“බෙලූගා“ කියන ගුවන් නැව–Beluga–The Cargo Aircraft

“බෙලූගා“ යනුවෙන් හඳුන්වන්නෙ ආර්ක්ටික් ප්‍රදේශයේ වාසය කරන සදු තල්මසුන් විශේෂයක්. මේ පහළ තියෙන පින්තූරෙ බලන්න.
දැන් මේ පහළ තියෙන අනික් ඡායාරූපයත් බලන්න
මේ දෙකේ සමාන බවක් පේනවා නේද?
දැන් ඉතින් මම කියන්න යන්නෙ මේ සතා ගැන නම් නෙමේ .මෙන්න මේ යානය ගැන තමයි දැන් කියන්න යන්නෙ.
ලෝකයේ ප්‍රධාන වශයෙන්ම ගුවන් යානා නිපදවන සමාගමක් වන්නේ ප්‍රංශයේ ලියාපදිංචි වී සිටින එයාර්බස් සමාගම. ලෝකයේ දැනට භාවිතා වන විශාලම මගී ගුවන් යානය වන එයාර්බස් 380 නිපදවන්නේ මේ ආයතනයේ. නමුත් මෙම යානයේ කොටස් යුරෝපයේ රටවල් කීපයක නිපදවීම සිදු කරනවා. එයාර්බස් සමාගමේ අනෙකුත් කර්මාන්තශාලා පිහිටුවා තිබෙන්නේ බ්‍රිතාන්‍ය, ස්පාඥ්ඥය, ජර්මනිය යන රටවල් වල. 
පියාපත් සහ රෝද නිපදවන්නේ එංගලන්තයේ. බඳ ජර්මනියේත් වලිගය සහ දොරවල් ස්පාඤ්ඤයේත් ඉදිරිපස කොටස  සහ මධ්‍යම කොටස ප්‍රංශයේත් නිපදවනු ලබන අතර ප්‍රංශයේ ජර්මනියේ හෝ සපාඤ්ඤයේ ඇති කර්මාන්ත ශාලා වල අවසන් එකලස් කිරීම කරනු ලබනවා.
1970 දී එයාර්බස් සමාගම තම ගුවන් යානා නිපදවීම ආරම්භ කළ පසු ඔවුන් එම නිෂ්පාදිත කොටස් ප්‍රවාහනය සඳහා මාර්ග යොදා ගත්තා. නමුත් ඔවුන්ගේ නිෂ්පාදන වර්ධනයත් සමගම 1972 දී පමණ මේ ප්‍රවාහනය සඳහා ගුවන් යානා යොදා ගැනීම සිදු කළා. මුල් කාලයේද් මේ සදහා යොදා ගනු ලැබුවේ බෝයිං සමාගමේ නිෂ්පාදිත “සුපර් ගුපි“ (Super Guppy) නම් භාණ්ඩ ප්‍රවාහන යානාවන්. මේ පහත තියෙන්නෙ ඒ එකක්.
මේ යානා නිෂ්පාදන කළේ එයාර්බස් සමාගමේ තරඟකාරී සමාගමක් වන බෝයිං සමාගම. ඉතින් ඒ කාලයේ දී “සෑම එයාර්බස් ගුවන් යානයක්ම බෝයිං පියාපත් මතින් ගමන් කරයි“ (Every Airbus is delivered on the wings of a Boeing)යනුවෙන් කියමනකුත් තිබිලා තියෙනවා. මෙම යානා ප්‍රොපෙලර් එන්ජින් සහිත ඒවායි. පසුකාලයේදී මේවා නිතර නිතර නඩත්තු කටයුත් කිරීමට සිදුවීම නිසා ඔවුන් වෙනත් විකල්පයකට යාමට තීරණය කර තිබෙනවා.
ඒ අනුව ඔවුන් විසින් වෙනත් සහායක සමාගම් දෙකක් මාර්ගයෙන් ගුවන් යානයක් නිපදවීම 1991 දී අරඹනවා. ඔවුන් මේ සඳහා යොදා ගනු ලබන්නේ ලෝකයේ ප්‍රථම වරට නිපදවන ලද  ද්විත්ව එන්ජින් සහිත දුර ධාවන ගුවන්යානයක් වන A300 ගුවන් යානය. මෙයත් එයාර් බස් සමාගමේම නිෂ්පාදනයක්.  මේ තියෙන්නෙ ඒ වර්ගයේ යානයක්.
මේ අය මේ යානයේ එන්ජින්, පියාපත් සහ රෝද ඒ ආකාරයෙන්ම තිබියදී බඳ කොටස ඉහළට ඔසවා වැඩි භාණ්ඩ ප්‍රමාණයක් සහ විශාලත්වයෙන් වැඩි ද්‍රව්‍ය ගෙන යා හැකි ආකාරයට වෙනස් කළා. ඒ වගේම නියමු කුටිය පහළට ගෙන ආවා. තවද මෙම යානයේ වලිගය ශක්තිමත් බවින් වැඩි කළා.
මේ සේරම කළාට පස්සෙ යානය ඔන්න ඔය දෙවන ඡායාරූපයේ වගේ එකක් වුණා.
1992 දී නිෂ්පාදනය ආරම්භ කරන ලද මේ යානය 1994 වන විට අවසන් කරනු ලැබූ අතර 1995 දී සේවයට එක් වුණා. ඒ A300-600ST Beluga යන නමින්. මෙහි ST යනු “Super Transporter” යන්නයි. Beluga යනුවෙන් හැඳින්වීමට හේතුව මෙහි පෙනුම. පළමු ඡායාරූපයයි දෙවන එකයි බලන්න.
මේ වර්ගයේ ගුවන් යානා 5ක් දැනට එයාර්බස් සමාගම සතු වන අතර එයාර් බස් සමාගමේ ගුවන් යානා වල කොටස් ප්‍රවාහනය කිරීම මූලික කාර්යය වෙනවා.
මෙම යානයේ භාණ්ඩ ප්‍රවාහනය කරන ප්‍රදේශයේ අරය මීටර් 7.4 ක් පමණ වන අතර දිග මීටර් 37.7ක් පමණ වෙනවා. ටොන් 47 ක් පමණ බර මෙහි ගෙන යා හැකිය. යානයේ පියාපත් පළල මීටර් 44.84 ක් වන අතර දිග මීටර් 56.15 ක් පමණ වේ.  උස මීටර් 17.24කි. එක් වරකදී උපරිම බරත් රැගෙන කිලෝමීටර් 2779 ක් පමණ ගමන් කළ හැකියි.
මෙවන් යානා 5ක් එයාර් බස් සමාගම සතු වන අතර වෙනත් ආයතන වල භාණ්ඩ ප්‍රවාහනය සිදු කරනවා.
ඔබ නොදන්නවා ඇති විශේෂම දේ මේ යානා වල එයාර් බස් සමාගමේම නිෂ්පාදනයක් වන A380 යානයේ කොටස් ප්‍රවාහනය කිරීමට නොහැකියි.
Beluga 1
Beluga 2
Beluga 3

Beluga 4

Beluga 5

මේ පහළ තියෙන්නෙ මේ වගේ යානයකට හෙලිකොප්ටරයක් ඇතුළු කරන අවස්ථාවක්.

(මෙම ලිපිය සැකසීමේදී විකිපීඩියා තොරතුරු උපයෝගී කර ගන්නා ලදී)

22 comments:

  1. සුපිරි ලිපියක් ........ මේ ගුවන් යානයට භාණ්ඩ පැටවීම බෑම ටිකක් අපහසුයි වගේ.......... ,

    ReplyDelete
  2. මං මුලින්ම හිතුවෙ ඉෂාර අයිය අහස එපා වෙල මූදටවත් බැහැලද කියල.....නියම පෝස්ට් එක ඉෂාර අයියෙ.

    ReplyDelete
    Replies
    1. දෙන්නටම ස්තුතියි

      Delete
  3. ඉෂාර මහත්තයා හැමදාම වගේ අදත් වටිනා විස්තරයක් ගෙනල්ලා. ස්තුතියි දැනුවත් කලාට. මේ ගැන දැන ගත්තෙ අදයි

    හැබැයි මේකෙ කොස්සකට තියෙන්නෙ මේක බැලු බැල්මට ඒලියන් කෙනෙක් වගේ... හිතාගන්ඩ අමාරුම දේ ඔච්චර බරක් උස්සං යන්නෙ කොහොමද කියලා..... බැරිවෙලා හරි උඩ යද්දි එක තට්ටකට මැස්සෙක් වැහුවොත් හරිනෙ ඉතිං.....

    ReplyDelete
    Replies
    1. ප්‍රසිද්ධ මාධ්‍යක මේ සඳහා පිළිතුරු දීමට නොහැකි බැවින් මා ඔබ පෞද්ගලිකව අමතමි

      Delete
  4. තොරතුරු දුන්නට ස්තූතී ,,මම මේ ගුවන් යානයක් හැබැහින් දැක්කා ජර්මනියේ ප්‍රැන්ක්පර්ට් ගුවන් තොටුපලේදී,,,අහම්බෙන් දැක්කේ මම සිටි ගුවන් යානය ගුවන් පථයට යන්න හදනකොට...ඇත්තටම මගේ නලලත් හැප්පුනා කවුලුවේ මේ අභූත සතෙක් වගේ ගුවන් යානය දකිද්දී...

    ReplyDelete
    Replies
    1. දැන් ඉතිං බය වෙන්න දෙයක් නෑනෙ. පොර සේ කාට හරි කියලා දෙන්නත් පුළුවන්. නැද්ද මං අහන්නෙ?. ස්තුතියි ආවට.

      Delete
  5. වා......................ව්.............මාරයි අප්පා......

    ReplyDelete
  6. බෝයිං 380ක් ලංකාවේත් බෑවා කියලා තිබ්බේ ලඟදි! 380 වල කවදා යන්නද! අපිට හැමදාම බජට් වල පිහිට තමා ;D

    ReplyDelete
    Replies
    1. බෝයිං 380 නෙමේ. එයාර් බස් 380. ඔව් දැනට දෙසරයක් ගොඩ බෑවා. ඉස්සරහට දිගටම එයි.

      Delete
  7. ස්තුතියි දැනුවත් කලාට. මේ ගැන දැන ගත්තෙ අදයි.

    ReplyDelete
  8. Keep it up Ishara.......niyamai...

    ReplyDelete
  9. මේකේ හැඩය නිසා වාත ප්‍රතිරෝදය ගොඩක් වැඩි වෙන්නේ නැද්ද මිත්‍රයා

    ReplyDelete
    Replies
    1. මේකෙ හැඩය වාත ප්‍රතිරෝධය අවම කරනවා.

      Delete
  10. මාර භාණ්ඩයක්නෙ.

    ReplyDelete
    Replies
    1. ඔව් ඔව් මරු බඩුවක්. නරකද එකක් ගත්තොත්

      Delete
  11. බොහොම ස්තූතියි කරුණු වලට.... අපිට ප්ලේන් ගැන කියල දෙන්ඩ වෙන කවුද ඉතිං ඉන්නේ..

    ReplyDelete
  12. ගුවන් යානා ගැන විස්තර හරිම කැමැත්තෙන් කියවන්නේ. ස්තුතියි!

    ReplyDelete

මොනවා හරි ලියලා ගියොත් හැදෙන්න පුළුවන්....