“එබෝලා“ වෛරසය පැතිර යාම Ebola Outbreak

ebola-virus3

ගයනාව, ලයිබීරියාව සහ සියෙරාලියෝන් (Sierra Leone, Liberia and Guinea) යන රටවල “එබෝලා“ වෛරස් රෝගය (Ebola virus disease (EVD) ) පැතිරි යන බවට වාර්තා වී තිබේ. මෙම රෝගය ගුවන් සම්බන්ධතා වලින් පැතිර යාම සම්බන්ධයෙන් ජාත්‍යන්තර සිවිල් ගුවන් සේවා සංවිධානයත් (International Civil Aviation Organization (ICAO), ලෝක සෞඛ්‍ය සංවිධානය (World Health Organization (WHO)) සහ ජාත්‍යන්තර ගුවන් ප්‍රවාහන සංගමය (International Air Transport Association (IATA) ) ඒකාබද්ධ ව විමසිල්ලෙන් සිටින බව ඔවුන් සඳහන් කරයි.

ලෝක සෞඛ්‍ය සංවිධානය විසින් දැනට සංචාරක තහනමක් හෝ මෙම රටවලට ඇතුළු වීමේ තහනමක් පැනවීමට තරම් අවදානමක් හඳුනා ගෙන නැත. ලෝක සෞඛ්‍ය සංවිධානයට අනුව මෙම පුදේශ වල සංචාරය කරන්නන් හට රෝගය ආසාදනය වීමට ඇති ඉඩකඩ ඉතා අඩු ය. රෝගය බෝවීම සඳහා රෝග කාරක විෂබීජ/වෛරස සහිත මිනිසුන්, සතුන් හෝ මළ සිරුරු රුධිරය හෝ වෙනත් ශාරීරික තරලයක් හා මුසුවීම සිදු විය යුතු බව එම ආයතනය සඳහන් කරයි. සංචාරකයින් ට මෙවන් සම්බන්ධ වීම සිදු නො කරන ලෙසට අවවාද කෙරේ.

රෝගය වෙනත් කෙනෙකුට බෝවීම සිදු වන්නේ ඉතාමත් පැහැදිලි ව රෝගය වැලඳී ඇති බවට රෝග ලක්ෂණ පෙන්වන විට දී ය. රෝග ලක්ෂණ ලෙස හඳුනා ගත හැක්කේ හිසරදය, ශාරීරික දුබල බව, මාංශ පේශි වේදනාව, උණ සහ උගුර බැරැණ්ඩි ගතියයි. මීට අමතරව පසුව වමනය, පාචනය, සමේ ආසාදන තත්වයන් සහ වකුගඩු සහ අක්මාව දුර්වල වීම් ආදිය ද සිදුවේ. ඉතා ම ඉහල ආසාදන තත්වයේ දී අභ්‍යන්තර සහ බාහිර ලේ ගැලීම් සිදු වේ. මෙම රෝග ලක්ෂණ පෙන්වන්නෙක් සංචාරය කිරීමට උචිත තත්වයක සිටින බවක් සිතිය නො හැකි ය.

කෙසේ වෙතත් යම් වැරදීමකින් හෝ මෙම රෝග ආසාදිතයෙක් ගුවනින් ගමන් කළ හොත් අනෙකුත් මගීන් හට එම මගියාගෙන් රෝගය බෝවීමට ඇති ඉඩකඩ ඉතා අඩුය. කෙසේ වෙතත් මේ සම්බන්ධයෙන් අවධානයෙන් සිටීම උචිත බව ලෝක සෞඛ්‍ය සංවිධානය පවසයි.

මෙම වෛරස අවදානම තිබෙන ප්‍රදේශ වලට යන සහ එහි සිට පැමිණෙන මගීන් වෙනුවෙන් දැනුවත් කිරීමේ වැඩ සටහන් දැනටමත් ක්‍රියාත්මක බව ඉහත සංවිධාන සඳහන් කරයි. කෙසේ වෙතත් යම් අපහසුතාවකින් පෙලෙන්නේ නම් සංචාරය කිරීමෙන් වැලකි සිටින ලෙස අවවාද කෙරේ. මෙම අවදානම් ප්‍රදේශ වල සංචාරය කර සති 3 ක් ඇතුළත යම් රෝග ලක්ෂණයක් පෙන් වන්නේ නම් වෛද්‍ය අවධානයට යොමු වීම වැදගත් බව ඔවුන් වැඩිදුරටත් සඳහන් කරයි.

පස ගිය කාල සීමාවන් ගේ වරින් වර මෙවන් විවිධ රෝග පැතිරීම සිදු වූ අතර එවන් අවස්ථාවල ගුවන් සේවා ක්ෂේත්‍රය ඒ සම්බන්ධයෙන් මනාව ක්‍රියා කර ඇත. ඒ වගේ කර්මාන්තය ලෝක සෞඛ්‍ය සංවිධානය විසින් ලබා දී ඇති විධි විධාන අනුව කටයුතු කර ඇත. ඒ වගේ ම ජාත්‍යන්තර සිවිල් ගුවන් සේවා සංවිධානය, ලෝක සෞඛ්‍ය සංවිධානය සහ ජාත්‍යන්තර ගුවන් ප්‍රවාහන සංගමය විසින් සපයනු ලබන විවිධ උපදෙස් මාලා අනුගමනය කිරීම ගුවන් සමාගම් විසින් ද සිදු කරනු ලබයි.

5 comments:

  1. මාධ්‍ය වලින් කියන තරම් පැතිරීමේ ස්වභාවයක් නැහැ එහෙනං.. ඒත් ඉෂාර... මං හිතන්නේ පැතිරිම අවම කිරීමේ පියවර ගත යුතුමයි...

    ReplyDelete
  2. මේ පෝස්ට් එක කොහෙද තිබුනෙ ? අද තමා බ්ලොග් රෝලෙ යටක තියනවා දැන්නේ 1 week ago කියලා.. කවද්ද මේක දැම්මේ ?

    වැඩේ ටිකක් සීරියස් වගේ මේ පාර නේද ? මීට කලිනුත් ඔය එබෝලා රෝගය පැතිරුනා නේද ? මෙදා සැරේනම් එබෝලා මඩින්න රොබෝලා දාන්න වෙයි වගේ මොකද සාත්තු කරන අයටත් ලෙඩේ හැදිලනෙ...

    ReplyDelete
  3. ඒක ඒක කාලවලදි ඒක ඒක අමුතු ෙරා්ග

    ReplyDelete
  4. මොන බෝලයක් උනත් ලංකාවට ආවොත්නං විනාසයි. ලෙඩේ හොයාගන්නකොටම කී දෙනෙක් මැරිල තියෙයිද දන්නෑ.

    ReplyDelete
  5. ස්තුතියි ඉශාර. ඒක නෙවෙයි. මේ බ්ලොග් එකේ තියෙනවා අප්ඩේට් වෙන්න පරක්කු වෙන ගතියක්. ඒ කියන්නේ පෝස්ට් එකක් දාපු ගමන් අප්ඩේට් නොවී කාලෙකට පස්සේ බ්ලොග් රෝල් වල පහල අදාල තැනින් මතුවෙනවා. ඒ කියන්නේ මේක කවදාවත් මුදුනට එන්නේ නෑ. අපේ අහස වෙලත් මොකද මේ යටට යන්නේ කියලා හොයලා බලාපං ඉශාර. ඔය ෆීඩ් වල අවුලක්ද දන්නේ නෑ.

    ReplyDelete

මොනවා හරි ලියලා ගියොත් හැදෙන්න පුළුවන්....