Skip to main content

උඩදි ඉස්සුවොත් පයිලට් කරන දේ Squawk Codes

අද (17/02/2014) අළුයම 1230 ට පමණ ඉතියෝපියාවේ අඩිස් අබාබා ගුවන් තොටුපලින් පිටත් වූ ඉතියෝපියානු ගුවන් සමාගමට අයත් අංක ET702 දරණ ගුවන් යානය ගුවනේ දී පැහැර ගැනීමක් සිදු වී ඇති බව වාර්තා වුණා. සුඩානය ඉහළින් පියාසර කරමින් තිබිය දී මෙම සිදු වීම වාර්තා වූ අතර ගුවන් යානය ගමන් කිරීමට නියමිත වූ ගුවන් තොටුපල වූයේ රෝමයේ “ලියනාඩෝ ඩාවින්සි“ ගුවන් තොටුපලයි. නමුත් එය ගොඩබා තිබුනේ ස්විස්ටර්ලන්තයේ ජිනීවා ගුවන් තොටුපලටයි. මගීන් සහ කාර්ය මණ්ඩලය 200 ක් පමණ මෙහි ගමන් කරමින් සිටි අතර ඔවුන් සියළු දෙනාම නිරුපද්‍රිතව සිටි බව ට වාර්තා ලැබී තිබේ.
ගුවන් යානයෙන් මගීන් ඉවත් කර ගන්නා අයුරු (නියමුවා බැසිගිය ලණුව වම්පස එල්ලෙමින් තිබේ)
මෙම සිද්ධියේ ජුගුප්සාජනකම කාරණය වන්නේ සහාය නියමුවා විසින් මෙම පැහැර ගැනීම සිදු කර තිබීමයි. ප්‍රධාන නියමුවා වැසිකිලියට ගිය  අවස්ථාවේ දී මෙම පැහැර ගැනීම සිදු කළ බව දැනට තොරතුරු අනාවරණය වී ඇති අතර ජිනීවා ගුවන් තොටුපලේ දී යානය නැවැත් වූ පසු සැකකාර සහාය නියමුවා ඉදිරිපස සුළං මුවාව විවර කර ලණුවක් ආධාරයෙන් පිටතට පැමිණ තිබේ. (හදිසි අවස්ථාවක එසේ පැමිණිමට පහසුකම් තිබේ) පසු ඔහුව අත් අඩංගුවට ගැණුන අතර ඔහු පවසා සිටයේ තම රට තුළ තමාට තර්ජන ඇති බැවින් මෙලෙස විදෙස් රටක රැකවරණ පැතීමට උත්සාහ කළ බවයි.  කෙසේ වෙතත් නීති තත්ව යටතේ දී ඔහුට විරුද්ධව ක්‍රියා කර වසර 20 ක සිර දඬුවම් ලබා දිය හැකියි.
ප්‍රවාත්තිය මෙතනින් බලන්න
යම් හෙයකින් මෙසේ ගුවන් යානයක් ගුවනේ දී පැහැර ගැනීමට ලක් වුවහොත් එය ගුවන් ගමන් පාලක වරුන්ට දැනුම් දීමට විශේෂ සංඥාවක් භාවිතා කරයි. ගුවන් යානයේ තිබෙන “ට්‍රාන්ස්පොන්ඩන්ට්“ නැමති විද්‍යුත් උපරණයෙන් මෙම සංඥා නිකුත් කිරීම හා හඳුනා ගැනීම සිදු කරයි. ගුවන් යානා දෙකක් ගැටීම වැළැක්වීමට, යම් අනතුරු දායක තත්වයක් දැනුම් දීමට මෙම උපකරණයේ විවිධ කේත භාවිතා කරමින් යොදා ගනී.
සෙස්නා ගුවන් යානයේ ට්‍රාන්ස්පොන්ඩන්ට් උපකරණය
මෙම ක්‍රමයට සංඥා සැකසීමේ දී squawk යන වචනය සමගින් කේතය භාවිතා කරයි. මෙලෙස භාවිතා කිරීමට අවශ්‍ය වන කේත හඳුන්වා දී ඇති අතර ඒ ඒ අවස්ථා වල මෙම කේත භාවිතා කරයි. මෙම කේත භාවිතා කිරීම දෙවන ලෝක යුද්ධ සමය තෙක් දිව යන අතර සතුරු යානා සහ මිතුරු යානා හඳුනා ගැනීම සඳහා බ්‍රිතාන්‍ය සහ ඇමරිකාව විසින් මෙම ක්‍රමය භාවිතා කරන ලදී. පසු කාලීනව මෙය සිවිල් ගුවන් යානා වල භාවිතයට ගැණින. ප්‍රාථමික රේඩාර් වල දී මෙම බීකනය මගින් යානා හඳුනා ගැනීම පහසු කරයි.
ඉහත වචනයත් සමග භාවිතා කරන මෙම කේතය ඉලක්කම් හතරකින් යුක්ත වන අතර 0000 සිට 7777 දක්වා පරාසයක විහිදේ.
උදාහරණයක් ලෙස squawk 7700 යනු හදිසි අවස්ථාවක් බව දැන්වීමයි. squawk 7600 යනු රේඩියෝ සංඥා වල බිඳ වැටීමක් වාර්තා කිරීමයි.
ගුවන් යානයක් ගුවනේ දී පැහැර ගැනීමක් සිදු වුවහොත් ඒ බව දැනුම් දීම සඳහා squawk7500 යන කේතය භාවිතා කරයි.
ඉහත අප කථාවේ සඳහන් සහාය නියමුවා මුල සිටම මෙම සංඥාව නිකුත් කරමින් ගමන් කර ඇත.
squawk කේත මෙතනින් බලන්න
මේ සම්බන්ධයෙන් ඉතා විශාල තාක්ෂණික විස්තරයක් ඉදිරිපත් කිරීමට වඩා මෙම සරල කරුණු පැහැදිලි කිරීම පුමාණවත් යයි සිතමි. එළෙසම මෙම ප්‍රවෘත්තය කියවන හෝ අසන විට දැන් ඔබට එය වඩාත් පැහැදි වනු ඇත.

Comments

  1. ඉස්සුවට බාන්න වෙන්නේ ගුවන් තොටුපලකටමනේ.car එකක් වගේ පැනලා අරන් යන්නත් බා නේ.ඒ නිසා ගොඩ බාපු ගමන් හිරෙන් බත් කන්න බලාගෙනම වැඩේ කරන්න ඕනේ

    මම ටෙක්නික්ස් Blog එකේ විශ්වජිත්

    ReplyDelete
    Replies
    1. ඒක ඇත්ත
      ගෙදර ගෙනියන්න බෑනේ

      Delete
  2. ඇත්තෙන්ම ආසා හිතෙන ලිපියක් තවත් ලියන්න

    ReplyDelete
  3. ප්ලේන් නං අමාරුයි. කෝච්චියක් වත් බලමු :D

    ReplyDelete
    Replies
    1. මේ දවස් වල නම් මල්ලී මුළු දුම්රිය දෙපාර්තමේන්තුවම උස්සන් හිතයි. ඇත්තමයි

      Delete
  4. මෑතකදී හයිජැක් කිරිල්ලක් වුනේම නෑ නේද හොඳ වෙලාවට?

    එක කාලයක් මට මතකයි ගුවන් යානාවල මඟීන් වගේ වෙස් වලාගත්ත ආත්මාරක්ෂක සටන් ප්‍රගුණ කරපු ආරක්ෂක නිළධාරීන් නැතිනම් මාෂල්වරු යොදවලා තිබ්බා හයිජැක් කිරිල්ල දරුණුවටම ගිය නිසා.

    ReplyDelete
    Replies
    1. ඉතින් බං ඔය අද උදේ කරලා තියෙන්නෙ යසට එකක්
      පස්සෙ අනාගෙන

      Delete
    2. ඒකනේ. පයිලට් මෙහෙම ප්ලේන් එකක් හයිජැක් කරන්න හදපු එකක් මේ දවස්වල Terror in the Sky ප්‍රෝග්‍රෑම් එකෙත් පෙන්නුවා. පොරනම් පැසෙන්ජර්ස්ලමද කොහෙද එකතුවෙලා බිම දාගත්තා. ඒ ඔලුව පොඩ්ඩක් අප්සෙට් වෙලා.

      ඒක නෙවේ ඉෂාර. මම මේ වින්ඩ්ෂීල්ඩ් එක අස්සෙන් ලණුව දාපු එක ගැන කල්පනා කරන්න ගිහිල්ල මට නිතරම ඔලුවේ දුවපු ප්‍රශ්ණයක් මතක් වුනා. ඔය වයිපර්ස් තියෙනවා නේද? ඕක aerodynamic වලට විරුද්දයිනේ. එතකොට ඔය වේගෙන් යන ප්ලේන් එකක වයිපර් එකක් හුලඟට ඔරොත්තුදෙන්න හදලා තියෙන්නේ කොහොමද? ඒ මදිවට වැඩ කරන්නත්.

      Delete
    3. මචං එච් බී, සාමාන්‍යෙයන් මේ වයිපර් භාවිතා කරන්නෙ ගුවන් තොටුපලේ ගමන් කරන වෙලාවට. කෘස් එකේ දී භාවිතා වෙන්නෙම නැති තරම්. කාලගුණය අවුල් නම් ගොඩක් වෙලාවට ඉන්ස්ටෘමන්ට් ලෑන්ඩින් සිස්ටම් (ILS), ඔටෝ පයිලට් එහෙම එන නිසා පයිලට් ට වීදුරුවෙන් බලන්න අවශ්‍ය නැහැ. ගුවනේ අධික වේගයකදී මේවා ක්‍රියාත්මක කලහොත් අධික ශබ්ධයක් එනවා. ඒ වගේම ඒ වේගයට මේ වයිපර් වල මෝටරය ඔරොත්තු දෙන්නෙත් නැති නිසා හරි හැටි ක්‍රියාත්මක වෙන්නෙත් නැහැ.
      එයරෝඩයිනමික්ස් වලට සුළු හෝ බලපෑමක් සිදුවීමට ඇති ඉඩකඩ ඇහිරීමට තමයි මේවා ක්‍රියාවිරහිත තත්වයේදී වින්ඩ්ෂ්ල්ඩ් දෙක වෙන් කරන මැදින් තියෙන කොටසට සමාන්තරව ඒ කියන්නෙ පොළවට ලම්බකව මේවා ස්ථාන ගත වෙන්නෙ. එතකොට බරපතල ගැටළුවක් වෙන්නෙ නෑ. මේ විස්තරය ඇති මම හිතන්නෙ

      Delete
  5. තේ එකක් එහෙම හදාගෙන ආවේ හෙන විස්තරයක් කියවන්න.... අවුලක් නෑ... අනිත් ලිපි දෙකත් බැලුවා.... මේ විස්තරත් පැහැදිලියි

    ReplyDelete
    Replies
    1. ඔය ටිකත් මදෑ බං හැදෙන එකෙකුට

      Delete
  6. මමත් දැක්කා ඔය කේස් එක,,මූ මහ මැටි මෝලෙක්,,,යන රටක හිමීට බැහැලා මාරු නොවී හයි ජැක් කරන්න ගිහින්,දැන් ඉතින් හිරේ නේ,,,ප්ලේන් එක පස්සෙන් ඉතාලි ගුවන් හමුදා යානා දෙකකුත් ගියා ගොඩ බානකන්ම

    ReplyDelete
    Replies
    1. ඔව් එයාර්ෆෝස් එකෙන් ගිහින් තිබුණා

      Delete
  7. I like this post very much. Keep going.

    ReplyDelete
  8. මාත් අද උදේ නිවුස් වලට මේ විස්තරේ දැක්ක.
    ඕව එකක් උස්සන්න උනත් එලෝන හැටි දැනගෙන ඉන්න එපැයි. නැත්තං තෙල් ඉවරවෙලා බිම වැටෙනකං දන්නෑ.

    ReplyDelete
    Replies
    1. මේකත් ජිනීවා වල ලෑන්ඩ් කලේ තෙල් ඉවරවෙන්න ළඟ වුන නිසා.

      Delete
  9. ස්තූතියි මේ කතාව තාක්ශනික තොරතුරුත් එක්ක බෙදා ගත්තට. ඊයේ නිව්ස් වලත් මේක දැක්කා.

    සෙන්නා ට ලියනවනම් ඔන්න ලියන්න කතාවක්.

    ReplyDelete

Post a Comment

මොනවා හරි ලියලා ගියොත් හැදෙන්න පුළුවන්....

Popular posts from this blog

ගුවන් තොටුපළේ යන්නෙ මෙහෙමයි

අදට වසරයි කියන‍ පෝස්ට් එකට සංජු දාලා තිබ්බ කමෙන්ට් එකට ප්‍රතිචාරයක් විධියට මේ පෝස්ට් එක දාන්න හිතං හිටියත් දවසෙන් දවස ඒක කල් ගියා. අද ටිකක් වෙලාව අරන් කොහොම හරි මේක ලියන්න ඕනා. දැන් අපි හිතමු යම් පුද්ගලයෙක් විදේශ ගත වෙනවා කියලා. මුලින්ම මේ පුද්ගලයා කරන්න ඕනෙ ගුවන් ප්‍රවේශ පතක් ලබා ගැනීම සහ අදාළ රටට වීසා ලබා ගැනීම.  මේ ගුවන් ටිකට් පත් ලබා ගැනීම පිලිබඳව මම කලින් දාපු ගුවන් ටිකට්පතක් ලබා ගැනීමේ දී ඔබ දැන ගත යුතු කරුණු කියන පෝස්ට් එක බලන්න. ඒ වගේම යාමට නියමිත රටට වීසා ලබා ගැනීමත් සිදු කළ යුතුයි. මේ සඳහා සුදුසුම දේ ගුවන් ටිකටිපත් ලබා ගන්නා ස්ථානයෙන්ම ඒ විස්තර ලබා ගන්න එක. දැන් අපි හිතමු ගුවන් ටිකට් පත ලබා ගැනීමත් වීසා ලබා ගැනීමත් සිදු කර ුවසානයි කියලා. ඉන් පසුව තිබෙන්නේ ගුවන් ගමන පිටත් වීමට ගුවන් තොටුපළට යාමටයි. මෙහිදී ගුවන් ටිකට් පතේ සඳහන් වන පිටත් වන වේලාවට අවම වශයෙන් පැය 3ට වත් කලින් ගුවන් තොටුපළේ පිටත් වීමේ පර්යන්තයට පැමිණ සිටිය යුතුයි. ගුවන් තොටුපලට ඇතුල් වන විට පළමුවෙන්ම හමු වන්නේ පිටත්වීමේ පර්යන්තයයි. ගුවන් ගත වීමේදී ගෙන යන භාණ්ඩ ද සමග මේ පර්යන්තයට ඇතුළු විය යුතු අතර තමා සමග පැමිණි

සේපාල ඒකනායක - Sepala Ekanayake

ඔබ සමහර විට අහලා ඇති සේපාල ඒකනායක ගැන. හරියටම අදට අවුරුදු 28 ට පෙර එනම් 1982 ජූනි මාසේ 30 වෙනිදා සිවිල් ගුවන් යානයක් ගුවනේ දී පැහැර ගැනීම නිසා ඔහු ප්‍රසිද්ධ වුණා. මේ සිද්ධිය ලාංකීය ගුවන් ඉතිහාසයේ සිදු වුණේ පළමු වතාවට. ඒ වගේම අද වන තුරු ශ්‍රී ලාංකිකයෙක් අතින් එවන් දෙයක් සිදු වී නැහැ. අද දිනය මේ සම්බන්ධයෙන් විශේෂත්වයක් තිබෙන නිසා මා කැමතියි මේ ගැන ලියන්න. සේපාල ඒකනායක ඉපදුණේ 1949 ජූනි මාසේ 03 වෙනි දා දිනයක මාතර දිස්ත්‍රික්කයේ කරතොට කියන ගමේ. පාසැල් ගියේ හම්බන්තොට යෝධ කණ්ඩිය විද්‍යාලයට.  අවුරුදු 15 දි විතර නිවසින් වෙන් වන ඔහු කොළඹ ට පැමිණෙනවා. ඉන්පසු 1972 ඔහු ජර්මනියට පැමිණෙනවා. එහිදී ඔහුට ඇනා ඇල්ද්‍රොවන්දි නැමති ඉතාලි සුරූපිණිය හමු වෙනවා. පසුව ඔවුන් දෙදෙනා විවාහ වී ඉතාලියේ මොඩෙනා පෙදෙසේ පදිංචි වෙනවා. ඒ 1980 දී. එහිදී ඉපදෙන පුතාට ඔවුන් “ෆ්‍රී ඒකනායක“ නමින් නම් තබනවා. මෙහිදී සේපාලගේ වීසා එක නැති වෙන අතර ඉතාලියේ දී වීසා ඉල්ලු විට ශ්‍රී ලංකාවට පැමිණ වීසා ලබා ගන්නා ලෙස ඔවුන් පවසනවා. ඒ අනුව ඔහු ලංකාවට පැමිණ වීසා අයදුම් කරනු ලැබූ මුත් වසර හයක් ඒ සදහා බලා සිටින ලෙස ඔහුට දැනුම් දෙනවා. ඔහු ක

අදට වසරයි

මේ ලියන්න යන්නෙ නම් ගුවන් සේවාව ගැන නොවේ. අදට වසරකට පෙර තමයි ‘ අපේ අහස ‘ ට පළවෙනි පෝස්ට් එක දැම්මෙ. මේ වන විට ගුවන් සේවා සම්බන්ධ විවිධ මාතෘකා ඔස්සේ සටහන් 37 ක් පසුගිය වසර පුරාවටම එක් කීරීමට හැකියාව ලැබී තියෙනවා. ඒ සේරටම කමෙන්ට්ස් 173 ක් ලැබිලා තියෙනවා. හැබැයි මේ ගාණ ඇතුලේ තියෙනවා මම උත්තර දීපුවත්. “බ්ලොගර් ස්ටැට්“ වලින් කියන්නෙ නම් 3156 ක් මේ බ්ලොග් එකට ඇවිල්ලා තියෙනවා කියලා. මම පවත්වාගෙන ගිය කවුන්ටර්ස් වල හැටියට ආසන්න වශයෙන් 4000 ක විතර සංඛ්‍යාවක් ඇවිත් තියෙනවා. වැඩිම ගණනක් ඇවිත් කියෙන්නෙ තියෙන්නෙ ලංකාවේ පළමු ගුවන් ප්‍රදර්ශනය කියන පෝස්ට් එක බලන්න. මේ කාල සීමාව තුළ ලැබු ණ සියළු ප්‍රතිචාර මා ධෛර්යයට පත් කරවන ඒවා වීම ඉතාම සතුටට කාරණයක්. ඒ වගේම නිරන්තර සාමාජිකත්වයක් මේ සඳහා සිටින බව 30 ක් විතර වන සම්බන්ධකයින් ( Join with this site) ගණනිනුත් 11  ක් වන Followers   ලා ගණනිනුත් පැහැදිලි වෙනවා. ඒ වගේම දුරකථන මාර්ගයෙනුත් මට ලැබී තිබෙන ප්‍රතිචාර අනුව පෙනෙන්නෙ ‘අපේ අහස‘ ට  තවත් සාමාජිකයින් ඉන්නවා කියන එකයි. මම මේ ක්ෂේත්‍රයට එන විට දැනගෙන හිටියෙ අහසේ ගුවන් යානා යන බව විතරයි. කටුනායක ගුවන් තොටුප