක් තිබුණානම් වඩා සාර්ථක ශ්‍රම බලකායක් ගුවන් ක්ෂේත්‍රයට පිවිසෙනවා. එයින් අප රටේ ගුවන් කර්මාන්තය දියුණු වෙනවා. ‍බොහෝ දෙනෙක් නෙදන්නවා වුනාට ගුවන් ක්ෂේත්‍රය අපේ රටේ ආර්ථිකයට විශාල සහායක් දෙනවා.

මෙම දැනුවත් වීමේ තත්වය ඉහළ දැමීම සඳහා අප යම් වැඩපිළිවෙලක් සංවිධානය කර තිබෙනවා. ඒක තව දින දෙක තුනකින් ජාතික මට්ටමින් ක්‍රියාත්මක වෙනවා. අපේ අරමුණ වන්නේ වසර 10 ක් අවසානයේ ලංකාවේ දුෂ්කර පළාත් වල ජනයාගේ ගුවන් සේවා දැනුම සාමාන්‍ය මට්ටමකට ගේන එක.

මේ සම්බන්ධයෙන් Post එකක් තව දවස් දෙකතුනකින් ඉදිරිපත් කරන්න බලාපොරොත්තු වෙනවා.

3 comments:

  1. මේ මගේ ඥතියෙක්ට ඊයෙ වෙච්ච ඇබැද්දියක්. එයාර්ඒසියා එකේ ක්වලාලම්පුර් හරහා බැංකොක් යන්න ගුවන්තො‍ටුපලට ගියාම, එයාර්ඒසියා එකෙන් එයාව check in කරලා නැහැ, මැලේසියාවට වීසා අරං නැහැ කියලා. තායිලන්තෙට වීස අරං තිබුනට, මැලේසියාවට වීසා අරං නැහැ. හෙතුව, එයා මැලේසියානු මහ කොමසාරිස් කාර්යාලයට ගියාම වීසා ඉල්ලන්න, එයාල කියල තියනවා පැය 72 ඇතුලත transit වෙන මගීන්ට, confirmed ticket එකක් තියනව නං, වීසා අවෂ්‍ය නැහැ කියලා. මේ බව සඳහන් මුද්‍රිත පත්‍රිකාවකුත් දීල තියනවා. හැබැයි පහු ගිය සතියේ මේක වෙනස් වෙලා, හැමෝම අනිවාර්යෙන්ම විසා ගත යුතු බවට නීතියක් ඇවිල්ලා.

    නමුත් කලිං මේ ගැන විමසපු අයට මේ වෙනස ගැන දැන ගන්න විදියක් තිබිලා නැහැ. මැලේසියන් මහකොමසාරිස් කාර්යාලයෙන් වත්, ගුවන් සේවා ආයතනයෙන් වත් මේ වෙනස ගැන මගීන් දැනුවත් කරලා නැහැ.

    මේ නිසා මගීන්ට තමන් පෙර ගෙවීම් කරන ලද ටිකට් පත් අපතේ ගිහිල්ලා. පෙර ගෙවීම කර වෙන් කර ගත් නවාතැන් පහසුකමුත් අපතේ ගිහිල්ලා.

    මේ සිද්දියෙදි මගීන්ගේ අයිති වාසි කම් මොනවද?

    විසා නීති රීති වෙනස් වී, ඒවා ක්‍රියාතමක කිරීම නිසා සහ සමහර මගීන් check in නොකිරීමට ගුවන් සේවා සමාගම් තීරණය කරනවා නම්, ඒ බව ඔවුන් කල් තියා තමන්ගෙන් ටිකට් පත් මිලදී ගත් මගීන් ට දැන්විය යිතු නැද්ද?

    ReplyDelete
  2. http://www.divaina.com/2009/11/29/feature17.html

    ReplyDelete
  3. කියෙව්වා. විස්තර වලට ස්තුතියි !

    ReplyDelete

මොනවා හරි ලියලා ගියොත් හැදෙන්න පුළුවන්....