Skip to main content

බ්ලැරියට් ගුවන් යානය Bleriot Aero plane

ඇදහීමටවත් නොහැකි තාක්ෂණයක් සහිතව ලොව නන් දෙස පියාසර කරන නවීන ගුවන් යානා අද තිබුණ ද ගුවන් යානා විකාශණයේ මුල් අවධියේදී ඉතාම සරල, ගුවන් යානා ලෙසවත් හැදීන්වීමට නොහැකි යන්ත්‍ර තිබිණ. ඇමරිකාවේ ගුවන් යානාවක් සාර්ථකව අත්හදා බලන අතරතුරදීම ලොව විවිධ කලාප වල ගුවන් යානා අත්හදා බැලීම සිදු විය. විශේෂයෙන් තාක්ෂණික පුනරුදයක් ඇති වී තිබු යුරෝපයේ ද විවිධ අත්හදා බැලීම් අසාර්ථක වීම් සහ සාර්ථක ගුවන් ගමන් ආදිය විටින් විට වාර්තා විය.

අප රටේ සාර්ථක ගුවන් ගමනක් වාර්තා වන්නේ 1912 වර්ෂයේ වුවද ඉන් පෙර වර්ෂයේ එනම් 1911 වර්ෂයේ සැප්තැම්බර් මාසයේ ගුවන් යානාවක්  “රැබන්පැලස්“ නම් නෞකාවෙන් ලක් දිවට ගෙන ආවේය. මෙම ගුවන් යානය “බ්ලැරියට් XI” වර්ගයේ යානාවක් විය. මෙම ගුවන් යානය අද තිබෙන ගුවන් යානා හා සන්සන්දනය කළ විට ඉතාමත් සරළ නිර්මාණයක් වුවද එකල එය ඉතා ඉහළ ගණයේ නිර්මාණයකි. තාක්ෂණික පෙළහරකි. මෙම “බ්ලැරියට් XI“ ගුවන් යානය නිපදවීමට පෙර එය නිෂ්පාදනයේ හිමිකරු වූ “ලුවිස් බ්ලැරියට්“ විසින් විවධ ආකාරයේ අත්හදා බැලීම් සිදු කළේය.

 

බ්ලැරියට් I

මුල් කාලයේ ඔහු විසින් “ඕර්නිතොප්ටර්“ වර්ගයේ යානයක් අත්හදා බලන ලද අතර මෙය “බ්ලැරියට් I“ ලෙස හැඳින්වීමට හැකිය. ඒ 1900 ත් 1901 අතර කාලයේ දීයි. මෙම යානා ආදර්ශ ඒවා වූ අතර මීටර් 1.5 ක සැළෙන පියාපත් (Flapping) වලින් යුක්ත විය.“කාබනික් අම්ලය“ මගින් ක්‍රියාත්මක වූ මෙම යානය සාර්ථක වීමටත් ප්‍රථම “පේටන්ට්“ බලපත්‍රය ලබා ගැනීමට උත්සහ කෙරිණ. මෙහි එන්ජින් 3 ක් තිබූ මුත් ඒවා එකින් එක පුපරා ගියේ අත්හදා බැලීමේ දීයි. පසුව එම ව්‍යාපෘතිය අතහැර දැමිණ.

image

බ්ලැරියට් II

දෙවන ගුවන් යානය වන “බ්ලැරියට් II“ (1905 දී) “ලුවිස් බ්ලැරියට්“ ගෙ සගයෙකු වන “වොයිසන්“ විසින් නිපදවන ලද අතර එහි “කොල්ලෑවක්“ ද විය. මෙයද ඉහලින් හා පහලීන් පියාපත් දෙකක් තිබූ බැවින් “බයිප්ලේන්“ වර්ගයට අයත් විය. මෙම යානය “සීන්“ නදියේ “බිලන්කෝට්“ වලදී අතහදා බලන ලද අතර බෝට්ටුවක් ආධාරයෙන් ඇදගෙන ගොස් ඉහළ නැංවීය. නමත් එය ටික වේලාවකින් දියෙහි ගිලී ගියේය. මෙම යානය “ග්ලයිඩරයක්“ ලෙස සැලකිණ.

image

වමේ සිටින්නෙ ලුවිස් බ්ලැරියට් ය. අනෙක් පුද්ගලයා වොයිසන් ය

 

image

බ්ලැරියට් III

තෙවනුව සකස් කරන ලද්දේ ද “බයිප්ලේන්“ වර්ගයේම ගුවන් යානයක් වන අතර එය “බ්ලැරියට් III“ ලෙස හඳුන්වයි. නමුත් මෙහි පියාපත් දෙක එකිනෙක සම්බන්ධ වූ ඉලිප්සාකාර එකක් විය. මෙම යානය අශ්වබල 24 එන්ජිම ක් මගින් අවරපෙති දෙකක් ක්‍රියාත්මක වීමට සකස් කර තිබූ අතර එයද “වොයිසන්“ සමග එක්ව කරන ලද නිර්මානයකි. 1906 මැයි මාසයේ දී අත්හදා බැලූ මෙයට ගුවන් ගත වීමට නොහැකි විය.

image

බ්ලැරියට් IV

තුන්වන ගුවන් යානය “බ්ලැරියට් IV“ ලෙස හැඳින්වූ අතර එම අත්හදා බැලීම 1906 වර්ෂයේම ඔක්තෝබර් මාසයේ සිදු කළ අතර එයට අශ්ව බල 24 එන්ජින් දෙකක් සවි කර තිබිණ. එහෙත් මේ එන්ජින් දෙක සමානව ක්‍රියා නොකළ නිසා අත්හදා බැලීම් අසාර්ථක විය. එලෙසම මෙයට “කොල්ලෑවක්“ සවි කිරීම ද අපහසු විය. එනිසා ඔවුන් බයිසිකල් රෝද එයට සවි කරන ලදී. කෙසේ වෙතත් පසුව ගුවන් යානය අත්හදා බැලීමකදී දෙකඩ විය. පසුව මෙම එන්ජින් දෙක වෙනුවට අශ්ව බල 50 ක තනි එන්ජිමක් සවි කිරීමට “ලුවිස්“ සහ “වොයිසන්“ කටයුතු කළහ.

image

image

බ්ලැරියට් V

මින්පසු “ලුවිස්“ “වොයිසන්“ සමග තිබූ සම්බන්ධය අත්හල අතර 1907 දී තනි පියාපතක් සහිත ප්‍රථම “මොනෝ ප්ලේන්“ වර්ගයේ ගුවන් යානාවක් “බ්ලැරියට් V“ නමින් අත්හදා බැලීය. නමුත් වරක් දෙවරක් ගුවන් ගතවී පසුව නැවත සකස් කළ නොහැකි පරිදිම විනාශයට පත්විය.

මෙම යානයේ දිග මීටර් 8.5 ක්ද පියාපත් සහිත පළල මීටර් 7.8 ක් ද විය.

image

 

බ්ලැරියට් VI

1907 දී ම “බ්ලැරියට් VI“ ගුවන් යානය සකස් කර අත්හදා බලන ලද අතර එහි අශ්ව බල 24 ක එන්ජිමක් විය. මෙම යානයේ ඉදිරිපස දෙකක් හා පසුපස එකක් ලෙස රෝද තුනකින් සමන්විත විය. මීටර් 7 ක් දිගින් හා මීටර් 7.2 ක පියාපත් සහිත පළලකින් යුක්ත විය.

image

 

බ්ලැරියට් VII

1907 වර්ෂයේ දීම “බ්ලැරියට් VII“ වර්ගයේ යානයද අත්හදා බලන ලද අතර මුල් අත්හදා බැලීම් වලදී යානය පාලනය කර ගැනීමට නොහැකි වූ අතරම යානයේ රෝද ද හානියට පත්විය. නමුත් පසුව මේ අඩුපාඩු මගහරවා ගනිමින් නොවැම්බර් මාසයේ දී මීටර් 500 ක් දුර ගමන් කිරීමට “ලුවිස් බැලැරියට්“ ට හැකිවිය. කෙසේ වෙතත් 1907 දෙසැම්බර් මස 18 වන දින දී යානය අනතුරට ලක් වූ අතර “ලුවිස්“ ට බරපතල තුවාල නොලබා ජීවිතය බේරා ගැනීමට හැකිවිය.

image

 

බ්ලැරියට් VIII

1908 දී “බ්ලැරියට් VIII“ නිපදවන ලද අතර එය තාක්ෂණික අතින් ඉහළ මට්ටමක විය. අද ගුවන් යානා මෙහෙය වීමට භාවිතා කරන “පැඩල්“ සහ “ජෝයිස්ටික්“ මුල් වරට යොදා ගන්නා ලද්දේ මෙම යානයේ ය. මෙම යානය මීටර් 200 ක් ඉහලීන් පියාසර කිරීම නිසා ඔහුට ත්‍යාගයක් හිමි වූ අතර පසුව කිලෝ මීටර් 14 දුර පියාසර කිරීමට ද ඔහුට හැකි විය.

image

 

බ්ලැරියට් IX

1908 වර්ෂයේ දීම “බ්ලැරියට් IX“ යානය නිපදවන “ලුවිස්“ එම වර්ෂයේ පැරීසියේ පැවති ප්‍රදර්ශණයකට ද ඉදිරිපත් කරනු ලැබූවා. මෙහි කලින් යානයට වඩා බල සම්පන්න එන්ජිමක් සවි කර තිබුණ ද මුළු යානය බරින් වැඩි නිසා කිසි දිනක ඉහළ නැංවීමට නොහැකි වුණා. මීටර් 12 දිග හා මීටර් 9 ක් පළල මෙම යානය කිලෝ ග්‍රෑම් 450 ක් පමණ බරින් යුත්ත විය.

image

 

බ්ලැරියට් X

“බ්ලැරියට් X“ ද 1908 දී නිෂ්පාදනය කල අතර එය අන් නිර්මාණ වලට වඩා බොහෝ සෙයින් වෙනස් විය. එලෙසම අවසන් කිරීමට ද හැකියාවක් නොලැබූ අතර අතර මග නවතා දමන ලදී.

 

බ්ලැරියට් XI

මින් පසු 1909 දී ඔහු විසින් අතිසාර්ථක “බ්ලැරියට් XI“ නිපදවන ලද අතර 1909 ජූලි 25 වන දින “ඉංග්‍රීසි චැනලය“ හරහා වාතයට වඩා බරින් වැඩි වූ එම ගුවන් යානය පදවමින් ත්‍යාගයක් ද දිනා ගන්නා ලදී. එම ගමන ඔහුගේ ගුවන් යානා නිෂ්පාදන කර්මාන්තය දියුණු තියුණු වීමට හේතු වූ අතර එවකට ඒ සදහා අති විශාල ප්‍රචාරයක් ලැබිණ. එකළ පුවත් පත් වාර්තා කර තිබූ ආකාරයට එය යුගයේ අති විශ්ෂ්ඨතම මෙහෙයුම විය.

image

මෙම වර්ගයේ ගුවන් යානා ඉන්පසුව වාණිජ මට්ටමින් නිපදවූ අතර යුධ ගුවන් යානා ද ඒ අතර විය. විවිධ රටවල් විසින් මිලදී ගන්නා ලද මෙම වර්ගයේ යානා තනි පුද්ගලයෙකුට හා පුද්ගලයින් දෙදෙනකුට ගමන් කළ හැකි ආකාරයෙන් සකස් කර තිබිණ.

1909 ජනවාරි 23 වන දින පළමු ගුවන් ගමන අත්හදා බැලු අතර එහි අශ්ව බල 35 ක එන්ජිමක් විය. මෙයද මුල් අවධියේදී එතරම් සාර්ථක නොවූ අතර පසුව විවිධ අත්හදා බැලීම් සහ වෙනස්කම් මගින් සාර්ථක නිර්මාණයක් බිහි කිරීමට හැකිවිය. ඉංග්‍රීසි ඕඩය තරණය කිරීමෙන් පසුව 1909 සැප්තැම්බර් මස වන විට මෙවන් යානා 103 ක් සදහා ඉල්ලුමක් තිබිණ. කෙසේ වෙතත් පසුව සිදු වූ අනතුරු හේතුවෙන් ප්‍රංශ හමුදාව මගින් 1912 දී මෙම වර්ගයේ මොනෝ ප්ලේන් පියාසර කිරීම තහනම් කරන ලදී. පළමු ලෝක යුද්ධය අවසන් වන තුරු මෙම යානා නිෂ්පාදනය පැවති අතර විවිධ වෙනස්කම් වලින් යුතුව එම නිෂ්පාදන සිදු කෙරිණ.

ලුවිස් බ්‍රව්න්“ නැමැත්තෙකු විසින් ශ්‍රී ලංකාවට ද පළමුවෙන් ගෙන ලද්දේ “බ්ලැරියට් XI“ වර්ගයේ යානයකි. එම නිසා බ්ලැරියට් ගුවන් යානය ශ්‍රී ලංකාවේ ගුවන් ඉතිහාසය හා සම්බන්ධව ඉතා වැදගත් යානයක් ලෙස සැළකිය හැක. එකල ඒවා ඉතා ජනප්‍රිය විය.

Comments

  1. ස්තූතියි ඉෂාර. වැදගත් ඉතිහාස තොරතුරු ටිකක්..

    ReplyDelete
  2. වෙලාවට දැන්ම දැක්කේ...අහස ගැන දැනගන්න ඕනෙ න්ම මම හැමදම මෙතෙන්ටයි එන්නේ. එලියට ගිහින් අහස බලනවට වඩා මෙතන තොරතුරැ පැහැදිලියිනේ...
    නිරෝගී වේවා෴දීර්ඝායු වේවා෴ සැප වේවා෴චිරං ජයතු!!!

    ReplyDelete
  3. මේ මනුස්සයගෙ තියන නොපසුබස්නා උත්සහය අති ප්‍රශංසනීයයි. එතකොට රයිට් සහෝදරයො මුල්ම ප්ලේන් එක හැදුවෙ මොන අවුරුද්දෙද ? ටික කාලෙකින් ලබලා තියන දියුණුවනම් මාරයිනෙ..

    ReplyDelete
    Replies
    1. සෙන්නා, රයිට් සහෝදරයො මුලින්ම ගුවන් යානයක් ගැන හිතන්න පටන් අරන් තියෙන්නෙ 1896 දී විතර. ඒ කාලෙ වෙනකොට “ග්ලයිඩර්“ කියන වාතයේ පාවෙලා යන යානා වෙනත් පුද්ගලයින් විසින් අත්හදා බලමිනුයි හිටියෙ. කෙහොම හරි රයිට් සහෝදරයිනුත් මුලින්ම අත්හදා බලලා තියෙන්නෙ “ග්ලයිඩර්“. පසුව 1903 දීම තමයි පාලනය කළ හැකි, බලය යෙදිය හැකි ගුවන් යානයක් නිර්මාණය කරලා දෙසැම්බර් 17 වන දින “ෆ්ලයර්1“ කියන යානයෙන් ගුවන් යානයේ සොයා ගැනීම සනිටුහන් කරන්නෙ.

      Delete
    2. ස්තූතියි ඉෂාර.. ඒ පිළිබඳ ලිපියක් ලියලා නැත්නම් එකක් ලියනවද ? මට හරි ආසයි ඒ විස්තර දැනගන්න. ලියලා තියනවනම් තරහා නැතුව ලින්ක් එක පොඩ්ඩක් දාන්න..

      Delete
  4. ඒ කාලෙ කිලෝ 450 ක් උඩ යවන්න විඳල තියෙන දුකක්.
    දැංනං ඒ වගේ සිය දහස් ගුණයක බරක් කිසි අවුලක් නැතිව උඩින් යනව නේද?

    නියම විස්තරයක් ඉෂාර.

    ReplyDelete
  5. මටත් තියෙනව ප්‍රශ්න කිහිපයක්.
    1) සාමාන්‍ය කුඩා High Altitude කාලගුණ බැලුනයක් (සංවේදක,සන්නිවේදන පරිපථ අඩංගු)පරීක්ෂණ කටයුතු වලට අහසට යවනවනම් ඒ සඳහා අවසර ගන්න ඕනද? ,ඕනනම් ඒ අවසර ගන්න ඕන කාගෙන්ද?

    2) ආදර්ශ ගුවන් යානා ලියාපදිංචි කරන්න ඕන කොහෙන්ද?

    ReplyDelete
    Replies
    1. මෙන්න මේ නම්බර් එකෙන් (0112358812) අසංග අමතන්න

      Delete
  6. බොහොම හොඳ දැනුවත් කිරීමක්. තවත් විස්තර ඇතුලත් කර කොටස් වලට වෙන්කර ලියන්න. මෙවැනි ලිපි සඳහා පින්තුර සහ වෙනත් අදාළ සටහන් වැඩිවූ තරමට පාඨකයාගේ අවබෝධය වැඩි වෙනවා.

    අසමි දකිමි සොයමි ලියන විචාරක

    ReplyDelete
    Replies
    1. හ්ම්....කථාව ඇත්ත. මීළඟට එසේ කරමි. ස්තුතියි

      Delete
  7. මේ වගේ ලිපියකින්වත් ගුවන් යානයක් නිපදවීමේ දැවැන්ත කාර්යට මුල් වූ අය ගැන සඳහනක් කිරීම ගැන සතුටුයි . මෙහි ඉතිහාසය බැලුවම පුදුම හිතෙනවා .
    …හොඳ විස්තරයක් ඉශාර .

    ReplyDelete
  8. ඉතාමත්ම වැදගත් කරුනු ටිකක්. බොහොම ස්තූතියි....

    බොයින්, නැත්නම් එයාර්බස් වගේ ආයතනයක නිශ්පාදන ගැනත් ලියන්න බැරිද?

    ReplyDelete
  9. ශා මරු ලිපියක්.....දැන් ටිෙකන් ටිෙක් අෙප් ගුවන් දැනූම පුළුල් ෙවනවා ඉෂාර අයියා නිසා....

    ReplyDelete

Post a Comment

මොනවා හරි ලියලා ගියොත් හැදෙන්න පුළුවන්....

Popular posts from this blog

ගුවන් තොටුපළේ යන්නෙ මෙහෙමයි

අදට වසරයි කියන‍ පෝස්ට් එකට සංජු දාලා තිබ්බ කමෙන්ට් එකට ප්‍රතිචාරයක් විධියට මේ පෝස්ට් එක දාන්න හිතං හිටියත් දවසෙන් දවස ඒක කල් ගියා. අද ටිකක් වෙලාව අරන් කොහොම හරි මේක ලියන්න ඕනා. දැන් අපි හිතමු යම් පුද්ගලයෙක් විදේශ ගත වෙනවා කියලා. මුලින්ම මේ පුද්ගලයා කරන්න ඕනෙ ගුවන් ප්‍රවේශ පතක් ලබා ගැනීම සහ අදාළ රටට වීසා ලබා ගැනීම.  මේ ගුවන් ටිකට් පත් ලබා ගැනීම පිලිබඳව මම කලින් දාපු ගුවන් ටිකට්පතක් ලබා ගැනීමේ දී ඔබ දැන ගත යුතු කරුණු කියන පෝස්ට් එක බලන්න. ඒ වගේම යාමට නියමිත රටට වීසා ලබා ගැනීමත් සිදු කළ යුතුයි. මේ සඳහා සුදුසුම දේ ගුවන් ටිකටිපත් ලබා ගන්නා ස්ථානයෙන්ම ඒ විස්තර ලබා ගන්න එක. දැන් අපි හිතමු ගුවන් ටිකට් පත ලබා ගැනීමත් වීසා ලබා ගැනීමත් සිදු කර ුවසානයි කියලා. ඉන් පසුව තිබෙන්නේ ගුවන් ගමන පිටත් වීමට ගුවන් තොටුපළට යාමටයි. මෙහිදී ගුවන් ටිකට් පතේ සඳහන් වන පිටත් වන වේලාවට අවම වශයෙන් පැය 3ට වත් කලින් ගුවන් තොටුපළේ පිටත් වීමේ පර්යන්තයට පැමිණ සිටිය යුතුයි. ගුවන් තොටුපලට ඇතුල් වන විට පළමුවෙන්ම හමු වන්නේ පිටත්වීමේ පර්යන්තයයි. ගුවන් ගත වීමේදී ගෙන යන භාණ්ඩ ද සමග මේ පර්යන්තයට ඇතුළු විය යුතු අතර තමා සමග පැමිණි

සේපාල ඒකනායක - Sepala Ekanayake

ඔබ සමහර විට අහලා ඇති සේපාල ඒකනායක ගැන. හරියටම අදට අවුරුදු 28 ට පෙර එනම් 1982 ජූනි මාසේ 30 වෙනිදා සිවිල් ගුවන් යානයක් ගුවනේ දී පැහැර ගැනීම නිසා ඔහු ප්‍රසිද්ධ වුණා. මේ සිද්ධිය ලාංකීය ගුවන් ඉතිහාසයේ සිදු වුණේ පළමු වතාවට. ඒ වගේම අද වන තුරු ශ්‍රී ලාංකිකයෙක් අතින් එවන් දෙයක් සිදු වී නැහැ. අද දිනය මේ සම්බන්ධයෙන් විශේෂත්වයක් තිබෙන නිසා මා කැමතියි මේ ගැන ලියන්න. සේපාල ඒකනායක ඉපදුණේ 1949 ජූනි මාසේ 03 වෙනි දා දිනයක මාතර දිස්ත්‍රික්කයේ කරතොට කියන ගමේ. පාසැල් ගියේ හම්බන්තොට යෝධ කණ්ඩිය විද්‍යාලයට.  අවුරුදු 15 දි විතර නිවසින් වෙන් වන ඔහු කොළඹ ට පැමිණෙනවා. ඉන්පසු 1972 ඔහු ජර්මනියට පැමිණෙනවා. එහිදී ඔහුට ඇනා ඇල්ද්‍රොවන්දි නැමති ඉතාලි සුරූපිණිය හමු වෙනවා. පසුව ඔවුන් දෙදෙනා විවාහ වී ඉතාලියේ මොඩෙනා පෙදෙසේ පදිංචි වෙනවා. ඒ 1980 දී. එහිදී ඉපදෙන පුතාට ඔවුන් “ෆ්‍රී ඒකනායක“ නමින් නම් තබනවා. මෙහිදී සේපාලගේ වීසා එක නැති වෙන අතර ඉතාලියේ දී වීසා ඉල්ලු විට ශ්‍රී ලංකාවට පැමිණ වීසා ලබා ගන්නා ලෙස ඔවුන් පවසනවා. ඒ අනුව ඔහු ලංකාවට පැමිණ වීසා අයදුම් කරනු ලැබූ මුත් වසර හයක් ඒ සදහා බලා සිටින ලෙස ඔහුට දැනුම් දෙනවා. ඔහු ක

අදට වසරයි

මේ ලියන්න යන්නෙ නම් ගුවන් සේවාව ගැන නොවේ. අදට වසරකට පෙර තමයි ‘ අපේ අහස ‘ ට පළවෙනි පෝස්ට් එක දැම්මෙ. මේ වන විට ගුවන් සේවා සම්බන්ධ විවිධ මාතෘකා ඔස්සේ සටහන් 37 ක් පසුගිය වසර පුරාවටම එක් කීරීමට හැකියාව ලැබී තියෙනවා. ඒ සේරටම කමෙන්ට්ස් 173 ක් ලැබිලා තියෙනවා. හැබැයි මේ ගාණ ඇතුලේ තියෙනවා මම උත්තර දීපුවත්. “බ්ලොගර් ස්ටැට්“ වලින් කියන්නෙ නම් 3156 ක් මේ බ්ලොග් එකට ඇවිල්ලා තියෙනවා කියලා. මම පවත්වාගෙන ගිය කවුන්ටර්ස් වල හැටියට ආසන්න වශයෙන් 4000 ක විතර සංඛ්‍යාවක් ඇවිත් තියෙනවා. වැඩිම ගණනක් ඇවිත් කියෙන්නෙ තියෙන්නෙ ලංකාවේ පළමු ගුවන් ප්‍රදර්ශනය කියන පෝස්ට් එක බලන්න. මේ කාල සීමාව තුළ ලැබු ණ සියළු ප්‍රතිචාර මා ධෛර්යයට පත් කරවන ඒවා වීම ඉතාම සතුටට කාරණයක්. ඒ වගේම නිරන්තර සාමාජිකත්වයක් මේ සඳහා සිටින බව 30 ක් විතර වන සම්බන්ධකයින් ( Join with this site) ගණනිනුත් 11  ක් වන Followers   ලා ගණනිනුත් පැහැදිලි වෙනවා. ඒ වගේම දුරකථන මාර්ගයෙනුත් මට ලැබී තිබෙන ප්‍රතිචාර අනුව පෙනෙන්නෙ ‘අපේ අහස‘ ට  තවත් සාමාජිකයින් ඉන්නවා කියන එකයි. මම මේ ක්ෂේත්‍රයට එන විට දැනගෙන හිටියෙ අහසේ ගුවන් යානා යන බව විතරයි. කටුනායක ගුවන් තොටුප