නියමුවා දිවි නසා ගැනීම - Pilot Suicide

LAM Mozambique Airlines යනු මොසැම්බික් රාජ්‍යයේ ජාතික ගුවන් සේවයයි. මොසැම්බික් රාජ්‍ය යේ මපුටෝ ගුවන් තොටුපල කේන්ද්‍ර කර ගනිමින් ක්‍රියාත්මක වන අතර අප්‍රිකානු මහාද්වීපයේ රටවල් අතර සහ මොසැම්බික් රාජ්‍යය තුළද සිය මෙහෙයුම් සිදු කරනු ලබයි. 1936 දී පමණ ආරම්භ කර ඇති මෙම ගුවන් සමාගම අප්‍රිකානු මහාද්වීපයේ හොඳින් මෙහෙයුම් සිදු කරනු ලබන ගුවන් සමාගමකි.

ගුවන් සමාගම පසුගිය වසරේ නොවැම්බර් මාසයේ දී සිදු වූ ගුවන් අනතුරක් නිසා ලොවේ කථා බහට ලක් වුණා. මෙම අනතුර සිදු වූයේ මපුටෝ ජාත්‍යන්තර ගුවන් තොටුපලේ සිට ඇන්ගෝලාවේ Quatro de Fevereiro ගුවන් තොටුපලට මොහෙයුමක් සිදු කරන අතරවාරයේ දීයි. යානය අනතුරට ලක් වූයේ නැමීබියාවේ Bwabwata ජාතික වනෝද්‍යානය ඉහළින් පියසර කරමින් තිබිය දීය.

Embraer ERJ-190-100LR 190LR aircraft picture

අනතුරට පත් වූ යානය

මෙම ගුවන් අනතුරින් යානය සම්පූර්ණයෙන්ම විනාශ වූ අතර එහි ගමන් කළ මගීන් 27 දෙනා සහ කාර්ය මණ්ඩලයේ 6 දෙනා ජීවිතක්ෂයට පත් විය. යානය අනතුරට පත් වූ ස්ථානය පරීක්ෂක කණ්ඩායම් ලඟා වූයේ අනතුර සිදු වූ දිනට පසු දින වූ අතර ඒ වන විටත් යානය සම්පූර්ණයෙන් අළු ගොඩක් ව තිබූ බව එම කණ්ඩායම් පවසයි.

ගුවන් අනතුර සිදු වූ ස්ථානයේ තිබී යානයේ කලු පෙට්ටිය ලෙස හඳුන්වන CVR (Cockpit Voice Recorder ) සහ FDR (Flight Data Recorder) හමු වී ඇති මූලික පරීක්ෂණ වලදී ලොමු දැහැ ගන්වන සිද්ධියක් අනාවරනය වී තිබෙනවා.

අනතුරින් ඉතිරි වූ කොටස්

මොසැම්බික් හි මපුටෝ ගුවන් තොටුපලෙන් පෙරවරු 11 26 ට පිටත් වන TM 470 ගුවන් යානය ඇන්ගෝලාවේ ලුවන්ඩා ගුවන් තොටුපළ ට යාමට සැලසුම් කර තිබුණේ පස්වරු 2 10 ට යි. දැනට තිබෙන තොරතුරු අනුව ගුවන් යානය පස්වරු 1:09 ට අඩි 38000 ක උසක සිට පහතට පැමිණීමට පටන් ගෙන තිබේ.

යානය අනතුරට ලක් වී තිබුණේ නැමීබියාව සහ ඇන්ගෝලාව අතර දේශ සීමාවේ ය. දැනට තිබෙන තොරතුරු අනුව මෙම අනතුර හිතාමතා ම කරන ලද අනතුරක් ලෙස විශ්වාස කෙරේ. අනතුරට සුළු වේලාවකට පෙර සහාය නියමුවා වැසිකිළියට ගොස් ඇති අතර ඒ ලද අවසරයෙන් ප්‍රධාන නියමුවා විසින් ගුවන් යානය ගමන් කරන උස අඩි 38000 සිට පොළොව මට්ටමටත් වඩා අඩි 592 ක් පහළට වෙනස් කර ඇත. මෙම උස අඩු කිරීම ඔහු විසින් තෙවරක් සිදු කර තිබේ. එලෙස ම යානයේ වේග පාලක අතහැරීමක් සිදු කර ඇති අතර බොහෝ වාර ගණනක් ඔහු විසින් යානයේ උපරිම වේගය තෝරා ගෙන ඇත. මේ අතර යානයේ නියමු කුටියේ හඬ පටයේ එක් අවස්ථාවක නියමු කුටියේ දොරට තට්ටු කරන හඬ ද ඇසේ.

කෙසේ වෙතත් යානය අවසානයේ අනතුරට ලක් වී ඇති අතර සම්පූර්ණයෙන්ම විනාශ වී ඇත. යානය 2012 වර්ෂයේ පළමු ගුවන් ගමන සිදු කර ඇති අතර පැය 2905 පමණ අඩු ප්‍රමාණයක ගුවන් කාලයක් වාර්තා කර ඇත. එම්බ්‍රේයර් වර්ගයේ යානයක් වන මෙම යානයේ එන්ජින් දෙකකින් සමන්විත විය.

යානය අනතුරට ලක් වන අවසන් විනාඩි කිහිපයේ තොරතුරු විශ්ලේෂණය කිරීමේ දී තවමත් නිවැරදි නිගමනයකට එළඹිය නො හැකි බව පරීක්ෂණ කණ්ඩායම් පවසන අතර නිල නොවන වාර්තා අනුව මෙය “නියමුවා දිවි නසා ගැනීමේ“ (Pilot Suicide) වර්ගයේ අනතුරක් බව පැවසේ. මෙම අනතුර වන අවස්ථාවේ කටයුතු කර ඇති නියමුවාගේ දරුවා පසුගිය වසරේ මියගොස් සිටි අතර ඔහුගේ පවුලේ ගැට‍ළු තිබූ බව පැවසේ. මේ නිසා ඇති වූ මානසික ව්‍යාකූලතාවකින් මෙම අනතුර සිදු කරන්නට ඇති බව එම නිල නොවන වාර්තා සඳහන් කරයි.

මේ ගණයට අයත් අනතුරු කිහිපයක් ඉතිහාසයේ වාර්තා වී ඇති අතර මෙතැනින් ඒවා බලන්න.

දැන් ඉතින් බය වෙන්න එපා. හැම කෙනාම එක වගේ නෑහැ.

21 comments:

  1. අම්මෝ... මමනං යන්නේ නැහැ ඕවෑ.. නැව් බෝට්ටු හොදා.. :D

    ReplyDelete
    Replies
    1. හප්පා මාරයත් බය නම් මාරයට අපි ගැන මොනා කියන්නද?

      Delete
    2. @ මාරයා, ඇයි බොල නැවක කැප්ටන් කෙනෙකුට නැව හිල් කරල ගිල්ලන්න බෑ කියලද උඹ හිතන්නෙ.

      Delete
    3. හෙහ්..................ඒකනෙ ප්‍රසා...

      Delete
    4. හනේ පලයල්ලා යන්ට.. නැවකනං ලෑලි කෑල්ලක් හරි ගලවං පොඩි ට්‍රයි එකක් දෙන්න පුළුවන් බේරෙන්ට.. මේ ඉෂාරලා වගේ පිස්සු ඩයල් එලෝන ප්ලේන් වල ගිහින් මුං අපිට කියන්නෙත් නැතිව මේවා බිම වැට්ටුවාම මොන ට්‍රයිද..? එක්කෝ වන උන්ට වේල පහින්ම කියලා පැරිෂුට් එහෙම බෙදලා දීලානං තව කමකුත් නැහැ... :D

      අනික මං ප්ලේන් කඩා වැටෙන චිත්තපටි දෙක තුනක්ම බලලත් තියෙනවා.. හම්මෝ.. ටයිටැනික් එකේ ගිහින් ගිලෙනව සැපයි... :D

      Delete
    5. ප්‍රසා, මූ ඔය ටයිටැනික් එකේ සැප ගැන කියන්නෙ අර චිත්තරපටියෙ ඉන්න ගෑල්ලමයා ගැන හිතලා වෙන්න ඇති.
      නැත්තං ඉතිං කොහෙත් වෙන්නෙ මැරෙන එකනෙ.......

      Delete
    6. ඔවු ඔවු, මූ හදන්නෙ මූම නැව ගිල්ලෝල බේරගන්න කාට හරි කෝල් එකකුත් දීල මූද මැදට වෙලා කෑල්ලකුත් බදාගෙන ලෑල්ලක් උඩට වෙලා ඉන්න වෙන්ටැ. :D

      Delete
  2. ඔයා දුන්න වෙනත් අනතුරු ගැන තියෙන ලින්ක් එකේ තියෙන SilkAir Flight 185 ගුවන් යානය ගැන නම් මමත් අහලා තියෙනවා.

    Air Crash Investigation Documentary series එකේ එක episode එකක් ඒ වෙනුවෙන් වෙන් කරලා තිබ්බා

    ReplyDelete
    Replies
    1. ඔව් මේ වගේ අනතුරු ඉතිහාසයේ තියෙනවා.

      Delete
  3. නියමුවා දිවි නසා ගැනීම මහ භයානක තත්ත්වයක්නෙ. මිනිහට මැරෙන්න ඕනනම් වෙන විදිහක් හොයා ගත්තනම් ඉවරනෙ මරාගෙන මැරෙන්නෙ නැතිව.

    ගුවන් ගමනකට පෙර නියමුවන්ගේ මානසික වාතාවරණය සොයා බලන මොකක් හරි ක්‍රමවේදයක් තියනවද ?

    ReplyDelete
    Replies
    1. ඔව් සෙන්නා මිනිහා තනියම මැරුණානම් ඉවරයි.
      සාමාන්‍යයෙන් නියමුවන්ගෙ වෛද්‍ය පරීක්ෂණ තියෙන්නෙ මාස 6ට වරක්. මීට අමතරව ගුවන් සමාගම තම සේවකයින්ගේ තත්වයන් ගැන දැඩි අවධානයෙන් සිටීම වැදගත් වෙනවා. ඒත් ඒක සිද්ද්‍ධ වෙනවා අඩුයි ඕනෑම ආයතනයක.

      Delete
  4. ඒක නං මහා භයානක දෙයක්. ඒවට පවා නියමුවන් හුරු කරවනවා නේද හොදම පීඩනයක් පවා ලබා දීලා.. වටින විස්තරයක් ඉෂාර.. තැන්කුයි

    ReplyDelete
    Replies
    1. ඔව් දේශ්, ඒත් අන්තිමට වැඩේ වෙලා නෙ.
      ස්තුතියි ආවට

      Delete
  5. ඒකනං භයානක තත්වයක් තමයි.
    සමහර අවස්ථාවල පයිලට්ලගෙ වැරදි වැටහීම්, තීරණ නිසත් අනතුරු වෙන වෙලාවල් තියෙනව නේද?

    ReplyDelete
    Replies
    1. ඔව් ඔව් එහෙම ඒවත් තියෙනවා

      Delete
  6. ඔය නියමුවන්ට ගෙදරින් තියෙන මානසික පීඩන වලට අමතරව, ගුවන් සමාගම් වලින් යොදන පීඩනයත් හිතකර නෑ. ඇත්තෙන්ම අවශ්‍ය තරම් විවේක නොගෙන, නිදා නොගෙන තවත් දුර ගමනකට, විශේෂයෙන්ම රාත්‍රී පියසැරියකට යොදන එක අන්තිම භයානකයි. ඇයි මේ ලඟදිත් දෙන්නටම නින්ද ගිහින් එයාපෝට් එක පහුකරලත් සෑහෙන දුර ගිහින් තිබුනේ. ATC කොච්චර කතාකලත් ඇහැරිලා නෑ. තව දෙන්නෙක් ලැප්ටොප් දිගෑරගෙන ගිහින්, එයාපෝර්ට් එක පහුකරගෙන හුඟක් දුර.

    ReplyDelete
    Replies
    1. ඔව් සමහර ගුවන් සමාගම් වල තත්වය නම් එච්චර හොඳ නැහැ. හැබැයි ගුවන් යානා කාර්යමණ්ඩලයට ජාත්‍යන්තර අනුමත විවේක කාල සහ රාජකාරි වේලාවන් තිබෙනවා. මේවා අනිවාර්යයෙන් අනුගමනය කළ යුතුයි.

      Delete
  7. අර The Flight ෆිල්ම් එකේ තියෙන්නේ නියමුවා පොඩි ෂොට් එකක් දාල එලෝලා සිද්ද වෙන සීන් එකක්.. හෙහ් හෙහ් .. ගුවන් අනතුරකින් මැරෙන එක ටිකක් ඇඩ්වෙන්චර් ගතියක් තියෙනවා නේද මොනවා උනත්..

    ReplyDelete
    Replies
    1. ඔව් ගුවන් අනතුරක් කියන්නෙ හැමෝම කථා කරන දෙයක් තමා. පොඩි ඇඩ්වෙන්චර් ගතියක් තියෙනවා තමා

      Delete
  8. මිනිසුන්ගේ මනස මෙච්චරටම අවුල් වෙනවද කියල හිතෙනවා . තමන්ට මැරෙන්න හිතුනව අහිංසක මිනිස්සුත් මරාගෙන මැරෙන්න . කොහොම උනත් මේ වගේ දේවල් ඉදිරියට නොවෙන්න ක්‍රියා මාර්ගයක් ගත යුතු වෙනවා .

    ReplyDelete
    Replies
    1. ඔව් ගිම් අනිවාර්යයෙන් ගන්නවා.
      ස්තුතියි ආවට මේ පැත්තෙ

      Delete

මොනවා හරි ලියලා ගියොත් හැදෙන්න පුළුවන්....